මස් මාළු කටේ තියන්නෙ නැති අයට! එළවළු කොත්තු කන්න නියම කඩ 7ක්.

මස් මාළු වලින් එක එක ජාතියෙ රස කෑම තොගයක් හැදෙන අතරෙ වෙජිටේරියන් වෙනව කියන එක ටිකක් අමාරු වැඩක්. උපතින්ම වෙජිටේරියන් වුනොත් නැත්නම් දෙමව්පියන්ගෙ ආභාෂයෙන් වෙජිටේරියන් වුනොත් තමයි. ඒත් හිතේ හැටියට මස් මාළු ගිල ගිල ඉඳල එකපාරටම වෙජිටේරියන් වෙන්න නම් ටිකක් අමාරුයි. සමහරුන්ට ඔය කොන්දෙ අමාරු වගේ එක එක ලෙඩත් හැදෙනව.

කොහොම වුනත් හිත ඇත්නම් පත කුඩාද කියල හිතල, හිතේ හයියෙන් වෙජිටේරියන් වගේම උපතින්ම වෙජිටේරියන් වුනු අපේ යාළුවොත් ගොඩදෙනෙක් ඉන්නව. එයාලත් ආසයිනෙ අපි කන කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ රස කෑම ජාති කන්න. ඒ වුනාට මස් මාළු පාවිච්චි නොකර, එයාලට හරියන විදියට කෑම හදන කඩ එච්චරටම නැති නිසා YAMU අපි හිතුවා අපේ වෙජිටේරියන් යාළුවන්ට රසම රස වෙජි කොත්තුවක් කන්න පුළුවන් නියම තැන් ටිකක්  ගැන කියන්න.

එහෙනම් වෙජි යාළුවනේ, යමුද අද හෙටම හවස් ජාමයක් අල්ලල කටට රහට වෙජි කොත්තුවක් කන්න.

1. Diwan Restaurant

මස් මාළු විතරක් නෙවෙයි එළවළු ව්‍යංජනත් හරි රහට හදන දිවාන් හෝටලේ තියෙන්නෙ දෙහිවල සරණංකර පාරෙ. ළූණු, ලීක්ස්, කැරට් ටික හැරුණාම මාළු මිරිස්, තක්කාලි එහෙමත් දාලා හදන මෙයාලගෙ එළවළු කොත්තුවත් සෑහෙන්න හොඳයි. රු. 150කට වගේ ගන්නත් පුළුවන් නිසා පොකට් එකටත් වාසියි.

2. Royal Bakery

වැල්ලවත්තෙ රෝයල් බේකරිය පාන් බනිස් වලට වගේම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වලටත් තරමක් ප්‍රසිද්ධයි. ඒ අතරින් සෑහෙන්න නැගල යන කොත්තු ජාතියක් තමයි මෙයාලගෙ බිත්තර කොත්තුවයි, එළවළු කොත්තුවයි. බැලූ බැල්මට කොත්තුවෙ පාට ටිකක් අවුල් වුනාට රස නම් හොඳයි. අනික රු. 150කට අඩුවෙන් ගන්නත් පුළුවන්නෙ. හැබැයි ඉතින් සැර නම් කියල හදාගන්න වෙනව.

3. Sri Vihar

වෙජිටේරියන්ලටම කෑම හදන තුම්මුල්ල ශ්‍රී විහාර් එකෙත් තියෙනව සුපිරි වෙජිටබල් කොත්තුවක්. රු. 200ක් වගේ වෙන්නෙ. පංකාදු පහට තියෙන මේ වෙජි කොත්තුවට ලීක්ස්, කැරට්, ළූණු, හතු, අල, ගෝවා මල් වගේ එළවළු ජාති තොගයක් දානව. ඒ විතරක් නෙවෙයි ඔයාලගෙ රස පදමට හරියන්න සැර අඩු වැඩි කර ගන්නත් පුළුවන්. එළවළු කොත්තු නම් මෙන්න එළවළු කොත්තු කියන්න පුළුවන් ගාණට හැදෙන ශ්‍රී විහාර් එකේ එළවළු කොත්තුව ප්‍රමාණයෙනුත් සෑහෙන්න ලොකු නිසා කොළඹ පැත්තෙ අඩු ගාණට ගන්න තියෙන සුපිරිම එළවළු කොත්තුවක් කියලත් කියන්න පුළුවන්.

4. Elite

අනිත් කෑම ජාති අවුල් කිව්වට බම්බ එලයිට් එකේ එළවළු කොත්තුවෙ නම් කියන්න තරම් අවුලක් නෑ. රු. 200කට බඩ පැලෙන්න කන්න පුළුවන් තරම් ප්‍රමාණයකින් එන මෙයාලගෙ එළවළු කොත්තුවත් ලීක්ස්, කැරට්, ගෝවා මල්, ළූණු වගේ එළවළු ජාති හතර පහකින්ම රස වෙනව. පොඩි අවුලකට තියෙන්නෙ සැර ගතිය ටිකක් මදි එක තමයි. ඒ හැරුණාම කොත්තුවට ආවේණික රසයෙන් පොඩ්ඩක් එලියට ඇවිත් පොඩි ඉන්දියානු රසයකුත් මිශ්‍ර වෙලා තියෙනව.

5. Senkada Salaka

ටවුන් හොල් වල සලාකා අවන්හල ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්. දවල් කෑමට සෑහෙන්න ප්‍රසිද්ධ සෙන්කඩ සලාකා එකේ හවස 3 විතර වෙද්දි දාන්න පටන් ගන්න කොත්තු සෙට් එකත් තරමක් හොඳයි. හැබැයි ගාණෙ හැටියට නම් ලොකු හොඳක් කියන්න බෑ. මෙයාලගෙ එළවළු කොත්තුවක් රු. 150ක් වගේ වෙන්නෙ. සැර හොඳ පදමට තිබුණට දාන එළවළු ප්‍රමාණය නම් ටිකක් මදියි කියල තමයි මට නම් හිතෙන්නෙ.

6. Sri Ariyabhawan Hotel

බොරැල්ලෙ ආනන්ද හෝටලයයි උපවංශ හෝටලයයි හැරුණාම ආනන්ද භවන් එකෙත් එළවළු කොත්තු තියෙනව. හැබැයි රස නම් එච්චරටම හොඳ නෑ. සැරත් ටිකක් මදි වගේ. ගාණ නම් රු. 150ක් වත් වෙන්නෙ නෑ.

7. Chop Chop Kottu

නොකියත් බැරි කියලත් බැරි තැනක්නෙ කාසල් වීදියෙ චොප් චොප් කොත්තු එක. කියන් බැරි හේතුව තමයි මෙයාලගෙ එළවළු කොත්තුවක් රු. 350ක් විතර වෙන එක. නොකිය බැරි හේතුව තමයි කොත්තුවෙ තියෙන රසට දිව පිස්සු වැටෙන එක. ළූණු, ලීක්ස්, කැරට්, මාළු මිරිස් වගේ එළවළු විතරක් නෙවෙයි රස වගේම සුවඳත් නියමෙට තියෙන්න රම්පෙ කරපිංච ටිකත් ගාණට දාලා හදන චොප් චොප් කොත්තු කාපු කෙනෙක්ට නම් ආයෙ අමතක වෙනව බොරු.

එළවළු කොත්තු කන්න කියාපු තැන් ටිකක් අතරට සාමාන්‍ය තැන් ටිකකුත් කියන්න හිතුවෙ හැමෝටම එකම ගාණන් දීලා කොත්තු කන්න බැරි නිසා. කොහොම වුනත් අපි කියපු කඩවල් ටික හැරුණාම කටට රහට එළවළු කොත්තු කන්න කොළඹ පැත්තෙ තව කඩ තියෙනව, අපි නොදන්න ඔයාලා දන්න. අන්න ඒ වගේ කඩවල් දන්න තරමක් කමෙන්ට් කරන්න කියල තමයි ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නෙ. අපේ වෙජිටේරියන් යාළුවොත් ගොඩක් සතුටු වේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide