වයස් බේද නැතුව ඉගෙන ගන්න; ලෝකෙ හොඳම සටන් ක්‍රම ක්‍රම 6ක්.

‘මාර්ෂල් ආර්ට්’, සිංහලෙන් කියන්නෙ ආත්මාරක්ෂක සටන් ක්‍රම කියල. වචනෙ තේරුම ඒ හැටි ගැලපෙන්නෙ නැති වුනාට මේ ආර්ට් එකෙන් නම් අපේ ජීවිත වලට ගලප ගන්න ඕන තරම් දේවල් තියෙනව. හික්මීම, විනය වගේම ආරක්ෂාව කියන්නෙත් ඒ අතරෙ උඩින්ම තියෙන දේවල්. එතනින් එහාට ගියාම හිතේ ඒකාග්‍රතාවය රැක ගන්නත්, ඒ තුලින් වියවුල් මනස සරිකර ගන්නත් හරිම ලේසියි.

ඔය වගේ කාරණා නිසාම තමයි වර්තමානය වෙද්දි ගොඩ දෙනෙක් මේ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට පෙළඹිලා තියෙන්නෙ. උදාහරණයක් විදියට ගත්තොත් ‘යෝග භාවනා’ ට්‍රෙන්ඩ් එක හඳුන්වන්න පුලුවන්. හැබැයි වැඩේ තියෙන්නෙ අපේ රටවල්වල තියෙන අවිධිමත් සංස්කෘතිය නිසා ‘යෝග’ නෙවෙයි ‘ආනාපානසතිය’ වැඩුවත් සමාජයට ගියාම මනස වියවුල් වෙන ගතිය සෑහෙන්න වැඩියි. ඇයි ඉතින් අසාධාරණය ඉහටත් උඩින්නෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අසාධාරණයට එරෙහිව නැගිටින්න උවමනා අයට එහෙමයි, හැම දේම ඉවසා වදාරන්න ඕන අයට එහෙමයි, ගන්න පුලුවන් ක්‍රම වේදයක් කියන්න. නිකම් නෙවෙයි, ඒ ක්‍රමවේද වෘත්තීය වශයෙන් පවා හදාරන්න තියෙන තැනුත් එක්කම.

එහෙනම් ඉතින් හොඳ එකක් අල්ලල පටන් ගමුකො බලන්න කට්ටියත් එක්ක. ආයෙ ගලේ කෙටුව වගේ කිව්වහැකි, ජීවිතේට පාඩුවක් නම් වෙන වැඩක් නෙවෙයි මේක.

1. Krav Maga

මෑත ඉතිහාසයේ බිහිවුනු අති බිහිසුණුම සටන් ක්‍රමයක්. ඊශ්‍රායලයෙ, ඉම්රිච් ලිචෙන්ෆෙල්ඩ් කියන පුද්ගලය අතින් තමයි මේකෙ උත්පත්තිය සිද්ධ වෙන්නෙ. මේ සටන් ක්‍රමයෙ බිහිසුණු බව කොච්චරද කියනව නම් මේක ‘ආර්ට්’ එකක් විදියටවත් ‘ස්පෝර්ට්’ එකක් විදියටවත් හඳුන්වන්නෙ නැති තරම්. මොකද මේකෙදි පුරුදු පුහුණු කරන්නෙ කෙටි වේලාවක් තුල, පහර දීම් පොඩි ගණනකින් සතුරව අඩ පණ කරන විදිය. ඒ පහර දීම් සතුරගෙ දුර්වලම තැන් ඉලක්ක කරගෙන සිද්ධ වුනාම බාග වෙලාවට සතුරගෙ පණ නැතිම වෙලා වුනත් යන්න පුලුවන්. කොහොම වුනත් කියන්න සන්තෝසයි, ‘මික්ස් මාර්ෂල්’ ඝනයට අයිති මේ සටන් ක්‍රමය ලංකාවෙත් ඉගෙන ගන්න තියෙනව. හැම තැනම නෙවෙයි, Sri Lanka Krav Maga, Kapap Lanka Intitute, IKMF, kravmagasrilanka.com වගේ තැන් වල.

2. Muay Thai

තායිලන්තයෙ බිහිවුනු සුපිරි ගණයේ සටන් කලාවක්. 1800 ගණන් තමයි මේ කලාවෙ ස්වර්ණමය අවධිය වෙන්නෙ. මේක තායිලන්තයෙ ජාතික ක්‍රීඩාව විදියටත් හඳුන්වනව. ‘තායි කික් බොක්සිංග්’ කියන්නෙත් මේකටම තමයි. සටන් ක්‍රමයක තියෙන්න ඕන හැම ගුණාංගයකින්ම හෙබි මුආ තායි, ‘බාහු අටේ විද්‍යාව’ කියන අපූරු වචනෙන් තමයි ලෝකෙට එන්නෙ. ‘පහර දීම්’ වලින්ම නිර්මාණය වුනු මේ සටන් ක්‍රමයෙ තියෙන අමුතු ලස්සන නිසාම පහුගිය කාලෙ ඇතුලත, ලංකාවෙත් මුආ තායි සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. එහෙනම් මතක තියා ගන්නකො ලංකාවෙ මුආ තායි ඉගෙන ගන්න තියෙන තැන් ටික. Muay Thai Sri Lanka, Muay Thai Centre

3. Tae Kwon Do

කකුලෙන් වැඩ දාන තවත් සුපිරි සටන් ක්‍රමයක්. කොරියාවෙන් තමයි මේ සටන් ක්‍රමය ලොවට දායාද වෙන්නෙ. පහර දීම් වගේම වැළැක්වීම් වලිනුත් හොඳ හැටි සමන්විත ටයික්වොන්ඩු, සමබරතාවය ඉහලින්ම අගයන ක්‍රීඩාවක්. ඒ වගේම හරි අපූරු කලාවක්. හැරත් ගොඩ දෙනෙක් මේ තුලින් විනය, හික්මීම වර්ධනය කරගන්නත් පෙළඹෙන නිසා අපේ රටේ ඉස්කෝල වල පවා දැන් දැන් ටයික්වොන්ඩු තියෙනව. ඉතින් ටයික්වොන්ඩු ඉගෙන ගන්න කැමති අය ඉන්නව නම් මේ තැන් වලට සෙට් වෙන්න. Sri Lanka Tae Kwon Do Association, Sri Lanka Tae Kwon Do Federation

4. Kung Fu

චීනයේ නිර්මාණය වුනු සුපිරි නිර්මාණ අතරින් උඩින්ම තියෙන එකක් තමයි කුං ෆු කියන්නෙ. ඒක සටන් කලාවක් වගේම ක්‍රීඩාවක්. එ් වගේම තමයි කුං ෆු ලෝකයේ පැරණිතම සටන් කලා අතරින් එකක්. ක්‍රි. පූ. 2600කට එහා ඉතිහාසයක් කුං ෆු වලට තියෙනව. හැබැයි කවුරුත් දන්න කියන ෂැවොලින් හාමුදුරුවරු කුං ෆු වලට එන්නෙ ඔය කියන අවධියෙ. බිහිසුණු නොවන, ඒත් අතිශය සුන්දර වන ‘මික්ස් මාර්ශල් ආර්ට්’ ගණයට වැටෙන කුං ෆු වල තියෙන විශේෂත්වය තමයි අනිත් බොහෝමයක් සටන් ක්‍රම වලට වඩා, මනස එක්ක ගණුදෙනු කරන එක. ඒ නිසා ගතයි හිතයි දෙකම කැටි කරල සුපිරි වැඩක් ගන්න කැමති අයට මෙන්න, ලංකාවෙ කුං ෆු ඉගෙන ගන්න තියෙන තැන් ටික. Sri Lanka Shaolin Kung Fu School, Sri Lanka Chinese Kung Fu Academy, Sri Lanka Kung Fu School

5. Wing Chun

මේකත් චීන නිර්මාණයක්. වින්ග් චන් වල තියෙන විශේෂත්වය තමයි වේගය. අධික වේගයකින් පහර එල්ල කරන්න වගේම එක පහරක් වලක්වන ගමන් අනිත් පහර එල්ල කරන්න, එතකොට ඒ පහර සතුරාගෙ දුර්වල තැනකට එකවර ඉලක්ක කරන්න, තමන්ගෙ ඇඟේ තියන මුලු බලයට ආසන්න බලයකින් පහර එල්ල කරන්න වගේ වැඩ කිඩ තොගයක් මේ සටන් කලාවෙ තියෙනව. ඒ හැරුනාම, වින්ග් චන් මිටි පුද්ගලයින්ට සෑහෙන්න වටින සටන් කලාවක් විදියටත් හඳුන්වා දීලා තියෙනව. ඉතින් මේ සුපිරි, වේගවත් සටන් කලාව ඉගෙන ගන්න කැමති අයට පුලුවන් Sri Lanka Shaolin Kung Fu School, Sri Lanka Chinese Kung Fu Academy, Sri Lanka Kung Fu School, Wing TSJun, Sri Lanka Wing Chun School වගේ තැන් වලට යන්න.

6. Aikido

ඉගෙන ගන්න ලේසි වගේම වැඩි මහන්සියක් නැතුව, ඒ කියන්නෙ සතුරා එල්ල කරන පහරෙ බලයම ප්‍රයෝජනයට අරගෙන ප්‍රති ප්‍රහාරය එල්ල කරන ආකාරය ඉගැන්වෙන අපූරු සටන් ක්‍රමයක්. වැඩි දැඟලිලි කෙරිලිත් නෑ. අත් දෙක තමයි වැඩි හරියක්ම භාවිතා වෙන්නෙ. අයිකිඩෝ වල ගොඩක්ම තියෙන්නෙ වැළැක්වීම්. හැබැයි එල්ල කරන පහර දෙක හරිම තැනට එකවර එල්ල කරන විදියත් මේ සටන් ක්‍රමයෙ අඩංගුයි. ජපානයෙන් බිහිවුනු මේ වෙනස්ම සටන් ක්‍රමය පුරුදු පුහුණු කරන්න ආස අය මෙන්න මේ තැන් වලට යන්න. Sri Lanka Aikido Association, Aikido Tai Gaku Kan Sri Lanka, Sri Lanka Aikido, Ki Aikido Sri Lanka

මේ හැරුනාම යාළුවනේ නින්ජාට්සු වගේ සුපිරි ගණයේ සටන් ක්‍රමත් තියෙනව, ඒත් අපේ රටේ ඒව ඉගෙන ගන්න හරි හමන් තැනක් තවම නෑ. එතකොට, අපි මෙතනදි නොකිව්වට කාරාටේ, බොක්සිංග් කියන්නෙත් ගොඩක් වටින කියන සටන් ක්‍රම දෙකක්. ආ… ඒක නෙවෙයි, මෙතනට ඔයාලා දන්න අපි නොදන්න සටන් ක්‍රම එහෙම තියෙනව නම් ඒවත් එකතු කරන්න ඕන. අනිත් කාරණය තමයි අපි මේ කියපු කරුණු වල වැරදි තියෙනව නම්, ඒව නිවැරදි කරන්නත් අපිට උදව් කරන්න ඕන හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide