නිවසේ තියන බඩුමුට්ටු පිරිසිදු කරන්න අවශ්‍ය සබන්, දියර සහ උපකරණවලට කොච්චර වියදම් කළත්, හරිහැටි ප්‍රයෝජනවත් නොවීම නිසා ඒවා අපතේ යන අවස්ථා ඕන තරම්. ඉතින් වැඩි වියදමකින් තොරව ගෙදරදොරේ එදිනෙදා අපි ආහාරපාන විදිහට පාවිච්චි කරන ජාති කීපයකින් මේ වැඩේ කරගන්න විදිහ ගැන කියන්න අපි හිතුවා.
හාල්
කුණු දූවිලි තට්ටු බැඳුණු මල් බඳුන් පිරිසිදු කරගන්න, හාල් ටිකකට සබන් වතුර දාලා හොඳට මදින්න. ඒ වගේ ම ෆෝන් එක හදිස්සියෙ වතුරකට වැටුණොත්, හාල් පුරවපු භාජනේකට ෆෝන් එක දාලා ටික වෙලාවක් තියෙන්න අරින්න. හාල්වලට වතුර උරාගන්න නිසා ඒ ක්‍රමයෙන් ෆෝන් එකෙන් සම්පූර්ණයෙන් වතුර ඉවත් කරගන්න පුළුවන්.
කෙසෙල්
රිදී සහ පිත්තල බඩුවලට හොඳ දිස්නයක් එන විදිහට, කෙසෙල් පොතුවලින් පොලිෂ් කරගන්න පුළුවන්. ඒ වගේ ම ලෙදර් සපත්තු, හම් බෑග්, පසුම්බි වගේ දේවල්වලටත් අලුත් පෙනුමක් ගේන්න, කෙසෙල් පොතුවලින් මදින්න.
ලුණු
වළං සහ සාස්පාන්වල බැඳුණු දැලි යවාගන්න, මේස ලුණු ටිකකට උණු වතුර දාලා මදින්න. ඒ විතරක් නෙවෙයි. ලිනන් ඇඳුම්වල පැල්ලම් යවන්නත් ලුණුවලට පුළුවන්. ඇඳුම හෝදන්න කලින් පැල්ලම උඩ ලුණු ටිකක් තියලා ටික වෙලාවක් තියෙන්න දෙන්න. ක්‍රමයෙන් පැල්ලම ඉවත් වෙලා යාවි.
තේ කොළ
පොළොව හෝ ඕන ම ලී මතුපිටක් දීප්තිමත් කරන්න තේවලට පුළුවන්. සාමාන්‍යයෙන් තේකක් හදන විදිහට උණු වතුරට තේ කොළ දාලා ඒකෙන් ලී මතුපිට මදින්න.
දෙහි
දෙහි ගෙඩියක යුෂ සහ පොඩියට කපාගත් දෙහි පොතු, වතුර කෝප්පයක් එක්ක මිශ්‍ර කරලා, ඒ බඳුන මයික්‍රොවේව් එක ඇතුළේ තියලා, High මෝඩ් එකට දාලා, වෙලාව විනාඩි තුනකට සෙට් කරලා ස්විච් ඔන් කරන්න. විනාඩි තුනකින් ඕෆ් වුණාට පස්සෙත් ටික වෙලාවක් මයික්‍රොවේව් එකේ දොර වහලම තියන්න. මොකද හුමාලය හුඟ වෙලාවක් ඇතුළේ තියන නිසා. බඳුන නිවෙනකන් ඉඳලා පරිස්සමෙන් එළියට ගන්න. දැන් පිරිසිදු තුවායක් අරං මයික්‍රොවේව් එක ඇතුළ පිහදාන්න.
සෝඩා වර්ග
බාත්රූම් එකේ හෝ ඩ්‍රෙසිං ටේබල් එකේ කන්නාඩිය පිරිසිදු කරන්න, සෝඩා අඩංගු සිසිල් බීමක් වක් කරලා ස්පොන්ජ් එකකින් හොඳින් මදින්න. ඔබ පළඳින විවිධ ආභරණවලට දිස්නයක් ගේන්න වගේ ම ඇඳුම්වල, පාපිසිවල පැල්ලම් යවන්නත් සෝඩාවලට පුළුවන්.
මෙයොනිස්
මේස උඩ, කොෆි ටේබල් සහ ස්ටූල් උඩ රවුමට හිටලා තියන කෝප්ප පැල්ලම් මකාගන්න මෙයොනිස් පාවිච්චි කරන්න පුළුවන්. හැන්දකට මෙයොනිස් ටිකක් අරං පැල්ලම උඩට දාලා තරමක් වෙලා තියෙන්න අරින්න. රෙදි කෑල්ලක් අරං හෙමින් මෙයොනිස් ටික පැල්ලමට තද කරන්න. ඊළඟට තෙත රෙදි කෑල්ලකින් මෙයොනිස් ඉවත් වෙනකන් හොඳින් පිහදාන්න. නැවත තෙත නැති සුමුදු රෙදි කෑල්ලක් අරං පැල්ලම තිබුණු තැන තෙත නැති වෙනකන් පිහදාන්න.
විනාකිරි
විනාකිරි ටිකක් දෙහි යුෂ ටිකකට මිශ්‍ර කරලා එයින් බාත්රූම් ෆිටින්ග්ස් පිහදාලා පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේ ම විනාකිරිවලට බේකිං සෝඩා ටිකක් මිශ්‍ර කරලා ගත්තම සින්ක් එකේ, පයිප්ප අස්සේ හිර වුණු ඉඳුල්වල ගඳ නැති කරගන්නත් පුළුවන්.
කෙචප්
ඉඳුල් සහ දැලි කුණු බැඳුණු වළං හෝ ස්ටේන්ලස් ස්ටීල් භාජනවලට කෙචප් ටිකක් වක් කරලා ටිකක් වෙලා තියෙන්න ඇරලා සබන් යොදා හොඳින් හෝදන්න. දැලි කුණු යවාගන්න ලේසි ක්‍රමයක්.
බේකිං සෝඩා
ප්ලාස්ටික් කෑම භාජන සහ ලන්ච් බොක්ස්වල බැඳුණු පැල්ලම් යවාගන්න හොඳ ක්‍රමයක් තමයි මේ. බේකිං සෝඩා ඉහපු පිරිසිදු ස්පොන්ජ් එකකින් භාජන පිහදාන්න. ෆ්‍රිජ් එකෙන් දුගඳ හමනවා නම් බේකිං සෝඩා අඩංගු පියන නොවැසූ කුඩා බඳුනක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න. වතුර මිශ්‍ර කරපු බේකිං සෝඩාවලින් සේදීමෙන් කුස්සියේ තියන බඩුමුට්ටුවලට පිරිසිදු පෙනුමක් ලැබෙනවා. ඒ විතරකුත් නෙවෙයි, අපි කඩෙන් ගන්නේ එක එක අය අල්ලලා තියලා ගිය පලතුරු නේ. ඉතිං ඒවා පිරිසිදු කරගන්නත් වතුර මිශ්‍ර කරපු බේකිං සෝඩා පාවිච්චි කරන්න පුළුවන්.