ඒලෙවල් ඉවරද? එහෙනම් අද ඉඳන් පටන් ගමු.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, ඕලෙවල්, ඒලෙවල් ; මේ ලංකාවේ ඉගෙනගන්න බොහොමයක් දෙනා පාසල් කාලය තුල පහු කරන ප්‍රධාන කඩයිම් තුනක්. තමන්ගේ ජීවිතයේ ඉස්සරහ කාලය තීරණය කරන විභාග විදියටයි අපේ සමහර වැඩිහිටියන් මේ විභාග සළකන්නේ. මේ විභාගවල තියෙන තරගකාරී බවේ හැටියට ඒ කතාවේ ලොකු වරදක් තියෙනවා කියන්නත් අමාරුයි.

ළමයින්ටත් වඩා අම්මලාගේ විභාගයක් වෙන ශිෂ්‍යත්වයට පොඩි එවුන්ව සූදානම් කරවන්නේ උන් හය හතර අඳුරගන්න පටන්ගන්න කාලේ ඉඳලමයි. හොඳ ඉස්කෝලයක් ගන්න එක තමයි මේකේ පරම බලාපොරොත්තුව. ඒකෙන් සමත් වුනත් නැතත්, ඊටපස්සේ ලෑස්ති වෙන්නේ ඊළඟට එන ඕලෙවල් විභාගෙට. මේ විභාගවල තියෙන තරගකාරිත්වය හොඳටම උත්සන්න වෙන්නේ ඒලෙවල් වලදී. මොකද අවුරුදු දහතුනක පාසල් කාලේ පුරාවටම එක්කාසු කරගත්ත පීඩනය කරපින්නාගෙන, තමන්ගේ විතරක් නෙවෙයි, දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ බලාපොරොත්තු එක්ක ගැටෙන විභාගයක් මේක. ඒ විතරක් නම් මදැයි, විභාගේ කරන ළමයටත් වඩා කැක්කුමක්නේ අපේ සමහර නෑදෑයන්ටයි, අහල පහල උදවියටයි තියෙන්නේ. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා මේ විභාගයේ තියෙන බරපතලකම තවත් වැඩිවෙනවා.

2016 අවුරුද්දේ ඒලෙවල් විභාගයත් මේ දවස්වල පැවැත්වෙනවා. අපේ සමහර නංගිලා මල්ලිලාට නම් දැනටමත් විභාගේ ඉවරයි. "ඒ තුනක් ෂුවර්" ගානට විභාගේ කරපු අය වගේම, "මේ සැරේ නම් ගන්නම දෙයක් නැහැ" කියන තත්වෙන් ඉන්න අයත් මේ අතර ඇති. මේ කොයි තත්ත්වෙන් විභාගේ කරත්, ප්‍රතිඵල එනකන් තියෙන මාස තුනක වගේ කාලය හොඳින් ගෙවන්න පුළුවන් විධි කිහිපයක් ඔයාලට කියන්න අපි හිතුවා.    

1. නිදාගන්න

නින්ද කියන්නේ ඇඟට අත්‍යාවශ්‍යම දෙයක්නේ. විභාගේ පාඩම් වැඩත් එක්ක වගේම, ඔලුවේ තියෙන පීඩනය නිසාම පහුගිය ටිකේ නින්ද කියන දේ ඔයාලට ගොඩක් මඟ හැරෙන්න ඇති. ඒ නිසා, ප්‍රතිඵල එනකන් තියෙන මේ කාල වකවානුවේ ටිකක් නිදාගන්න පුළුවන් නම්,  ඔයාලගේ ඔළුවටත් බොහොම සැහැල්ලුවක් දැනේවි. හැබැයි ඉතින් මේ කියන්නේ කුම්භ කර්ණයෙක් වෙන්න කියල එහෙම නෙමෙයි හොඳද.

2. ගෙදර අයත් එක්ක කෑමකට යන්න

ප්‍රතිඵල ගැන හිතේ තියෙන බර පැත්තකින් තියලා, ගෙදර අයත් එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න හොඳම කාලේ තමයි මේක. විශේෂයෙන්ම බෝඩිම් වෙලා ඉගෙනගත්ත අපේ නංගිලා මල්ලිලාට මේක ගොඩක් වටිනවා. ගෙදර හැමෝම එකට එක්කාසු වෙන වෙලාවක් බලලා, වෙනසකටත් එක්ක එලියට ගිහින් හොඳ කෑම වේලකුත් ඒකට එකතු කරගන්න හැකි නම්, මේ අත්දැකීම ගොඩක් සුන්දර වෙයි.

3. පාඩම් පොත් ටික අයින් කරන්න/වෙන් කරන්න

ඒලෙවල් වෙනුවෙන් පාඩම් කරන්න පාවිච්චි කරපු නෝට් පොත්, ගණන් හදපු කොළ මිටි ගණන් ඇති ඔයාලා ළඟ. කාමරේ පුරා විසිරිලා තියෙන මේවා ටික නිවාඩු පාඩුවේ ඉන්න ගමන් එකට එකතු කරලා, පිළිවෙලට අහුරගත්තොත් නරකද? තවත් විභාගේ කරන නංගි කෙනෙක්ට, මල්ලි කෙනෙක්ට, යාලුවෙක්ට දෙන්න වගේම, ආයෙත් විභාගේ කරන්න වුණොත් ඔයාගේ පාවිච්චියට ගන්න වුණත් එතකොට ලේසියිනෙ.

4. කාමරේ සුද්ධ කරගන්න

ගොඩක් වෙලාවට ළමයට විභාගේ කිට්ටු වෙද්දී අම්මලා ගෙදර වැඩක් පලක්වත් කරන්න දෙන්නේ නැහැ. ඒ පුංචි වෙලාවත් පාඩම් වැඩට යොදවන්න හැකි වෙන්නයි එයාලා ඒ දේ කරන්නේ. ඒත් දැන් විභාගේ ඉවරයිනේ. ඒ නිසා අම්මට පුංචි නිවාඩුවක් දෙන්න මේක හොඳම කාලේ. කලින් කිව්ව වගේ නෝට් ටික පිළිවෙලට අහුරන ගමන්, තමන්ගේ කාමරේත් සුද්ධ පවිත්‍ර කරගන්න ඔයාලට පුළුවන් නම්, ගොඩාක් හොඳයි. කාමරේ මකුළු දැල් එහෙම කඩලා, ඇඳ පුටු මේස පිළිවෙලක් කරලා තියෙනවා දැක්කම අම්මට වුණත් ගොඩක් සතුටු හිතෙයි.  

5. පරණ විනෝදාංශ අලුත් කරගන්න

ඔයාලා නිවාඩු පාඩුවේ ඉද්දි, එහෙමත් නැත්තන් දවසේ විවේකයක් ලැබෙනකොට කරන්න පුරුදු වෙලා ඉඳපු විනෝදාංශ බොහොමයක් මේ විභාග වැඩ නිසා ඔයාලට මඟ හැරෙන්න ඇති. මේ එන්නේ ඒවා ආයෙත් අලුත් කරගන්න කියාපු කාලේ. විනෝදාංශයක් කියලා විශේෂයෙන් දෙයක් නොතිබුණා නම්, අලුතෙන් එහෙම දෙයක් හදාගන්නත් ඔයාලට මේ කාලේ පාවිච්චි කරන්න පුළුවන්. සින්දුවක් අහන්න, පොතක් කියවන්න වගේම ඉඩ තියෙන හැටියට මිදුලේ පුංචි ගෙවත්තක් එහෙම හදන්නත් කදිම කාලයක් තමයි මේක. හැබැයි මේ පොතක් කියවන්න කියන්නේ පාඩම් පොතක් එහෙම නෙවෙයි. නව කතාවක්, කෙටි කතාවක්, කවි පොතක් වගේ දෙයක්.  

6. සමාජ වෙබ් අඩවියකට එකතු වෙන්න

පහුගිය කාලේ ෆේස්බුක් නිසා තරුණ ළමයි කරගත්ත අකරතැබ්බ දැක්කම නම් මේක හොඳ අදහසක් නෙවෙයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තම කිව්වොත් සමාජ වෙබ් අඩවි කියන්නේ නරක දෙයක් නෙවෙයි, ඒවා හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා නම්. මේ ටිකේ ගෙදරටම වෙලා ඉන්න නිසා වෙනදා වගේ ඉස්කෝලේ යාළුවන්ව හම්බෙන්න තියෙන අවස්ථාත් අඩුයිනේ. ඒ නිසා මේ වගේ සමාජ ජාලයකට පොඩ්ඩක් පුරුදු වුණාට කමක් නැහැ. හැබැයි ඉතින් ඕනේ නැති දේවල් වලට ඒවා පාවිච්චි නොකිරීමේ වගකීම තියෙන්නේ තමන්ගේ අතේ බව මතක තියාගත්තොත් හොඳයි. අන්තර්ජාලය කියන්නේ උණු නිසා බොන්නත් බැරි, කැඳ නිසා අහක දාන්නත් බැරි ජාතියේ දෙයක් නිසා මොළේ පාවිච්චි කරලා සිහි නුවණින් කටයුතු කිරීම හරිම වැදගත්.

7. රස කෑමක් හදන්න

විභාගේ නිසා අමතක කරලා දාපු කුස්සිය පැත්තට ආයෙත් යන්න දැන් කාලේ හරි. ගෙදර හැමෝම කන්න කැමති වෙන ජාතියේ කෑම, අතුරුපස, බීම වර්ග තමන්ට හැකි විදියෙන් හදන්න මේ මාස ටික ඔයාලට යොදාගන්න පිළිවන්. ඒ විතරක් නෙවෙයි, අම්මට ඔය උයන පිහන වැඩ වලටත් උදව් කරන්නත් මේ කාලේ යොදා පුළුවන් ඔයාලට.

8. යාළුවොත් එක්ක ඇවිදින්න යන්න

මේ කියන්නේ දවස් ගණන් වෙන් කරගෙන විනෝද ගමන් යන්න කියන එකම නෙවෙයි. අඩු තරමේ සතියකට දවසක්වත් තමන්ගේ හිත මිත්‍ර යාළුවොත් එක්ක පොඩ්ඩක් එලියට බැහැලා කොහේ හරි ළඟ පාත පැත්තක ඇවිදින්න යන්න, චිත්‍රපටයක් බලලා කොහෙන් හරි කෑම වේලක් කාලා එන්න යන්න පුරුදු වුණොත්, ඔයාලගේ හිතටත් හරි නිදහසක් දැනේවි. වෙලාව වෙන් කරගන්න හැකියාවක් තියෙනවා නම්, දවස් දෙක තුනක් අල්ලලා කොහේ හරි විනෝද ගමනක් ගිහින් එන්නත් මේ කාලේ ඔයාලට පුළුවන්.

9. ස්වේච්ඡා සේවයට නැඹුරු වෙන්න

විවේකයෙන් ගෙවන මේ කාලය තමන්ට වගේම අපි ජීවත් වෙන සමාජයේ ඉන්න තවත් කොට්ටාශයකට ප්‍රයෝජනයක් වෙන දෙයක් කරන්න හැකි විදියක් තමයි මේක. දුප්පත් ළමයින්ට ඉගෙනගන්න උදව් කරන, නැති බැරි වැඩිහිටියන්ට විතරක් නෙවෙයි, අසරණ සත්තුන්ට උදව් කරන සංවිධාන ගණනාවක්ම ලංකාවේ මේ වෙද්දී තියෙනවා. SOS Children's Villages, Volunteer Sri Lanka, Embark, සහ Animal SOS කියන්නේ මේ වගේ සංවිධාන කිහිපයක්. මේවයෙන් වෙන සත් ක්‍රියා වලට උදව් කරන එකෙන් ලොකු පිනක් සිද්ධ කරගන්න වගේම, ජීවිතයට යමක් එකතු කරගන්නත් ඔයාලට හැකියාව ලැබෙනවා.

10. අලුත් දෙයක් ඉගෙනගන්න

ඔලුවට ලොකු බරක් නොගෙන සරල දෙයක් ඉගෙනගන්න මේ කාලය ඔයාට යොදාගතෑකි. හැබැයි ඔයාලම කල්පනා කරලා හිතාගන්න ඕනේ ඔයාලා කැමති මොන වගේ දෙයක් ඉගෙන ගන්නද කියන එක ගැන. ගිටාර් එකක් වගේ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්න, පරිගණක, ඡායාරූපකරණය ගැන පාඨමාලාවක් හදාරන්න වගේ දේකට මේ කාලේ යොදාගන්න ඔයාලට පුළුවන්. ටිකක් මොළේ වෙහෙසලා ඉගෙනගන්න කැමති අයට CIMA, CIM වගේ certification පාඨමාලාවක් කරන්න අඩිතාලම හදාගන්නත් හැකියාව තියෙනවා . ඇත්තම කිව්වොත් ඉස්සරහට එන රැකියා තරගයට බයක් නැතුව මුහුණ දෙන්න මේ වගේ දේවල් හරිම වැදගත්.

ඒලෙවල් කියන්නේ බොහොම තීරණාත්මක විභාගයක් වග නොරහසක්. හොඳටම හොඳින් විභාගය කරත්, යන්තන් පාස් වෙන්න විභාගය කරත් ප්‍රතිඵල එනකන් තියෙන මේ කාලය සතුටින් ගෙවන එක ගොඩක් නුවණට හුරුයි. මොකද ආයෙත් විභාගය ලියන තත්ත්වයක් ආවත්, පරණ දේවල් අමතක කරලා සැහැල්ලු, නිරවුල් මනසකින් ඔයාලට ඒ වෙනුවෙන් ලැස්ති වෙන්න පුළුවන්නේ. ඒ නිසා ප්‍රතිඵලය මොකක් වුණත්, මේ කිව්ව දේවල් දහය ඔයාලට වැදගත් වෙයි කියලා අපි හිතනවා.

අවසාන වශයෙන්, මේ සැරේ ඒලෙවල් කරපු නංගිලා මල්ලිලා හැමෝටම, තමන් බලාපොරොත්තු වෙන විභාග ප්‍රතිඵලය ඒ විදියටම ලැබෙන්න කියලා යමු එකේ අපේ හැමෝම ප්‍රාර්ථනා කරනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

Trending.

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

7 Degrees Restaurants offers a unique dining experience in Colombo

Sri Lanka’s first and only immersive dining experience 7 Degrees Restaurants, a new and exciting

Trending

Yamu Guide.

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Kamu Yamu Guide