හීනෙකින්වත් හිතන්නෙ නැති ක්‍රම වලට හදන අමුතුම මධ්‍යසාර ජාති 10ක්.

මත්පැන් කිව්වාම සමහරු නම් කට ඇරගෙනනෙ ඉන්නෙ ''සෙට් වෙමු බන්'' කියන්න බලාගෙන. ඒ වුනාට ඔය සූර් වෙන්න අඩිය ගහන කිසි කෙනෙක් තමන් බොන්නෙ මොනවද කියල තියා ඒව හැදුණෙ කොහොමද කියලවත් දන්නෙ නෑ.

දැන් එහෙම කිව්වාම හිතයි අපේ ගල් අරක්කු, පොල් අරක්කු හදන හැටි කියන්න යනව කියල. නෑ එහෙම නෙවෙයි, අපි අද කියන්න යන්නෙ මහ අමුතු, අසාමාන්‍ය ක්‍රමවලට හදන, නැත්නම් අපි හීනෙකින් වත් නොහිතන දේවල් පාවිච්චි කරල හදන ඇල්කොහොල් ජාති ටිකක් ගැන.

බය වෙන්න එපා ආස හිතුණත් මේවා ලංකාවෙ ගන්න නෑ.

1. Baby Mouse Wine‍

by Scott

චීන්නුන්ගෙ වැඩක්. අළුත ඉපදුණු මී පැටව් පාවිච්චි කරල තමයි මේ වයින් හදන්නෙ. එයාලගෙ ලොකු විශ්වාසයක් තියෙනව මේ වයින් බිව්වාම ලෙඩ රෝග සෑහෙන්න ප්‍රමාණයකින් බේරිලා ඉන්න පුළුවන් කියල. හාල්, යීස්ට් එකතු කරල පැහෙන්න තියන වයින් බූලියට මී පැටව් දාලා අවුරුද්දක් විතර පැහෙන්න තියල තමයි බේබි මවුස් වයින් පෙරල ගන්නෙ.

2. Pizza Beer

by USB

ටොම්, ඇතීනා දෙපලට ඕන වෙලා තියෙනව ප්‍රසිද්ධ කෑම ජාතියකින් බියර් හදන්න. ඉතින් එයාලා අතින් ධාන්‍ය තලල, අනිත් අඩුම කුඩුම ටිකත් එකතු කරල බීර පැහෙන්න තියනව. මේ බියර් වල තියෙන විශේෂත්වය තමයි දාන හැම අමුද්‍රව්‍යයක්ම මුළු මනින්ම දියවෙන්න ඇරල අන්තිමට පීසා එසන්ස් එකතු කරන එක. මේව බොද්දි හරියට පීසා බොනව වගේ ඇති නේ?

3. Platinum & White Gold Tequila

by Drinksfeed 

රුපියල් ලක්ෂ 35ක් විතර වියදම් කරල පොඩි ෂොට් එකක් දාන්න ආස කවුරු හරි ඉන්නවද? ගාණ මදි වගේ නම් රුපියල් ලක්ෂ 220කටත් බෝතලයක් තියෙනව. දැක් කට්ටිය බලයි මොනවද බොලේ මෙච්චර වටින ඇල්කොහොල් ජාතිය කියල. බය වෙන්න එපා මේවයෙ වටිනකම තියෙන්නෙ බීම එකේ නෙවෙයි, බෝතලේ. මොකද එක බෝතලයක් තනිකරම ප්ලැටිනම් වලින් හදල තියෙන්නෙ. අනිත් එක රත්තරන් සහ රිදී වලින්. මේ ටිකිලා බෝතල් දෙක තමයි දැනට ලෝකෙ ගණන් වැඩිම ඇල්කොහොල් බෝතල් දෙක විදියට ගිනස් පොතට යන්නෙත්. මෙක්සිකෝවෙන් එළියට එන මේ බෝතල් වල තියෙන ටිකිලා නම් හැදෙන්නෙ නිල් ඇගේව් කියන ගස් ජාතියෙන් ගන්න යුෂ අවුරුදු 6ක් විතර පැහෙන්න ඇරුණාම.

4. Snake Wine

by Ruou 

වියට්නාමෙ හදන මේ වයින් බෝතල්වලට ලොකු නයෙක්ව දානව. එයාලගෙ විශ්වාසය මේ වයින් බිව්වාම ගොඩක් ලෙඩ රෝග වලින් වැළකිලා ඉන්න පුළුවන් එක. ඒ වගේම කොණ්ඩය යන එකත් අඩු වෙනවලු. ලිංගික ශක්තිය වැඩි වෙනවලු. කොහොම වුනත් මේ බෝතලයට දාන සර්පයගෙ විෂ මධ්‍යසාර වලින් හීන වෙලා යන නිසා බොන අයට අවුලක් නෑ කියල තමයි කියන්නෙ.

5. Three Lizard Liquor

by Nick

මේකත් චීන්නු, වියට්නාම් කාරයො හදන තවත් අප්‍රිය හිතෙන අරක්කු ජාතියක්. මේ අරක්කු බෝතල් වලට තලගොයි වගේ උරග සත්තු තුන් දෙනෙක් දාලා තමයි විකුණන්න තියෙන්නෙ. කොහොම බොනවද මන්දා?

6. Chocolate Donut Stout

by

ජපානයේ හදන මේ මධ්‍යසාර ජාතිය නම් කටේ තියාගෙන බොන්න පුළුවන්. ඇයි තනිකරම චොකලට් රසයිනෙ. මේවා හදන්නෙ මෝල්ට්, හොඳ චොකලට් වගේම ඩෝනට් එසන්සුත් එකතු කරල.

7. Chili Vodka

by Jake

මේව හදන්නෙ නයි මිරිස් දාලා. සැර ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොටින්ම කියනවනම් මේ වොඩ්කා බෝතලේම ගහල තියෙනව 'ඉතා බිහිසුණුයි. අපගේ යෝජනාව මෙය මිලදී ගන්න සිතන්නවත් එපා කියා'.

8. Mekong River Eel Wine

by

චීනය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය වගේම මියන්මාරයත් පෝෂණය කරගෙන ගලා බහින මීකොන්ග් ගඟේ ඉන්න ආඳන් විශේෂයකුයි ජින්සෙන්ග් ගහේ මුලුයි තව ඖෂධ වර්ග ටිකකුයි දාලා තමයි මේ වයින් ජාතිය හදන්නෙ.

9. Seagull Wine

by Nomader

සීගල් කියන වෙරළාශ්‍රිත කුරුල්ලෙක්ව තමයි මේ වැඩේට ගන්න්නෙ. මේ වයින් හදද්දි මධ්‍යසාර බෝතලයට මේ කුරුල්ලෙක්ව දාලා ඉර අව්වෙ තියල තියනවලු, කුරුල්ලව මුළුමනින්ම දිය වෙනකම්. ඒ විදියට පැහුණු මධ්‍යසාරය තමයි සීගල් වයින් එක විදියට පෙරල අරන් විකුණන්නෙ. නිශ්පාදකයො කියන විදියට නම් මේ වයින් ජාතිය බැට්රි ඇසිඩ් තරමට වුනත් සැර වෙන්න ඉඩ තියෙනවලු.

10. Three Penis Liquor

by

මේක තමයි මරුම අරක්කු ජාතිය. සීල් මත්ස්‍යයකුගෙයි, මුවෙකුගෙයි, බල්ලෙකුගෙයි වෘෂණ කෝෂ දාලා හදන මේ මධ්‍යසාර වර්ගය චීන්නු නම් හඳුන්වන්නෙ ඖෂධීය පානයක් විදියට. ඒ විතරක් නෙවෙයි මේ පානය එයාලගෙ පුරාතන බෙහෙත් වට්ටෝරුවලත් තියෙනවලු.

කියවල ඉවර කරගෙනම ආව නම් මේ වෙද්දි සමහරුන්ට අරක්කු බොන එකත් එපාවෙලා ඇති. හැබැයි එක අතකින් ඒකත් හොඳයි කියල හිතෙනව. ආ නැද්ද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide