හවස 4.20ට ‘හඳට යන’ රොකට් එක.

420 කියන්නෙ ලංකාවේ ගොඩක් දෙනකුට අලුත් දෙයක් වුණාට 420 සමරන හේතුව නම් ගොඩක් දෙනකුට අලුත් නැතුව ඇති. ඒ තමයි ගංජා!

අැයි 420?

420 සැමරුම පටන්ගන්නෙ 1970 දශකයේ කැලිෆෝනියාවේ හයිස්කූල්වල කියල තමයි කියන්නෙ. දැන් වගේ නෙවෙයි, ඒ කාලේ ගංජා කියන්නෙ ලෝකේ හැමතැනම වගේ තහනම් මත්ද්‍රව්‍යයක්. 1971 දි කැලිෆෝනියාවේ සැන් රෆායල් හයිස්කූල් එකේ කොල්ලො කෙල්ලො ටිකකට හම්බ වුණා අතින් ඇඳපු මැප් එකක්. ඒකේ තිබුණේ ඒ කිට්ටුව තිබුණ කියන ගංජා හේනකට යන පාර. ඉතිං කට්ටිය ඉස්කෝලෙ ඇරුණට පස්සෙ හවස 4.20ට සෙට්වෙනවා මේ හේන හොයාගෙන යන්න.

මේ කියන හේන එයාලට කවදාවත් හොයාගන්න බැරිවුණත් ඒක හොයන්න යන එන ගමන් කට්ටිය තමන්ගෙ ළග තිබුණු ගංජා බෙදාහදාගෙන ගහන්න පුරුදු වුණා. හේන හොයන වැඩේ අතෑරල දැම්මත් හවස 4.20ට සෙට්වෙන එකත් එක්ක “420” කියන ඉලක්කම ගංජාවලට පාවිච්චි වෙන කෝඩ් එකක් බවට පත් වුණා. මේකෙන් තමයි පස්සෙ කාලෙක හතර වෙනි මාසේ 20 වෙනි දා ගංජා සැමරුම් දිනය බවට පත්වෙන්නෙ.

පත්තුකරන නැකත?

ලෝකේ පුරා එකඑක අය එකඑක විදියට 420 සමරනවා. කලිනුත් කීව වගේ ඒ කාලේ ගංජා කියන්නෙ ඇමරිකාවේ තහනම් මත්ද්‍රව්‍යයක් නිසා, එහේ තිබුණු කවුන්ටර්-කල්චර් ව්‍යාපාරවල අය, තමන්ගේ ක්‍රමවිරෝධයේ ප්‍රකාශනයක් විදියට ගංජා පාවිච්චි කළා. පස්සෙ කාලෙක ගංජා නීතිගත කිරීම ගැන කතාබහත් එක්ක 420 සැමරුම ඊට වඩා විවෘත එකක් බවට පත් වුණා. ගංජාවල තියෙන ඖෂධීය සහ අනිත් ගුණ ගැන කතාකරන්නත්, තාමත් ගංජා තහනම් පැතිවල ගංජා නීතිගත කිරීමේ උද්ඝෝණවලටත් සමහරු 420 සැමරුම යොදාගන්නවා. තවත් සමහරු යාළුවොත් එක්ක, එහෙමත් නැත්නම් තනියම ජොයින්ට් එකක් ගහලා, පැණිරස දේවල් එහෙම කාලා, ස්ටෝනර් මූවි එකක් එහෙම බලලා 420 සමරනවා.

ගංජා නීතිගත කරලා තියෙන පැතිවල නම් කට්ටිය ලොකු ගංජා පාටි දාලා 420 සමරනවා. ඒ පැතිවල සමාගම් නත්තලට, වැලන්ටයින් එකට, සිංහල අවුරුද්දට වගේ 420යටත් ඩිස්කවුන්ට්, තෑගි තරග වගේ දේවල් පවත්වන්න පටන්අරන්.

ලංකාව ඉන්දියාව වගේ රටවල අවුරුදු දහස්ගාණක් තිස්සේ ගංජා පාවිච්චි වුණත් ඉංග්‍රීසි නීතියත් එක්ක ඒක තහනම් වුණා. අපට තහනම ගෙනාපු යුරෝපේ සහ ඇමරිකාවේ ගංජා තහනම මේ වෙද්දි අයින් වෙමින් තිබුණත් අපේ රටේ තාම ගංජා තහනම්.

Image: www.cannabischapellv.com

ලංකාවේ 420

හැබැයි ලෝකයේ ගංජා සම්බන්ධ ව තියෙන නීති වෙනස්වීමත් එක්ක වාණිජ බෝගයක් හැටියට ලංකාවෙත් ගංජා වවන්න යන කතාවක් පහුගිය කාලේ ආවා. ඒ වගේ ම ආචාර්ය වසන්ත සේන වැලිඅංගගේ ගේ, “ත්‍රෙලෝක්‍යවිජයා” වගේ පොතපත සහ මේ ගැන අලුතින් සිද්ධවෙන හැදෑරීමුත් එක්ක ලංකාවෙත් ගංජා ගැන කතාබහ ටිකක් අලුත්වෙලා තියෙනවා.

මේකත් එක්ක, මෙච්චර කල් හොරෙන් කෙරුණු 420 සැමරුම්වලට අමතර ව, එළිපිට මේකේ තියෙන ගුණාගුණ ගැන කතාකරන්නත්, ගංජා සම්බන්ධ ව ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ගෙනාපු නීති සහ වැරදි මත වෙනස් කරන්නත් ලංකාවේ 420 සැමරුම යොදාගන්න පටන් අරන්.

ලෝකේ ගංජා නීතිගත කරපු පැතිවල ජීවත්වෙන අයට හිතේ හැටියට මේක සමරන්න පුළුවන් වුණත් ලංකාවේ තාමත් මේක නීති විරෝධී නිසා අද හවස 4.20ට ජොයින්ට් එකක් පත්තු කරලා 420 සමරන්න කියලා කියන්න අපට බෑ. හැබැයි ඉතිං නීතියෙ මොනව තිබුණත් තමතමන්ට ඕන විදියට 420 සමරන අයට එහෙම කරන්න එපා කියන්න අපි කවුද? ඉතිං ලෝකේ කොහෝ ඉඳන්, කොයි විදියට සැමරුවත්, සමරන, නොසමරන හැමෝටම ආතල්ජනක 420යක් වේවා!

Cover Image: PinnapleExpress ( 2008) Move poster 
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide