පොඩ්ඩන්ව පොත් කියවීමට යොමු කරන්න අවශ්‍ය හේතු 6ක්.

දැන් කාලේ පොඩ්ඩෝ පොත් කියවන්න හොරයි කියන එක හුඟක් වෙලාවට අහන්න ලැබෙන චෝදනාවක්. මං හිතන්නේ අන්තිමට පොත්ගුල්ලො වෙලා හිටියෙ අනූව දශකයෙ ඉපදුණ පරම්පරාව වෙන්න ඕන. ළමයි පොත් කියවන්නෙ නෑ කියන චෝදනාව කරන්නෙ වැඩිහිටියො වුණාට ඒකට වග කියන්නත් ඕන වැඩිහිටියො ම තමයි. මොකද කියවීම පොඩ්ඩෙකුට හුරු කරන්න පුළුවන් පුංචි කාලෙමයි. ඒක පුරුද්දක් බවට පත් වෙන්නේ එතකොට.

කොහොම වුණත් සමහරුන්ට හිතෙනවා ඇති මේ තාක්ෂණයෙන් පිරුණ ලෝකේ මොන පොත් කියවිලි ද කියලත්. හැබැයි ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටිය කියල ලැබෙන්නේ නැති හුඟක් දේවල් පොත් කියවීමෙන් දරුවන්ට ලැබෙනවා. කියවල බලන්නකො.

භාෂා කුසලතාව

සාමාන්‍යයෙන් පුංචි ළමයි පුංචි කාලේ දේවල් ඉක්මනින් ඉගෙනගන්නවා. අපි එක වචනයක් එක වරක් කියපු පමණින් ම ඔවුන් ඒක ග්‍රහණය කරගන්නවා ඔබ දැකල ඇති. දරුවන් සහ වැඩිහිටියන් අතර සිදු වන එදිනෙදා කතාබහ තියෙන්නෙ බොහොම සීමිත රාමුවක. මොකද පොඩ්ඩෝ එක්ක කවුරුත් දේශපාලනේ, මනෝ විද්‍යාව වගේ විෂයන් කතා කරන්න යන්නෙ නෑනේ. හැබැයි පුංචි කාලේ ඉඳන් ම ළමා පතපොතට හුරු කළොත් ඔවුන්ට නිරාවරණය වෙන විෂය පථයන් පුළුල් වෙනවා. ඒ අනුව එයාල හුඟක් වචන ඉගෙනගන්නවා. ඒ ඔස්සේ භාෂාත්මක හැකියාව දියුණු කරගන්නවා. විශේෂයෙන් දෙවැනි බසකින් කියවන්න හුරු කළොත් ඒක ඔවුන්ගේ අනාගතයට වඩාත් ඵලදායී වෙනවා. ඒ වගේ ම පසුකාලීනව ලේඛන හැකියාව සහ මනා සන්නිවේදන කුසලතා වර්ධනය කරගන්නත් මේක බලපානවා. 

දැනුම් පිපාසය

දැනුම සම්බන්ධයෙන් පොඩි ළමයි තුළ පිපාසයක් ඇති කළොත් තමයි ඔවුන් අලුත් අලුත් දේවල් ගැන හොයාගෙන යන්න පෙළඹෙන්නේ. ඉතින් පොත්පත් කියවීමට හුරු කළොත් අලුත් දැනුම ගැන ඔවුන් තුළ කුතුහලය හටගන්නවා. පොඩ්ඩෙක් පොතක් කියවගන්න පුළුවන් තරමට වැඩෙන්න කලින්, ඔවුන්ට ඇහෙන්න ශබ්ද නඟා ළමා පොත් කියවීමෙන් මේ උනන්දුව ඇති කරන්න පුළුවන්. ඉස්ඉස්සෙල්ලා ම ඔවුන් කියවීමට පොළඹවන්න ඒක හොඳ ක්‍රමයක්.

සහකම්පනය

පොඩ්ඩෝ කියන්නේ වැඩිහිටියෝ වගේ අත්දැකීම් රාශියකට මුහුණ දීල තියන පිරිසක් නෙවෙයි නේ. අපි ලෝකය ගැන ඉගෙනගන්නේ අපි ලබන අත්දැකීම් එක්ක. මේ නිසා පොඩ්ඩන්ගේ ලෝකය පටුයි. ලෝකය ගැන ඔවුන්ගේ අවබෝධයත් පටුයි. මිනිසුන් අතර තියන විවිධත්වය අගය කරන්න, අනෙකා ගැන වටහාගන්න, වෙනත් කෙනෙකුට දැනෙන දේ තේරුම්ගන්න, පරාර්ථකාමී වෙන්න පුංචි අයට හුරු කළොත් තමයි ඔවුන් ශිෂ්ට සම්පන්න වැඩිහිටියන් බවට පත් වෙන්නේ. මේ හැඟීම් පොඩි අයගේ මනස ඇතුළේ වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ කියවීමෙන් විතරයි. මොකද ඔවුන් තව ම ලබලා නැති අත්දැකීම් සහිත විචිත්‍ර ලෝකයකට කියවීමෙන් ඔවුන්ව කැඳවාගෙන යනවා. ඒ ලෝකය ඇතුළේ විවිධාකාර සංස්කෘතීන්ට අයත් විවිධාකාර මිනිස්සු ඉන්නවා. එක ම දෙයක් විවිධ අය විවිධ දෘෂ්ටිකෝණවලින් දකින විදිහ හඳුනාගන්න එතකොට පොඩ්ඩන්ට පුළුවන් වෙනවා.

මොළයට ව්‍යායාම

කියවීම මොළයට ලැබෙන ව්‍යායාමයක්. ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉඳීමෙන් ඒ ව්‍යායාමය ලැබෙන්නේ නෑ. රූපයක් දිහා එක එල්ලේ බලන් ඉන්නවට වඩා, අපි කියවන වචන ඔස්සේ ඊට අදාළ රූප මනසේ මවාගැනීමෙන් තමයි මේ ව්‍යායාමය සිද්ධ වෙන්නේ. මේකට විෂුවල් තින්කිං කියලත් කියනවා. ඒ වගේ ම තර්කානුකූල ව හිතන්න මොළය පුරුදු කරන්නත් කියවීමට පුළුවන්.  

අවධානය රඳවාගැනීම

හුඟක් දරුවන්ට හිත එකඟ කරගෙන පාඩම් කරන්න එහෙම බැරි වෙලා තියෙන්නේ අවධානය එක තැනක රඳවාගන්න බැරිකම නිසා. එක දෙයකට මනස ෆෝකස් කරගන්න විදිහ හුරු කරගන්න, කියවීම හොඳ අභ්‍යාසයක්. ඉතින් ඔබේ පොඩ්ඩගෙත් හිත එහෙ මෙහෙ දුවන එක නවත්තලා සන්සුන් කරන්න ඕන නම් කියවීමට පුරුදු කරන්න.

නිර්මාණශීලීත්වය

කලින් කිව්වා වගේ වචන කියවන විට ඊට අදාළ චිත්‍ර මනසේ ඇඳෙන්න ගන්න එක හරිම නිර්මාණාත්මක ක්‍රියාවලියක්. කවදාවත් ගිහින් නැති තැන්වලට යන්න, කවදාවත් නුදුටු මිනිස්සු අඳුනගන්න, කවදාවත් ලබන්න බැරි අත්දැකීම් ලබන්න, පුංචි අයට පොත්වලින් අවස්ථාව ලැබෙනවා. මේ ඔස්සේ පොඩ්ඩන්ගේ පරිකල්පන ශක්තිය දියුණු වෙන නිසා, එයාලව නිර්මාණශීලී වැඩිහිටියන් බවට පත් කරගන්න නම් පුළුවන් තරම් පොත් එක්ක ගැවසෙන්න දෙන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide