මෙදා සැරේ පොත් ප්‍රදර්ශනයෙන් අනිවාර්යෙන් ම ගන්න ඕනේ නවකතා 10ක්.

2018 අවුරුද්දේ කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට තව තියෙන්නේ දවස් දෙකක වගේ කාලයක්. ගොඩක් දෙනා දැනටමත් දන්නවා ඇතිනේ, මේක පටන්ගන්නේ සැප්තැම්බර් 21 කියන එක වග. වෙන අවුරුදුවල වගේ ම තමයි මේ සැරෙත් මේක තියෙන්නේ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ. සැප්තැම්බර් 21 පටන්ගත්තට පස්සේ 30වෙනිදා දක්වා මේ පොත් සල්පිල කරගෙන යන්න මේ වෙද්දීත් සියලුම කටයුතු සූදානම් කරලා අහවරයි.

සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රදර්ශනයකට යනකොට දකින දකින පොත ගන්න හිතනවට වඩා, හොඳම වැඩේ තමයි අනිවාර්යෙන් ම ගන්න ඕනේ කියලා හිතන පොත් ටික එක්කාසු කරලා පොඩි ලැයිස්තුවක් හදාගෙන යන එක. හැම අවුරුද්ද්දක ම වගේ නොවරද්දා මේ ප්‍රදර්ශනයට යන අය නම් මේ ලයිස්තුවේ වටිනාකම හොඳින් ම දන්නවා.

අන්න ඒ ලැයිස්තුවේ ඉඩ තියෙනවා නම්, එකතු කරන්න ඕනේ තවත් අලුත් ම අලුත් පොත් දහයක් ගැන කියන්න අපි කල්පනා කළා.

1. අප්පච්චි ඇවිත්

2018 වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්ත ‘අප්පච්චි ඇවිත්’, සමන් වික්‍රමරාච්චි මහත්මයාගේ රචනයක්. සාමාන්‍ය නවකතා රාමුවෙන් පිටතට ගිය, මනෝභාවයන් පිළිබඳ විශ්ලේෂණය කරවන ග්‍රන්ථයක් විදියට මේ කතාව හඳුන්වන්න පුළුවන්. මේක ආරම්භ වෙන්නේ ම උගත් මධ්‍යම-පාන්තික පවුලක තාත්තා කෙනෙක් තමන්ගේ බිරිඳ සහ දියණිය ඝාතනය කරන සිද්ධියකින්. පාඨකයන්ගේ කුතුහලය අවුස්සමින් අවධානය රඳවා තබාගන්නට පුළුවන් විදියේ අපූරු කතන්දරයක් මේ නවකතාව ඇතුළේ තියෙනවා. සරසවි ප්‍රකාශනයක් විදියට තමයි මේ පොත එළියදැකලා තියෙන්නේ.

2. අත්තාණි කණු

2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත අත්තාණි කණු, සේපාලි මායාදුන්නේ මහත්මියගේ රචනයක්. ගොඩගේ ප්‍රකාශනයක් විදියට එළි දැකපු මේ නවකතාව නුවර රාජධානි සමයේ ජීවත් වෙලා ඉඳපු මහා වන්නි පරම්පරාව පදනම් කරගෙන තමයි ලියවිලා තියෙන්නේ.

මහා වන්නි පරම්පරාව ඉන්දියානු රජ පෙළපතකින් පැවතෙන එකක්. ඔවුන් සිංහල ජාතියට එකතු වෙන්නේ මීට අවුරුදු දෙදහස් පන්සීයකටත් කලින් සිදුවුණු සංඝමිත්තා තෙරණියගේ ආගමනයත් එක්කයි. ශ්‍රී මහා බෝධි අංකුරයකුත් අරගෙන උන්වහන්සේ වැඩම කරපු මේ ගමනට ඉන්දියාවේ බෝධිගුප්ත කුමාරයාත් සහභාගි වුණා. ලංකාවේ ඉඳපු මහා වන්නි පරපුරේ පැරණි ම පුරුක වෙන්නේ ඔහුයි. මහා වන්නි පරම්පරාවේ බිහිවීම, නැගීම සහ වියැකීම මේ අත්තාණි කණු කතාන්දරයේ විස්තර කරලා තියෙනවා.

3. අවසාන නින්දගම

ප්‍රේමකීර්ති රණතුංග මහත්මයා අතින් ලියවුණු ‘අවසාන නින්දගම’, දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයක්.

කුල භේදය කියන්නේ ලංකාවට අලුත් දෙයක් නෙවෙයිනේ. එකඑක කුලමළ කතා නිසා එක කට්ටියක්ව උසස් විදියටත්, තවත් කාණ්ඩයක් ව පහත් ලෙසත් සැලකීම අදටත් අපේ සමාජයේ දැකගන්න පුළුවන්. අවසාන නින්දගමට පාදක වෙලා තියෙන්නේ අන්න ඒ වගේ පහත් කුලයක් විදියට සැලකෙන රොඩී කුලය හා දැවටුණු අතීත කතාවකුයි.

4. පේමතෝ ජායතී අසෝකෝ

නම අහපු පමණින් අපේ සමහර අයට මේක සාමාන්‍ය ආදර කතාවක් කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ‘පේමතෝ ජායතී අසෝකෝ’ ග්‍රන්ථය ඇතුළේ ඊට වැඩිය බොහොම ගැඹුරු අදහස් ගොන්නක් නිදන් වෙලා තියෙනවා.

මේ කතාවේ කථකයා වුණු “රවිඳු” බොහිමියානුවෙක්. ඒ කියන්නේ ගතානුගතික මිම්මට බය නැතුව, සංස්කෘතික රාමුවෙන් පිට වෙලා හිතන පතන කෙනෙක්. ඉසුරු ප්‍රසංග මහත්මයා විසින් ලියන ලද මේ කතාව පුරාවට ම තියෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ග තුනේ ම සිටින ජාතිවාදයෙන් උන්මාද වී ඉන්න පුද්ගලයන් ගැනයි. ජාතිකවාදයට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ පරම්පරාවකට ඉගෙනගන්න පුළුවන් පාඩම් බොහොමයක් මේ කතාව සතුයි. මේ පොත ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක්.

5. සෝබන මාලිගා

රූපා ශ්‍රියානි ඒකනායක මහත්මිය ලියපු ‘සෝබන මාලිගා’ එළිදැක්කේ සරසවි ප්‍රකාශනයක් විදියට. ‘සෝබන මාලිගා’ කියන්නේ අනගාරික ධර්මපාලයන් බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාව යටත් කරගෙන ඉද්දී මෙරට බුදු දහම නොසලකා හැරීමට එරෙහිව ගම්වල සංචාරය කරද්දී යොදාගත්ත වාහනයේ නාමයයි. අනගාරික ධර්මපාලයන්ගේ චරිත කතාව ගැන අපි සාමාන්‍යයෙන් දන්නා දේවල්වලට වඩා ඔබ්බෙන් ගිය යමක් කතා කරන්න මේ ග්‍රන්ථයට හැකියාව ලැබිලා තියෙනවා. සිංහල ජාතියට විතරක් නෙවෙයි, දෙමළ, මුස්ලිම් වරුන්ට පවා නිසි ගෞරවය ලබාදෙන්න ඔහු කටයුතු කරපු විදිය ගැන මේ පොතෙන් නිදසුන් ගණනාවක් ලබාගන්න ඇහැකි.

6. අසනඟ වැසි

ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයේ පොත් 5ට තේරුණු ‘අසනඟ වැසි’, දර්ශන ශම්මි විජේතිලක මහත්මයාගේ රචනයක්. සුසර ප්‍රකාශනයක් විදියට තමයි මේක එළිදැකලා තියෙන්නේ. මේකේ කතා සාරය ගැන නම් අපට ඒ හැටි අදහසක් නැහැ. මේ පොත කියවපු කෙනෙක් ඉන්නවනම් අපටත් කියන්නකෝ හොඳද.

7. බලකොටු සහ නෞකා

හැම අවුරුද්දේ ම වගේ ඔන්න මේ සැරෙත් තියෙනවා භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයාගේ පොතක්. මේකේ නම ‘බලකොටු සහ නෞකා’. වියරු කුණාටුවක් වගේ ලංකාවට ඇදී ආව පෘතුග්‍රීසි පාලන සමය අළලා ලියවුණු ලස්සන කතාවක් තමයි මේක. දකුණු වෙරළබඩ ජීවත් වෙන දස හැවිරිදි හේතුගේ ජිවිතයත් ‘මරියා එලේනා’ නෞකාවේ සේවය කරන දස හැවිරිදි ජුවාන්ගේ ජීවිතයත් වෙනස් කරපු මේ වියරු කුණාටුවේ බලපෑමට ලක්වුණු තවත් කෙනෙක් තමයි කෝට්ටේ බෞද්ධ විහාරවාසී රාහුල නම් සාමනේරයන්. මේ තුන්දෙනා වටා ගෙතුණු හරි අපූරු කතාවක් මේ ‘බලකොටු සහ නෞකා’ කතාන්දරය ඇතුළත තියෙනවා.

8. කඩොල් ඇත්තු

දුටුගැමුණු රජ සමයේ යුද්ධ ගැන කතා කරද්දී, කඩොල් ඇතා කියන්නේ අපට අමතක කරන්න බැරි චරිතයක්. තමන්ගේ ප්‍රතාපවත් ශරීරයෙන් විජිතපුර බලකොටුව බිඳ හෙලනකොට, බලකොටුව මුදුනේ උන්නු සොළී සෙබළු උගේ ඇඟට ලෝ දිය වත්කරපු ගැන අපේ ඉතිහාසය සඳහන් කරලා තියෙන විදිය කියවද්දී අදටත් අපේ ඇඟේ මවිල් කෙළින්  වෙනවා.

ඇත්තු නැතුව ගියත්, ඒ තරම්ම නිර්භීත විදියට උතුරේ සටන් වැදුණු අපේ සිංහල හමුදාව ගැනත් අපට තියෙන්නෙත් ඒ තරම්ම අභිමානයක්. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා ලියපු කඩොල් ඇත්තු නවකතාවේ තියෙන්නේ අන්න ඒ අභීත සෙබළු ගැනයි. නාලක ජිනසේන කියන සොල්දාදුවෙක් වටේ ගොතපු මේ කතාව ආබාධිත සෙබළුන්ට අනුකම්පාව විතරක් නෙවෙයි, ගෞරවයකුත් ලබාදීමේ පරමාර්ථයෙන් ලියවුණක්. විජිත යාපා ප්‍රකාශනයක් විදියට මෙදා සැරේ පොත් සල්පිලෙන් මේ පොත මිලයට ගන්න ඇහැකි.

9. දෙකිඳ අරෝව

ඩී. එම් කරුණාරත්න මහත්මයා ලියපු දෙකිඳ අරෝව අපේ ඉතිහාසයේ තවත් කොටසක් පාදක කරගත්තු කතාවක්. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් තමයි මේ පොත එළිදක්වලා තියෙන්නේ. 1255දි නිමවුණු පොළොන්නරුවේ කාලිංග මාඝගේ පාලනයත්, ඊටපස්සේ රජ බවට පත් වෙච්ච දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලනය කාලය ගැනත් බොහෝ දෙනා නොදන්නා කාරණා තොගයක් ම අන්තර්ගත කරපු පොතක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

10. චක්‍ර

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක් විදියට එළි දක්වපු චක්‍ර, ජයතිලක කම්මැල්ලවීර මහත්මයාගේ රචනයක්. ස්වර්ණ පුස්තක සම්මාන තරගාවලියේ අවසාන පොත් පහටත් මේ පොත තේරුණා. මේ පොතේ කතාන්දරය 1970 සිරිමා බණ්ඩාරනායකගේ රජය කාලයේ සිට 1977න් ඇරඹී වසර 17 ක් ගෙනගිය යූඑන්පී රජයේ අවසානය දක්වා කාලයට අපේ මතකය අරගෙන යන්න සමත් එකක්. ඒ කාලය ඇතුළත සමාජයේ ඇති වුණු ගැටලු, පරණ වාමාංශික ව්‍යාපාරයේ බිඳ වැටීම, ඉන් පස්සේ උදා වුණු භීෂණ සමයේ තොරතුරු මේ කතාව තුළින් හරි අපූරුවට විස්තර කරලා තියෙනවා.

හැම අවුරුද්දේ ම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පුළුවන් නවකතා පොත් බොහොමයි. ඉතින් එයින් දහයක් විතරක් මේ විදියට අපි තෝරගත්තේ සෑහෙන්න අමාරුවෙන්. ඔයාලත් දන්න, අපි හැමෝම කියවන්න ඕනේ කියලා හිතන තවත් අලුත් සිංහල නවකතා ගැන දන්නවා නම්, ඔය ගමන් ම කමෙන්ට් කරගෙන යන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide