වැස්සට ගෙදරට වෙලා කරන්න දේවල් 10ක්.

නිරිතදිග මෝසම ආයෙත් ඇවිත්. වැස්සත්, තද හුළඟත් නිසා ගොඩක් පැතිවලට සැරෙන්සැරේ කරන්ට් එකත් නැති වෙනවා. ඒ නැතත් වැස්සත් එක්ක එන අකුණු නිසා දවසෙ වැඩි වෙලාවක් ටීවී බලන්න, ඉන්ටර්නෙට් පාවිචි කරන්නත් බෑනේ. ඉතිං පාරවල් යටවෙලා, ගංවතුර ගලලා ඉස්කෝලෙට/වැඩට යන්න බැරුව ගෙදරට හිරවෙලා කම්මැලිකමින් ඉන්න අයට කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ.

මේ වගේ වැස්ස වෙලාවට ඔයාලා මොනවද කරන්නෙ? කොමෙන්ට් එකක් දාගෙන ම යන්න.

1 පොතක් කියවන්න

කාලයක් තිස්සෙ මේසෙ උඩ ගොඩගැහිල තිබුණු, ඒත් ෆේස්බුක්, ඉන්ටර්නෙට්, ටීවී වගේ දේවල් නිසා කියවගන්න වෙලාවක් නොතිබ්බ පොත් ටික කියවල ඉවරකරන්න මේක හොඳ වෙලාවක්. නොනැවතී වහින වැස්සේ සද්දෙයි, සීතලයි එක්ක හැදෙන්නෙ පොත් කියවන්න ම හරියන මූඩ් එකක්. ඔයා පොත් කියවන්නේ කින්ඩ්ල් එකක නම්, කරන්ට් තියෙන වෙලාවෙ හොඳ පොත් ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන, බැටරියත් චාජ් කරල තියාගන්න අමතකකරන්න එපා.

2 කෝපි කෝප්පයක් බිබී වැස්ස දිහා බලාගෙන ඉන්න

උණුඋණු කෝපි කොප්පයක් හරි තේ කෝප්පයක් හරි අතේ තියාගෙන ගෙදර ඉස්සර කෑල්ලේ වාඩි වෙලා තව කෙනෙක් එක්ක (නැත්නම් තනියෙන් වුණත්) කවදාවත් ඉවර වෙන් නැති ගාණට වහින වැස්ස දිහා බලාගෙන ඉන්න එකත් හරි ආස හිතෙන දෙයක්. හීනියට හිරිකඩ හුළඟත් වැදිවැදී, ගලන වතුරට වැහි බිංදු වැටිලා උඩපනින හැටි, පාර දිගේ ගඟක් වගේ වතුර ගලන හැටි බලන්ඉන්න එක කවදාවත් එපාවෙන දෙයක් නෙවෙයි.

3 හයියෙන් වහින වැස්සත් එක්ක අයිස්ක්‌රීම්!

වැස්ස වෙලාවට කාටත් මතක්වෙන්නේ උණු තේ, නැත්නම් කෝපි කෝප්පයක්. ඒත්  පැල්බැඳගෙන වහින සීතල දවසක ඊටත් වඩා සීතල අයිස්ක්‍රීම් එකක් තොලගාන එකෙත් අමුතුම ගතියක් තියෙනවා. කියනවට එක පාරක් කාලා බලන්න. වහා ඇබ්බැහි වෙන සුළුයි!

4 චෙස්/ දාම්/ කැරම් බෝඩ්වල මකුළුදැල් කඩන්න

ගෙදර දෙතුන් දෙනක් ම ඉන්නව නම් මේකත් හොඳ වැඩක්. සාමාන්‍යයෙන් මළගෙවල්වලට විතරක් එළියට ගන්න කැරම් බෝඩ්, කාඩ් කුට්ටම් නැත්නම් චෙස් බෝඩ් එකක් දාම් බෝඩ් එකක් එක්ක කට්ටියත් එක්ක එකතුවෙලා පරණ රසකතා කියන ගමන් වැස්ස ඉවරවෙනකල් සෙල්ලම් කරන එක නිදිමරාගෙන මළගෙවල්වල කැරම් ගහනවට වඩා සෑහෙන්න වෙනස් අත්දැකීමක් වේවි.

