රස වෑහෙන කකුළු කරියක් එක්ක පාන්! හොඳම කකුළු කරි ගන්න කියාපුම කඩ 9.

“උෂ්ණයි ළමයෝ, ඔය හැටි කන්න එපා”

මුළු ගමටම සුවඳ එන්න, දැක්කාම කටට කෙළ උනන්න රස වෑහෙන කකුළු හොද්දක් කන්න එපාලු. මේ අපේ අම්ම කියන්නෙ. අනේ මන්දා, ඒකත් මං ගැන දැනදැනම කියන හැටි. එව්වයින් මෙව්වයින් කාරි නෑ කියල හිතපු මම අඩියට දෙකට කඩේට ගිහින් ගෙනාපු පාන් ගෙඩිය කැපුවෙ පෙතිවලට නෙවෙයි, කෙළින්ම බාගවලට. එතකොට පිඟානට හොදි දාගත්තෙත් හැන්දකින් නෙවෙයි, හට්ටිය ඇල කරල. එහෙම කද්දි ඒකෙත් අමුතුම ගතියක් තියෙනවනෙ. කොහොම වුණත් අන්තිමට (ඒ කියන්නෙ ලොකු වෙලාවකට පස්සෙ නෙවෙයි, උපරිම විනඩි 10ක් යන්න ඇති) කකුළු හට්ටියෙන් 3න් 1කුයි පාන් ගෙඩියකුයි වාෂ්ප වෙලා.

කියන්න කණගාටුයි යාළුවනේ ඔය සිද්ධිය වෙලා දැනට අවුරුද්දක් විතර ඇති. අනේ හීනෙන් වගේ මේ ඊයෙ පෙරේදා දවසක ඕක මතක් වුනා කියන්නකො. ආයෙ මොනව කරන්නද ඉතින්, ගෙදරට කකුළු ඕඩරයක් දාන්නයැ, ගැහුවා ‘යමු’ එකේ සර්ච් බාර් එකේ ‘ක්‍රැබ් කරි’ කියල. වෙලාව හොඳ නිසාද කොහෙද හෙණ පොෂ් කඩ තොගයක් අතරෙ අපේ ගාණට සෙට් වෙන පොඩි පොඩි කඩ ටිකකුත් ආවා, ඔය රු. 300ට 400ට කකුළු කරියක් ගන්න තියෙන. දෙකක් නෑ ඉතින් මම නම් අද හවසම ඔයින් එක කඩේකට කිට්ටු කරනව. ඒත් ඉතින් තනියෙන් කන එක හරි නෑනෙ. ඒ නිසා මම කල්පනා කළා යන්න කලින් ඒ කඩ ගැන ඔයාලටත් කියන්න.

මොකද ඉතින් මම නොදන්නවයැ කස්ටියගෙ හැටි, ඉස්සො, කකුළුවො, දැල්ලො කිව්වොත් ඉතින්…

1. Mayura Hotel

මොන පුරස්නෙ තිබුණත් මල්ලි කොළඹට එක දෙන්න එපැයි. අන්න ඒ නිසයි මම කල්පනා කළේ පිටකොටුව, ශ්‍රී කදිරේශන් මාවතේ තියෙන මයුරා හෝටලේ කකුළු කරිය ගැන ඉස්සෙල්ලම කියන්නෙ. සැර උපරිමේටම තියෙන කකුළු කරියක්. කොටින්ම කියනව නම් කන් දෙකෙන් දුම් දාන්න තියෙනව. ඒ වගේම තමයි තුනපහ, ලුණු ඇඹුල් ටිකත් නියම ගානට. තෙල් පොඩ්ඩක් රත් වෙන්න තියල රම්පෙ, කරපිංච, ලූණු ටිකක් එහෙමත් දාලා තෙල් දාලා හදපු මේ රසම රස කකුළු කරිය පාන්, රෝස් පාන් කන්න විතරක් නෙවෙයි ගෝදම්බ රොටි, ඉඳි ආප්ප එහෙම කන්නත් කියාපු. ලොකු කකුලුවෙක් එක්ක රස වෑහෙන හොදි තොගයකුත් දාලා බැඳල දෙන මෙයාලගෙ කකුළු කරි පාර්සලයක ගාණ රු. 300ක් වගේ නිසා බය නැතුව තව පාන් ගෙඩි දෙකකුත් ගන්න පුළුවන්.

2. Yarl Eat House

වැල්ලවත්ත දුම්රිය පොළ පාරෙ තියෙන යාල් හෝටලේ කියන්නෙ ගාලු පාරෙ අඩුම ගාණට සුපිරිම කකුළු කරිය ගන්න පුළුවන් එකම කඩේ. මම එහෙම කියන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි කකුළුව පොඩ්ඩක් පොඩි වුණාට මෙයාලගෙ හොද්දෙ රස පට්ට නිසා. හායි හූයි ගෑවෙන තරමට සැරත් තියෙනව. ජැෆ්නා ස්ටයිල් එකට හදන නිසා තුනපහ රසත් නියම ගානට. විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ කකුළු කරිය උණු උණුවෙන් රස බලද්දි තමයි අගේ වැඩි. මොකද මයුර හෝටලේ තරම් තෙල් දාන්නෙ නැති නිසා යාර්ල් හෝටලේ කකුළු හොද්ද නිවුණාම, සුවඳින්, රසින් ටිකක් අඩු වෙනව. හැබැයි ඉතින් ගාණ රු. 200ක් වගේ නිසා ගෙදර ගිහින් රත් කරගෙන කෑවත් පාඩු නෑ කියල බය නැතුව කියන්න පුළුවන්.

3. Taste of Asia

මම නම් කාලා නෑ. හැබැයි කාපු අය කියල තියෙනව “ඇඬෙන කකුළු හොද්ද” කියල. වැඩේ කියන්නෙ කරිය විතරක්ම රු. 400ක් විතර වෙන එක තමයි. හැබැයි ජැෆ්නා, ශ්‍රී ලංකන් මික්ස් ස්ටයිල් එකට හැදෙන මෙයාලගෙ කකුළු කරියෙ කුළුබඩු රස වගේම මිරිස්, ලුණු ඇඹුල් පදමත් පංකාදු පහට තියෙනවලු. හැරත් හොද්දත් ටිකක් ඝනකමට තියෙන නිසා බඩගින්නෙ ඉන්න වෙලාවට, පාන්, ගෙඩි ගණන් වුණත් වගකියන්න පුළුවන්ලු. ඒ නිසා බය නැතුව යන්න බම්බ, ගාලු පාරෙ ටේස්ට් ඔෆ් එ්ෂියා එකට.

4. The Station

ඔන්න දෙහිවල, මරීන් ඩ්‍රයිව්, ද ස්ටේෂන් රෙස්ටුරන්ට් එකේ තියෙනව රු. 300ට රස බලන්න පුළුවන් තවත් පට්ට කකුළු කරියක්. කැමති කට්ටියට මූද දිහා බලාගෙන නිවි හැනහිල්ලෙ බත් පිඟානක් එක්ක රස බලන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ගෙනිහින් ගෝදම්බ රොටි හරි පාන් හරි එක්ක රස බලන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ ඔය කොහොම රස බැලුවත් මෙයාලා ළඟ තියෙන තායි රෙඩ් ක්‍රැබ් කරි එකේ රස නම් අඩු වෙන්නෙ නෑ. ආ.. ඒක නෙවෙයි, මේක තායි කරියක් නිසා සැර ගතිය වගේම අපිට එච්චරටම නුහුරු ළා පැණි රස ගතියකුත් තියෙනව. ඒ නිසා කල්පනා කරල බලල ගන්න ඕන හොඳද.

5. Barracuda

වැඩේ කියන්නෙ මේ කඩේ තියෙන්නෙත් දෙහිවල මරීන් ඩ්‍රයිව් එකේමනෙ. ඒකත් කමක් නෑ මෙයාලගෙ තායි ස්ටයිල් ක්‍රැබ් කරි එකත් රු. 350යි වෙන්නෙ. වෙලාවකට හිතෙනව එකම කුකාද උයන්නෙ කියල. මොකද රසෙත් කියන්න තරම් ලොකු වෙනසක් නෑනෙ.

6. Nalapaham

වැල්ලවත්ත, ප්‍රනාන්දු මාවතේ ‘නලපහම්’ කියන්නෙ ඈත ඉතිහාසෙ ඉඳන් කකුළු කරිවලට සෑහෙන්න ප්‍රසිද්ධ තැනක්. මොකද මෙයාලගෙ කකුළු කරියත් පාන් වගේම බත්, පිට්ටු, ගෝදම්බ රොටි කන්නත් කියාපු. සැර ගතියෙන් කිසිම අඩුවක් නැති වුණාට මොකද තුනපහ රස නම් තව ටිකක් ආව නම් තමයි හොඳ. ලුණු ඇඹුල් පදම නම් ගානට තියෙනව. එකම අවුල තියෙන්නෙ නලපහම් කකුළු කරියෙ තෙල් ගතියත් පොඩ්ඩක් වැඩි එක තමයි. ඇත්තටම මේ කකුළු කරියෙ රසත් එක්ක බැලුවාම නම් රු. 300ට ටිකක් පාඩුයි කියල තමයි මට නම් හිතෙන්නෙ.

7. New Banana Leaf

බම්බ-කොල්ලුපිටි මායිමට වෙන්න ගාලු පාරෙ පිහිටල තියෙන බනනා ලීෆ් එක, ඒ පැත්තෙ කරක් ගහන කවුරුත් හොඳ හැටි දන්න කියන කඩයක්. වැඩි හරියක්ම මට්න්වලටයි, ක්‍රැබ්වලටයි. මෙයාල ළඟ තියෙන්න කිරට හදපු කකුළු කරියක්. උණුඋණුවෙ මේසෙට එද්දි සුවඳේ බෑ. ඒ වගේම තමයි රසත්: මතක් වෙද්දිත් කටට කෙළ උනන ගානයි. හැරත් පාන් කන්න මරු හොද්ද. තෙල් ගතිය ටිකක් අඩු වෙන්න වගේම තුනපහ රස පදමට හිටින්න හැදෙන බනානා ලීෆ් එකේ කකුළු කරියට එන කකුළුවගෙ සයිස් එකත් නරකම නෑ. බාග වෙලාවට බිරියානි එකක් කන්න වුණත් ඇති. හැබැයි ඉතින් ගාණ රු. 350ක් වගේ වෙනව.

8. Malay Street Bath Kade

කොම්පඤ්ඤ වීදිය, මැලේ ස්ට්‍රීට් එකේ තියෙන පොඩි බත් කඩයක්. පට්ට රසට කෑම එක දෙනව. දැල්ලො, මට්න් වගේ පංකාදු පහට හැදෙන කරි අතරෙ උඩින්ම තියෙන්නෙ කකුළු කරිය. සැර ගතියෙන් අනූන මේ කකුළු කරියෙ තුනපහ රසත් ගානට වගේ තියෙනව. හ්ම්ම්… තෙල් ගතියත් ටිකක් විතර තියෙනව. ඒ වුණාට ලොකු අවුලක් නෑ. හැරත් රු. 200කට කොහෙන්ද ඉතින් කකුළු කරි, නේ…

9. New Hotel Mayuri

ඇත්තටම ඇයි වැල්ලවත්ත මෙච්චර කකුළු කරිවලට ප්‍රසිද්ධ. හිතා ගන්න බෑ. මොකද මේ මයුරි හෝටලේ තියෙන්නෙත් වැල්ලවත්ත ගාලු පාරෙ. ලොකු කකුළුවො දෙතුන් දෙනෙක්, සැර තුනපහ රස නියම ගානට තියෙන හොද්දක්, අායෙ තව මොනවද ඉතින් නේ. කොටින්ම කියනව නම් දෙන්නෙක්ට පාන් ගෙඩි දෙකට වග කියන්න බඩු තියෙනව. හැබැයි ඉතින් ගාණ රු. 400ක් විතර වෙනව. ඒත් දුක් වෙන්න දෙයක් නෑ, මොකද එක්කෙනෙක්ට රු. 200යිනෙ වැටෙන්නෙ.

හප්පට සිරි, ඔයාලට කකුළු කරි ගැන කියකිය ඉඳල හොඳටම හවස් වෙලා. මම යනව දඩි බිඩි ගාලා බම්බ, ගාලු පාරෙ ටේස්ට් ඕෆ් ඒෂියා එක පැත්තට. ඒ අතරෙ ඔයාලට හොඳ කඩ මොනව හරි මතක් වුණොත් කමෙන්ට් එකක් දාලා තියන්නකො, අපි හැමෝටම දැනගන්නත් එක්ක.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Celebrate Love at Amaya Hills and Amaya Beach This Valentine’s Day

Celebrate Love at Amaya Hills and Amaya Beach This Valentine's Day This Valentine’s, embrace the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide