මේ සිංදු හය අහලා නැත්තන්, ඔයා ෂුවර් එකට ම මිලේනියම් එකේ පොඩ්ඩෙක්.

දැන් ටීවී එක දාගත්ත ම චැනල් තියෙනවා හැටහුටාමාරක්. අර වාහිනී, මේ වාහිනී, අනිත් වාහිනී ගගා. ඒ වුණාට ඒ දවස්වල එහෙම නෑනේ. චැනල් එකයි දෙකයි. හැබැයි පට්ට වැඩසටහන් තොගයක් තිබුණා. ඒවා අදටත් මතක් වෙද්දී ආස හිතෙනවා.

ඔය වැඩසටහන් අතරතුර, අහම්බෙන් වගේ වාදනය වෙච්ච ගීත තිබුණා ඔයාලට මතකද? ගොඩක් වෙලාවට එක දිගට වැඩසටහන් යද්දී ඇතිවෙන කම්මැලිකම මග හරවන්න වගේ තමයි මේවා විකාශය වුණේ. ඔයත් මිලේනියම් එකට කලින් ඉපදුණු පොඩ්ඩෙක් නම්, අනිවාර්යෙන් ම මේ ගීත ටික අහලා තියෙනවට සැකයක් නැහැ.

1. මේ රට මගේ රට

“මේ රට මගේ රට – මා ඉපදුණු රට

හැදෙන වැඩෙන රට – මගේ ම මව්රට”

ඇච්චෝ බැච්චෝ කාලෙදී ම, අපේ රටට ආදරේ කරන්න ඕනේ කියන හැඟීම අපේ ඔළුවට යන්න ඇත්තේ මේ සිංදුවෙන් කියලයි මගේ අදහස. ලංකාවේ ලස්සන ගැන වගේ ම, ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ ඇයි කියන එකත් මේකෙන් කියවුණා. මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු මේ ගීතය රූපවාහිනියේ විකාශ වුණේ ඒ ගී පදවල තේරුම හරි අපූරුවට නිරූපණය කරන වීඩියෝ එකකුත් එක්කමයි. මේකේ සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්. පද පෙළ ලිව්වේ මිරැන්ඩා හේමලතා මහත්මියයි.

2. සමනල සිරිපා

“සමනල සිරිපා පියුම දොවාගෙන – සීත ගඟුල් රට වට යනවා

සිංහරාජ වන කුංචනාදයෙන් – මේඝ වලාකුළු රජ වෙනවා”

හැමදාම ස්වාධීන රූපවාහිනියේ විකාශය පටන්ගනිද්දී අපට ඇහුණේ මේ ගීතයයි. ස්වාධීන රූපවාහිනියේ මුල් ම තේමා ගීතය වුණු මේකේ ලංකාවේ ලස්සන, හෙළ ජාතික අභිමානය ගැන කියවුණා. ලංකාවේ ඓතිහාසික වටිනාකමක් ඇති තැන්වල දසුන් එක්ක, උඩරට නැට්ටුවෙක් සහ නැට්ටුක්කාරියක් නටන අපූරු රූප රචනාවක් මේකේ තිබුණා.

3. නෑදෑයෝ

“එකට හිඳින අපි – එකට නැහෙන අපි,

එකටම යන අපි – එක පවුලේ අපි,

නෑදෑයෝ අපි නෑදෑයෝ,.. ලංකා පවුලේ නෑදෑයෝ…”

ශ්‍රී පාදයේ දර්ශනයකුත් එක්ක, හක් ගෙඩියක් පිඹින සද්දෙන් පටන්ගන්න මේ සිංදුව මතකද? මේ තමයි ඉස්සර ජාතික රූපවාහිනියේ තිබුණු තේමා ගීතය. ලංකාවේ ලස්සන ගැන වගේ ම, අපේ මිනිස්සුන්ගේ එකමුතුකම ගැන හරි අපූරුවට කියන ගීතයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ තිබුණු යුද ගැටුම් ප්‍රශ්නත් එක්ක, ජාති භේද ඇති නොකරගත යුතුයි කියන හැඟීම මිනිස්සුන්ගේ ඔළුවට දාන්න මේ සිංදුවට පුළුවන් වුණා.

4. මොනවද මුත්තේ මොකද කරන්නේ

“මොනවද මුත්තේ මොකද කරන්නේ – මොකටද ඔබ ඔය බිම හාරන්නේ

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි – අඹ ඇටයක් සිටුවන්නට හාරමි”

මේක සීයා කෙනෙක්ගෙයි, මුත්තෙක්ගෙයි දෙබසක්. මුත්තා අඹ ඇටයක් හිටවද්දී, මේ පුංචි මුනුබුරා ඇවිදින් අහන්නේ මේ මොකද කරන්නේ කියලා. තමන් කරන වැඩේ පැහැදිලි කරාට පස්සේ, පොඩ්ඩාට ඇතිවෙන්නේ ඇතිවෙන්නේ ප්‍රශ්නයක්.

“දුක සේ සිටුවා අඹ ඇටයක් අද – එක අඹයක්වත් කන්න ලැබේවිද?”

ඕක තමයි ප්‍රශ්නේ. තමන් අඹ ඇටයක් හිටවන්නේ අනාගත පරම්පරාවට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම ඉටු කරන්න බව මේ මුත්තා පැහැදිලි කරන්නේ මෙන්න මේ විදියට.

“මම ළමයෝ මින් අඹයක් නොපතමි – යුතුකම පමණක් ඉටුකර තබනෙමි”

ජීවත් වෙලා ඉන්න කාලය ඇතුළේ, අපට කරන්න පුළුවන් සහ අපේ අතින් වෙන්න ඕනේ යුතුකම්, වගකීම් ගැන හරි ලස්සන පාඩමක් කියල දෙන්න මේ සිංදුවට පුළුවන් වුණා ඒ ගැන ඉගෙනගන්න මුණුබුරා දිහා බලාගෙන මුත්තා සතුටු කඳුළු හළන හැටි දැක්ක ම, අපේ ඇහැටත් කඳුළු ඉනුවේ ඉබේටම.

මේකේ මුත්තාගේ කටහඬ රෝහණ වීරසිංහයන්ගේ.

5. විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්

"විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්

ඒ රට සැදුමට ඇප කැප වී නිති මුළු ශක්තිය යොදවම්"

ඒ කාලේ අපි හරි ආසාවෙන් බලපු ළමා වැඩසටහනක් තමයි “මුතුහර”. ලංකාව පුරා තියෙන මුතුහර ළමා සමාජවල ඉඳපු දරුවන්ගේ හපන්කම්, මුළු රටටම පෙන්වන්න මේ වැඩසටහනෙන් ඉඩ සැලසුණා. ජාතික රූපවාහිනියේ විකාශය වුණු ඒ වැඩසටහනේ තේමා ගීතය, ඒ කාලේ නිරතුරුව ම අපේ කණට හුරු තවත් ගීයක්.

6. චෝක්රා

පියුෂ් සෝනි නම් ගුජරාටි ගායකයා ගායනා කරපු “චෝක්රා" ගීතය අපේ මතකයේ රැඳෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි, 1996 අවුරුද්දේ අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනපු නිසා. අපේ ඒ ජයග්‍රහණයේ දර්ශන එක්ක, මේ ගීතය ගළපලා හදපු මියුසික් වීඩියෝ එකක්, ඒ දවස්වල නිතර නිතර රූපවාහිනියෙන් දැකගන්න ලැබුණා.

මේ සිංදුවේ ඇත්තට ම තියෙන්නේ උත්සාහයෙන් උසස් තැනකට එන කොලු ගැටයෙක් ගැන. ඒ විදියට සලකලා බැලුවොත් නම්, මේක අපේ ක්‍රිකට් කණ්ඩායම අවුරුදු ගාණක් මහන්සි වෙලා ගත්ත ඒ ජයග්‍රහණයට ම හදපු එකක්දෝ කියලත් හිතෙනවා.

කොහේදී කොහොම ඇහුනත්, එක ක්ෂණයෙන් අපේ මතකය ළමා කාලයට ගෙනියන්න මේ ගීතවලට තියෙන්නේ පුදුම හැකියාවක්. තවත් මේ වගේ සිංදු ඔයාලගේ මතකෙට එනවනම්, අපට දාන්නකෝ පොඩි කමෙන්ට් එකක්. අපේ යාළුවන්ගේ මතකේ අලුත් කරන්න ඒවා උදව් වේවිනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Trending.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide