යාපනේ ගිහින් බලන්න යන්න.. ලස්සන ම තැන් 20ක්!.

යාපනය..

යාපනය කියපු පමණින් අපිට මතක් වෙන්නේ යුද්ධය. යුද්ධය මතක් නොකර යාපනය ගැන කතා කරන්න අපිට පුරුද්දක් නෑ. ඒත් යාපනය කියන්නේ යුද්ධයකට වඩා විශාල නගරයක්. ලංකාවේ තියන ඉහළ ම ඓතිහාසික වටිනාකමකින් යුතු, ඒ වගේ ම ආකර්ෂණීය ම තැන් රාශියකින් නිර්මාණය වුණු නගරයක්.

ඉතින් අපි මේ හදන්නේ යුද්ධය මතක් නොකර යාපනය ගැන කතා කරන්න. මේ ලැයිස්තුවේ තියෙන්නේ යාපනේ සංචාරය කරද්දි ඕගොල්ලන්ට බලන්න යන්න පුළුවන් ලස්සන ම තැන් 20ක්. දවස් හයක හතක සංචාරයක් ගියොත් ඇරෙන්න එක ගමනකින් මේ හැම තැනක් ම කවර් කරන්න අමාරුයි. කීප සැරයක් ම යාපනේ ගිහින් තියන නිසා මට නං මෙතනින් තැන් දෙක තුනක් ඇරෙන්න අනික් හැම තැනක් ම බලන්න පුළුවන්කම ලැබුණා. නිතර යැවෙන ප්‍රදේශයක් නෙවෙයි නිසා ඕගොල්ලොත් ගිය වෙලාවක පුළුවන් තරං ඇවිදින්න. වෙනස් ම පරිසරයක අලුත් අත්දැකීම් ගොඩක් ලබන්න පුළුවන් වෙයි.

1 නල්ලූර් කෝවිල

නල්ලූර් කියන නම හැදිලා තියෙන්නේ නල්ල + ඌර් කියන වචන දෙක එකතු වෙලා. දමිළ භාෂාවෙන් නල්ල කියන්නේ යහපත් කියන අදහස. ඌර් කියන්නේ ගම. උතුරු පළාතේ අතීතයේ පටන් පැවත එන කුල ක්‍රමය අනුව උසස් යැයි සැලකෙන කුලවල පුද්ගලයන් වාසය කරලා තියෙන්නේ නල්ලූර් ආශ්‍රිතව. ඒ නිසා උසස් පුද්ගලයින් වාසය කරන ගම, නැතිනම් යහපත් ගම කියන එක තමයි නල්ලූර් නමේ තේරුම. පෞරාණික යාපනය රාජධානියේ අගනුවර වෙලා තියෙන්නෙත් නල්ලූර් නගරය. නල්ලූර්වල තියන සුවිශේෂ ම තැන නල්ලූර් කන්දස්වාමි කෝවිල. ශ්‍රී ලාංකික හින්දු ජනතාව මහත් භක්තියෙන් යුතුව වන්දනා කරන පුදබිමක්.

2 කීරිමලේ පොකුණ

කන්කසන්තුරේ නගරයේ, බොහෝ හාස්කම් සහිත කෝවිලක් වශයෙන් සැලකෙන නගුලේශ්වරම් කෝවිල ආසන්නයේ පිහිටලා තියන කීරිමලේ පොකුණ අලංකාර ගල් බැම්මකින් වට කරපු ස්වභාවික දිය පොකුණක්. මෙයින් ස්නානය කළාම රෝග සුව වෙන බවට ඇති විශ්වාසය නිසා බොහෝ දෙනෙක් මේ පොකුණ කරා ඇදී එනවා.

3 කන්කසන්තුරේ වෙරළ

යාපනේ කියන්නේ අර්ධද්වීපයක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ම නොවුණත් වැඩි වශයෙන් ජලයෙන් වට වුණු නගරයක්. අපි සාමාන්‍යයෙන් දකින කොළඹ සහ දකුණු වෙරළ තීරයන්ට වඩා යාපනේ වෙරළ තීරයන් වෙනස්. නිශ්චල ගතිය සහ පිරිසිදුකම තමයි උතුරු වෙරළ තීරයේ විශේෂත්වය. කන්කසන්තුරේ වෙරළ ඊට හොඳ ම උදාහරණයක්.

යාපනය ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව කන්කසන්තුරේ කෙටියෙන් හඳුන්වන්නේ KKS නමින්. ඉතින් යාපනේ යන වෙලාවක කන්කසන්තුරේ වෙරළ තීරයේ ඇවිදින්න අමතක කරන්න එපා. හැබැයි අර කියපු නිශ්චල සහ පිරිසිදු ස්වාභාවික පරිසරයට හානි නොකර..

4 පේදුරු තුඩුව

ලංකාව උතුරු දෙසින් අවසන් වෙන තැන තමයි පේදුරු තුඩුව. පේදුරු තුඩුව නගරයට දමිළ භාෂාවෙන් කියන්නේ පරුතිතුරෙයි කියලා. එහි තේරුම ‘කපු වරාය’. මේ නම වැටිලා තියෙන්නේ සියවස් ගණනාවක් තිස්සේ දකුණු ඉන්දියාවට කපු අපනයනය කළ වරාය පේදුරු තුඩුවේ පිහිටා තිබීම හේතුවෙන්.

ඒ විතරක් නෙවෙයි, පේදුරු තුඩුවේ ඇති ප්‍රදීපාගාරයත් එහි සංචාරය කරන ඔබට නැරඹිය හැකියි. ලංකාවේ අවසන් කොන සලකුණු කරන මෙතන, අපේ රටේ විවිධත්වයේ එකමුතුව සංකේතවත් කරන ස්මාරකයකුත් ගොඩනඟල තියනවා.

5 යාපනය පොළ

රූපය: www.timeout.com

යාපනේ සංචාරයක දී පොළ අමතක කරන්න බෑ. කර්තකොලොම්බන්, කොට්ටකෙලෙංගු, තල් හකුරු, සීනි මුරුක්කු, බූන්දි වගේ ජාති ගන්න යන්න කියාපු තැන තමයි පොළ. ඒ ගියාම පොළේ ඉන්න වෙළෙන්දෙක් දෙන්නෙක් එක්ක ආගිය තොරතුරු කතාබහ කරල යාළු වෙන්නත් බැරියෑ..

6 සංගිලියන් රජුගේ ඇමතිගේ නිවස

නල්ලූර් නගරයේ පිහිටලා තියන මේ ගොඩනැඟිල්ල යාපනය රාජධානියේ රජ කළ සංගිලියන් රජතුමාගේ අමාත්‍යවරයෙකුගේ නිවස බවට සැලකෙනවා. දැනට එතන ඉතිරි වෙලා තියෙන්නේ නටබුන් වුණු ගොඩනැඟිල්ලක්. මෙහි තියන ලී කැටයම් සහ සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පය නිසා වගේ ම, නගරයේ තියන පෞරාණික ම ගොඩනැඟිල්ලක් නිසා මෙය විශේෂත්වයක් උසුලනවා. 

7 යාපනය පුස්තකාලය

1933 වසරේදි විවෘත කළ යාපනය පුස්තකාලය යාපනය නගරයේ තියෙන වැදගත් ම සහ වටිනා ම තැනක්. 1981 මැයි 31 දා ගිනි තබා විනාශ කෙරෙන්නට පෙර, මේ පුස්තකාලය පොත් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකින් සමන්විතව, ආසියාවේ විශාලතම පුස්තකාල කිහිපයෙන් එකක් වෙලා තිබුණා.

2001 වසරේදි ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාලය නැවත විවෘත කෙරුණත්, ගිනි තැබීමට කලින් තිබුණු තත්ත්වයට පුස්තකාලය නැවත ගෙන එන්න කවදාවත් පුළුවන්කමක් ලැබෙන එකක් නෑ. මොකද මෙහි තැන්පත් කර තිබුණු තල්පත් සහ දමිළ ඉතිහාසය අඩංගු දුර්ලභ පතපොත සියල්ල ම ගින්නෙන් විනාශ වෙලා ගියේ සදහටමයි.

දමිළ දේශපාලන රැලියකදී සිංහල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වීමෙන් පස්සේ, ඉන් කුපිත වුණු සිංහල දේශපාලන කණ්ඩායමක් විසින් මේ ගිනි තැබීම සිදු කළා. ඉන් නොනැවතුණු ඔවුන් කඩ, කෝවිල්, කාර්යාල සහ නිවෙස් කඩා බිඳ දමමින් තවත්  පුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කළා.

8 ඔරලෝසු කණුව

පුස්තකාලය ආසන්නයේ ම පිහිටලා තියන ඔරලෝසු කණුව, යාපනය නගරයේ තියන ඔබ දැකිය යුතු ම විශේෂ ස්මාරකයක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. වේල්සයේ කුමරා ඇල්බට් එඩ්වඩ් 1875 දී ලංකාවට පැමිණීම සමරන්න තමයි මේක ගොඩනඟල තියෙන්නේ.

9 රියෝ අයිස්ක්‍රීම්

යාපනේට ම ආවේණික රසක්. වැල්ලවත්තෙත් රියෝ එකක් තිබුණට නියම රියෝ අත්දැකීම ලබන්න නං යාපනේ රියෝ එකට ම යන්න ඕන. මේක දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන, සරු බිස්නස් එකක්. රියෝ එක පිහිටලා තියෙන්නේ යාපනේ නගර මධ්‍යයේ. ගිය වෙලාවක අනිවාර්යයෙන් ම ගොඩ වෙලා එයාලගේ එක එක රහ අයිස්ක්‍රීම් රස බලන්න අමතක කරන්න එපා.

10 මලයන් කැෆේ

රූපය: www.saltinourhair.com

ඕන ම සංචාරයකදි අපි සංචාරය කරන ප්‍රදේශයේ කෑමබීම මිස් කරගෙන බෑනේ. යාපනේ නගරයේ තියන පරණ ම රෙස්ටොරන්ට් එකක් මලයන් කැෆේ. යාපනේට ම විශේෂිත කෑම වර්ග, කෙසෙල් කොළේ උඩ තියාගෙන රහට කන්න මෙතෙන්ට ගියොත් පුළුවන්. අවුරුදු ගණනාවක් එක ම රහට කෑම හදන මේ කෑම කඩේ මෙච්චර කල් පවතින්නේ ජනතාව එයාලා ගැන තියල තියන විශ්වාසය නිසාමයි.

11 යාපනය කොටුව

හැන්දෑවට යාපනේ ඉර බහිනවා බලන්න යන්න හොඳ ම තැන යාපනේ කොටුව. මේක හදල තියෙන්නේ ලංකාව ආක්‍රමණය කරපු පෘතුගීසි ජාතිකයන් විසින් 1618 දි. ඉන්පස්සේ 1658 දි මේ කොටුව ලන්දේසීන් අතටත්, 1795 දි ඉංග්‍රීසීන් අතටත් පත් වුණා. පෘතුගීසි සමයට අයත් ආණ්ඩුකාරයාගේ නිවස, රැජිනගේ නිවස, පල්ලිය, ක්‍රීඩා පිටිය, පොලිස් නිල නිවෙස් ආදී ගොඩනැඟිලි රැසක් කොටුව ඇතුළේ පිහිටා තිබුණා.

12 මණ්ඩතිවු කුරුල්ලෝ

රූපය: www.serendib.btoptions.lk

මණ්ඩතිවු කියන්නේ යාපනේ ඉඳන් කයිට්ස්වලට දිවෙන පන්නයි පාරේ මඳ දුරක් ගමන් කළාම හම්බෙන ලස්සන ගමක්. සංචාරක කුරුල්ලන් ගැවසෙන ප්‍රදේශයක් විදිහට මේ හරිය ප්‍රසිද්ධයි. ඒ වගේ ම වෙරළ තීරයට ගියොත් ජලජ පක්ෂීන් එහෙමත් දැකගන්න පුළුවනි. 

13 මනල්කාඩු වැලිතලාව

යාපනේ තියන සැඟවුණු පුදුමයක් විදිහට මෙතන හඳුන්වන්න පුළුවන්. මනල්කාඩු කියන්නේ වැලිතලාවක්. හරියට කාන්තාරයක් වගේ. මෙතෙන්ට ගියාම දැනෙන්නේ මැද පෙරදිග රටක ඉන්නවා වගේ. එක පැත්තකින් සුසාන භූමියකිනුත් තවත් පැත්තකින් සාන්ත අන්තෝනි පල්ලියේ නටබුන්වලිනුත් වට වෙලා තියන මේ වැලිතලාව හරි ම ආකර්ෂණීයයි. එහි පිහිටීමත් පුදුම සහගතයි.

14 නයිනතිවු

බෞද්ධ බැතිමතුන් වන්දනාමාන කරන්න යන නාගදීප විහාරය වගේ ම, හින්දු බැතිමතුන් වන්දනාමාන කරන්න යන නාගපූශනී අම්මාන් කෝවිල තියෙන්නෙත් නයිනතිවු දූපතේ. නාගදීපයේ චූලෝදර මහෝදර නා රජුන් අතර පැවති ගැටුම සංසිඳවන්න බුදුන් ලංකාවට වැඩිය බවට බෞද්ධයන් විශ්වාස කරනවා. නාගපූශනී අම්මාන් කෝවිල නාගපූශනී හෙවත් පාර්වතී දේවිය සහ ශිව දෙවියන් වෙනුවෙන් කැප කරන ලද කෝවිලක් බව හින්දූන් විශ්වාස කරනවා. නයිනතිවු යනවා නම් කුරිකට්ටුවාන් ජෙටියේ ඉඳන් බෝට්ටුවෙන් තමයි යන්න ඕනේ.

15 ඩෙල්ෆ්

නෙඩුන්තිවු හෙවත් ඩෙල්ෆ් දූපත යාපනේ සංචාරයේ සුවිශේෂ ගමනාන්තයක්. මේක වර්ග කිලෝමීටර් 50ක පුංචි දූපතක්. බලන්න තැන් කීපයක් ම මේ දූපතෙත් තියනවා. එකක් තමයි හත්වෙනි සියවසේ අරාබි වෙළෙන්දන් පැල කරපු විශාල බයෝබැබ් ගහ. ඊට අමතරව වැවෙන ගල, පෘතුගීසි කොටුවේ නටබුන්, පෝනි, පරෙවි කූඩුව, කොරල් තාප්ප, යෝධ පා සලකුණ වගේ ඩෙල්ෆ්වලට ම විශේෂ තැන් රැසක් තියනවා.

ඒ වගේ ම ඩෙල්ෆ්වල වෙරළ තීරය හරි ම සන්සුන්, නිහඬ, නිශ්චල තැනක්. ඉතින් ඕගොල්ලොත් ගිහින් බලන්න. ඉන්දියන් සාගරය හරහා පැයක කාලයක් පුරා ඩෙල්ෆ්වලට යන බෝට්ටු ගමන එහෙම අමතක නොවන අත්දැකීමක් වෙයි.

16 කයිට්ස්

යාපනය අර්ධද්වීපයට අයිති තවත් දූපතක් කයිට්ස්. යාපනය නගර මධ්‍යයේ ඉඳන් පන්නයි පාරේ දිගට ම ගියාම කයිට්ස්වලට යන්න පුළුවන්. මේ පන්නයි පාරත් සාමාන්‍යයෙන් ලංකාවේ වෙන කොහෙවත් දකින්න ලැබෙන්නේ නැති විදිහේ පාරක්. මේක මුහුද මැදින් දිවෙන පාරක් නිසා පාර දෙපැත්තේ ම තියෙන්නේ මුහුද. ඒත් මේ මුහුද හරි ම නිහඬයි. ඉර බහින හැන්දෑවක මේ පාර අයිනට ගියොත් හරි ම සන්සුන්, සාමකාමී වටපිටාවක් විඳගන්න වගේ ම ලස්සන දර්ශනයක් දැකගන්නත් පුළුවන්.

17 දඹකොළපටුන

අතීතයේ වරායක් විදිහට පාවිච්චි වුණ දඹකොළපටුනේ දැන් නම් තියෙන්නේ විහාරයක්. සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කළේ මේ වරායෙන් බවට වන විශ්වාසය තමයි ඒකට හේතුව. මුහුදට මායිම්ව පිහිටලා තියන නිසා මේ විහාරයේ පිහිටීම ඉතා ම ලස්සනයි.

18 කරෙයිනගර් ප්‍රදීපාගාරය

1916 දි බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කෙරුණු කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය මීටර් 25-30ක පමණ උසින් යුක්තයි. මේ ප්‍රදීපාගාරය දැනට පවතින්නේ අක්‍රියවයි. මීට මායිම්ව පිහිටලා තියන, වැඩි දෙනෙකුගේ ඇස නොගැටුණු වෙරළ තීරයත් හරි ම සුන්දරයි.

19 කැසුරිනා වෙරළ

මේ වෙරළ තීරයත් පිහිටල තියෙන්නේ කරෙයිනගර්වල. ඒ කියන්නේ යාපනේ නගරයේ ඉඳන් කිලෝමීටර් 20ක විතර දුරින්. මේ වෙරළට මේ නම වැටිලා තියෙන්නේ වෙරළ දිගට වැවුණු කැසුරිනා ගස් නිසා. යාපනේ තියන ලස්සන ම බීච්වලින් එකක්. බොහෝ දුරක් යනකන් මුහුද නොගැඹුරු නිසා, වෙරළේ ඉඳන් මුහුද මැදට යනකන් හුඟක් ඈතට ඇවිදන් යන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. 

20 හැමන්හිල් කොටුව

රූපය: www.tripadvisor.com

කරෙයිනගර්වල තියන හැමන්හිල් කොටුව තියෙන්නේ ගොඩබිමින් එහාට වෙන්න තියන දූපතක. අතීතයේදි මේක භාවිත කරලා තියෙන්නේ සිර කඳවුරක් විදිහට. විශේෂ ගෘහ නිර්මාණ ශිල්පය සහ පිහිටීමේ වැදගත්කම නිසා මෙතනට සංචාරකයන්ගේ ආකර්ෂණය හිමි වෙනවා. මේක බලන්න ගියොත් එතන ම තියන ෆෝට් හැමන්හිල් රිසෝට් එකේ සුන්දරත්වයත් විඳගන්න පුළුවන්.

*කවරයේ ඡායාරූපය: www.attractionsinsrilanka.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Avurudu at The Kingsbury

As the Sinhala & Tamil New Year approaches, The Kingsbury, Colombo, invites guests to celebrate Aluth Avurudu with a variety ofofferings that bring together tradition, flavour and togetherness. From vibrant dining experiences and festive hampers to outdoor celebrations and athome indulgences, The Kingsbury presents a complete Avurudu offering made to suit every celebration.  At the heart of the festivities is The Kingsbury’s renowned outdoor catering and event experiences, allowing guests to host their own Avurudu celebrations with ease. Whether at home, in the office, or at the hotel’s Oval lawn, guests can enjoy delectable menus including the traditional Kevili Mesaya (LKR 3,500 +++), Lunch Buffet (LKR 5,500 +++) and Full Day Package (LKR 9,000 +++). With the option to include the ceremonial milk boiling and traditional Avurudu games, each celebration is brought to life with authenticity and seamless five-star service.  Adding to the festive experience, Churros presents the Avurudu Sweetmeat Boutique, available from 10th to 14th April 2026, where guests can explore a vibrant spread of traditional sweetmeats, including live preparations from 3:30 p.m. to 6:30 p.m.. Complementing this, The Kingsbury Indulgence offers a range of at-home dining options, including the Avurudu Yellow Rice Family Meal (from LKR 12,000 nett, serving 6) and a selection of Kevili Hampers, meticulously assembled with Sri Lanka’s most cherished New Year favourites. Available in multiple options, from the Mini Hamper at LKR 2,500 nett to the Kaema Mesaya at LKR 20,000 nett, these hampers are perfect for gifting and sharing, bringing the spirit of Avurudu into every home.  For those looking to dine out during the season, Harbour Court offers a special 30% savings on lunch and dinner from 12th to 17th April 2026, inviting guests to enjoy a generous spread of local and international favourites at one of the most celebrated all-day dining restaurants in Colombo. From gathering with family to celebrating with friends, it provides the perfect backdrop for festive dining in the heart of the city.  Blending tradition with contemporary hospitality, The Kingsbury, Colombo, creates a destination where Avurudu is celebrated in many forms; at home, at the table and within elegant spaces. With every detail created for meaningful moments, guests are invited to embrace the joy, warmth and spirit of the season in true Kingsbury style.  For reservations and more information, please contact +94 112 421 221  For outdoor catering and events, please contact +94 761 511 913 For orders via Indulgence, please contact +94 771 087 754

Avurudu Trending

Speranza to Raise Its Voices in Harmony this Easter

A youthful and vibrant choir, Speranza, comprised of a group of talented voices from Negombo,

Highlights Trending

ITC Ratnadipa Presents an Easter Brunch on 5th of April at the Indian Ocean Pavilion

This Easter, ITC Ratnadipa invites guests to celebrate the season with a special brunch at

Highlights Trending

Authentic Sri Lankan Sweets: Rediscover Tradition with “Athirasa”

As Avurudu approaches a season deeply rooted in tradition, family, and celebration many Sri Lankans feel a growing pull

Avurudu Highlights Trending

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide