යූටියුබ් එකේ එකම දේ බලල එපා වෙලාද? මෙන්න වෙනස් ම විදියේ චැනල් ටිකක්.

සමහරු කියන විදියට මේ වෙද්දි පඳුරකට ගැහුවත් යූටියුබර්ස්ලා දෙතුන් දෙනෙක් විසිවෙන ගාණට ලංකාවේ යූටියුබර්ස්ලා ඉන්නවා. ඇත්තට මෙහෙම වැඩිවැඩියෙන් යූටියුබ් එකට දේවල් එකතුවෙන එක හොඳ දෙයක්; විශේෂයෙන් සිංහලෙන් යූටියුබ් බලන අයට. 

හැබැයි ඉතිං ලංකාවේ තියෙනව නෙ එක්කනෙක් අලුත් දෙයක් කරලා ඒක සාර්ථක වුණොත් අනිත් හැමෝමත් කිසිම දෙයක් අලුතින් හිතන්නෙ නැතුව අරක ම කොපිකරන්න සිරිතක්. මේ දවස්වල යූටියුබ් එකට ගියාමත් ඕක ම දකින්න පුළුවන්. කොමඩි චැනල් දෙක තුනක් නැගල ගියා ම හැමෝම ට්‍රයි කරනවා ඒ වගේ ම ඒවා කරන්න. ඉන්ටර්වීව් කරන චැනල් දෙක තුනක් නැගලා ගියා විතරයි දැන් ඒ ඉන්ටර්වීව්වලට සහභාගි වෙන මිනිස්සුන්ටත් එපාවෙන තරමට ඉන්ටර්වීව්. වෙන එකක් තියා එක චැනල් එකක් ජාත්‍යන්තරයට ගියාට පස්සෙ දැන් අර ගමේ විදියට ආච්චි අම්මලා කොස් පොලොස් උයන චැනල් ම තියෙනව බර ගාණක්. ‍

තරගකාරිත්වය නරක දෙයක් නෙවෙයි නෙ. ඉතිං ගොඩදෙනෙක් එකම දේ 28292829කරගෙන කරගෙන ටික දවසක් යද්දි මේවා අතරින් හොඳ ඒවා ටික ඉතුරුවෙලා අනිත් ටික හැලිලා යයි. ඒ නිසා ඒ ගැන ඕනවට වඩා වද වෙන්න ඕන නෑ. ඒත් ඉතිං එහෙමයි කියල දවස ගානෙ ඔය ටික ම බලබල ඉන්නත් අමාරුයි නෙ. විශේෂයෙන් සිංහලෙන් විතරක් යූටියුබ් බලන අයට. 

ඉතිං අපි පොඩ්ඩක් ට්‍රයි කළා මේ හැමදාම දකින එක ම දේ වෙනුවට ‍ටිකක් වෙනස් විදියේ දේවල් ටිකක් හොයාගන්න. මිලියන ගණං වීව්ස් නැති වුණාට බලන්න වටිනවා කියල අපිට හිතුණු සිංහල යූ ටියුබ් චැනල් කීපයක් තමයි මේ.

Patta History

මෑතක ඉඳන් අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න ගොඩ දෙනකුට ලොකු උනන්දුවක් තියෙන බවක් පේනවා. මීට අවුරුදු 20-30කට කලින් ඉතිහාසය, සාහිත්‍ය දේවල් අලුත් පරම්පරාවට වැඩක් නෑ වගේ අදහසක් තිබුණත් දැන් ඉන්න පරම්පරාව ඔප්පු කරලා තියෙනවා ඒක එහෙම නෙවෙයි කියලා.

හැබැයි ගොඩදෙනකුට පිටු සිය ගණන් මූලාශ්‍ර  කියවලා ඉතිහාසය හදාරන්න වෙලාවක් නෑ. මේක නිසා ම සමහර වෙලාවට  එක එක්කෙනා එක එක අරමුණු වෙනුවෙන් හදපු මනස්ගාත තමයි ගොඩක් අය ඓතිහාසික කරුණු කියල හිතාගෙන ඉන්නෙ.

දැන් මෙහෙමයි; සම්පූර්ණ අපක්ෂපාතී, නිවැරදි ඉතිහාස කියල එකක් නෑ. ඉතිහාසය ලියන හැමෝම දැන හෝ නොදැන ඒකට තමන්ගේ දෘෂ්ටිකෝණයක් එකතුකරනවා. හැබැයි එ‍් වගේ අගතීන් සෑහෙන දුරට මගඇරගෙන සෑහෙන දුරට කරුණු මත පදනම් ව ඉතිහාසය කියල දෙන්න Patta History චැනල් එක උත්සාහ කරන බව පේනවා. ඒ වගේ ම ඒ ඉතිහාස කරුණු බෝරිං වෙන්නෙ නැති විදියට ග්‍රැෆික්, ඇනිමේෂන් එක්ක ඉදිරිපත්කරන්න තමයි මේගොල්ලො උත්සාහ කරන්නෙ. 

Agni

විද්‍යාව, තාක්ෂණය, දර්ශනය වගේ දේවල් ගැන චැනල් ගොඩක් තිබුණත් මේවයින් කීපයක් ඇර අනිත් ඔක්කොම වගේ කරන්නෙ  එහෙන් මෙහෙන් අහුලගත්ත කරුණු ටිකක් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ ටිකක්, වී‍ඩියෝ ටිකක් එක්ක කලවම් කරලා බාල විදියෙ ටයිට්ල් එකක් එක්ක යූටියුබ් දාන එක. මේවා අතර හිතාමතා ම බොරු සමාජගත කරන චැනල් වගේ ම, නොදැනුවත්කම, වීව්ස් වැඩිකරගන්න තියෙන‍ පෙරේතකම නිසා කිසිම පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් නැතිව, එහෙම නැත්නම් විහිළුවට දාන බොරු නිවුස්වලට ම වෙන්වුණු වෙබ්සයිට්වල ගිය ප්‍රවෘත්ති ඇත්ත කියල හිතල දාන අයත් ඉන්නවා. 

හැබැයි අග්නි චැනල් එකේ විද්‍යාව, ගණිතය සහ ඊට සම්බන්ධ සමහර දාර්ශනික කාරණා පවා ඒ ගැන හොඳ හොයාබැලීමක් එක්ක ඉදිරිපත්කරන බව පේනවා. මේ වගේ සමහර කාරණා ගැන ලෝකේ විද්වතුන් අතර පවා එකඟතාවයක් නැති නිසා කවුරු මොනව කීවත් මේ වගේ දේවල් ගැන ටිකක් විවෘත මනසකින් බලන එක හොඳයි. හැබැයි ඔයා මේ වගේ දේවල් ගැන උනන්දුයි නම්, මේ චැනල් එක අනිවාර්යයයෙන් ‍දේවල් ගැන ඔයාගෙ  උනන්දුව තවත් අවුස්සන තැනක් වේවි.

පත්තරෙන් බිකක්

දැන් හැම ටීවී චැනල් එකක ම වගේ හැමදාම උදේට පත්තර කියනව නිසා ඒකේ කාටවත් ලොකු අමුත්තක් නෑ. හැබැයි මේ චැනල් එකේ පත්තර කියවන්නෙ ටිකක් වෙනස් විදියට.

ලංකාවේ සිංහලෙන් ස්ටෑන්ඩ් අප් කොමඩි කරන කීපදෙනා අතර ඉන්න කෙනෙක් තමයි හසලක තුෂාර. හසලකගේ සිංහල කොමඩි ක්ලබ් චැනල් එකේ ම එක අංගයක් හැටියට ඉදිරිපත් කරන පත්තරෙන් බිකක් එකේ, අපි දිනපතා පත්තරවල කියවන ප්‍රවෘත්ති ටිකක් වෙනස් විදියට කියවන්න ට්‍රයි කරනවා. දවසේ ප්‍රවෘත්ති දිහා කොමඩි ඈන්ගල් එකකින් බලන The Daily Show වගේ වැඩසටහන් ලෝකෙට අලුත් දෙයක් නොවුණට සිංහලෙන් යූටියුබ් බලන අයට මේක අලුත් අත්දැකීමක් වේවි. 

Me & My Jazz

කොයි තරම් මියුසික් ස්ට්‍රීමිං සර්විස් ආවත් ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් දෙනා තාමත් සිංදුවක් අහන්න ඕන වුණාම යන්නෙ යූටියුබ් එකට. මේ අයගේ ඉල්ලුමට සැපයුම දෙන චැනලුත් ලොකු ප්‍රමාණයක් තියෙනවා. පරණ සිංදු, කවර් වර්ෂන්, සහ පැය ගාණක් එක දිගට අහගෙන ඉන්න පුළුවන් විදියට පෙළගස්සපු සිංදු තියෙන චැනල් ගොඩක් මේ අතර තියෙනවා. හැබැයි ඉතිං මේ චැනල් ගොඩක තියෙන්නෙ වෙනත් ප්‍රසංග, රූපවාහිනී වැඩසටහන්වලින් අරගත්ත ගීත. ගොඩක් කවර් වර්ෂන් පවා හැදෙන්නෙ එක ම ශෛලියකට. 

Me & My Jazz චැනල් එක ඊට වඩා ටිකක් වෙනස්. අපි අහලා තියෙන අපි කැමති සිංදු, ලංකාවේ ගොඩ දෙනකුට එච්චර හුරු නැති ජෑස් ශෛලියට ඉදිරිපත් කරන එක තමයි මේ ‍චැනල් එකේ විශේෂත්වය. සිංදුවලට අමතර ව මියුසික් ඉගෙනගන්න අයට වැදගත් කරුණු වගේ ම සංගීතය ගැන ටිකක් විවාදසම්පන්න අදහසුත් මේ චැනල් එකේ යනවා. මේ කියන සමහර විවාද සම්පන්න කාරණා ගැන ඔයා සමහර විට එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි ඔයා ලෝකයේ තියෙන එක එක සංගීත ප්‍රවණතා ගැන උනන්දුවක් තියෙන, වෙනස් විදියේ කණක් තියෙන කෙනෙක් නම් මේ චැනල් එකට පොඩ්ඩක් ගිහින් බලන එක වටිනවා. 

තව මේ වගේ වැඩි දෙනෙක් නොදන්න, ඒත් වෙනස් විදියේ රසවත් දේවල් තියෙන යූටියුබ් චැනල් ගැන ඔයා දන්නව නම්, කොමෙන්ට් එකක් දාලා අපටත් ඒ ගැන කියන්න. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide