බත් එකට කටගැස්මක් ඕනමද? ගෙදරදි ලේසියෙන්ම හදාගන්න කියාපු සුපිරි කටගැස්ම 5ක්.

“අම්මේ…

අර ලුණු දෙහි බෝතලේ කොහෙද…?”

කරවල හොද්දක්, ධාන්‍ය ව්‍යංජනයක් හදපු දාට ගොඩක් ගෙවල්වල අනිවාර්යයෙන්ම වගේ ඇහෙන කතාවක්. මොකද කිරි, තුනපහ රසත් එක්ක ඇඹුලට රහට හැදුණු කටගැස්මක් හැර වෙන ගැලපෙන දෙයක් නැති තරම්නෙ. හැබැයි ඉතින් අද කාලෙ, කාර්යබහුල ගෙවල්වල නම් කටගැස්ම භාවිතාව සෑහෙන්න අඩුවෙලා. වෙන දෙයක් නිසා නෙවෙයි, වර්තමාන බිරින්දෑවො ඕව හදන හැටි දන්නෙ නැති නිසා. අනික, පොත පතකින් බලාගෙන හැදුවත් ‘ගමේ රහ’ ගන්න බෑනෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, ගමේ රහත් හොඳ හැටි තියෙන්න, සුපිරි කටගැස්මක් ගෙදරදිම හදාගන්න පුළුවන් ක්‍රම ටිකක් ඔයාලට කියන්න. මේකට ඉතින් අම්මා, බිරිඳ ගෙදර ඉන්නම ඕන කියල එකකුත් නෑ. මොකද, ඔය කාට වුණත්, තනිතනියම හදාගන්න පුළුවන්නෙ.

කෙසේ වෙතත්, බත් එක රස නැතිදාට, තලු මර මර කන්න නම්, මේ කටගැස්ම ටික මසුරන් වටීවි.

1. දැවටූ පපඩම්

නොම්මරෙ එකේ කටගැස්ම. හරියට ඔය හොට් බටර් එකඑක එව්වා වගේ. ලුණු ගම්මිරිස් ටිකක් දාලා ගත්තාම බෝතලයක් ගහන්න වුණත් කියාපු. හදාගන්නත් හරි ලේසියි. ඉස්සෙල්ලම පපඩම් හීනියට ඉරා ගන්න, සාමාන්‍යයෙන් ඇඟිල්ලක් තරම් සයිස් එකට වගේ. ඊට පස්සෙ උතුරන වතුර එකකට දාලා හරි, වතුර දාලා ලිපේ තියෙල හරි තම්බ ගන්න. ඊට පස්සෙ ලුණු, මිරිස් කුඩු, කහකුඩු මිශ්‍රණයක පදම් කරලා, බිත්තර සාරුවල ගිල්ලල, පාන් කුඩු දවලට බැදගන්න තියන්නෙ. ආයෙ කියල වැඩක් නෑ ඉතින්, රස පදමට ලුණු, ගම්මිරිස් කුඩු ටිකක් දාලා ගත්තාම ගමකට කතහැකි.

2. ලුණු මිරිස් බැදුම

සාමාන්‍ය මිරිස් බැදුම වගේ නෙවෙයි. මේක ඇවිල්ලා රියල් කටගැස්මක්. අද කාලෙ ගෙවල්වල මේ මිරිස් බැදුම හැදෙන්නෙ නැත්තෙ වැඩි හරියක්ම ලුණු පොල්කටු නැති නිසා.

ඒකට කමක් නෑ. අහගන්නකො,

මේක හදන්න ඉස්සෙල්ලම ගන්න වේලපු මිරිස් කරල් ටිකක්. අරගෙන, මැද්දෙන් පොඩි පලුද්දක් දාන්න. වෙන් නොවෙන ගාණට දෙකට ඉරුව නම් හරි. ඊට පස්සෙ ඒ ටික ලුණු, විනාකරි මිශ්‍ර වතුරෙ දාන්න ඕන. දවස් ගාණක් හරි පදම් වෙන තරමට තමයි රස වැඩි වෙන්නෙ. බැදල කරල ගත්තට පස්සෙ ඉතින් කරලක් ඇති බත් එකම කන්න.

3. බිත්තර ෆ්‍රයිස්

තම්බපු බිත්තර කාලා කාලම එපා වෙලාද. එහෙනම් ඊළඟ දවසෙ තම්බපු බිත්තරය මේසෙට ආවාම, ඒක අරගෙන දෙකට පළල කහමදය අයින් කරල, ඇඟිල්ල තරම් වගේ තීරු කපා ගන්න. ඊට පස්සෙ බටර් හරි මාගරින් හරි ඝනකමට තවරල, බිස්කට් කුඩු දවටල, ගැඹුරු තෙලේ බැදගන්න. එහෙම නැත්නම් අවන් එකේ බේක් කරගන්න වුණත් පුළුවන්. කොහොම වුණත් කෑමට ගන්න කලින් නම් රස පදම බලල ලුණු, ගම්මිරිස් ටිකක් දාගන්න වෙනව.

4. කරවල සම්බෝලය

ෂහ්!, මතක් වෙද්දිත් කටට කෙළ උනනව. ව්‍යංජන නැතත්, බතක් කන්න කියාපු සම්බෝලෙ.

හදාගන්නත් ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ කට්ට කරවල කෑල්ලක් අරගෙන, හෝදල කරල හීනියට ලියා ගන්න එක. ඊට පස්සෙ ඒ ටික කබලෙ දාලා බැද ගන්න. දර අඟුරු අස්සෙ දාලා පුච්ච ගන්න පුළුවන් නම් තවත් හොඳයි.

කරවල කෑලි එහෙම බැදෙද්දි, භාජනයක් අරගෙන ඒකට පොල් බෑයක විතර මිටි කිරියි, ලියා ගත්තු ලූණු, අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණුයි දාලා මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණයට පුච්චපු කරවල කෑලි ටික දාලා හොඳ හැටි අතගා ගත්ත නම් සම්බෝලෙ හරි. හැබැයි රස පදමට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න නම් අමතක කරන්න එපා.

5. ග්‍රිල්ඩ් සුදුලූණු

අඩිය ගහන කට්ටියට නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්. මොකද ගොඩක් බයිට් කඩවලත් මේව තියෙනවනෙ. හුඟදෙනෙක් නොකෑවට මේක ඇඟට නම් හොඳයි. ඒත් බත් පිඟානට හදද්දි පොඩි පොඩි වෙනස්කම් ටික කරන්න තියෙනව.

විශේෂයෙන්ම, සුදුලූණු ගෙඩිය දර අඟුරු අස්සෙ දාලා තමයි පුච්ච ගන්න ඕන. මොකද තෙලෙන් බැද්දට ලූණු බික් හරියට තැම්බෙන්නෙ නෑ. ඒ හැරුණාම, පොතු ඇරලා ඉවර වෙලා තමයි ලුණු, මිරිස් කුඩු එකතු කරන්න ඕන. ආයෙ ඉතින් රස ඩබල්.

අපි ඔය 5ක් කිව්වට ඔයාලා ගෙවල්වල හදන තව තව ටේස්ට්ස් ඇතිනෙ. ඒව හදන විදියත් එක්ක කමෙන්ට් කරන්න පුලුවන් වුනොත් අපේ අනිත් යාළුවොත් බත් එක රස කර ගනීවි. අනික අපිත් ආසයිනෙ නොදන්න කෑම හදල බලන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

An ideal dinner date spot in Colombo – Ward 7

By Shamrina Carim Are you struggling to decide where you could have a decent fancy

Kamu

Reaching new heights at Virticle by Jetwing’s rooftop bar & restaurant

We were so excited to go to the highest rooftop bar & restaurant in Colombo

Highlights Kamu

Trending.

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Celebrate Father’s Day with your Super Dad at Hilton Colombo!

Looking to express your gratitude for the superhero of your household this Father’s Day? Hilton

Trending

Yamu Guide.

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide

How Bio Oil reduces scars

By Shanali Fernando Still curious about this little pink bottle of magic and what it

Highlights Yamu Guide