රස මස් හොද්දක් එක්ක උණු උණුවෙන්! රු. 500ට ආප්ප පිට්ටු රොටි කන්න කියාපු කඩ 7ක්.

අතමිට ටිකක් සරු වෙලා, ලොකු ලොකු වාහන අරගෙන, පොස් එකට ඇඳලා ගිහින් හයිපයි තැන්වලින් කෑවට මොකද අපේ කට්ටියගෙ පරණ පුරුදු නම් ලේසියකට අරින්න බෑ. ආ… නැද්ද කියන්නකො, ඔය ඕන ලොක්කෙක් කඩල කරත්තයක්, වඩේ කරත්තයක්, සයිවර් කඩයක් නැත්තං පෙට්ටි කඩයක් ඉස්සරහ කොච්චරවත් නැවෙනවනෙ. හැබැයි අපිත් දන්නව ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, කොල්ලො කාලෙ රස්තියාදු ගහද්දි ඔය කොයි කාගෙත් බඩ පිරෙව්වෙ අන්න ඒ වගේ කඩ නිසා කියල. ලොකු ගහක් යට, එළිමහනෙ හැදෙන ආප්පයක්, පිට්ටුවක්, රොටියක්, පරිප්පු මිරිස් මාළු හරි පරිප්පු මස් හොදි හරි කලවමක් එක්ක රස බලද්දි දැනෙන ආතල් එක කොහොම අමතක කරන්නද අප්පා. හැරත් ඒ ගැම්මට ඉඟුරු දාපු ප්ලේන්ටියක් එහෙම ගහද්දි? කෝමද නේ…

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ කට්ටියගෙ පරණ මතකයන් අළුත් කරන්නයි, අළුත් පරම්පරාවෙ අයට ඒ අත්දැකීම් බෙදල දෙන්නයි එක්ක, සුපිරි පෙට්ටි කඩ මෙනු ටිකක් කියන්න.

ඒ කාලෙ වගේ, ‘ගහ යට ලෑලි කඩ’ නම් දැන් අඩුයි තමයි. ඒත් ඒ රහට කන්න පුලුවන් වෙන වෙන කඩ නම් ඕන තරම්. එහෙනම් අහගන්නකෝ…

1. B-Leaf

බොරලැස්ගමුවෙ බී-ලීෆ් එක කිව්වාම බත් කන උන්දැල නම් හොඳ..ට දන්නව. වෙන දෙයක් නිසා නෙවෙයි, කෙහෙල් කොළේට බෙදෙන සුපිරි ගමේ කෑම වේල හින්දා. “හෙරලි පොලොස්, දෙල් අටුකොස්, කොරලි හොදිත් එක්ක ගුඩුස් ගුඩුස්” තමයි ඉතිං. වැඩේ කියන්නෙ මෙයාලගෙ ලන්ච් එක එහෙම වුනාට, ඩිනර් එක එහෙම නෑ. රස වෑහෙන පෝර්ක්, කට්ල් ෆිෂ්, වැව් මාළු, කිරි මාළු කරි එක්ක ආප්ප, පිට්ටු, රොටි ඇති හැටියට රස බැලුව හැකි. හොඳට තුන පහ දාලා හදන කරි නිසා රසත් හොඳයි. කෝකියගෙ අත් ගුණේද කියන්න දන්නෑ මිරිස්, ලුණු ඇඹුල් පදමත් ගාණට කියන්නකො. කරිවල ගණනුත් රු. 150-300 අතරෙ නිසා පොකට් එකටත් ඒ හැටි ගාණක් නෑ.

2. Lavinia Bakers

පැලවත්ත, පාළම් තුන හංදියෙ තියෙන ලැවනියා බේකර්ස් එකේ නම් නැති දෙයක් නැති තරම්. ඊස්ටර්න්, වෙස්ටර්න්, එතකොට ඔය එකක ඔතෙන්ටික් කෑමත් වැහි වැහැලා. හැබැයි ඔය අතරට ගමේ ටයිප් එකට හැදෙන කෑම ටිකකුත් තියෙනව, ඉඳි ආප්ප, පිට්ටු, රොටි වගේ. විශේෂත්වය තමයි ඒවා කන්නම කියල හදාපු කිරි මාළු, මිරිස් මාළු, මස් හොදි වල රස. ආයෙ, ටොපේ ටොප්. අඩුවක් පාඩුවක් කියල ඇත්නම්, ඒ සැර පොඩ්ඩක් මදි එක පමණයි මයෙ හිතේ. වැඩේ කියන්නෙ මෙයාලගෙ කරිවල ගණන් රු. 200-400 වගේ වෙනවනෙ.

3. Hotel Bankshall

පිටකොටුව, බෑන්ක්ෂෙල් වීදියෙ තියෙන බෑන්ක්ෂෙල් හෝටලේට යනව නම් ඉතිං රස බීෆ් කරියක් එක්ක උණු උණු රොටි තමයි. කටට සැරට හැදෙන හොද්ද නිසා හායි හූයි ග ගා කන්න පුලුවන්. තුනපහ අඩුම කුඩුම ටිකත් කියාපු ගාණට. බෑන්ක්ෂෙල් හෝටලේ තියෙන හොඳ කියන්නෙ බඩ පැලෙන්න කෑවත් රු. 300ක් 350ක් වගේ තමයි වියදම් වෙන්නෙ.

4. New Banana Leaf

ෂහ්, බලන්න එපැයි හැන්දෑවට කොල්ලුපිටිය, බනානා ලීෆ් එකේ හැදෙන කෑම ජාති ටික. පිට්ටු, ඉඳි ආප්ප, රොටි එක්ක තකට තක මට්න්, චිකන් කරි ටික. උණු උණුවෙ මේසෙට එද්දි බඩ පැලෙන් කත හැකි. එ් විතරක් නෙවෙයි මෙයාලගෙ කට්ල් ෆිෂ් කරියයි, ක්‍රැබ් කරියයිත් නියමයි ඈ. පාන් කන්න කියාපු. ලොකු දීසියක් පුරවල එන නිසා දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනවත් එක්ක. බනානා ලීෆ් එකේ කරි වල තියෙන විශේෂත්වය තමයි ඔරිජිනල් ජැෆ්නා ස්ටයිල් එකට හැදෙන එක. මිරිස් තුනපහ වගේම ලුණු ඇඹුල් වලත් අඩු පාඩුවක් නම් නැති තරම්. හැබැයි ඉතින් කරියක් රු. 300-500 අතරෙ වෙනව.

5. Tast of Asia

බම්බ, ගාලු පාරෙ තියෙන ටේස්ට් ඔෆ් ඒසියා එකේ නම් නැගල යන්නෙ කකුළු කරියයි, බීෆ් කරියයි තමයි. ඉඳි ආප්ප, ගෝදම්බ රොටි මැරුව හැකි. සැර වගේම කුළුබඩු රසත් නියම ගාණට තියෙන නිසා කන්න කන්න ආසයි. වැඩේ තියෙන්නෙ මෙයාලගෙ කරිවල තෙල් ගතිය පොඩ්ඩක් වැඩි එක තමයි. ඒ හැරුනාම මැටි ඇතිලියෙ ඉවෙන පිහෙන ගතියකුත් පේන්න නෑ. කොහොම වුනත් ගණන් රු. 200-400 වගේ නිසා පොකට් එකට නොදැනි බඩ පැලෙන්න කන්න පුලුවන්.

6. Mrs. Flogesteen’s Pork (Curries Only)

අපි කියනවට යන්නකො බම්බ, හේග් පාරෙ තියෙන මිස්ටර් ෆ්ලොග් එකට. හිතේ හැටියට පෝර්ක් කන් පුලුවන්. හත් හට දෙනෙක්ට ඇති වෙන්න තියෙන බ්ලැක් පෝර්ක් කරි කිලෝ 1ක් රු. 2000ක් වගේ වෙන්නෙ. ඒ හැරුනාම තව පෝර්ක් වැඩ කෝටියක් මෙයා ලඟ තියෙනව. හැබැයි ගොඩක් ගන්න නම් කලින් ඕඩරේ දෙන්න වෙනව. කොහොම වුනත් මොකද කියල හිතෙන්නෙ තුනපහ, ලුණු ඇඹුල් පදම නියමෙට සෙට් වෙලා උණු උණුවෙ මේසෙට එන පෝර්ක් කරිය දකිද්දි තමයි. බත්, පාන්, රොටි, පිට්ටු විතරක් නෙවෙයි හින්දල තියා ගත්ත නම් බයිට් එකක් විදියට වුනත් පාවිච්චි කරන්න පුලුවන්.

7. Mythi’s

බම්බ, එම්. සී එක ඉස්සරහ තියෙන මිතීස් එකේ පෝර්ක් කරිය ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්. රු. 300කට වගේ ගන්න පුලුවන්. තුනපහ රසෙන් අනූන මේ පෝර්ක් කරියෙ සැර ගතියත් සාමාන්‍ය ගාණට තියෙනව. පාන් වගේම රොටි කන්නත් කියාපු. හැබැයි ගන්න කොට කියල දාගන්න, මොකද ඉස්සර වගේ නෙවෙයි මෙයාල දැන් දැන් තෙල් කෑලි දානව වැඩියි.

ඒ කොහොම වුනත් ඔය ගණන් වලට රස මස් කරි එක්ක ආප්ප, පිට්ටු කන්න තවත් කඩ ඕන තරම් තියෙනවනෙ. වැඩේ කියන්නෙ අපි ලඟ ඒවයෙ විස්තර නෑ. ඉතින් ඒව ගැන අපිට කියන එක ඔයාලගෙ යුතුකම. ඔන්න මතක තියා ගන්න හොඳද, ආයෙ පෙට්ටි කඩයකට හරි සයිවර් එකකට හරි සෙට් වුන ගමන් ‘යමු’ එකට මැසේජ් කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

An ideal dinner date spot in Colombo – Ward 7

By Shamrina Carim Are you struggling to decide where you could have a decent fancy

Kamu

Reaching new heights at Virticle by Jetwing’s rooftop bar & restaurant

We were so excited to go to the highest rooftop bar & restaurant in Colombo

Highlights Kamu

Satisfy your Kottu cravings at KottuLabs

Located in Nawala down a little lane, Kottulabs is home to the widest and most

Highlights Kamu

Trending.

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Celebrate Father’s Day with your Super Dad at Hilton Colombo!

Looking to express your gratitude for the superhero of your household this Father’s Day? Hilton

Trending

Yamu Guide.

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide

How Bio Oil reduces scars

By Shanali Fernando Still curious about this little pink bottle of magic and what it

Highlights Yamu Guide