පාරේ හමුවන 6 Idiots.

ට්‍රැෆික්. ඇත්තටම ඇති වෙලා තියෙන්නෙ මේ ට්‍රැෆික් වෙලාවටත් පාරෙ මෝඩ විදියට හැසිරෙන අයත් එක්ක. ඉතින් මාස ගාණක් හොයල හොයල හොයාගත්තු ඒ වගේ ට්‍රැෆික් මැට්ටො 6 දෙනෙක් ගැන ඔයාලට කියන්න අපි හිතුවා.

කහ ඉරි හොරු

වාහන තදබදය තියෙන වෙලාවට මෙයාලා තරම් භයානක කිසිම කෙනෙක් නෑ. අදාල වැඩේට යන්න තියෙන හදිස්සිය නිසා මෙයාලා මාර්ග නීතිත් කඩ කරගෙන පදික මාරුව උඩ වාහන නවත්තන් ඉන්නවා. ඉතින් පදිකයින්ට පාර මාරු වෙන්න තැනක් නෑ. ඒ විතරක් නෙවෙයි සිහි කල්පනාවක් නැතුව ඉඳල යන්න පටන් ගත්ත ගමන් පාර මාරු වෙවී ඉන්න අහිංසක මනුස්සයෙක් එතනම යට වෙන්නත් පුළුවන්. පදික මාරුව නොසැලකීම ලංකාවෙ සිද්ධ වෙන ගොඩක් මරණ වලට හේතුවක් කියලත් ඔයාලා දන්නව ඇතිනෙ.

පදික මාරුව පිළිබඳ නීති රීති

  • පදිකයා පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි.
  • පදික මාරුව මත වාහන නැවැත්වීම තහනම්.
  • පදික මාරුව මත වාහන ඉස්සර කිරීම තහනම්.
  • පදිකයකු පාර මාරු වීමට බලා හිඳින්නේ නම් හෝ මාරු වෙන්නේ නම් වාහනය නැවත්වා ඉඩ දිය යුතුයි.

මං තීරු හොරු.

මෙයාලට මෝඩ තකතීරුවො කියල කියන්න පුළුවන්. මෙයාලා තමයි තමන් ගමන් කළ යුතු දිසාවට තියෙන මං තීරුවෙන් එළියට පැනලා අනිත් පැත්තට තියෙන මං තීරු දිගේ ඉස්සරහට යන්නෙ. අන්තිමට ඒ පැත්තෙන් එන අයට යන්නත් නෑ. මේ පැත්තෙන් එන අයට යන්නත් නෑ.

මං තීරු පිළිබඳ නීති රීති

  • මාර්ගයෙහි දෙපසට ගමන් කිරීමට වෙන වෙනම මංතීරු දෙකක් ඇත.
  • මං තීරු වෙන්ව ඇත්තේ කඩ ඉරකින් නම් පමණක් අනෙක් මං තීරුව භාවිතා කරමින් වාහන ඉස්සර කළ හැක.

හදිස්සි කාරයො

ඩිෆෙන්ඩර් වගේ ලොකුයි කියන වාහන හරි එහෙමත් නැත්නම් VIP කියල ගහල තියෙන වාහන හරි තමයි ‍මේ වැඩේ කරන්නෙ. ”බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ” කියල කතාවක් තියෙනවනෙ. මෙයාලත් හරියට ඒ වගේ තමයි. ලොකුකම පෙන්නන්න ලයිට් ගහගෙන හෝන් ගහගෙන හරිම හදිස්සියෙන් වගේ පාරෙ යනව. ඔයාලට මතක ඇතිනෙ ගිය අවුරුද්දෙ දවසක ඒ වගේ මෝඩයො ටිකක් ගියපු ඩිෆෙන්ඩරයක් ලේලන්ඩ් බස් දෙකකට චප්ප වුණ හැටි. අන්තිමට කිසිම වැරැද්දක් නැති බස් ඩ්‍රයිවර්ල දෙන්නට දාපු වැරැද්ද ‘අනතුරක් වළක්වා නොගැනීම’. කාට කියන්නද ?

විශේෂ වාහන පිළිබඳ නීති රීති

  • ගිලන් රථයකට හෝ වෙනත් ආපදා රථයකට හැරෙන්න අනෙක් සියළු වාහන වලට නීති සියල්ල පොදුයි.

ආත්මාර්ථකාමියො

පාරකට දාද්දි කොහාටද යන්න ඕන කියල සිහියක් නැතුව ඔහේ ගමන පටන් ගන්න අය තමයි මේ වැඩේ කරන්නෙ. ටික දුරක් ගිහින් ”අනිත් පැත්තටනෙ යන්න ඕන” කියල මතක් වුනාම තැනක් නොතැනක් නෑ වාහනේ හරවනව. හදිස්සියෙ වෙන පැත්තකට යන්න ඕන වෙන අයත් මේ අතර ඉන්නව. ඒ කොහොම වුනත් පොඩි වාහන තදබදයක් තප්පර දෙක තුනෙන් ලොකු එකක් කරන්න මෙයාලට පුළුවන්. සමහර වෙලාවට මෙයාලා නිසා අනිත් මං තීරුවෙත් වාහන තදබදයක් ඇති වෙනවා. ඉතින් මෙයාල ඇති කරන හදිස්සි වාහන තදබද නිසා පිටිපස්සෙන් එන අය අතින් පදික මාරුවේ වාහන නැවැත්තීම, වාහන එකිනෙක ගැටීම වගේ මාර්ග නීති උල්ලංඝනය වෙන්නත් පුළුවන්.

වාහන හැරවීම පිළිබඳ නීති රීති

  • මතක තබා ගන්න, හැරවිය යුතු මං තීරුව ඔබට අමතක වීම අනෙක් ධාවකයින්ට අදාල නැත.
  • පදික මාරුව ආසන්නයේ වාහන නැවැත්වීමේදී සීමා ඉර නොපැන්විය යුතුය.

කොටු කපන්නෝ

වාහන බලපත්‍රය ගන්නකොට උගන්වන දේවල් මතක නැති කට්ටියක් විදියට මෙයාලව හඳුන්වන්න පුළුවන්. මොකද මං සන්ධි වල ඇඳල තියෙන කහ කොටුව ගැන මෙයාලට මතක නෑ. මෙයාලා හිතන්නෙ ඒ කොටුවත් පාරෙ සාමාන්‍ය කොටසක් කියල. එහෙම හිතල ඒ කොටුව උඩ වාහන නැවැත්තුවාම අනිත් පාරෙන් එන අයට යන්නත් බැරි වෙන්න පාර අවහිර වෙනවා. ඉතින් විනාඩි දෙකක් යන්නෑ වාහන තද බදයක් ඇති වෙන්න.

කහ කොටුව පිළිබඳ මාර්ග නීති

  • කහ කොටුව මත වාහන නවතාගෙන සිටීම සපුරා තහනම්.
  • පැදවීමේදී කහ කොටුව මත නතර වීමට සිදුවේයැයි හැඟුන හොත් ඉදිරියට පැදවීමෙන් වළකින්න.

නැවතුම් අංගන බදු ගන්නා

”පාර්කින් එක මගේ” කියල හිතන් ඉන්න අය තමයි මේ මැටි වැඩේ කරන්නෙ. වාහන නවත්තන්න ඉරි ඇඳල වෙන් කරල තියෙද්දිත් ඒ ඉරි කපලා ආතක් පාතක් නැතුව වාහනේ නවත්තන මෙයාලා නිසා තව වාහන දෙක තුනකට එහෙම පිටින්ම ඉඩ නැති වෙනවා. සමහර විට ඉක්මනට එන්න යනව ඇත්තෙ. ඒත් ඒ ඉක්මන තව ගොඩ දෙනක්ට ප්‍රමාදය ගේනව කියල මෙයාලට කල්පනා වෙන්නෙ නෑ.

වාහන නැවැත්වීම සම්න්ධ නීති රීති

  • වාහන අංගන බලා ගන්න අයට අදාල මුදල ගෙවිය යුතුයි.
  • කරුණාකර අනෙක් සියළු දෙනා වාහනය නැවැත්වූ අයුරින්ම අදාල කොටුව තුල වාහනය නවත්තන්න.

මේ වගේ හය දෙනෙක් ගැන විතරක් කිව්වට තව සෑහෙන්න කට්ටිය ඉන්නවනෙ සිහි විකල්ලෙන් වාහන එළවන. ඔය කොයි කවුරුත් හොඳට මතක තියා ගන්න: ”ඉක්මන් කොටයි”

This post is also available in English.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide