හිතන් ඉන්නේ “”කලම්බෝ”” පොරක් කියලද? හැබැයි මේ ඉතිහාස කතා දන්නේ නැත්තන් වැඩක් නෑ හොඳේ!.

“කොලොම්පුරේ ශ්‍රියා, කොලොම්පුරේ ශ්‍රියා – බොහොම ලස්සනයි කොලොම්පුරේ ශ්‍රියා ශ්‍රියා”

ලංකාවේ ලස්සන බලන්න නුවරඑළි, අනුරාධපුර යන්න ම ඕනේ නැහැනේ. ඒ පැතිවල තියෙන්න වෙනම ම ලස්සනක් බව හැබෑව. ඒත් නගරයේ ලස්සන බලන්න නම් කොළඹ වටෙත් රවුමක් යන්න ම ඕනේ. ඩෙස්මන් ද සිල්වා මහත්තයා මේ සින්දුවේ කියන්නෙත් ඒ ගැන නේ.

ඉතින් මේ විදියට කොළඹ පැත්තේ කරක් ගහන කෙනෙක් අනිවාර්යෙන් ම දකින්න ඕනේ තැන් මොනවද? අපි හැදුවා පුංචි ලැයිස්තුවක්. ඇත්තම කිව්වොත්, මේවා පිටිපස්සේ තියෙන ලස්සන ඉතිහාස කතා දන්නේ නැත්තම්, කොළඹ ඉඳලා වැඩකුත් නැහැ.

1. ගංගාරාම සීමා මාලකය

බැලූ බැල්මට ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය පේන්න තිබුණත්, ඉන්දියානු, තායිලන්ත හා චීන ආභාසයත් ගංගාරාම විහාරයට ලැබිලා තියෙනවා. බේරේ වැව මැද්දේ තියෙන ගංගාරාම පන්සලේ සීමා මාලකය හරි අපූරු දසුනක්.

ගංගාරාම පන්සල හැදෙන්න අඩිතාලම වැටුණේ 19වෙනි සියවසේ. මේක ඒ දවස්වල ඉඳපු ප්‍රසිද්ධ වෙළෙන්දෙක් වුණු දොන් බැස්ටියන් මුදලිවරයා, මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන් වෙනුවෙන් ඉදි කරපු විහාරස්ථානයක්. මුලින් ම නිර්මාණය වුණේ ගංගාරාම දාගැබ, මකර තොරණ සහ ප්‍රවිෂ්ට දොරටුවේ සඳකඩ පහනයි. ගංගාරාමය පන්සලේ සීමා මාලකය හැදුණේ ඉන්පස්සෙයි.

2. ගාලු මුවදොර

ලංකාවේ අශ්ව රේස් පටන්ගැනුණේ 1820දී. ඒ වෙද්දී ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක්. ලංකාවේ ආණ්ඩුකාරවරයා වුණු එඩ්වඩ් බාන්ස් මැතිතුමාගේ අනුග්‍රහයත් ඇතිව ලංකාවේ තුරඟ තරග පිටියක් ඉදි කරන්නත්, මුහුද අද්දර තියෙන පිට්ටනියක් මේ වැඩේට සුදුසු බවටත් යෝජනා වුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි ගාලු මුවදොර බිහිවුණේ.

3. රතු පල්ලිය

පිටකොටුව මැද්දේ, රතු, සුදු කොටුවලින් රටා දාලා තියෙන පල්ලිය දැකලා තියෙනවද? රතු පල්ලිය එහෙමත් නැත්තන් “ජමි-උල්-අල්ෆර්” විදියට හැඳින්වෙන මේ ගොඩනැගිල්ල, මුස්ලිම් භක්තිකයන්ගේ පැරණි ම පල්ලි අතරින් එකක්. 1909 අවුරුද්දේ නිර්මාණය වුණු රතු පල්ලියට පසුබිම් වුණේ ඉන්දු-සැරසෙනික් ගෘහ නිර්මාණ ශිල්පයයි. මේක හදපු කෙනා ගැන හරි සඳහනක් නැහැ. ඒත් ඒ කාලේ ඉඳපු සයිබෝ ලෙබ්බේ නම් මේසන් බාස්වරයෙක් මේ වැඩේට මුල පිරුව බවක් දැනගන්න ලැබෙනවා.

කෙසේ වෙතත් රතු පල්ලිය, මුහුදේ යන නැව්වලට කොළඹ නගරය හඳුනාගන්න පුළුවන් විදියේ සලකුණක් විදියටත් කට්ටිය හඳුන්වනවා.

4. කොඩි ගහ

ලංකාව පෘතුග්‍රීසි යටත් විජිතයක් බවට පත්වුණේ 1505 අවුරුද්දේදී. ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවේ සංවර්ධනයක් සිද්ධ කළත්, පෘතුග්‍රීසි උත්සහ කළේ අපේ සම්පත් පුළුවන් තරමක් තමන්ගේ රටට ඇදගෙන යන්න. ඒකට මේ කට්ටිය පාවිච්චි කළේ මුහුදු ගමනාගමනයයි. නාවිකයන්ට කොළඹ වරාය හොයාගන්න පහසුවෙන්න, කොළඹ බලකොටුවේ අඩි 80ක් උස කුළුණක් හිටවන්න ඔවුන් කටයුතු කළා. අද මේ තැන හැඳින්වෙන්නේ “කොඩි ගහ" නමින්.

5. ඕලන්ද රෝහල

දන්න සිංහලෙන් කියනවනම්, මේ “ඩච් හොස්පිටල්" එක. එදා තුවාල ලබපු සෙබළුන්, නා නා ප්‍රකාර වසංගත රෝග හැදුණු ලෙඩ්ඩුනටත් ප්‍රතිකාර කරන්න ඕලන්දක්කාරයෝ පාවිච්චි කරපු රෝහල, අද වෙද්දී විශාල අවන්හල් සංකීර්ණයක්. ඉතිහාසේ සඳහන් වෙන විදියට, ඕලන්ද යටත් විජිතවලින් දියුණු ම රෝහල වෙලා තියෙන්නේ මේක. බේත් හේත් නිෂ්පාදනය කරන්න වගේ ම, නියම විද්‍යාගාරයකුත් මේ රෝහලේ තිබිලා තියෙනවා.

රෝහල බාර කරලා තිබුණේ ශල්‍ය වෛද්‍යවරයෙක් ට. කනිෂ්ඨ වෛද්‍යවරු, වෛද්‍ය පුහුණුව ලබන අයත්, ඒ කාලේ මෙතැන හිටියා. කලවම් කරපු බෙහෙත් ලෙඩ්ඩුන්ට දුන්නේ ඇපොතිකරි කෙනෙක්. වාට්ටුවට හිටියේ වෝඩ් මාස්ටර් කෙනෙක් විතරයි. නර්ස් නෝනලා හිටියේ නැහැ. මුළු ඉස්පිරිතාලෙට ම ඉව්වේ පළපුරුදු කෝකියෙක්. දවසක් ගානේ උදේට ලෙඩ්ඩු ලඟට ගිහින්, එදා කෑම වේලට කැමති දේවල් ලියාගත්තු කාපිරි කොලු ගැටය ව අපට මොහොතකට මුණගැහෙන්න පුළුවන් නම්, තව හුඟක් විස්තර දැනගන්න තිබුණා.

6. සිවන් කෝවිල

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී, ලංකාවට නිදහස ලබාදෙන්න සටන් කරපු ද්‍රවිඩ ජාතිකයන් අතරින් ප්‍රධාන තැනක් පොන්නම්බලම් රාමනාදන් ශ්‍රීමතාණන් ට ලැබෙනවා. අද අපි දකින කොච්චිකඩේ සිවන් කෝවිල නිර්මාණය කරන්න මුල් වුණේ එතුමායි. 1915දී තමයි මේ වැඩේට එතුමාගේ දායකත්වය ලැබුණේ.

හැබැයි සිවන් කෝවිලට මුල්ගල් තිබ්බේ එතුමාගේ පියා අතින්. මේක සම්පූර්ණයෙන් ම ග්‍රැනයිට් ගලින් හැදුණු එකක්. කෝවිලේ යාතිකා දෝංකාර දිදී ඇහෙද්දී පුදුම භක්තිමත් හැඟීමක් දැනෙනවා.

7. පරණ තැපැල් කන්තෝරුව

Source : lankapura.com

ඒ කාලේ රජයේ කන්තෝරු, බැංකු, විශාල සමාගම්වල ප්‍රධාන කාර්යාල සේරම තිබුණේ කොළඹ කොටුවේ. ඉස්සර ඉතින් ඊමේල්, ෆැක්ස් නැහැනේ. සේරම ගණුදෙනු වුණේ ලියුම් කියුම්වලින්. කොළඹ කන්තෝරුවල වැඩ කරපු අය ලියුම්, මනිඕඩර් යවන්න, මුද්දර ගන්න වගේ දේවල්වලට ගියේ “ජී පී ඕ” එකට. “ජනරල් පෝස්ට් ඔෆිස්" කියන එක කෙටි කරලා තමයි මේ “ජී පී ඕ” නම් හැදුණේ.

මේක ඉදි වුණේ ඉංග්‍රීසි රාජ්‍ය පාලන සමයේදී. වෝකර්ස් පෞද්ගලික ඉංජිනේරු සමාගම තමයි මේ බිල්ඩිම හැදීමේ ප්‍රධාන වගකීම ගත්තේ. බර යකඩ කාප්ප, යකඩ රාමු සහ වැද්දීම් එහෙම කළේ රජයේ කම්හලයි.

ගොඩනැගිල්ලේ පඩිපෙළ හදන්න මුල් ම ගල් තොගය ගෙන්නුවේ පානදුරේ ගල් වළකින්. ඊටපස්සේ රත්නපුර, රුවන්වැල්ල පැතිවලින් ගල් ගෙන්වා ගැනුණා. මේ ගල් කොළඹට ගෙනාවේ කැලණි ගඟ දිගේ බේරේ වැව දක්වා පාරුවලින්.

Source : tripadvisor.com

උතුරේ කළබල වැඩිවෙද්දී කොටුව අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත් කළා. ඒ නිසා මේ තැපැල් කන්තෝරු බිල්ඩිම වහලා දාලා, මහ තැපැල් කාර්යාලය කොළඹ බ්‍රිස්ටල් වීදියට ගෙනියන්න කටයුතු සිද්ධ වුණා. හැබැයි අද වෙද්දී, පරණ තැපැල් කන්තෝරුව නැවත විවෘත වෙලා. හැබැයි ඒ සාමාන්‍ය තැපැල් කාර්යාලයක් විදියට නෙවෙයි. නැරඹුම් ස්ථානයක් විදියට.

8. කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර

1760දී කොටහේනේ ශාන්ත ලුසියා දෙව්මැදුර ආරම්භ කරනකොට තිබුණේ පොල් අතු මඩුවක් විතරයි. අද අපි දකින මේ පල්ලියේ හැඩරුව හැදෙන්න ගත්තේ 1937 වගේ කාලෙදී. අද වන විට කොළඹ තියෙන ලොකුම දෙව්මැදුර වෙන්නෙත් මේක. රෙනේසන්ස් සහ බාරෝක් ගෘහ නිර්මාණ ශිල්පය මේ පල්ලිය හදද්දී උපයෝගී කරගෙන තියෙනවා.

9. කයිමන් දොරකඩ

Source : lankapura.com

“කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා"

සුනිල් එදිරිසිංහ මහත්තයා මෙහෙම කිව්වට, අද වෙද්දී කයිමන් දොරකඩක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ කොළඹ මැද්දේ තියෙන ඝණ්ඨාර කුළුණක් විතරයි.

ලංකාව පෘතුගීසි පාලන සමයේදී, ඔවුන්ගේ ප්‍රධාන ම බලකොටුව වුණේ කොළඹ කොටුවයි. මෙයාලා මේ බලකොටුව හැදුවේ කොළඹ එක්තරා ප්‍රදේශයක් කබොක් ගල් ප්‍රාකාරෙකින් වට කරලා. මේ ප්‍රාකාරෙන් පිට කොටස “පිටකොටුව". පිටකොටුවෙන් බලකොටුවට එන්න තිබුණු ගේට්ටුව හැඳින්වුණේ “කයිමන් දොරකඩ" විදියට. මේ ඝණ්ඨාර කුළුණක් කයිමන් දොරකඩ ළඟ තිබුණු එකක්.

Source : tripadvisor.com

මේ ඝණ්ඨාරය අන්තිමට නාද වුණේ 1945දී. ඒ ජපානය යටත් වෙලා, දෙවැනි ලෝක යුද්ධය දිනපු බව දැනුම් දෙන්නයි.

10. ලන්දේසි කෞතුකාගාරය

දූවිලි ඇවිස්සුණු පාරවල්, ප්ලාස්ටික්, යකඩ එල්ලෙන හාඩ්වෙයා කඩවල්, බැරි බර කරේ තියාගෙන යන නාට්ටාමිවරු, කෑ කෝ හඬින් පිරුණු පරිසරයක්; මේ පිටකොටුව කිව්වා ම අපට මතක් වෙන දේවල් කීපයක්. හැබැයි යටත් විජිත සමයේ සිහිවටන බොහොමයක් මේ අතරේ හැංගිලා තියෙනවා. ලන්දේසි කෞතුකාගාරයත් ඒ වගේ මතක අතරින් එකක්.

17 වන සියවසේ අන්තිම කාලෙදී ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වුණු තෝමස් වෑන් රී, තමන්ගේ නිල නිවස ඉදිකරගත්තේ පිටකොටුවේ කුමාර වීදියේ. ලිඳක් සහිත මැද මිදුලක්, ගඩොල්වලින් හැදුණු ගෙබිම, ලී සොල්දර, සෑහෙන උස පළලක් ඇති දොර ජනෙල් ඇතුව හදපු මේ නිවස ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය හොඳින් ම පෙන්නුම් කරනවා. තෝමස් වෑන්ගේ නිවස, අද පාවිච්චි වෙන්නේ ලන්දේසි කෞතුකාගාරය විදියට. ලන්දේසි යටත් විජිත යුගයේ තිබුණු ලියන මේස, අත් පුටු, කැබිනට් අල්මාරි, ඕලන්ද තෝම්බු පිටපත්, සිංහල රජවරු සහ ඕලන්ද ආණ්ඩුකාරවරුන් අතර පැවති ලීපි ගනුදෙනු පිටපත් වගේ ලියකියවිලි බොහොමයක් මෙතැනින් දැකගන්න පුළුවන්.

කොළඹ අවට තියෙන, ලංකාවේ ඉතිහාසේ කොටස් හංගාගත්ත තැන් කීපයක් ගැන විස්තර ටිකක් තමයි අපි මේ කිව්වේ. මේ වගේ තවත් අපූරු තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ ටික ගැනවත් නොදැන “කලම්බෝ” පොරක් කියලනම් හිතන්නෙපා හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Latest.

KAMU.

Your go-to restaurant in Chilaw – Clement’s Chilaw review

By Warsha Dissanayake We visited Clements brand new outlet based in Chilaw towards the evening

Kamu

Holy crepes at Crepe Runner – Bambalapitiya

By Maryam Rizwan No one does crepes as good as Crepe Runner does. Starting from

Kamu

Don’t chai this at home – Karak review

By Warsha Dissanayake Looking for some downtime?Is it time to take a break off of

Kamu

Nutella-filled goodness at Crepeholics

Crepeholics located in the middle of Mount Lavinia is packed with a variety of crepes

Kamu

Kailasa Street Food Cafe

This place is long overdue and something Colombo needed so bad. Kailasa street food, serving

Kamu

Clement’s Restaurant & Banquet

Walking into the restaurant, you are greeted by some warm smiles and pleasant greetings. Asanka,

Kamu

Trending.

Suriya’s Jai Bhim wins five awards at Studioflicks Film Awards 2021

By MR The Tamil film industry has turned the global spotlights in 2021 for releasing

Trending

5 BlackBerry models we will miss

By Ruchika Seneviratne It truly is an end of an era as BlackBerry has announced

Trending

Elephant House – Feel Good Range

We all grew up eating Elephant House ice cream, whether it was to wrap up

Trending

CINNAMON BENTOTA BEACH HOSTS CLASSIC CAR RUN

Cinnamon Bentota Beach added a vintage touch to its award-winning art and architecture during the ‘Classic Car Run’ recently.

Trending

RAMADA COLOMBO: CHRISTMAS MARKET 2021

The Christmas Bells and Bundles at Ramada is a mini wonderland with delectable Christmas goodies

Trending

Yamu Guide.

New shopping experience at the Keells on Lauries Road

Keells is reinventing your shopping experience in the best way possible. Because of the pandemic,

Yamu Guide

5 events to look forward to in 2022

By Tashia Ranasinghe Hello, 2022! Just as much as there is a bunch of holidays

Yamu Guide

8 Indoor Sports Outlets in Colombo

By Warsha Dissanayake Looking to let off some steam after a crazy day or week

Yamu Guide

7 Cuisines in 7 Days

By RD We are always on the lookout for exotic new flavors, that probably is

Yamu Guide

5 Places to cycle in Sri Lanka

By RD “The Bicycle is a curious vehicle. Its passenger is its engine”- John Howard,

Yamu Guide

6 Hotels to Visit in 2022

By Maryam Rizwan The new year calendar year has some really nice long weekends to

Yamu Guide

සිංහල.

ලොව බිහිසුනුම දාම ඝාතිකාවන් (Woman serial killers) 10 දෙනෙක්

By Yesha Fernando කාන්තාවන් කිව්වම හැමවෙලාවෙම වගේ අපේ ඔලුවේ මැවෙන්නේ හරි සංවේදී, ආදරණීය පිරිසක්. ලෝකයේ

Sinhala

2022 සැමරුම හොඳටම කරපු රටවල් 10 ක්  

By Yesha Fernando මරණය, කුසගින්න, විරැකියාව, ආර්ථික අවපාතය, දේශපාලන අර්බුද යනාදී ගෝලීය දුෂ්කරතා රැසක් මැදින්

Sinhala

හොරු අතරට අලුතින් එක් වූ “ජංගි හොරා”

By Yesha Fernando මෙරට සියලු ආකාර හොරු අතරට එක්වූ අලුත්ම හොරා "ජංගි හොරා" යි. මෙකී

Featured Sinhala

Squid Game අපට කියා දෙන ජීවිත පාඩම් 6 ක්

ත්‍රාසය, ශෝකය, කුතුහලය වගේම මෙයට වඩා තවත් බොහෝ ජීවිත පාඩමුත් Squid Game කථාංග නවයට ඇතුළත්.

Sinhala Slider

පිස්සුම නව අවුරුදු සිරිත් විරිත් 6 ක්

එහෙනම් කට්ටියම තමන්ගේම ක්‍රමේකට 2022 පිළිගන්න ලේස්ති වෙමු.

Sinhala Trending