5 වෙසක් කූඩුවක් හදන්න

Image Credit: СНΛЯАKΛ (Creative Commons BY 2.0)

වෙසක් එකත් ළඟම එනවනේ. දවස ම වැහැලා වැහැලා අහස අපට දෙන පුංචි ‘ඉන්ටවල්’ එකේ දි බටගස්, උණ පතුරු ටිකක් කපාගත්තොත් වැස්ස වෙලාවෙ ගෙදරට වෙලා කම්මැලිකමට ඉන්නෙ නැතුව ලස්සන වෙසක්කූඩුවක් දෙකක් හදාගන්න පුළුවන්. මෙච්චර කල් ගොඩක් වෙලාවට කඩෙන් ම වෙසක්කූඩු ගත්ත නිසා දැන් වෙසක්කූඩුවක් ගැටගහගන්න විදිය මතක නෑ වගේ නම් මෙතනින් මතක්කරගන්න

6 පොඩි කයියක් දාන්න

ෆේස්බුක්, ස්මාර්ට් ෆෝන් නිසා දැන් අපි ලෝකයත් එකක් ගොඩක් කිට්ටු වුණත් ළග ඉන්න අයගෙන් ඈත්වෙලා කියල ගොඩක් අය කියනවා. ඉතිං කරන්ට් එකත් නැති, ෆෝන් එකෙත් බැටරි බැහැගෙන යන මේ වෙලාව ඒ විදියට ඈත්වීගෙන යන ගෙදර අය අතරෙ තියෙන සම්බන්ධතා අලුත් කරගන්න පාවිචිකරන්න පුළුවන්. ගෙදර කට්ටියම සාලෙට එකතුවෙලා ඕපදූප, රසකතා කියපු දවසක් මතක ඇති කාලෙක නෑ නේද? ඉතිං ආපහු ඒ පරණ පුරුදු අලුත්කරගන්න මේක මරු වෙලාවක්.

7 බොන්න

වැස්ස දවස්වල බොන එක ගැන නම් ඉතිං ගොඩක් අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවස ම ඉර පායන්නෙ නැති ව, සීතල හුළඟත් එක්ක හයියෙන් වහින වෙලාවට යාළුවෝ කීපදෙනෙක් එක්ක එකතුවෙලා බෝතලයක් (නැත්නම් ‌දෙකක් වුණත්) හිස්කරන්න අවස්ථාවක් ලැබෙන්න සෑහෙන කාලෙකට වතාවක් නේ. තනියම ඉද්දි නම්  අයිස් මිදෙන ගාණට කූල් කරපු ස්ටවුට් එකක් තමයි මේ වගේ වැස්ස වෙලාවකට මරු. (ඒකත් අර වැස්ස වෙලාවට අයිස් ක්‍රීම් කනව වගේ තමයි. ආතල් එක දන්නෝ දනිති) ඇඟ කිළිපොලායන වර්ගයේ පොතක් කියවන ගමන් අයිස් වගේ සීතල ස්ටවුට් එකක් තොලගානවට අමතර ව, ගෙදර අයිස්ක්‍රීම් එහෙමත් තියෙනව නම් අපේ කිනීටා කියල දුන්න විදයට ස්ටවුට් ෆ්ලෝට් කොක්ටේල් එකක් හදාගන්නත් පුළුවන්.

8 ආදරේ කරන්න


Image Credit:  Matthew Romack  (Creative Commons BY 2.0)

සීතල හුළගත්  එක්ක මළානික වැස්ස දවස් කියන්නේ රෝමාන්තික හැඟීම් වැඩිපුර ඉපදෙන කාලයක්. බිරිඳ, සැමියා එහෙමත් නැත්නම් ආදරේ කරන කෙනක් ළගපාතක ඉන්නව නම් උණුහුමට තුරුළුවෙන්න මේ තරම් ලස්සන දවස් තවත් නෑ.

9 ලියන්න

වෘත්තීය ලේඛකයෝ නොවුණට ඉඳලහිටල පොඩි කවියක් කෙටිකතාවක්, නැත්නම් අඩුගානේ දිනපොතක් හරි ලියන්න අපි ගොඩදෙනෙක් පුරුදුවෙලා හිටියා. දැන් මොන හේතුවක් නිසා හරි ඒ පුරුද්ද අතපහු වෙලානම්, වැස්ස වෙලාව කියන්නේ ආපහු ඒක පටන්ගන්න හොඳ වෙලාවක්. වැහි අඳුරත් එක්ක එන පොඩි කාන්සි ගතියත් එක්ක ලියන්න ආස හිතෙන මූඩ් එකක් හදනවා.

10 ගුලිවෙලා නිදාගන්න

රෑ එළිවෙනකලුත් වැහැලා උදේ නැගිටිද්දිත් වැස්ස පායලා නැත්නම්, එහෙමම ඇඳේ අනිත් පැත්තට හැරිලා හොඳට ගුලිවෙලා නිදාගන්න එක තරම් සැපක් මේ ලෝකේ තියෙනවද කියල කවුරු හරි මට කියනවද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide