කැමති දේ ඉල්ලල බෙදා ගන්න! නියම බුෆේ ටයිප් බත් කඩ 7ක්.

තුන් වේලටම බත් කන එක අපේ කට්ටියගෙ පුරුද්දක් වෙලා තිබුණට කාර්යය බහුලත්වය නිසා දැන් දැන් ඒ ගතිය ටිකක් ඇරිලා ගිහින්. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව, දවසට එක වේලක් හරි බත් නොකෑවොත් ඒත් අපේ කට්ටියට අවුල්. ඔය හේතුව නිසාමයි අපි ගොඩ දෙනෙක් අම්ම හරි බිරිඳ හරි හදල දෙන බත් පාර්සලය දවල් කෑමට ගෙනියන්න පුරුදුවෙලා ඉන්නෙ.

අවාසනාවට අපේ හැම යාළුවෙක්ටම නම් ගෙදරින් බත් පාර්සලයක් ලැබෙන්නෙ නෑ. මොකද සමහරු දුර පළාත් වලින් ඇවිල්ල බෝඩ් වෙලානෙ රස්සාව කරන්නෙ. තවත් සමහරු උදේ පාන්දරින්ම ගෙදරින් එන නිසා එයාලටත් බත් පාර්සලේ අහිමි වෙනව. අන්න ඒ නිසයි YAMU අපි හිතුවෙ ගෙදරින් හදල දෙනව වගේ රස බත් වේලක් කටට රහට ගිල දාන්න පුළුවන් සුපිරි බත් කඩ ටිකක් ගැන ඔයාලට කියන්න.

දන්නවද? මේ කඩ ටිකේ තවත් විශේෂත්වයක් තියෙනව. ඔයාලගෙ බත් පිඟානට, ඔයාල කැමති ජාති වලින් එළවළු, මස් මාළු ටික බෙදා ගන්න පුළුවන් වගේම මදි පාඩුවට බත්, එළවළු ටිකකුත් ඉල්ලල බෙදා ගන්න පුළුවන්. එහෙනම් අද හෙටම යන්නකො. ගිහින් බත් ටිකක් කාලා රස පදම කොහොමද කියල අපිටත් කියන්නකො.

1. Mayura Hotel

'ඉල්ලල බෙදා ගන්න' කියද්දි අපිට ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ පිටකොටුවෙ මයුර හෝටලේ. කෙහෙල් කොලේට බෙදෙන රතු, සුදු හාලේ බත් කන්දට හොඳ පදමට කිරි දාලා උයපු පරිප්පුවයි තුනපහ රසයෙන් අඩුවක් නැති වට්ටක්කා, බෝංචි, සෝයා මීට් වගේ එළවළු ව්‍යංජන ටිකයි රියල් කට ගැස්මට එන බැදපු මිරිස් කරලයි මතක් වෙද්දි කටට කෙලත් උනනව. කොහොමද ඒ අතරට හායි හූයි ගගා කන්න පුළුවන් රසම රස කකුළු කරියක් නැත්නම් චිකන් කරියක් තිබුණොත්? පට්ට නේ. රු. 200ට 300ට ඒ තරම් රස බත් වේලක් කන්න පිටකොටුව පැත්තෙ නම් වෙන කඩයක් නැති ගාණයි.

2. Praneetha

පිටකොටුව පැත්තෙ නැති වුනාට ගංගාරාම හඩ්සන් පාරෙ තියන, කවුරු හොඳට දන්න කියන, ප්‍රණීත එකේ තියෙනව රු. 200ට 300ට කන්න පුළුවන් සුපිරිම බත් වේලක්. කඩේ නමට දෙවනි වෙන්නෙ නැති ප්‍රණීත රසක් තමයි මෙයාලගෙ බත් එකේ තියෙන්නෙ. රස පදම ටොප් එකට තියෙන්න මිරිස්, තුනපහ ටික දාලා හදන එළවළු ව්‍යංජන ටිකයි හිතේ හැටියට තෝර ගන්න පුළුවන් ඉස්සො, දැල්ලො, මාළු, කුකුල් මස්, ඌරු මස්, එළු මස් වගේ මස් ජාති ටිකයි බත් වේල රස කරවන්නෙ හිතා ගන්නවත් බැරි විදියට. කොටින්ම කියනව නම් ප්‍රණීත එ‍කෙන් එක පාරක් කාපු කෙනෙක් ආයෙ මග ඇරල යනව බොරු.

3. Bath Amma

බම්බ පැත්තෙ රස්සාව කරගෙන ඉන්න අයට නම් ඉතින් බත් අම්මා තමයි. 'ගෙදර හදනව වගේ' නෙවෙයි ඇත්තටම ගෙදර හදන බත් වේලක් රස බලන්න කියාපු තැන. ලොකු ගාණකුත් නෑ. උපරිම වුනොත් රු. 250ක් වෙයි. කටට රහට වගේම හොඳ සැරට හැදෙන බත් අම්මගෙ බත් පිඟානට එළවළු ජාති 4ක්ම එකතු වෙනව. ඒ විතරක් නෙවෙයි, කට ගැස්මට බැදපු මිරිස්, පපඩම් එහෙමත් තියෙනව. බත් එකේ රස දෙගුණ තෙගුණ වෙන්නෙ මස් හරි මාළු හරි කරියෙන් තමයි. කැමති කෙනෙක්ට ඉස්සො, දැල්ලො වුනත් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මොනව රස බලන්නත් දවල් 2ට කලින් යන්න නම් වෙනව.

4. Green Cabin

ටිකක් සැප පහසුවට ඉඳගෙන නිදහසේ බත් පිඟානක් රස බලන්න ඕන නම් යන්න ග්‍රීන් කැබින් එකට. හැබැයි ඉතින් රුපියල් දෙතුන් සීයට නම් බඩ පැලෙන්න බත් කන්න බැරි වෙයි. මොකද මෙයාලගෙ කෑම වල රස හොඳ වුනාට පිඟානට බෙදෙන එළවළු ජාති 4යි බැදපු මිරිස් කරලයි, පපඩමයි විතරක්ම රු. 280ක් විතර වෙනව. චිකන් කරියත් පට්ට රසයි. ඒත් රු. 150ක් දීලා වෙනමම ගන්න එපැයි. කොහොම වුනත් කාලා බලල හොඳ නරක තීරණය කරන එක ඔයාලගෙ අතේ.

5. J U C Udumbara

කේටරින් කලාවට අළුත් දෙයක් එකතු කරපු කට්ටියක් තමයි තිඹිරිගස්යාය ජයරත්න මාවතේ උදුම්බරා කේටර්ස් එක. මෙයාල ලඟත් තියෙනව කටට රහට කන්න පුළුවන් නියම රයිස් ඇන්ඩ් කරි එකක්. එළවළු ජාති නම් 4යි ලැබෙන්නෙ. ඒ වුනාට රතු, සුදු ජාති දෙකෙන්ම බත් නම් තියෙනව. චිකන් රයිස් ඇන්ඩ් කරි එකක් රු. 200ටත් අඩු නිසා හිතේ හැටියට කන්න පුළුවන්. පොඩි අවුලකට කියල තියෙන්නෙ මෙයාලගෙ කෑම වල සැර ගතිය අඩු එක තමයි.

6. Mythi's

පට්ට රස ඌරු මස් කරියක් එක්ක බත් ටිකක් කන්න ආස කට්ටියට කියාපු තැනක් තමයි හැව්ලොක් ටවුන් ෆයිෆ් පාරෙ මයිතිස් එක. පෝර්ක් රයිස් ඇන්ඩ් කරි එක රු. 280ක් වගේ වුනාට චිකන් රයිස් ඇන්ඩ් කරි එකක් නම් රු. 220යි. හැබැයි පරිප්පුවකුයි, කොළ මැල්ලුමකුයි, මඤ්ඤොක්කා ව්‍යංජනයක් නැත්නම් බෝංචි ව්‍යංජනයක් වගේ එළවළු ජාති 3කුයි තමයි මේ බත් එකට එන්නෙ. කොහොම වුනත් කට ගැස්මට බැදපු මිරිස් කරලක්, පපඩම්ක් නම් වරදින්නෙ නෑ.

7. Ashik

මේකත් තියෙන්නෙ බම්බ ඩුප්ලිකේෂන් පාරෙමයි. හැබැයි ඉතින් කලින්ම කියන්නම් සුපිරි බත් වේලක් රස බලන්න නම් මෙතන හරියන්නෙ නෑ. මොකද රු. 200ට 250ට රයිස් ඇන්ඩ් කරි ගන්න පුළුවන් වුනාට රසේ පොඩි අවුලක් තියෙනව. බැලූ බැල්මට ආශික් එකේ ව්‍යංජන පට්ට රස පාට වුනාට කද්දි ටිකක් අවුල්. තෙල් රස තමයි වැඩිපුරම තියෙන්නෙ. එහෙම නැත්නම් සැර ගතිය. කොහොම වුනත් කාලා බලල ඔයාලම තීරණය කරන එක හොඳයි.

හිතේ තියෙන එළවළු, මස් මාළු ජාති ටික බෙදාගෙන තොල කට ලෙව කකා බත් කෑව වගේ නෙවෙයි ඔය බුෆේ ටයිප් එකේ බත් කඩ එච්චරටම නැති නිසා ඔයාල දන්න කියන ඒවත් අනිවා කමෙන්ට් කරන්න යාළුවනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in Japanese Culinary Bliss at Minori Restaurant

By Sahasni Gamage Nestled within the luxurious Granbell Hotel, Minori Japanese Restaurant offers an unparalleled

Highlights Kamu

Experience flavorful Singaporean delights with a modern twist at Shiok!

By Sahasni Gamage We recently had the pleasure of dining at Shiok Singaporean Restaurant, which

Highlights Kamu

7 Fantastic Pizza Places to Try in Colombo

By Shamrina Carim Colombo, the vibrant capital city of Sri Lanka, is a haven for

Highlights Kamu

High Tea Guide for 2023

You and your friends decide to meet up after your last farewell, get together or

Highlights Kamu

Excel World Legacy Food Court launches Indi-Arabia Menu

By Hashini Pathirana https://www.tiktok.com/@yamusrilanka/video/7252917491427511560 Experience a culinary journey like no other at Excel World's launches

Kamu

A Taste of Jaffna at Flavoured by Cinnamon Red

By Hiruni Herath Flavoured at Cinnamon Red is enclosed by stunning views of the Colombo

Highlights Kamu Uncategorized

Trending.

Radisson Blu Resort Galle recently organized a delightful wine-tasting occasion

Radisson Blu Resort Galle recently hosted a delightful wine-tasting event on September 17th, showcasing an

Trending

Hilton Sri Lanka Collaborates with VOICE Area Federation to Enhance Community Resilience and Combat Hunger

For a brighter and secure Sri Lanka, fostering sustainability via community farms and kitchen programs.

Trending

Galle Face Hotel Presents ‘Yaalpana Santhai’ – A Gastronomic Journey into Jaffna Cuisine

Colombo, Sri Lanka – The Galle Face Hotel, an iconic landmark in Sri Lanka's hospitality

Trending

The Latest MSI Limited-Edition Stealth 16 Mercedes-AMG Motorsport is Available Now

MSI, the world-leading laptop brand, proudly unveiled its latest limited-edition laptop, the Stealth 16 Mercedes-AMG

Highlights Trending

Türkiye Food Festival Unveiled at Courtyard by Marriott Colombo

Colombo, September 4, 2023 - Courtyard by Marriott Colombo, an esteemed member of the Marriott

Trending

A Pho-Nomenal Vietnamese Feast at Cinnamon Grand Colombo

Vietnamese food has made its mark on the global culinary map with favourites such as

Trending

Yamu Guide.

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide

6 Things to Do at One Galle Face

Set against the panoramic backdrop of the Indian Ocean "Colombo’s first prestigious shopping mall is

Highlights Yamu Guide

7 Things to do at Colombo City Center

By Shanali Fernando 1. Shop till you drop A stunning integrated lifestyle destination set in

Highlights Yamu Guide

Wedding Venue List 2023

By Shanali Fernando When envisioning your wedding day, you may find yourself torn between various

Highlights Trending Yamu Guide

8 Places to get an Eid Sawan this Hajj Festival

The Muslims celebrate Hajj globally on the 29th of June, 2023. No doubt, along with

Highlights Yamu Guide