සුප්‍රකට සිත්තරුන් 10 දෙනෙකුගේ.. ලෝකය ම මවිත කළ සිතුවම් 10ක්.

ලෝකයේ චිත්‍ර ශිල්පීන් කොතෙකුත් බිහි වුණත්, කාලාන්තරයක් පුරා එක වගේ ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් උසුලමින් ලෝක පූජිත තත්ත්වයට පත් වෙන්න ලැබෙන්නෙ ඉතා සීමිත පිරිසකට විතරයි. මෙබඳු චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ වසර සිය ගණනකට පසුවත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලකට අලෙවි වෙනවා. ඒ වගේ ම ලොව පුරා රසිකයන්ගේ ආදරයට පාත්‍ර වෙනවා. ඊට හේතුව ඒ නිර්මාණවල විශිෂ්ටත්වය වෙනත් කෙනෙකුට සම කරන්න බැරි වීමයි.

මේ ලිපියෙන් අපි කියන්න යන්නේ, වසර සිය ගණනක් තිස්සේ ඒ විදිහට ලෝකයේ නොමඳ අවධානය දිනාගත් අසමසම චිත්‍ර ශිල්පීන් දස දෙනෙකුගේ සිතුවම් නිර්මාණ 10ක් ගැනයි..

Mona Lisa

ලොව ම හොඳින් හඳුනන ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි විසින් 1503 සිට 1517 දක්වා නිර්මාණය කළ මොනාලිසා ගැන නොදන්නා කෙනෙක් නෑ. මොනාලිසාගේ විශේෂත්වය වන්නේ අප කුමන දිශාවක සිට එදෙස බැලුවත් චිත්‍රය අප දෙස බලා සිටින ආකාරයක්  දිස් වීමයි. ඇතැම් අය ලෝකයේ ජනප්‍රිය ම සහ වැඩි ම වටිනාකමින් යුතු චිත්‍රය ලෙස මොනාලිසා හඳුන්වනවා. ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මොනාලිසාහි නිරූපණය වන්නේ ඉතාලියේ, එනම් ෆ්ලොරන්ස්හි ෆ්‍රැන්සෙස්කෝ නම් වෙළෙන්දෙකුගේ ලීසා නම් බිරිඳ බවට මතයක් පවතිනවා. කෙසේ වෙතත් මෙය තහවුරු වූ මතයක් නෙමෙයි.

Guernica

ස්පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝගේ විශිෂ්ට නිර්මාණයක් වෙන ගුවර්නිකා චිත්‍රයයි මේ. ඔහු මෙය නිර්මාණය කරන්නේ 1937 දී. යුද්ධයට එරෙහිව නිර්මාණය වූ චිත්‍ර අතරින් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රය මෙය බවට ඇතැමුන් විශ්වාසය පළ කරනවා. සුදු, කළු සහ අළු පැහැයන් භාවිතයෙන් අඳින ලද මෙයින් යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය නිසා බැට කන මිනිසුන්, ගැහැනුන් සහ සතුන් නිරූපිතයි. පිකාසෝ මෙය අඳින්නේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අතරතුර ජර්මනියේ නාසිවාදීන් සහ ඉතාලියේ ෆැසිස්ට්වාදීන් විසින් ස්පාඤ්ඤයේ ගුවර්නිකාවට බෝම්බ දැමීම පසුබිම් කරගෙනයි.

The Starry Night

1889 දී ඕලන්ද ජාතික වින්සන්ට් වැන්ගෝ විසින් සිතුවම් කරන ලද තරු පිරි රැය, කැළඹුණු තද නිල් පැහැති රාත්‍රී අහසක් සහ ඒ අහස යට ඇති කුඩා ගම්මානයක් නිරූපණය කරනවා. ඔහු මෙය අඳින්නේ ප්‍රංශයේ සෙන්ට් රෙමීහි මානසික රෝහලක නැවතී සිටින කාලයේදී. ඔහුගේ කාමරයෙන් පිටත පෙනෙන රාත්‍රී අහස ඇසුරින් මෙය සිතුවම් කරන්නට ඇතැයි සැලකෙනවා. වැන්ගෝගේ විශිෂ්ටතම සිතුවම් අතරින් එකක් වශයෙන් හැඳින්වෙන මෙය බටහිර සංස්කෘතික ඉතිහාසය තුළ සුවිශේෂ සලකුණක් සටහන් කරනවා.

The Creation of Adam

ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී මයිකලාන්ජලෝ විසින් සිතුවම් කරන ලද මේ චිත්‍රය වතිකානුවේ සිස්ටීන් චැපල්හි පිහිටා තිබෙනවා. මෙය සිවිලිමක කළ පින්තාරුවක් නිසා අයත් වන්නේ බිතුසිතුවම් ගණයට. මෙයින් නිරූපණය වෙන්නෙ දෙවියන් ආදම්ට උත්පත්තිය ලබා දුන් අවස්ථාවයි. වර්ෂ 1508 සහ 1512 අතර කාලයේ නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙය, වසර සිය ගණනක් තිස්සේ ඉටිපන්දම් දුම වැදී අවපැහැ ගැන්වී තිබූ නිසා 1989 වසරේදී පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඉන්පසුව මයිකලාන්ජලෝ භාවිත කළ සැබෑ වර්ණ ඉස්මතු වීමෙන් මිනිසුන් මවිත වූ බව සැලයි.

The Great Wave off Kanagawa

මේ තියෙන්නේ ජපන් ජාතික කට්සුෂිකා හොකුසායි විසින් 1829 සහ 1833 අතර කාලයේදී අඳින ලද කනගාවාහි යෝධ රළ සහිත සිතුවම. යෝධ රළ පහරකට හසු වන්නට යන කුඩා බෝට්ටු තුනක් මින් නිරූපිතයි. පසුබිමින් ෆූජි කන්ද දිස් වෙනවා. ඇතැම් අය අර්ථකථනය කරන්නේ මේ සිතුවමෙන් පෙන්වන්නේ සුනාමි රළ පහරක් බවයි. ජපන් සිතුවම් අනන්‍යතාව ලෝකයට ගෙන ගිය සිතුවමක් වශයෙන් මෙය ගෞරවයට පාත්‍ර වෙනවා. 

The Persistence of Memory

මේ ස්පාඤ්ඤ ජාතික සැල්වදෝර් ඩාලි නම් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණයක්. 1931 දී අඳින ලද මෙහි මුල් චිත්‍රය ඇමරිකාවේ නිව්යෝක් නුවර මියුසියම් ඔෆ් මොඩර්න් ආට්හි ප්‍රදර්ශනය කෙරෙනවා. ඩාලි යනු අධියථාර්ථවාදී චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ප්‍රකටයි. මේ චිත්‍රයේ ඇති දිය වෙමින් යන ඔරලෝසු ඒ බව විදහා පානවා.

The Scream

1893 දී නෝර්වේ ජාතික එඩ්වර්ඩ් මන්ච් සිතුවම් කළ මෙය ‘විලාපය’ නමින් හැඳින්වෙනවා. ඔහු විසින් මෙයට මුලින් ලබා දුන් ජර්මානු මාතෘකාව වූයේ ‘සොබාදහමේ විලාපය’ යන්නයි. කෙසේ වෙතත් මෙහි එන මුහුණක රූපය මිනිස් මනසේ කාංසා තත්ත්වයේ (Anxiety) විශිෂ්ට පිළිබිඹුවක් වශයෙන් විචාරකයන් හඳුන්වනවා. මීට පාදක වූයේ ඔහු ලැබූ සැබෑ අත්දැකීමක් බව සැලයි. දැනට ඔස්ලෝ නුවර කෞතුකාගාරවල මෙහි මුල් පිටපත් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 

The Kiss

ඔස්ට්‍රියානු ජාතික චිත්‍ර ශිල්පී ගුස්ටාව් ක්ලිම්ට් විසින් අඳින ලද මේ චිත්‍රය 1907 – 1908 අතර කාලයේ නිර්මාණය වූවක්. එකිනෙකා වැළඳගෙන සිටින යුවළකගේ ආලිංගනයක් මින් නිරූපණය වෙන අතර, මෙය ක්ලිම්ට්ගේ විශිෂ්ටතම චිත්‍රය යැයි නම් දරනවා. මෙය දැනට වියනා නුවර කෞතුකාගාරයක තැන්පත් කර තිබෙනවා.

Water Lilies

වෝටර් ලිලීස් යනු ප්‍රංශ චිත්‍ර ශිල්පී ක්ලෝඩ් මොනේගේ සිතුවම් 250ක පමණ චිත්‍ර මාලාවක්. 1840 සිට 1926 දක්වා ජීවත් වූ ඔහු සිය ජීවිතයේ අවසන් තිස් වසර තුළ සිය ගෙවත්තේ තිබූ මල් දෙස බලාගෙන මේවා සිතුවම් කළ බව කියැවෙනවා. මේ කාලයේදී ඔහු දෑස්වල ආබාධයකින් ද පෙළුණු බව ඉතිහාසයේ සඳහන්. 

Girl with a Pearl Earring

1665 දී පමණ අඳින්නට ඇතැයි සැලකෙන මුතු කරාබුව පැළඳි යුවතියගේ සිතුවම නිර්මාණය කළේ ඕලන්ද ජාතික ජොහැනස් වර්මියර්. 2006 වසරේදී මෙය නෙදර්ලන්තයේ රමණීය ම චිත්‍රය ලෙස නාමකරණය කෙරුණා. දැනට එය නෙදර්ලන්තයේ හේග්හි කෞතුකාගාරයක තැන්පත් කොට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා. මෙය නිරන්තරව විචාරකයන් විසින් ඩාවින්චිගේ මොනාලිසා සිතුවම සමග සංසන්දනය කෙරෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide