රසට, ගුණට… ගෙදර ඉන්න ගමන් හදලා බලන්න පංකාදු ලාංකීය ව්‍යංජන 4ක්.

1. කොල්ලු ව්‍යාංජනය

කොල්ලු ටික ගරලා හෝදලා වතුර බේරෙන්න තියන්න. තියලා වතුර බේරුනාට පස්සෙ රන්වන් පාටට එනකම් කබලෙ බැදගන්න. බැදලා වංගෙඩියක හරි, ග්‍රයින්ඩර් එකක හරි, ටිකක් කෑලි තියෙන්න කොටා ගන්න. ඊට පස්සෙ මැටි වළඳකට දාලා තුනපහ, මිරිස්, කහ, ලුණු පදමට එකතු කරලා වතුර ටිකක් වැඩිපුර දාලා තැම්බෙන්න තියන්න ඕන. කොල්ලු ටික තැම්බීගෙන එනකොට හීනියට කපාගත් ලූනු, කරපිංචා, අමුමිරිස්, සුදුලූනු වෙනම තෙම්පරාදු කරලා මේ කරියට එකටම එකතු කරලා… අන්තිමට මිටි කිරි ටිකක් දාලා දෙපාර නටද්දි බාන්නයි තියෙන්නෙ.

2. වැල් තිබ්බටු කොළ ව්‍යෑංජනය

මුලින්ම වැල් තිබ්බටු කොළවල හීනි කටු පිහියෙන් රැහැලා අයින් කරගන්න ඕන. ඊට පස්සෙ ඒකත් එක්ක ඉඟුරු, සුදුලූනු එකට අඹරපු ගුලියක් මැටි ඇතිළියකට දාලා හොඳට අතගාන ගමන්… පොල්කිරි, හීනියට ලියපු රතුලූනු, අමු මිරිස්, ලුණු එකතු කරලා, ආයෙත් පොඩ්ඩක් අතගාලා ලිපේ තියන්න. තියලා ඉතින්… කිරි ටික දෙපාර නටනකොට, අනිවා බාන්න ඕන!

3. අලකොළ ව්‍යාංජනය 

අලකොළ… වැස්ස කාලෙදි සාමාන්‍යයෙන් නොකන කෑමක්. කෑවත් කන්නෙ කඩලා, හෝදලා, දුමේ හරි වේලෙන්න තියලා. නැත්නම් සාමාන්‍ය දවසකට නම්, සෝදලා වතුර බේරෙන්න තිබ්බාම ඇති.

මුලින්ම අලකොළ මෝරපු දඬු කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සෙ හීනියට ලියා ගන්නත් ඕන. ලියලා… භාජනයකට දාලා, ඒකටම දාගන්න පොඩියට කපපු රතුලූනු, සුදුලූනු, රම්පෙ, කරපිංචා එක්ක දියකිරි. දාලා මදගින්නෙ ලිප තියන්න. තියලා අනික් පැත්තටම අඹරාගත්තු ගොරකා, මිරිස්, කහ, තුනපහ එකතු කරන්න. කරලා හොඳට හැඳි ගාන අතරට දියකිරි බාගෙට හිඳෙද්දි මිටි කිරි දැම්මා… තියෙනව නම් උම්බලකඩ ටිකකුත් ලියලා දැම්මා, පදමට ලුණු එකතු කළා… මිටිකිර හිඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෑවා…

ආහ්… මේක කන්න පංකාදුවට ගැලපෙනවා රතු බතක් හොඳද.

4. පැ​ළ මුං තෙම්පරාදුව

පැළ මුං හදාගන්න විදිය දන්නව නේ? හරිම ලේසියි වැඩේ. මුං ඇට ටිකක් හෝදලා, ගරලා බොල් අයින් කරලා වතුරෙ දාලා තියන්න. වරුව දෙක යද්දි මොටෙයි ඇදෙන්න ගන්නවා. අන්න ඊට පස්සෙ ඒකෙ වතුර පෙරලා… වෙනමම පෑන් එකක බටර් ටිකක් රත් කරගන්න, මුං ටික ලාවට බැදගන්න. කරගෙන මුං පදමට බැදෙද්දී… මුං ටික පෑන් එකේ පැත්තකට කරලා තෙලට දාන්න කෑලි මිරිස්, ඉඟුරු සුදුලූණු තළලා, බැදපු තුනපහත් දශමයක් වගේ. ඒ එක්කම කරපිංචා කොළ ටිකක් එහෙමත් දාන්න. දාලා සුවඳ ගහද්දි ඉතින් සියල්ල කලවම් කරලා බාන්න පුළුවන්. එහෙම නැත්නම්… අර මිරිස් අඩුම කුඩුම ටික බැදෙද්දි ඒකට බිත්තරයක් කඩලා දාලා, කැරලි වෙන්න හැඳිගාලා… දිය කිරෙන් නටවල ගන්නත් පුළුවන් ඈ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

Mount Lavinia Hotel Hosts Traditional Tree Lighting Ceremony, Welcomes the Christmas Season with Festivities and Special Offerings

Mount Lavinia Hotel welcomed the festive season in grand style with its traditional Annual Tree

Trending

From Dusk Till Dawn: The Visionary Behind Sri Lanka’s nightlife revolution

By Vimasha Weerawansha  If you’re into nightlife and crave bold, unforgettable flavors, Sheran de Fonseka’s

Highlights Trending

Shangri-La Colombo Ushers in the Festive Season with a Spectacular Christmas Tree Lighting Ceremony

The festive spirit came alive at Shangri-La Colombo as the hotel hosted its much-anticipated Christmas

Trending

Discover Global Tastes: A Flavorful Adventure at The Kingsbury Buffet

By Sharon Nonis The Kingsbury Colombo offers one of the finest buffet experiences in the

Trending

Authentic Fusion Paella at Ocean

From November 5th to 30th, Ocean at The Kingsbury, invites guests to enjoy an authentic

Trending

Radisson Hotel Kandy Achieves Safehotels Certification

Radisson Hotel Kandy joins Radisson Blu Resort Galle and Radisson Hotel Colombo in proudly achieving

Trending

Yamu Guide.

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide