බොන එකේ ගුණාගුණ ගැන ‌කවුරුත් කියන ‌බොරු කතා 5ක්.

අපේ කට්ටිය බොන්න ගියා ම එක එකාට එක එක ප්‍රශ්න. සමහරු සුදුපාට අරක්කු ජාති බොන්නෙ නෑ. සමහරු කැමති නෑ අරක්කු, බියර් කලවමේ බොන්න. ඉතිං හැමෝටම සෙට්වෙන බීමක් හොයාගන්න එක ලේසි නෑ.

හැබැයි බොන ජාතිවල ගුණාගුණ ගැන අපි හැමෝම වගේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව විශ්වාස කරන මේ කතාවල ඇත්තක් තියෙනවද?

1. කලවම් කරගන්න එපා

අරක්කු ජාති කීපයක්, එහෙම නැත්නම් අරක්කුයි බියරුයි කලවම් වෙන එකට ගොඩක් අය බයයි. එහෙම කලවමේ බොන එකෙන් අම්බානට වදිනව වගේ ම පහුවදාට අමාරු වෙනව කියල අදහසක් ගොඩදෙනක්ට තියෙනවා. තවත් සමහරු කියනවා මුලින් අරක්කු බීලා පස්සෙ බියර් බීවට අවුලක් නෑ, හැබැයි මුලින් බියර් බීලා ඊට පස්සෙ සැර ජාතියක් බීවොත් බඩු බනිස් කියලා.

හැබැයි නිව්යෝර්ක් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය රෝෂණී රාජපක්ෂ කියන විදියට නම් මේ කතාව කිසිම එකකට වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නෑ. බීම ජාතිය මොකක් වුණත් ඒවායේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණයයි, බොන අතර කන බයිට් වර්ගයි මිස බොන්නෙ බියර්ද, විස්කිද, වයින්ද, අරක්කුද කියන එක අදාළ වෙන්නෙ ම නෑ.

හැබැයි ඇල්කොහොල්වලින් ඇඟ වේලවන හින්දා බොන අතර වගේ ම බීවට පස්සෙත් වැඩිපුර වතුර බොන එකෙන්, පහුවදාට හැංග්ඕවර් එකක් එන්න තියෙන ඉඩ අවම කරගන්න පුළුවන්.

2. බියර් බඩ

හැම සෙට් එකක ම “බියර් බඩ” තියෙන එකෙක් ඉන්නවා. හැබැයි මේ තඩි බඩ එන්නෙ බියර් නිසාමද?

කැලිෆෝනියා ඩේවිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චාල්ස් බෙම්ෆෝත් කියන විදියට නම් මේකත් පට්ටපල් මිත්‍යාවක්.

කැලරි තියෙන ඕනෑම කෑමක් හෝ බීමක් ඕනවට වඩා කෑවොත් හෝ බීවොත් ඒහෙන් බඩ එන්න පුළුවන්. බියර් කියන්නෙත් බීමක් නෙ. ඉතිං බියර් හෝ වෙන ඕනම දෙයක් බඩ පැලෙන්න කනව බොනව නම් ඒකෙන්  බඩ එන්න පුළුවන්. ඒ කියන්නෙ අපි කන බොන, බත්, පාන්, මස්, මාළු, තේ, පලතුරු බීම, බියර්, අරක්කු, වයින් මේ හැම එකක ම තියෙන කැලරි එකතුවෙලා තමයි මේ බඩ එන්නෙ. බියර්වලින් කියල වැඩිපුර විශේෂයක් වෙන්නෙ නෑ.

ඉතිං තමතමන් වැඩිපුර කන්නෙ බොන්නෙ මොනවද කියල පොඩ්ඩක් හිතල බලල ඒව ටික ටික අඩු කරලා, ව්‍යායාම එහෙම ටිකක් කළාම බඩු අඩුකරගන්න පුළුවන්.

3. නින්දට කලින් පොඩි ෂොට් එකක්

රෑට පොඩි ෂොට් එකක් දාගත්තම හොඳට නින්දයනවා කියන එක ගොඩක් දෙනෙක් අත්දැකීමෙන් ම දන්න දෙයක් නෙ. ඇත්තට ම ඇල්කොහොල්වලින් ඇඟේ මාංශපේශි රිලැක්ස් කරලා නිදිමත ගතියක් ඇතිකරනවා තමයි. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ෂොට් එකක් දාගත්තම ඉක්මණට නින්ද ගියාට මොකද, ඒ නින්ද වැඩිවෙලා අල්ලලා හිටින්නේ නෑ. ඉතිං මුල් පැය කීපය හොඳට නින්ද ගියාට පාන්දරට සැරෙන් සැරේ ඇහැරෙන්න බලනවා වැඩියි. අනිත් එක ඇල්කොහොල්වලින් ස්ලීප් සයිකල් එකත් අක්‍රමවත් කරන නිසා නින්දෙන් අපේ ශරීරයට ලැබෙන්න ඕන විවේකය හරියට ලැබෙන්නෙ නෑ.

කොහොම වුණත් ඊශ්‍රායල බෙන් ගුරියෝන් විශ්වවිද්‍යාලයේ කරපු පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා රෑ කෑමත් එක්ක රෙඩ් වයින් එක වීදුරුවක් විතරක් බොන අයට, වතුර විතරක් බොන අයට වඩා හොඳට නින්ද යනවා වගේ ම ලේවල කොලස්ටරෝල් සහ සීනි මට්ටම අඩුකරනවා කියලා. හැබැයි එක වීදුරුවයි!

4. කොච්චර බීවත් කමක් නෑ, හොඳට කනව නම්

කොච්චර බීවත් කෑවට පස්සෙ හොඳට කනව නම් අවුලක් වෙන්නෙ නෑ කියන එකත් ගොඩදෙනෙක් කියන කතාවක්. හැබැයි මේකෙත් පොඩි කේස් එකක් තියෙනවා.

 ඇත්තට ම බීවට පස්සෙ තෙල්, මිරිස් වැඩිපුර දාපු කෑම ගොඩක් කෑවොත් ඒවා ඇල්කොහොලුත් එක්ක කලවම් වෙලා බඩේ දැවිල්ල වගේ දේවල් එන්න පුළුවන්.

හැබැයි ඉතිං හිස්බඩ බොන්නෙ නැතුව, බොන්න කලින් හොඳට බඩ පිරෙන්න මොනව හරි කනව නම්, පොල්ලෙං ගැහුව වගේ එකපාර වදින එක වගේම පහුවදාට එන ඇඟේ අමාරුවත් අඩුකරගන්න පුළුවන්.  

5. සුදුවා සහ රතුවා

සමහරු ජින්, වොඩ්කා, වයිට් රම් වගේ සුදුපාට (අවර්ණ) බීම ජාතිවලට වැඩිය කැමති නෑ. ඇඟ වේළවනවා, ඔළුවෙ කැක්කුම එනව වගේ එක එක අයට එක එක හේතු තියෙනවා.

මෙහෙමයි, තද පාට බීම ජාතිවල ප්‍රතිඔක්සිකාරක, ෆ්ලෙවනොයිඩ්, පොලිෆෙනොල් වගේ දේවල් වැඩිපුර තියෙන නිසා ඇඟට හොඳයි. හැබැයි ඒ වගේ ම තමයි කොංජෙනර්ස් හෙවත් අරක්කු පෙරද්දි හැදෙන අනවශ්‍ය  රසායනිකත් ප්‍රමාණයත් තදපාට බීමවල වැඩියි. පහුවදාට එන ඔළුවෙ කැක්කුමට හේතුවෙන එක දෙයක් තමයි මේ කොංජෙනරල්ස්.

එක එක බීම ජාතිය පෙරන විදිය අනුව මේ ගුණාගුණ අඩුවැඩි වෙන්න පුළුවන්. එහෙම නැතුව සුදු එක අවුල, රතු එක හොඳයි වගේ හැම බීමටම හරියට සරල සූත්‍රයක් නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide