ක්‍රීඩාලෝලීන්ටත් සිනමාලෝලීන්ටත්.. බොලිවුඩයේ හොඳම ස්පෝට්ස් මූවීස් 10ක්.

මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නව නං ඔන්න හොයාගෙන බලන්න හොඳ ෆිල්ම්ස් ටිකක් ගැන ඔත්තුවක් දෙන්නයි මේ හදන්නෙ. ඔයා ක්‍රීඩාලෝලියෙක් නං මේක බෝනස් එකක්. 2000 අවුරුද්දට පස්සේ රිලීස් වුණ, බොලිවුඩයේ හොඳ ම ක්‍රීඩා චිත්‍රපටවලින් 10ක් තමයි මේ නාමාවලියේ තියෙන්නෙ. බලලා නැත්තං අනිවාර්යයෙන් බලන්න වටිනවා..

Lagaan (2001)

අශුතෝෂ් ගොවරිකර් රචනා කරලා අධ්‍යක්ෂණය කළ ලගාන්, බොලිවුඩයේ ජනප්‍රිය ම ක්‍රීඩා චිත්‍රපටය කිව්වොත් හරි. ඒ නිසා ම ලගාන් නොබලපු සිනමාලෝලියෙක් නෑ. ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණු කාලේ, බදු ගෙවීමෙන් නිදහස් වීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් එක්ක ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන්න සිදු වුණ මධ්‍යම ඉන්දියාවේ කුඩා ගමක වැසියන් පිරිසකගේ කතාවක් තමයි මේකට පසුබිම් වෙන්නෙ. ලගාන් නිෂ්පාදනය කළේ වගේ ම ප්‍රධාන චරිතය රඟපාන්නෙත් අමීර් ඛාන්. සංගීතය ඒ. ආර්. රහ්මන්ගේ. හොඳ ම විදේශීය චිත්‍රපටය සඳහා හිමි ඇකඩමි සම්මානයට නිර්දේශ වෙන්න ලගාන් චිත්‍රපටයට හැකි වුණා.

Iqbal (2005)

මේකත් ක්‍රිකට් ෆිල්ම් එකක්. අධ්‍යක්ෂණය කළේ නාගේෂ් කුකුනූර්. නසිරුද්දීන් ෂාහ් සහ ශ්‍රෙයාස් තල්පදේ ප්‍රධාන චරිතවල රඟපානවා. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වෙන්න පෙරුම් පුරන, දරුණු ක්‍රිකට් උණක් තියන ගොළු බිහිරි පිරිමි ළමයෙක් වටායි මේ කතාව ගෙතෙන්නේ. ඔහු තමන්ගෙ දුබලතා මැඩගෙන හීනය හැබෑ කරගන්න යන ගමන දකින්න පුළුවන් ඉක්බාල් බැලුවොත්.

Chak De India (2007)

චක් දේ ඉන්ඩියා අධ්‍යක්ෂණය කළේ ශිමිත් අමින්. ප්‍රධාන චරිතය රඟපාන්නෙ ශාරුක් ඛාන්. ලෝක කුසලාන හොකී අවසන් තරගයෙන් ඉන්දියාව පරද්දල පකිස්තානය ජයග්‍රහණය කරපු අවස්ථාවක, පරාජයට හේතුව ඉන්දීය පිළේ නායක කබීර් ඛාන් තරගය පාවා දීම කියල මතයක් පැතිරෙනවා. ඉන් වසර ගණනාවකට පස්සේ ඔහු ඉන්දීය කාන්තා හොකී පිලේ පුහුණුකරු බවට පත් වෙලා, බාධක කම්කටොලු අබිබවා ගිහින් කාන්තා පිල ජයග්‍රහණය කරා මෙහෙයවන ආකාරය තමයි මේ ෆිල්ම් එකේ අන්තර්ගතය. ක්‍රීඩාව, දේශපාලනය, දේශප්‍රේමය, ජයග්‍රහණය, පරාජය, කැපවීම, ස්ත්‍රීවාදය ආදී මේ සියල්ල ම ගැන කතා කරන ෆිල්ම් එකක් මේක.

Paan Singh Tomar (2012)

ඉර්ෆාන් ඛාන්ගේ රංගනයෙන් ආලෝකමත් වුණු මේ චිත්‍රපටය, ඉන්දීය ජාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනන, පසුව කැරලිකරුවෙක් බවට පත් වෙන ඉන්දීය හමුදා සෙබළෙක් ගැන කතාවක්. සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂණය කළේ තිග්මන්ශු ධූලියා. ඉර්ෆාන්ට අමතර ව මහී ගිල්, නවාසුද්දීන් සිද්දිකි එහෙමත් රඟපානවා.

Bhaag Milkha Bhaag (2013)

මිල්කා සිං කියන ඉන්දීය මලල ක්‍රීඩකයා සහ ඔහුගේ දියණිය ලියූ මිල්කා සිංගේ සැබෑ චරිත කතාව ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාකේෂ් ඕම්ප්‍රකාශ් මෙහ්රා. මේ ක්‍රීඩකයා බොහොම දුක්ඛිත තැනකින් ජීවිතය පටන්ගෙන ඔලිම්පික් ක්‍රීඩකයෙකු බවට පත් වෙනකන් එන ධෛර්ය සම්පන්න ගමන ෆිල්ම් එකෙන් දකින්න පුළුවන්. මිල්කා සිං විදිහට රඟපාන්නේ ෆර්හාන් අක්තාර්. ඊට අමතර ව සෝනම් කපූර් සහ දිව්‍යා දත්තා මෙහි රංගනයේ යෙදෙනවා.

Kai Po Che (2013)

ඉන්දියාව කියන්නෙ ක්‍රිකට් පිස්සුව තදින් ම තියන රටක් නෙ. ඉතින් මේකත් තවත් ක්‍රිකට් ෆිල්ම් එකක්. චේතන් භගත්ගේ ‘ද ත්‍රී මිස්ටේක්ස් ඔෆ් මයි ලයිෆ්’ කියන පොත ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ අභිෂේක් කපූර්. සුශාන්ත් සිං රාජ්පුත්, රාජ්කුමාර් රාඕ සහ අමිත් සධ් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. තමන්ගෙ ම ක්‍රීඩා ඇකඩමියක් විවෘත කරන්න හීන දකින ඉෂ්, ඕමි සහ ගෝවි කියන යාළුවො තුන් දෙනාගේ ඉරණම විසඳෙන ආකාරය කයි පො චේ ඔස්සේ බලන්න පුළුවන්.

Mary Kom (2014)

මේරි කොම් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඕමන්ග් කුමාර්. ප්‍රධාන චරිතය ප්‍රියංකා චොප්රා නිරූපණය කරනවා. තමන්ගේ පියා ඇතුළු බොහෝ දෙනෙක් විරුද්ධ වෙද්දිත්, ආශාව හඹාගෙන ගිහින් ජාත්‍යන්තර බොක්සිං ශූරියක් බවට පත් වුණු, පසුව ඔලිම්පික් පදක්කමකුත් ජයග්‍රහණය කරන්න සමත් වුණු මේරි කොම් නම් බොක්සිං ක්‍රීඩිකාවගේ ඇත්ත කතාව ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ. 

Brothers (2015)

මේක පියා නිසා රණ්ඩු සරුවල් වෙලා අමනාප වුණු, මාෂල් ආට්ස් ප්‍රගුණ කරපු සහෝදරයන් දෙන්නෙක් ගැන කියවෙන ෆිල්ම් එකක්. මේ සහෝදරයන් දෙන්නා විදිහට රඟපාන්නේ ආක්ෂේ කුමාර් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා. බ්‍රදර්ස් අධ්‍යක්ෂණය කළේ කරන් මල්හෝත්‍රා. 2011 නිකුත් වුණු ‘වොරියර්’ කියන ඇමරිකානු චිත්‍රපටය පාදක කරගෙනයි බ්‍රදර්ස් නිර්මාණය වෙලා තියෙන්නෙ.

Dangal (2016)

නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයක් වුණු දංගල්හි ප්‍රධාන චරිතයට දායක වුණේ අමීර් ඛාන්. තමන්ගෙ එකම හීනය වුණු රෙස්ලිංවලින් තම රට නියෝජනය කිරීම ඉෂ්ට කරගන්න බැරි වුණ මහවීර් සිං, පුතෙක් හදල ඔහු ලවා ඒ හීනය ඉටු කරගන්න හීන දකිනවා. හැබැයි ඔහුට ලැබෙන්නෙ දුවලම හතරදෙනෙක්. ඉතින් ඔහු කොහොම හරි දහසක් බාධක සහ චෝදනා මැද තමන්ගේ දියණියන්ට රෙස්ලිං පුහුණු කරන්න කැප වෙන ආකාරයයි දංගල් තුළින් අපිට පෙන්නන්නෙ.

M.S. Dhoni (2016)

මේක නං නම දැක්ක ගමන් ම ක්‍රිකට් ෆිල්ම් එකක් බව හැමෝම දන්නව නෙ. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙලා හිටපු මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටයේ දෝනි විදිහට රඟපෑවේ සුශාන්ත් සිං රාජ්පුත්. ඊට අමතර ව ඩිෂා පටානි සහ කියාරා අද්වානි චරිත නිරූපණය කළා. අධ්‍යක්ෂවරයා නීරජ් පාණ්ඩේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide