කටට රහට බත් වේලක්! රු. 300ට අඩුවෙන් බත් කන්න අළුත්ම කඩ 6 මෙන්න.

හ්ම්ම්… ඉස්සර නම් අළුත් අවුරුද්දක් ලැබුවාම අපි කොච්චර සතුටු වෙනවද. අළුත් බලාපොරොත්තු, අළුත් ජීවිතයක්, අළුත් යාළු හිත මිත්‍ර ආදිය ඒ විතරක් නෙවෙයි, “මේ අවුරුද්දෙ කීයක් හරි එකතු කරල මොකක් හරි ගේමක් ගහනව” කියන ලොකු අධිෂ්ඨානයත් හිතේ තියාගෙන තමයි ඉස් ඉස්සෙල්ලාම වැඩට යන්නෙත්.

ඒත් ඉතින් මේ අවුරුද්දෙ නම් කට්ටියට ඒ හැටි සතුටක් ලබන්න බැරි පාටයි. මොකද ආණ්ඩුවෙන් ගහපු බදු ටිකට ගෙවන්නයි, ඒ බදු නිසා ඉහටත් උඩින් ගියපු ජීවන වියදම පියවන්නයි, සල්ලි වියදම් කළාම ඉතුරු කරන්න ඉඳපු ගාණ නිකන්ම සෘණ වෙලා යනවනෙ. හැරත් ඇඳුම් පැළඳුම්, යාම් ඊම්, කෑම බීම වගේ දේවල්වල වියදමුත් ඉබේටම වැඩි වෙන නිසා අළුත් බලාපොරොත්තුවක් තියා කලින් ජීවත් වුණ විදියට කාලා ඇඳල ඉන්නත් මාරෙ ගේමක් දෙන්න වෙන්නෙ.

හැබැයි ඉතින්, එහෙමයි කියල අපේ යාළුවන්ට නිකරුණේ සල්ලි නාස්ති කරන්න දෙන්නත් බෑනෙ. අන්න ඒ නිසා අපි කල්පනා කලා අඩුම තරමෙ එදා වේලෙන් හරි දවසෙ වියදමට ගාණක් ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න. මේක හරිම සරල ක්‍රමයක්. හැරත් කටට රහට කාලා, බඩ කටත් හොඳට පුරවගෙනම කීයක් හරි ඉතුරු කරන්න පුළුවන් ක්‍රමයක්.

කරන්න තියෙන්නෙ මේ බත් කඩ ටික ට්‍රයි කරල බලන එක තමයි. හැබැයි ඉතින් ට්‍රයි කරල බලල නිකම් ඉඳල හරියන්නෙ නෑ, කටට රහට කන බත් පතේ රස අපිත් එක්ක බෙදා හදා ගන්නත් ඕන හොඳද, ඔය කමෙන්ට් එකක් එහෙම දාලා හිටං.

1. Curry Pot

බම්බ, කොල්ලුපිටි පැත්තෙ ඉන්න අයට කටට රහට බත් වේලක් කන්න කියාපුම තැනක් තමයි කොල්ලුපිටිය මරීන් ඩ්‍රයිව් එකේ පිහිටල තියෙන කරි පොට් එක. වගකීමෙන් කියන්න පුළුවන් එක පාරක් කාපු කෙනෙක් ආයෙ දෙවනි පාර ගොඩ වෙන්න හිත හිත ඉන්නෙ නෑ. ඇත්තටම සුපිරි කෑම වේලක් තමයි මෙයාලගෙ බුෆේ එකේ තියෙන්නෙ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘කරි පොට්’ එකේ කරීස්වල මිරිස්තුනපහ රස නියම ගාණට තියෙනව. රතු, සුදු භේදයක් නැතුව ඕන බතක් ඉදෙන මේ කඩේ බත් පිඟානෙ රස බඩල් වෙන්නෙ අන්තිමට එකතු වෙන බැදපු මිරිස් කරල් පපඩම් ටිකෙන්. ඒ හැරුණාම ගමේ රහට ඉදෙන පොලොස් මාළුවෙන්, කොළ මැල්ලුමෙන් හරි උණු උණුවෙ දුම් දදා තියෙන කුකුල් මස් කරියෙන් හරි හැන්දක් දෙකකුත් බෙදුණාම ගමකට කන්න පුළුවන් තරම් රස. අනික ගාණත් රු. 200ක් 250ක් වගේනෙ වෙන්නෙ නිසා පොකට් එකටත් ලොකු අවුලක් නෑ.

2. Tasty Caterers

තිඹිරිගස් යාය, ෆයිෆ් පාරෙ තියෙන ටේස්ටි කේටර්ස් එක අපේ ලැයිස්තුවෙ දෙවනි තැනට එන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි, රු. 200ක් වගේ ගාණකට හැදෙන මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරි එකත් ලංකාවෙ අපිට කියාපුම ගමේ රහට හැදෙන නිසා. කටගැස්මට බැදපු මිරිස්, පපඩම් එහෙමත් අඩු නැතිව ලැබෙන මෙයාලගෙ බත් පතේ රස නහර පිස්සු වට්ටන ව්‍යංජන විදියට පොලොස් මාළුව, චිකන් කරිය, පරිප්පු ව්‍යංජනය වගේ ඒවා හඳුන්වන්න පුළුවන්. පොදුවෙ ගත්තාම හැම ව්‍යංජනයක්ම වගේ කටට සැරට, කුළුබඩු රසෙනුත් අඩු නැතුව හැදෙනව. විශේෂයෙන්ම පළා මැල්ලුමේ එහෙම ලුණු ඇඹුල් පදම නියම ගාණට. වැඩේ කියන්නෙ බත් කෑවට පස්සෙ හිත පිරෙන්න කන්න අතුරු පස විදියට චොකලට් රසයෙන් අනූන ඉක්ලෙයාර්ස් එහෙමත් මෙයාල ළඟ තියෙන නිසා දෙපාරක් හිතන්නෙ නැතුව ගොඩ වෙන්න පුළුවන්.

3. Lunu Ambula

කෙහෙල් කොලේ දිග අරිද්දි සුවඳේ බෑ මල්ලි. සම්බා හාලේ බතයි හායි හූයි ගෑවෙන තරම් සැර එක්ක මදි නොකියන්න තුනපහ එකතු වෙලා හැදුණු චිකන් කරියයි, රස පදමට කිරි දාලා හදපු පරිප්පු මාළුවයිම ඇති බඩ පැලෙන්න බත් කන්න. කටගැස්මට පොල් සම්බෝලෙකුත් තියෙන නිසා රස ඩබල් වෙනව. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ බෝංචි, මෑකරල් කරිවල රස සෑහෙන්න ඉහළයි. එතකොට පොලොස් මාළුවත් නරකම නෑ. හැබැයි තව කිරි දාලා හින්දෙන්න ඕන. ‘ලුණු ඇඹුලෙ’ බිරියානි එකයි රෝස්ට් චිකන් රයිස් ඇන්ඩ් කරි එකයි එහෙමත් පට්ට රසයි. මාළු, බිත්තර වගේ අනිත් බත් ජාති හැම එකක්ම නම් රු. 150, 250 අතර ගණන් වෙන්නෙ. ආ.. කියන්න බැරි වුනානෙ ලුණු ඇඹුල කඩේ තියෙන්නෙ තිඹිරිගස් යාය ආනන්ද හිමි පාරෙ හොඳද.

4. Chiminiya

“පෙරහැර පාරේ පට්ට බත් කඩයක් දාලා. සූ ගාලා සෙනඟ" කියල අපිට කිව්වෙ අපේ විශ්වි. විශ්වි කියපු විදියට මෙතන රයිස් ඇන්ඩ් කරි විතරක් නෙවෙයි බිරියානි එහෙමත් තියෙනව. කෑමවල රසත් පංකාදු පහයිලු. ගාණත් රු. 200, 300 අතරෙ. හැබැයි ඉතින් පිඟානට බෙදෙන්නෙ නම් ව්‍යංජන 4කුයි පපඩමුයි විතරයි. රස පදමට කිරි දාලා හදන බෝංචි කරිය හැරුණාම බත් එකේ රස ඩබල් ත්‍රිබල් කරන්නෙ මස්, මාළු කරිවලින් තමයි. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ පෝර්ක් කරිය නම් පට්ට රසයි. බත් කෙසේ වෙතත් පාන් නම් ගෙඩියකට වුණත් වගකියන්න පුළුවන්. එතකොට චිකන් කරියෙත් කියන්න තරම් වරදක් නෑ. හැබැයි මේ ව්‍යංජන හැම එකකටම වගේ තව මිරිස් තුනපහ ටිකක් එකතු වුනා නම් තමයි මරේ මරු වෙන්නෙ.

5. Pela

පැල හොයා ගත්තෙත් අපේ විශ්වි. බැලූ බැල්මට චිමිනියට වඩා පැල හොඳයි වගේ තමයි පේන්න තියෙන්නෙ. මොකද පොල් අතු එහෙම හෙවිලි කරල ඇත්තම පැලක් විදියටනෙ හදල තියෙන්නෙ. තිඹිරිගස්යාය ආනන්ද හිමි මාවතේ පිහිටල තියෙන මේ බත් කඩෙත් මස්, මාළු වගේම එළවළු මාළු ටිකත් පංකාදු පහට හැදෙනව. විශේෂයෙන්ම කුකුල් මස් කරිය එහෙම, හොඳට මිරිස් තුන පහ දාලා, හරිම රසයි. විශ්වි කියපු විදියට නම් පරිප්පු, බෝංචි කරිවලටත් රස පදම එන්න ලෝභ නැතුව කිරි දාලා තියෙනව. එතකොට පළා මැල්ලුමත් හරිම රසයිලු. කට ගැස්මට පපඩමක්, එහෙමත් හම්බවෙන නිසා බඩ කට පිරෙනකම් කන්න පුළුවන්. වැඩේ කියන්නෙ මෙයාලගෙ චිකන් රයිස් ඇන්ඩ් කරි එකකුත් රු. 160ක් වගේනෙ වෙන්නෙ. හරිම ලාබයි.

6. Nelum Kole

බොරලැස්ගමුව, වැව පාරෙ තියෙන ‘නෙළුම් කොලේ’ ගැන නම් කට්ටියට අමුතුවෙන් කියන්න ඕනත් නැති තරම්. ඇත්තටම මේ බත් කඩේ එච්චරටම ප්‍රසිද්ධයි. කොළඹින් ටිකක් දුර වුණත් අපි මේ කඩේ ගැන කියන්න හිතුවෙත් ඒ නිසාමයි. ගමේ රහට වගේම හොඳ කටට සැරට මිරිස්තුනපහ ටික දාලා හැදෙන මෙයාලගෙ මස්, මාළුවල රස වගේම සුවඳත් පංකාදු පහට තියෙනව. කොටින්ම කියනව නම්, පාන් වගේ දුන්නොත් ගේමක් නැතුව ගෙඩියක් වුණත් කයි. ඒ වගේම තමයි මෙයාලගෙ පොලොස් ඇඹුල, වට්ටක්කා මාළුව, බෝංචි, මෑකරල් ව්‍යංජන එහෙමත්. රස පදමට කිරි එහෙම දාලා හදල තියෙන්නෙ. පළා මැල්ලුම, බටු මෝජුවෙන් නම් පොඩ්ඩක් ගෑවුණත් ඇති තරම්. ඒ විතරක් නෙවෙයි බැදපු වැව් මාළු කූරියෙකුත් බත් එකට එකතු කර ගත්ත නම් ගමකට කතහැකි. ඇත්තටම රු. 200, 250 වගේ ගණන්වලට මේසෙට එන නෙළුම් කොළේ බත් පත නම් මේ දවස්වල හැටියට දාහකින් සම්පතක් ඈ…

කොහොම වුණත් කට්ටිය කේන්ති ගන්න කාරි නෑ, ඔයාලා ඉන්න කිට්ටුව මේ වගේ රස බත් වේලක් කන්න තැනක් කිව්වෙ නෑ කියල. පොඩ්ඩක් ඉවසල ඉන්නකො තව සති දෙක තුනක්, අපි අනිවාර්යයෙන්ම තව බත් කඩ ලැයිස්තුවක් දානව.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide