සතිඅන්තේ උදේ ගිහින් හවස එන්න! සොබාදහම රසවිඳින්න කියාපු පුංචි කැළෑ 6ක්.

මේකනෙ අපේ ට්‍රැවල් යාළුවො වගේ හැමෝටම ලෝන්ග් වීක්එන්ඩ්වල දුර යන්න බෑනෙ. සමහර අයට රාජකාරි වැඩ. සමහර අයට ගෙදර දොරේ වැඩ. ඔය අතරෙ තවත් සමහරු ඉන්නව විභාග, අනම් මනම් අත ළඟම තියාගෙන ඉන්න.

හැබැයි ඉතින්, එහෙමයි කියල ලෝන්ග් වීක්එන්ඩ් එකක් ආවාමා විනෝද නොවී ඉන්නත් බෑනෙ. කොල්ලො කෙල්ලො සෙට් නම්, ඔය කොහේ හරි කැලෑවක්, කන්දක්, දිය ඇල්ලක් හොයාගෙන විසිට් එකක් දාලා එනව. අඩුම තරමෙ උදේ ගිහින් හවස එන්නවත්. වැඩේ කියන්නෙ, අපේ පවුල් වුණ යාළුවන්ට එහෙම බෑනෙ. එයාලට වගකීම් වැඩියිනෙ. පොඩ්ඩො එහෙම ඉන්නව නම් එ් ගොල්ලන්ව බලන්නත් ඕන. අනික කාන්තා පාර්ශවයත් ගොඩක් වෙලාවට ඔය කැලේ කොලේ ඇවිදින්න එක දකින්නෙ මහා අවදානම් වැඩක් විදියටනෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, ඔය සියලු ප්‍රශ්න වලට උත්තරයක් විදියට කොළඹ අවට තියෙන ලස්සන, පුංචි කැලෑ ටිකක් ඔයාලට කියන්න. විශේෂයෙන්ම, පාන්දරින් පිටත් වෙලා ගිහින් හැන්දැ වෙද්දි ගෙදරට එන්න පුලුවන් දුරක තියෙන. ඒ හැරුණාම ඉතින්, ගහක් යටට, ගල් තලාවක් උඩට වෙලා කෑම ටිකක් කාලා, සීතල වතුර ටිකක් නාගෙන, පොඩ්ඩන්ට ලස්සන සත්තු සීපාවො, කුරුලු කොබෙයියො, සමනල්ලු ටිකක් එහෙමත් පෙන්නල, රිලැක්ස් වෙන්නත් මේවා කියාපු තැන්!

1. Bambara Botuwa

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ පිහිටපු හරි අපූරු කැලෑවක්. ලංකාවට ආවේණික කුරුලු විශේෂ, සමනල විශේෂ, ගෙඹි විශේෂ සෑහෙන ප්‍රමාණයක් මේ රක්ෂිතයෙ ජීවත් වෙනව. ඒ හැරුනාම ශාක විවිධත්වයත් සෑහෙන්න. කැලෑ මායිමෙන් ගලාගෙන යන බඹරකොටුව ගඟත්, රක්ෂිතයට ගේන්නෙ හරි අපූරු සුන්දරත්වයක්. හැබැයි ඒ සුන්දරත්වය හරි හැටි විඳින්න නම්, ගමේ කෙනෙක් කතා කරගෙන තමයි ඔයා කැලේට යන්න ඕන. මොකද, මූකළානෙ අතරමං වෙන්න තියෙන ඉඩ වැඩියිනෙ.

කොළඹ ඉඳන් රත්නපුර, ගලබඩ හරහා වෙවෙල්වත්ත පාරෙන් ගිහින් දෙහෙන ඇල්ලත් බලාගෙනම, පහළගම පාරට දැම්ම නම් ඔයාට බඹරකොටුව ගඟ ලඟට යන්න පුලුවන්. හැබැයි ඒ ටික යන්න පැය 3ක්වත් ගතවේවි. කොහොම වුනත් එතන ඉඳන් නම් ඉතින් මග පෙන්වන්නෙක්ගෙ පිහිට තමයි.

2. Gilimale

ඡායාරූපය: Parakrama

කොළඹ, ඇහැළියගොඩ, පරකඩුව හරහා මිල්ලවිට, කඳන්ගොඩට ගිහින්, එතනින් මාලව, වලාඳුර පාරෙන් යද්දි ඔයාලට ඉස්සෙල්ලම හමුවෙන්නෙ දුම්පුස් ඇල්ල. හරි ලස්සන දිය ඇල්ලක්. ඒ වගේම තමයි වතුර ටිකක් නා ගන්න, කෑම ටිකක් කන්නත් කියාපු තැනක්. එතන ලස්සන බැලුවට පස්සෙ, ඔයා ඒ කිට්ටුව කාගෙන් හරි අහල, කැළේ ඇවිදින්න ගයිඩ් කෙනෙක් හොයා ගන්න. ඊට පස්සෙ ඉතින් බය වෙන්න දෙයක් නෑ.

කළු ගං මිටියාවතේ පිහිටල තියෙන ගිලිමලේ-එරත්න රක්ෂිතයෙත් ලොකු ජෛව විවිධත්වයක් තියෙනව. විශේෂයෙන්ම කුරුළු, සමනළ සහ ගෙඹි, සර්ප විශේෂ අතරෙ. ඒ හැරුනාම ශ්‍රී පාද රක්ෂිතයෙ තියන ශාක විවිධත්වයත් එලෙසින්ම වගේ තියෙනව. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක් ගෙනියන්න මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි ආපහු එන ගමනෙ, සිරිපා ගම පැත්තට වෙන්න තියෙන මාපනාන ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.

3. Klaugala

සද්ද බද්ද නැතුව, එක පිළිවෙලකට, විනයක් තියාගෙන ගිහින් එන්න ඕන ගමනක්. මොකද කළුගල කියන්නෙ ආරණ්‍ය සේනාසනයක්. ලෝන්ග් වීක්න්ඩ් එකේ අන්තිම දවස පෝයක් නිසා, අපි හිතනව මේ වන පියස හුඟ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි කියල. කොහොම වුනත් කළුගල ඇවිදින්න ගයිඩ් කෙනෙක් ඕන නැති එක ගැන නම් සෑහෙන්න සන්තෝසයි.

ඒත් කොළඹ, බණ්ඩාරගම, අඟුරුවාතොට හරහා උඩඕවිට, පිඹුර, බෙල්ලනට ඇවිල්ලා, එතනින් පොල්ගම්පොළ, රත්මලේ පාරෙන් හෙවැස්ස පාරට දාලා රනේපුරගොඩ-කළුගලින්, ආරණ්‍ය සේනාසනයට යන විදිය නම් හොයා ගන්න වෙනව. මේකත් පැය 3ක විතර ගමනක්. ඒත් එතනට ගියාට පස්සෙ ගමන් විඩාව ඉබේටම නිවෙන නිසා, බය වෙන්න දෙයක් නෑ. අනික, මොන සතා නැතත් මුලු වටපිටාවම කුරුල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා නිසා හිතට, ගතටත් හරිම සුවදායකයිනෙ.

4. Kottawa

හයිවේ දාලා පින්නදූවෙන් එළියට දැම්ම නම් උඩුගම පාරෙන්, අක්මීමන හරහා කොට්ටවට යන්න උපරිම පැයක් යාවි. එතන ඉඳන් කැළේ ඇතුලටත් අඩි පාර තියෙන නිසා ගයිඩ්ල හොයන්න උවමනාවකුත් නැති වේවි. කොහොම වුනත් කොට්ටව කියන්නෙ නම් කන්න බොන්න, විනෝද වෙන්නයි සතා සීපාවා, ගහ කොළ දැක බලා ගන්නයි දෙකටම කියාපු තැනක්. හොඳ, නැචුරල් ස්විමින්ග් පූල් එකක් එහෙමත් මේකෙ තියෙනව. ඒ හැරුනාම පොඩ්ඩන්ට දුවල පැනල විනෝද වෙන්නත් හොඳ හැටි ඉඩ තියෙනව.

ජෛව විවිධත්වය අතින් ගත්තාම සිංහරාජයට ගොඩක් ආසන්න නිසා ඒකදේශික කුරුළු විශේෂ, උරග විශේෂ, එතකොට ක්ෂීරපායී විශේෂත් හොඳ හැටි අධ්‍යයනය කරන්න පුලුවන්. ඒ නිසා කොට්ටව පැත්තෙ යද්දිත් අනිවාර්යයෙන්ම කැමරාවක් ගෙනියන්න.

5. Malabmure

ලස්සන දිය ඇල්ලක් එක්ක නිදහසේ දවස ගෙවන්න, යන්න මාලඹුරේ කැළෑව පැත්තට. ගමෙනුත් සෑහෙන්න ඈත වුනාට මොකද හිතේ හැටියට ජෛව විවිධත්වය අධ්‍යයනය කරන්න, ෆොටෝ ගහන්න පුලුවන්නෙ. හැරත් ගල් තලාවක් උඩට වෙලා හොඳ හැටි රිලැක්ස් වෙන්න එහෙමත් පුලුවන්.

කන්නෙලිය වනෝද්‍යාන මායිමේ පිහිටල තියෙන මේ පුංචි වනෝද්‍යානයෙත් නැති සතෙක් නැති තරම්. ඒ වගේම තමයි රූස්ස ගස් අතරෙ තියෙන බෙහෙත් පැළෑටිත්, සෑහෙන්න වටිනව. කොළඹ-මාතර හයිවේ දාලා කුරුඳුගහ හැතැප්මෙන් එළියට දැම්ම නම් එතන ඉඳන් ඔයාට ඇල්පිටිය, කටන්දොළ, අමුගොඩ හරහා පිටිගලට යන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ. පිටිගලින් මාපලගම පාරෙ ඇවිත් පොඩ්ඩිවෙල හන්දියෙන් මාලඹුරේ පාරට හැරෙව්ව නම් හරියට හරි. හැබැයි මාලමුරේ ඇල්ල පහුකරගෙන කැළේ කොළේ පීරන්න නම් ඔයාට ගමේ කෙනෙක් හොයා ගන්න වේවි.

6. Runakanda

ඡායාරූපය: Serandib

අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. දන්නෝ දනිති රූනකන්දෙ වටිනකම. බෙහෙත් පැළෑටි වගේම ගොඩාක් වටින ගස් කොළන් සෑහෙන්න ප්‍රමාණයක් මේකෙ තියෙනව. ඒ හැරුනාම ඒක දේශික කුරුළු විශේෂත් එටමයි. ගොඩක්ම ගෙඹි, සර්ප විශේෂ අධ්‍යයනය කරන්නත් රූන කන්ද කියාපු තැනක්. මාදුගඟ මැදි කරගෙන පෝෂණය වෙන මේ රූන කන්ද, මුලු මනින්ම වගේ පිහිටල තියෙන්නෙ සිංහරාජ මායිමේ. ඔය ගොඩ දෙනෙක් හොයන පහන්තුඩා ඇල්ල තියෙන්නෙත් මේ කැළේම තමයි.

කොළඹ, අගලවත්ත හරහා බදුරලියට ඇවිත් එතනින් හැඩිගල්ල පාරෙ කෙලවරටම ආව නම් රූන කන්දට පිවිසුමක් ගන්න පුලුවන්. හැබැයි කැළේ ඇවිදින්න නම් ඔයාට, කාව හරි කතා කරගන්න වෙනව.

ඒ හැරුනාම ඉතින් ඔය කොයි තැනට යද්දිත්, මතක තියා ගන්න ඕන දේවල් ටිකකුත් තියෙනව. විශේෂයෙන්ම ගෙනියන පොලිතින් හැරුනාම එහෙනුත් ටිකක් අරගෙන එන්න වගේ. එහෙම හොඳයි නේ යාළුවනේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

MSI Unveils New Laptop Lineup Featuring NVIDIA GeForce RTX 50 Series at CES 2025

Experience the Extreme Performance of NVIDIA GeForce RTX 50 Series Across 5 Different MSI Laptop

Trending

Graze Kitchen Presents “Timeless Taste of India” – An Exquisite Indian Culinary Showcase

Hilton Colombo's renowned Graze Kitchen invites guests to indulge in India's vibrant and diverse flavors

Trending

Mount Lavinia Hotel Marks “220 Years of Love” with Wedding Offers and NTB Amex Partnership

Mount Lavinia Hotel, Sri Lanka’s most iconic destination for romance, hosted an interactive briefing on

Trending

Cheers to a New Beginning: The Grand Relaunch of Cheers at Cinnamon Grand Colombo

Cinnamon Grand Colombo, renowned for its iconic hospitality experiences, proudly unveiled the newly relocated Cheers

Trending

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Santa Takes to the Skies at Occidental Eden Beruwala

Occidental Eden Beruwala, the luxurious beach resort located on the pristine shores of Beruwala, recently

Trending

Yamu Guide.

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide