ඔයත් අම්මගෙන් බැනුම් අහන ගමන් හින්දි ‘පිචර්’ බලපු කෙනෙක්ද? එහෙනම් මතකද බලන්නකෝ මේ චිත්‍රපටි 13.

“මළ සමයං!”

“නිකන් කාලේ කන වැඩ! ළමයින්ට ගැලපෙන ඒවා නෙවේ ඔය”

“අනේ ළමයෝ ගිහින් පොතක් පතක් බලාගන්න. ඕවයින් ඉගෙනගන්න දෙයක් නැහැ”

“යන්නයි කිව්වේ ඕක වහලා දාලා කාමරේට! මගෙන් කෝටු පාරක් කන්න කලින්!”

දැන් චිත්‍රපටි එකට දහයක් බැලුවත් මීක් නොකියන අපේ අම්මලා, ඉස්සර හින්දි සින්දුවක් දිහා බලන් හිටියත් බනින හැටි තමයි බලන්න ඕනේ (තරහකට නෙවේ ඉතින්, ආදරේට කියලා අපි දන්නවා). හැබැයි ඒ කාලේ වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය කරපු හින්දි චිත්‍රපටිවල පවා මොකද්දෝ අපූරු ගතියක් තිබුණා. ඒ නිසාමද කොහේදෝ කතාව මොකක් වුණත්, ටීවී එකේ ඕවා විකාශය වෙද්දී කට බලියන් ඒවා බලන්න අපි පුරුදු වෙලා හිටියේ.

ඉතින් අපි ආසාවෙන් බලපු ඒ වගේ සිනමාපට කිහිපයක් ගැන මතකය අවදි කරන්නයි මේ ලෑස්තිය.

1. Roja (1992)

යන්තන් පොළවේ පය තියලා නැගිටින්න පුළුවන් වුණු කාලේ ඉඳන්, අපේ පොඩි කෙල්ලෝ නටපු සින්දුවක් තියෙනවනම්, ඒ රෝජා චිත්‍රපටියේ එන මේ ගීතයයි. මේක ඇත්තටම දමිළ සිනමාපටයක් (පස්සේ හින්දි භාෂාවෙනුත් තිරගත වුණා).

රෝජා ගමක ඉඳපු, ජීවයෙන් පිරුණු, හරිම දඟකාර කෙල්ලක්. ඒත් තමන්ගේ අක්කාට යෝජනා කරන මනාලයා රිශී කුමාර් ව කසාද බඳින්න වෙන්නේ ඇයට. ඒ ඇගේ අක්කා ආදරය කරන වෙනත් කෙනෙක් ඉන්න නිසා. කිසිම කැමැත්තකින් තොරව විවාහ වුණත්, ඔහුට ආදරය කරන්න රෝජා පෙළඹෙනවා. මේ දෙන්නා ගෙවන්නේ හරිම ලස්සන ජීවිතයක්.

ආණ්ඩුවේ ඉහළ තනතුරක් හොබවපු රිශී ව ත්‍රස්තවාදීන් පැහැරගන්නේ මේ සතුට සම්පූර්ණයෙන් ම නැති කරමින්. වයසින් පොඩි වුණත්, එඩිතර හිතක් ඇති ඇය, කොහොමහරි තමන්ගේ සැමියා ව හොයාගන්න විදිය තමයි මේ චිත්‍රපටි කතාවේ පෙන්නුවේ. මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ මධූ සහ අරවින්ද් ස්වාමි.

2. Darr (1993)

කිරන් අවස්තිට පිස්සුවෙන් වගේ ආදරය කරපු රාහුල් මෙහෙරාගේ කතාව අපි දැක්කේ, යෂ් චොප්රා නිර්මාණය කරපු මේ සිනමාපටයෙන්. අන්තිමේදී ඒ ආදරය නිසා මැරුම්කන්නත් ඔහුට සිද්ධවෙනවා. ඒ කිරන් එක්ක විවාහ ගිවිසගත්ත සුනිල් මහෝත්‍රාගේ අතින්.

කිරන්ගේ චරිතයට පණ පෙව්ව ජුහී චව්ලාගේ සොඳුරු රුව, මේ චිත්‍රපටියේ කැපීපෙනෙන ලක්ෂණයක්. රාහුල් විදියට රඟපෑ ශාරුක් ඛාන්, ප්‍රේමවන්තයෙක් වගේම, ඒ ප්‍රේමයෙන් උමතු වුණු කෙනෙක්. තමන්ගේ ආදරවන්තිය ව ආරක්ෂා කරගැනීමේ නියායෙන්, රාහුල්ට වෙඩි තියපු සුනිල්ගේ චරිතය නිරූපණය කළේ සනී ඩියෝල්. මේ චිත්‍රපටියේ තිරගත වෙලා දැන් අවුරුදු විස්සකටත් වැඩියි. ඒත් අදටත් ඒකෙ කතාව වගේම, තිබුණු සිංදුත් අපට හොඳින්ම මතකයි.

3. Dilwale Dulhania Le Jayenge (1995)

රාජ් – සිම්රන්; දෙවියන් විසින් ඔවුනොවුන් වෙනුවෙන් මවපු යුවලක් කියලයි මේ චිත්‍රපටිය බලපු අපට හිතුණේ. ඉන්දියානු සංස්කෘතියට ගරු කරපු, ඒත් නිදහස් මතධාරියෙක් විදියට හැදුණු වැඩුණු රාජ්, බොහොම සාම්ප්‍රදායික ඉන්දියානු පවුලකින් පැවතගෙන එන අහිංසක සිම්රන් එක්ක ආදරයෙන් වෙලෙනවා. සිම්රන්ගේ අම්මා කෙසේ වෙතත් තාත්තාගෙන් මේකට සෑහෙන කචල්. මොකද ඇයව ඒ වෙද්දීත් වෙනත් විවාහයකට තීන්දු කරලා ඉවර නිසා. කොහොමින් කොහොමහරි ජරමර ජාති ගොඩකට පස්සේ මේ දෙන්නට සිම්රන්ගේ තාත්තගේ ආශිර්වාදයත් ලැබෙනවා. කතාවේ සාරාංශය ඔන්න ඔය වගේ එකක්.

ශාරුක් සහ කාජල් කියන්නේ ඒ කාලේ ඉඳපු බොලිවුඩ් තිරයේ සිහින යුවලනේ (දැනුත් එහෙම තමයි ඉතින්). මේ දෙන්නට අපි ආදරය කරන්න පටන්ගන්න ඇත්තේ මේ චිත්‍රපටියෙන් බව තමයි මගේ නම් අදහස. හරිම ලස්සන සින්දු තොගයකුත් මේකේ තිබුණා. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ ආදිත්‍ය චොප්රායි.

4. Bombay (1995)

මතකයි නේද මේ ලස්සන ගීතය? හරිම සංවේදී බවක් ඒකෙ තිබුණා. ගීතය වගේ ම මේ චිත්‍රපටියත් හරිම ආකර්ෂණීයයි.

මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු “බොම්බේ”” චිත්‍රපටියේ තිබුණේ දමිළ-මුස්ලිම් ආදර කතාවක්. අරවින්ද් ස්වාමි සහ මනීෂා කොයිරාල තමයි මේකේ ප්‍රධාන චරිත රඟපෑවේ.

දමිළ ජාතිකයෙක් වුණු ශේකර්ගේත්, මුස්ලිම් තරුණියක් වුණු ශායිලාගේත් ආදරයට, ඒ දෙන්නගේ දෙමව්පියන්ගෙන් එල්ලවුණේ ලොකු විරෝධයක්. ඒ නිසා ගෙවල්වලට හොරෙන් පැනලා යන ඔවුන්, කාලය ගතවෙද්දී නිවුන් දරුවන් දෙන්නෙක්ගේ දෙමාපියන් බවටත් පත්වෙනවා. ජන වාර්ගික අර්බුදය සැරට ම තියෙන ඒ වකවානුවේදී, ඔවුන්ට ප්‍රශ්න එන්නේ එක පිට එක. තමන්ගේ වෙනස්කම් පැත්තකින් තියන ශේකර්ගේත්, ශායිලාගේත් දෙමාපියන් තමන්ගේ දරුවන් සහ මුණුබුරන් රැකගන්න ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

මේ වගේ අපූරු කතා සාරයක් තිබුණු බොම්බේ චිත්‍රපටිය, ඒ.ආර් රහුමාන්ගේ සංගීතයෙන් තවත් හැඩ වුණා.

5. Dil To Pagal Hai (1997)

රාහුල් සහ නිශා, නැටුම් කණ්ඩායමක ඉන්න දෙන්නෙක්. මේ දෙන්නා හොඳම යාළුවන් වුණත්, නිශාගේ හිතේ රාහුල් ගැන තිබුණේ යාළුකමට එහා ගිය බැඳීමක්. හැබැයි ඒක දැනගෙන හිටියේ නිශා ම විතරයි. ඔය අතරේදී තමයි පූජාගේ චරිතය මේ කතාවට එකතුවෙන්නේ. පූජා විවාහ ගිවිසගත්ත තරුණියක්. ඒත් ඇයත් රාහුල් එක්ක ආදරයෙන් බැඳෙනවා.

මේ විදියට සිද්ධවෙන කතාව, ඉවර වෙන්නේ පූජා සහ රාහුල් යුවලට හැමෝගෙම ආශිර්වාදය හිමිවීමෙන්. ශාරුක් ඛාන්, මධුරි ඩික්සිත්, සහ කරිෂ්මා කපූර්ගේ රංගනයෙන් වර්ණවත් වුණු මේ චිත්‍රපටියත් යෂ් චොප්රා අධ්‍යක්ෂණයක්.

6. Kuch Kuch Hota Hai (1998)

90 දශකේ අග භාගයේ ආව මේ චිත්‍රපටිය අපේ අය වැළඳගත්තේ පිස්සුවෙන් වගේ (සමහරු මේකට කිව්වේ “කුචු කුචු හෝතා හේ”” කියලා). ශාරුක් – කාජල් යුවලගේ රංගනය බලාගන්න ලැබුණු තවත් චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ හැරුණාම රානි මුකර්ජී, සල්මන් ඛාන් වගේ නළු නිළියනුත් මේකේ රඟපෑවා.

මේ චිත්‍රපටියේ තිබුණේ තුන් කොන් ආදර කතාවක්. දරු උපත නිසා මියයන්න වුණු කාන්තාවක්, තමන්ගේ අලුත උපන් දියණියට ලියන ලියුම් අටක් ඔස්සේ තමයි ඒ කතාව කියැවුණේ. ඒවායේ කියලා තියෙන විදියට, තමන්ගේ තාත්තාවත්, ඔහුට ඉස්සර රහසින් ආදරය කරපු හොඳම මිතුරිය ව එකතු කරන්න මේ දුව සමත් වෙනවා.

තරමක් බොළඳ කතාවක් වුණත්, මේ චිත්‍රපටිය ගොඩක් අය හරිම ආසාවෙන් බැලුවා. ලස්සන ගීත ගණනාවක් ම තිබුණු එකත්, ඒකට හේතුවක් වෙන්න ඇති. කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරපු පළමුවෙනි සිනමාපටය තමයි මේ.

7. Dil Se (1998)

රේඩියෝ චැනල්  එකක රැකියාව කරපු අමරකාන්ත් වර්මාට, මේග්නා කියන ලස්සන තරුණිය ව මුණගැහෙන්නේ අහම්බෙන් වගේ. හරිම රළු පරලු ගතිගුණ පේන්න තිබුණත්, මේ තරුණයා නොදැනුවත්වම ඇයට ආදරය කරන්න ගන්නවා.ගෙදර ආවට පස්සෙත් ඔහු කල්පනා කරන්නේ ඇය ගැනමයි.

කාලය ගතවෙද්දී මේ තරුණයා විවාහවෙන්න තීරණය කරනවා. ඔහුගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය දවසේ මේග්නා කියන තරුණිය ඔහුව මුණගැහෙන්න එන්නේ ඔහුව පුදුමයට පත් කරමින්. ඊටත් වඩා පුදුමේ වෙන්නේ ඇය කලින් වගේ නපුරුකම් කිසිම දෙයක් නැතිව සුහදශීලී විදියට කතා කරන එක. කොහොම වුණත්, මේක වර්මාගේ හිතේ ඇති කරන්නේ ලොකු සැකයක්. මේග්නා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාවක් බවත්, ඇයත් ඔහුට ආදරය කරන බවත් ඔහු දැනගන්නේ මේ අතරෙදියි.

ඔයින් මෙයින් කතාව යොමුවෙන්නේ වෙනත් ම පැත්තකට. අවසානයේදී ආදරය නිසා මිය යන්නත් මේ දෙන්නට සිද්ධ වෙනවා. ශාරුක් ඛාන්, මනීෂා කොයිරාල තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ. හරිම අපූරු සින්දු ටිකකුත් මේකේ තිබුණා. මේකත් මනිරත්නම්ගේ අධ්‍යක්ෂණයක්.

8. Hum Dil De Chuke Sanam (1999)

ශාරුක් – කාජල් තරම්ම ජනප්‍රිය වුණු තවත් බොලිවුඩ් තරු යුවලක් ඉන්නවනම්, ඒ තමයි සල්මන් ඛාන් සහ අයිශ්වර්යා රායි. මේ දෙන්නගේ රඟපෑම්වලට අපි ආදරය කරන්න පටන්ගත්තේ මේ “හම් දිල් දේ චුකේ සනම්” චිත්‍රපටියෙන්.

නන්දිනී කියන්නේ සල්ලිකාර පවුලක දඟකාර කෙල්ලෙක්. සුප්‍රසිද්ධ සංගීතඥයෙක් වුණු ඇගේ තාත්තා ළඟට සංගීතය ඉගෙනගන්න එන සමීර්, නන්දිනීට ආදරය කරන්න ගන්නවා. හැබැයි ඒ වෙද්දීත් නන්දිනී විවාහයකට පොරොන්දු වෙලයි ඉන්නේ. ඒත් මේ දේවල් නොතකා මේ දෙන්නට දෙන්නා ආදරය කරනවා. විවාහයෙන් පස්සෙත් තමන්ගේ බිරිඳ ඇගේ පරණ පෙම්වතාට ලියුම් ලියන වග දැනගන්න නන්දනීගේ සැමියා, ඇය ව සමීර්ට භාරදෙන්න තීරණය කරනවා.

මේ විදියට ගලාගෙන යන කතාවේ, ලස්සන ගීත රැසක් ම තිබුණු බව ඔයාලටත් මතක ඇති.

9. Taal (1999)

මේ සිනමාපටය අපට හොඳට ම මතක හිටියේ මේ සිංදුව නිසා. හරි අපූරු නර්තනයක යෙදුණු අයිශ්වර්යා රායිගේ රුව, මේකට තවත් සුන්දරත්වයක් එකතු කළා. ඒ.ආර්. රහුමාන් සංගීත නිර්මාණය කරපු “තාල්” චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ සුභාෂ් ඝායි. අනිල් කපූර්, ආක්ෂේ කන්නා වගේ නළුවන් මේ සිනමාපටයට රංගනයෙන් දායක වුණා.

ආදරය, කලාව වගේ මාතෘකා අතර දෝලනය වෙන තරුණයෙක් සහ තරුණියක් ගැන  කතාවක් තමයි මේකේ තිබුණේ.

10. Mohabbatein (2000)

ආදිත්‍ය චොප්රා අධ්‍යක්ෂණය කරපු “මෝහබ්බතීන්” චිත්‍රපටියේ කතාව කෙසේ වෙතත් පට්ට සින්දු ටිකක් නම් තිබුණා. මේක සංගීතේ ඉගෙනගන්න එන කොල්ලෝ කෙල්ලෝ හය දෙනෙකුත්, ඔවුන්ගේ ගුරුවරයාත් පසුබිම් කරගත්ත කතාවක්. ශාරුක් ඛාන් තමයි ඒ සංගීත ගුරුවරයාගේ චරිතය නිරූපණය කළේ. ඔහුගේ මියගිය ප්‍රේමවන්තිය විදියට රඟපෑවේ අයිශ්වර්යා රායි. ඒ හැරුණාම, අමිතාබ් බච්චන්ගේ රංගනයත් අපට මේකෙන් දැකගන්න ලැබුණා.

11. Lagaan (2001)

ෂහ්! කොච්චර අපූරු කතා සාරයක් තිබුණු චිත්‍රපටියක්ද? අමීර් ඛාන්ගේ සුපිරි රංගනය අදටත් හොඳට මතකයි අපට.

1893 අවුරුද්ද වෙද්දී ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වෙලයි තිබුණේ. මෙන්න මේ කාලෙදී, ඉන්දියාවේ ග්‍රාමීය ජනතාවට ගෙවන්න වුණු කම්කටොලුවලින් පිරුණු ජීවිතයේ හරස්කඩක් “ලගාන්” චිත්‍රපටියෙන් අපට දැකගන්න ලැබුණා. බදු බරින් පීඩිත වෙලා ඉඳපු මේ මිනිස්සුන් ව එයින් මුදාගන්න ඉදිරිපත් වෙන්නේ ඒ ගමේ ම ඉන්න භුවාන් නම් ගැමියෙක්. ඒ වෙනුවෙන් ජීවිතේට නොගහපු  සුද්දගේ ක්‍රිකට් සෙල්ලමකට යන්නත් ඔවුන්ට සිද්ධවෙනවා.

ඇත්තටම ඒ ක්‍රිකට් තරගයේ දසුන් පෙළ හරිම අනුවේදනීයයි. අඩු තරමේ පිත්තක් හරියට උස්සගන්නවත් නොදන්න මේ ගැමියන්, සුද්දන්ගේ සමච්චල් බැලුම්, රැවුම්, ගෙරවුම් මැද්දේ ක්‍රීඩා කරන හැටි සමහරුන්ගේ ඇස්වලට කඳුළු ගෙන්න තරම් සමත්වුණා. අශුතොෂ් ගෝවරිකාර් තමයි මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ.

12. Kabhi Khushi Kabhie Gham (2001)

ධනවත් රායිචන්ද් පවුලේ කතාන්දරය දැක්වුණු “කභි කුෂි කභි ගම්”, ගොඩක්දෙනා පවුල් පිටින් බලපු චිත්‍රපටියක්. ශාරුක් ඛාන්, කාජල්, අබිතාබ් බච්චන්, ජයා බච්චන්, කරීනා කපූර්, රානි මුකර්ජි, රිතික් රෝෂන් වගේ ප්‍රසිද්ධ නළු නිළියන් තොගයක් ම මේකේ රඟපෑවා. හරි අපූරු සින්දු ටිකකුත් මේ සිනමාපටයේ තිබුණු බව ඔයාලට මතක ඇති.

පවුලේ අයගේ විරුද්ධත්වය තියෙද්දී විවාහයක් කරගන්න ලොකු පුතෙකුත්, ඒ නිසා දෙකඩ වෙන පවුලක් එකතු කරන්න උත්සහ කරන බාල පුතෙක් ගැන තියෙන මේ කතාව අධ්‍යක්ෂණය කළේ කරන් ජොහාර්.

13. Devdas (2002)

මධුරි ඩික්සිත්, අයිශ්වර්යා රායි ඉදිරිපත් කරන මේ නැටුම කොච්චර බලාගෙන හිටියත් ඇතිවෙන්නේ නෑ නේද? මේ වගේ ලස්සන ගීත හුඟක් මේ “දෙව්දාස්” සිනමාපටයේ තිබුණා.

ආසාවෙන් බැලුව තවත් චිත්‍රපටියක් වුණත්, අපේ ගොඩක්දෙනා නොදන්න කාරණයක් තමයි මේක නවකතාවක් පදනම් කරගෙන නිර්මාණය කරපු එකක් බව. “දෙව්දාස්” නිර්මාණය වුණේ 1917 අවුරුද්දේ ශරත් චන්ද්‍රා ලියපු “දෙව්දාස්” නවකතාව පදනම් කරගෙනයි.

තමන් ආදරය කරන තරුණිය ව විවාහ කරගන්න ගෙදරින් අවසර නොලැබුණු තරුණයෙක්, මධුවිතෙන් විනාශ වෙන්න හදන හැටි මේ කතාවෙන් අපට දැකගන්න ලැබුණා. ඒ අතරේ ඔහුට ඇත්තට ම ආදරය කරන ගණිකාවකුත් මේ කතාවේ ඉන්නවා. සංජේ ලීලා බන්සාලි හදපු ලස්සන ම සිනමාපට ගොන්න අතරට අනිවාර්යයෙන්ම එකතුවෙන චිත්‍රපටියක් විදියට  “දෙව්දාස්” හඳුන්වන්න පුළුවන්.

“අපි මිනිස්සුන්ට හීන විකුණනවා. අපේ හීන මිනිස්සු සල්ලිවලට ගන්නවා”

මේ ඉන්දියානු මහා නළු රාජ් කපූර් වරක් කිව්ව කතාවක්. ඉන්දියානු සිනමාවෙන් බිහිවුණු සමහර චිත්‍රපටි දිහා බැලුවම, ඒ කතාවෙත් එච්චර වරදක් තියෙනවා කියලා කියන්න අමාරුයි. හැබැයි ඒකයි කියලා, ඒවා රස විඳින්න කාගෙන්වත් බාධාවක් නැහැනේ.

අපි පුංචි කාලේ බලපු මේ වගේ තවත් හින්දි චිත්‍රපටි ගැන ඔයාලට මතක් වුණොත්, අපට කමෙන්ට් එකක් දාන්න ඕනේ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide