හොයාගෙන බලන්න.. වසංගත රෝග ගැන හැදුණු ෆිල්ම්ස් 10ක්.

කොවිඩ්-19 කියන්නෙ අපි දන්න ජීවිත කාලෙ ඇතුළත අපිට මූණ දෙන්න සිදු වුණු භයානක ම වසංගතය. හැබැයි ලෝකෙ මීට කලින් ඕනෑ තරම් වසංගත තත්ත්වයන් ඇති වෙලා තියනව විතරක් නෙමෙයි, මිනිස්සු ඒවට මූණ දීල ඒවා පරාජය කරලත් තියනවා.

ඉතිං අද අපි හිතුවා ඒ වගේ වසංගත තත්ත්වයන් ගැන ලෝකෙ පුරා හැදුණු චිත්‍රපටි 10ක් ගැන ඕගොල්ලන්ට කියන්න. පුළුවන් නං මේවයින් එකක් දෙකක් හරි හොයාගෙන බලන්න. බය වෙන්න නෙමෙයි, වසංගතයක් කියන්නෙ මොන වගේ එකක් ද කියල තේරුම්ගන්න ලේසි වෙයි..

Outbreak (1995)

1995 දී ඇමරිකාවේදී රිලීස් වුණු මේ ෆිල්ම් එකෙන් කැලිෆෝනියාවේ කුඩා නගරයකට බලපාන වෛරස තත්ත්වයක් නිසා උදා වෙන ව්‍යසනයක් ගැන කියවෙනවා. මෙය බෝ වෙන්නේ වඳුරන්ගෙන්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය ඇරඹෙන කාලයේදීම එවැනි ම ඉබෝලා වැනි වෛරස තත්ත්වයක් ව්‍යාප්ත වෙන්න පටන්ගත් නිසා චිත්‍රපටිය නිර්මාණය කළ අය වගේ ම ප්‍රේක්ෂකයනුත් විමතියට පත් වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කළේ වුල්ෆ්ගැන්ග් පීටර්සන්.

28 Days Later (2002)

ඩැනී බොයිල් අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය චිත්‍රපටියක් වෙන මේක තිරගත වුණේ 2002 දී. අයර්ලන්තයේදී තමයි රිලීස් වුණේ. එක්සත් ජනපදයට බලපාන වෛරස තත්ත්වයක් ගැනයි ෆිල්ම් එකේ කතාව. සොම්බි වර්ගයේ චිත්‍රපටිවලට ආස අය ඉන්නව නං 28 ඩේස් ලේටර් අනිවාර්යයෙන් බලන්න.

Carriers (2009)

වසංගතයෙන් ගැලවුණු ප්‍රදේශයක් හොයාගෙන යන මිතුරන් පිරිසක් ගැන කියවෙන මේ ෆිල්ම් එක 2009 දී ඇමරිකාවේ දී ප්‍රදර්ශනය ඇරඹුවා. ඒ මිතුරන් කණ්ඩායමෙන් කෙනෙකුටත් වෛරසය බෝ වීමත් එක්ක සිදු වෙන සිදුවීම් දාමය වටායි කතාව ගෙතෙන්නේ. මේක අධ්‍යක්ෂණය කළේ ඇලෙක්ස් පාස්ටර් සහ ඩේවිඩ් පාස්ටර්.

Black Death (2010)

ක්‍රි.ව. 1300 දී පමණ පැතිරුණු වසංගතයක් තේමා කරගත් මේක තවත් බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. අධ්‍යක්ෂවරයා ක්‍රිස්ටෝෆර් ස්මිත්. මේ වසංගතයෙන් මිනිස්සු මිලියන 200ක් විතර මිය යනවා. වසංගතයෙන් බේරීමට උත්සාහ කරන පිරිසකගේ ගමන ගැනයි කතාවෙන් කියවෙන්නේ. ෆිල්ම් එක රිලීස් වුණේ අයර්ලන්තයේදී.

Contagion (2011)

ස්ටීවන් සොඩර්බර්ග්ගේ අධ්‍යක්ෂණයක් වෙන මේක නං මේ අවුරුද්දේ සෑහෙන කතාබහට ලක් වුණු චිත්‍රපටියක්. 2011 දී ඇමරිකාවේදී තමයි ප්‍රදර්ශනයට විවෘත වුණේ. මේ ඇති වෙලා තියන කොරෝනා වසංගත තත්ත්වයට බෙහෙවින් සමපාත, ලොව පුරා පැතිරෙන වෛරසයක් ගැන කියවෙන ෆිල්ම් එකක්. ඒ නිසා ම කොරෝනා හේතුවෙන් අයහපත් මානසික තත්ත්වයක ඉන්න අය මේ දිනවල මේක නොබලා ඉන්න එක වඩාත් හොඳයි කියල විචාරකයන් කියනවා.

Flu (2013)

ෆ්ලු කියන්නෙ දකුණු කොරියානු නිර්මාණයක්. කිම් සුං-සු අධ්‍යක්ෂණය කළ මේක දකුණු කොරියානු නගරයකට බලපාන දරුණු වෛරසයක් වටා දිවෙන කතාවක්. කතාවෙ හැටියට මේ වෛරසය ආසාදනය වුණු අයට ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ පැය 36ක් විතරයි. මේ ව්‍යාකූල තත්ත්වය නිසා නගරය මැදි වෙන අර්බුදය මොන වගේ ද කියල ෆිල්ම් එක බලල ම හොයාගන්න.

The Last Days (2013)

කලින් කියපු Carriers ෆිල්ම් එක හදපු ඇලෙක්ස් පාස්ටර් සහ ඩේවිඩ් පාස්ටර්ගේ ම නිර්මාණයක් ද ලාස්ට් ඩේස්.  2013 දී බාර්සිලෝනාවලදී රිලීස් වුණ මේක බැලුවොත්, දැන් අපි මේ මූණ දෙන සමාජ දුරස්ථකරණයට සමාන්තර සිදුවීම් තියන කතාවක් දැක බලාගන්න පුළුවන්. වසංගතයක් අතරතුරේ මෘදුකාංග ඉංජිනේරුවෙක් තමන්ගේ පෙම්වතිය හොයාගෙන යන ආකාරය තමයි ෆිල්ම් එකට ප්‍රස්තුත වෙන්නෙ.

93 Days (2016)

ඉබෝලා නමැති මරණීය වෛරසය නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස්හි පැතිරෙන්නට පටන්ගැනීමත් එක්ක එය මිලියන 21ක ජනතාවට බලපාන ආකාරය ගැන කියවෙන 93 ඩේස්, ස්ටීව් ගුකාස්ගේ අධ්‍යක්ෂණයක්. 2016 දී මෙය නයිජීරියාවේදී තිරගත වීම ඇරඹුණා. 2014 දී පැතිරුණු සැබෑ ඉබෝලා වෛරසය මීට පාදක වෙලා තියනවා. මහජනතාවගෙන් සහ දේශපාලන තන්ත්‍රයෙන් එන පීඩනය හමුවේ වෛද්‍ය කණ්ඩායම් එකතු වෙලා රෝගය පාලනයට කටයුතු කරන ආකාරය විදහා පාන චිත්‍රපටියක් කියල මේක හඳුන්වන්න පුළුවන්.

Pandemic (2016)

ජෝන් සූට්ස් අධ්‍යක්ෂණය කළ පැන්ඩමික්, වසංගතයක් ගැන කියවෙන තවත් ඇමරිකානු චිත්‍රපටියක්. 2016 දී තමයි රිලීස් වුණේ. සොම්බි කතාවලට කැමති අයට හරි යන ෆිල්ම් එකක්.

Virus (2019)

2019 වසරේ ජර්මනියේදී මුලින් ම මහජන ප්‍රදර්ශනයට විවෘත වුණු වෛරස් චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා ආෂික් අබු. මේක මලයාලම් භාෂාවෙන් හැදුණු, ඉන්දියාවේ කේරළය පාදක කරගත්ත ෆිල්ම් එකක් නිසා, විශේෂයෙන් ඉන්දීය චිත්‍රපටිවලට කැමති අයට හොයාගෙන බලන්න කියල අපි ආරාධනා කරනවා. මේක ඉන්දියාවේ 2018 වසරේ සිදු වුණු නිපාහ් වසංගත පැතිරීම ආශ්‍රිතව සිදු වුණු සැබෑ සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වුණු ප්‍රබන්ධයක්. වසංගත පාලනයකදී සෞඛ්‍ය අංශවල සේවකයන්ගේ කැපවීම මොන වගේ ද කියලත් මේකෙන් බලාගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide