බලන්න..
හැම අළුත් අවුරුද්දකටම කෑම මේසෙට එන කෑම ටික පොඩ්ඩක් වෙනස් කරන්න!
1. බත්ගුලි
ගොඩ දෙනෙක් දන්නවත් ඇති මේක. හැරත් අම්මල, ආච්චිල එහෙම නම් අනිවා දන්න කෑමක්. කමක් නෑ එත් ආපහු කියන්නම්කො. ඔයාලා උයන බත් තියෙනව නේ.. ඒවා කාගන්න බැරුව ඉතුරු වෙනව නේ.. සමහර වෙලාවට හීල් බතටවත් කාගන්න බැරුව.. අන්න ඒ බත් ටික.. අරගෙන හොඳට හෝදල කරල, මේ දවස්වල තියෙන මේ ගිණි අව්වෙ කර කුට්ටං වෙන්න වේල ගන්න. දවස් 2, 3ක් හරි කමක් නෑ. ඊට පස්සේ ඒ ටික වංගෙඩියෙ හරි, ග්‍රයින්ඩරේ හරි දාලා හොඳහැටි පිටි වෙන්න කොටා ගන්න. කොටාගෙන ඉතින්.. ගෙදර අයට ඇතිවෙයි කියල හිතෙන ගාණක් භාජනයකට අරගෙන.. පොල්, සීනි, නැත්නම් කිතුල් පැණි එහෙම නම් පංකාදු පහයි, ලුණු වතුරත් පදමටම දාලා ගුලි හදාගන්නයි තියෙන්නෙ. ආයෙ මොනවද ඉතින් තේ වෙලාවට?
2. කොස් මදුලු කට්ලට්
සුප්ප කෑමක් තමයි. හැබැයි මේකටත් මුලින්ම ඕන කටු අයින් කරපු හොඳ කරවල කෑලි ටිකක්. අරගෙන.. පොඩි පොඩියට කපල හොඳට සැර තියෙන්න තෙල් දාගන්න, පොඩීයට කපපු අල ටිකකුත් එක්කම. අනිත් එක ඒකට ලූණු අඩුම කුඩුමත් ඇති වෙන්න දාන්න හොඳද. ඒ අතරට.. කොස් මදුලු ටිකක් එක පැත්තකින් පලල, ඇටේ අයින් කරල මැද හිස් කරගන්න. හිස් කරල ඒ ටිකත් හොඳහැටි තම්බගන්න ඕන. තම්බලා.. අන්තිමටම, අර කරවල තෙල් දැමුමෙ අල ටිකත් හැන්දෙන්ම පොඩි කරල, කරවලත් එක්ක මික්ස් කරල තම්බපු කොස් මදුලු වලට පුරවගන්නයි තියෙන්නෙ. ඊට පස්සේ මදුලු ටික කැමති නම් පෑන් ෆ්‍රයි කරන්නත් පුලුවන්. නැත්නම් දවටල බදින්නත් පුලුවන්. නැත්නම් ග්‍රිල්ඩ් කරන්නත් පුලුවන් හ්ම්…
3. කොස් පිට්ටු
හොඳට පැහුණු කොස් මදුලු ටිකක්.. ඉස්සෙල්ලම රෙද්දක ඔතල උතුරන වතුරෙ විනාඩි 5ක් විතර තම්බලා හොඳට වේලන්න. වේලල වංගෙඩිය දාලා කෙටුවාම කොස් පිටි ගන්න පුලුවන්. අන්න ඒ පිටි කෝප්ප 4ක් එක්ක හීනියට ගාගත්ත පොල් කෝප්ප 2යි, කරපිංචා, ලුණු, කෑලි මිරිස්, උම්බලකඩ ඇති හැටියට එකතු කරල ඇල් වතුර ද දා අනන්න කැට වෙනකම්. ඊට පස්සේ.. ඒ කැට ටික පිට්ටු බම්බුවෙ දාලා තම්බන්නයි තියෙන්නෙ. හැබැයි.. ඒ අතරට, කරවල හොද්දක් මිරිසට හදාගන්නත් අමතක කරන්න එපා හොඳද.
4. උඩු බැලුම්
මේක දකුණු රටේ.. ප්‍රසිද්ධ රසකැවිල්ලක්. හදාගන්න ඕන කරන්නෙ හාල් පිටියි, පැණියි, පොල්, එනසාල්, කුරුඳු වගේ ටිකකුයි විතරයි. මේකෙදි මුලින්ම කරන්නෙ හාල් පිටි ටික පොල් කිරිත් එක්ක පිටි මෝලියට වගේ සෙට් වෙන්න අනල, හොඳ හැටි තලල, පොඩි පොඩි ගුලි හදල පිපෙන්න අරින එක. ඊට පස්සෙ වෙනමම හදාගන්න ඕන පැණි ටිකක් උණු වෙන්න තියල, ඒක බැදපු හාල්පිටි, එනසාල්, කුරුඳු කුඩු මිශ්‍රණයකට දාලා කවලම් කරල, හීනි කැට කැට වගේ මිශ්‍රණයක්. අන්තිමටම.. තෙල් තාච්චියක් ලිපේ තියල අර මුලින් හදාගත්ත ගුලි අතට අරගෙන හොඳට තලල, බැදල ගත්ත නම්.. එන පපඩම් වගේ ටිකක් ඝනකම් බෝලෙ, පොඩි හිලක් ගහල අර පැණි පිටි, ටික ටික පුරව ගන්නයි තියෙන්නෙ. එහෙම පුරවලා.. කිතුල් පැණි ටිකක් එක්ක… ගාගත්ත, කෑවා.. ගාගත්ත කෑවා.. ආයෙ මත්වෙනකම්ම කෑ හැකි හොඳද යාළු!
5. මඤ්ඤොක්කා කැවුම්
ඇත්තම කියනව නම් නිකම් කැවුම් හදනවට වඩා ලේසියි මේක. අනිත් එක දැනට තියෙන තත්වෙත් එක්ක අඩුම කුඩුම ටිකත් ඉතුරු කරගන්න පුලුවන්නෙ. ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නෙ.. ලොකු මඤ්ඤොක්කා අලයක් අරගෙන සුද්ද කරල, හෝදල පොඩි පොඩියට කපල, වේලල පිටි කරගන්න එක. ඊට පස්සේ.. ඒ පිටියි, කැකුළු හාල් පිටියි, කිතුල් හරි පොල් හරි පැණියි 1:1:2 අනුපාතයට මිශ්‍ර කරල හොඳ හැටි අනාගන්න. ඒකෙදි මිශ්‍රණයෙ ඝනකම වැඩියි වගේ නම් උණු වතුර ටිකක් දාලා දියාරු කරගන්නත් පුලුවන්. කොහොමහරි.. ඒක පයකට එහා පැත්තෙවත් පිපෙන්න අරින්න ඕන. එහෙම පිපුනට පස්සේ.. තල, සූදුරු ටිකකුත් එකතු කරලා.. නටන තෙලේ කැවුම් අච්චුවකුත් රත් කරලා.. කොණ්ඩකැවුම් හදන එක්ස්පර්ට් කෙනෙක්ට වැඩේ බාර දෙන්නකො. එපමණයි, අවුරුදු මේසෙ පංකාදු පහයි කියයි.