ලස්සන මීමුරේ විතරද? වීක්එන්ඩ් එකේ කෑම්පින්ග් කරන්න කියාපු තවත් ලස්සන ගම්මාන 6ක්.

වීක් එන්ඩ් එකක් අත ළඟම එනව නේ. මොනවද ප්ලෑන් කළේ; කෑම්පින්ග් පාරක්, නැත්නම් දිග හයික් එකක්? මොකක් වුණත් කමක් නෑ, ප්ලෑන් කරපු කට්ටියට එයාලගෙ ගමන් ටික යන්න කියල අපි හිතුවා ප්ලෑන් නොකරපු කට්ටියට නියම ප්ලෑන් එකක් දෙන්න.

දැන් ඔය වීක් එන්ඩ් ටුවර් එක ප්ලෑන් කරපු කට්ටිය අතරෙත් ඇතිනෙ මීමුරේ යන්න හිතාගෙන ඉන්න අය. කමක් නෑ මීමුරේ හොඳයි, ලස්සනයි තමයි. හැබැයි දෙවනි තුන්වෙනි පාරත් මීමුරේම යන්න හිතාගෙන ඉන්නව නම්, ඒත් වෙන කොහේ හරි ගමක් බලන්න යන්න තියෙනව නම් හොඳයි කියලත් හිතෙනව නම්, මෙන්න, මීමුරේ වගේම ලස්සන තවත් ගම්මාන 6ක්. මේ ගම්මානවලත් හොඳ හැටියට හයිකින්ග්, කෑම්පින්ග් කරන්න පුළුවන්. ඒ හැරුණාම ගැමි සුන්දරත්වය, ජීවන රටාව අත්විඳින්න, නියම ගමේ රහට කෑම බීම ටිකක් රස බලන්න එහෙමත් බැරි කමක් නෑ. කොහොම වුණත් ගමේ මිනිස්සුන්ට, සතා සීපාවට, වට පිටාවට කරදරයක් නොවෙන්න හැසිරෙන එක නම් ඔයාලගෙ යුතුකම.

ඒ එක්කම මේ දේවලුත් ඔයාලට කියන්න ඕන. අපි මේ කියන්න යන ගම්මාන ගොඩක් දුෂ්කර නිසා පුළුපුළුවන් විදියට, ඔයාලගෙ අතේ තියෙන දේවල් වලින් හරි ඒ මිනිස්සුන්ට උදව් කරන්න. මොකද එතකොට තමයි ඔයාලගෙ ටුවර් එකේ නියම අරුත එළියට එන්නෙ.

හිතන්නකො, ‘දුප්පත් පොඩි එකෙක් ඇවිල්ල ඔයා කොළඹින් ගෙනිහිල්ල බෙදපු චොක්ලට් එකක් අරගෙන සතුටින් උඩ පැන පැන ගෙදර දුවද්දි’ පොඩ්ඩට කෙසේ වෙතත් ඔයාට කොච්චර සතුටක් දැනේවිද?

1. උඩවාඩිය

ඡායාරූපය

බදුල්ල දිස්ත්‍රික්කයෙ පිහිටල තියෙන උඩවාඩිය ගම කඳු මුදුන් වලින් වට වුණු, කන්දක මැද්දට වෙන්න පිහිටපු ලස්සන ගමක්. ඉස්කෝලයක්, කෝවිලක් එහෙම නම් තියෙනව. ඒත් මිනිස්සුන්ගෙ ජීවන රටාව සෑහෙන්න දුෂ්කරයි. මොකද මේ ගම්මානයට යන්න බදුල්ල, පස්සර පැත්තෙන් නමුණුකුල ගමට ගිහින් එතනින් දේවාතුර, මියනකඳුර පාරෙ දිගේ තැන්නෙ කුඹුරට යන්න ඕන. එතන ඉඳන් තමයි තේ වතු, කැලෑ මැද්දෙන් වැටුණු කිලෝමීටර 5ක විතර උඩවාඩිය පා ගමන පටන් ගන්නෙ. හැබැයි ගමන අතර මගදි විඩා නිවන්න ඕන තරම් තැන් හමුවෙන නිසා අවුලක් ගන්න ඕන නෑ. ගල් ගුහා, ගල් තලා වගේම තැනි තලා එහෙමත් එමටයි. වතුර වලිනුත් ඒ හැටි අඩුවක් නෑ. හැරත් මග දිගට හමුවෙන පුළුල් දර්ශන පත නම් ඔයාගෙ වෙහෙස මහන්සිය නිවන්න ලොකු රුකුලක් වේව්. මී දුමෙන් වැහුණු වෙල්ලස්ස නගරය, ඉර එළියෙන් ලාවට දිස්න දෙද්දි පුදුම ලස්සනක් තියෙන්නෙ. දන්නවද? උඩවාඩිය ගම, රන්දෙණිගල කැරැල්ලටත් ලොකු නෑ කමක් කියනව. කොහොම වුණත් ගමනෙ අවසානයක් දකින්න ඕන නම් උඩවාඩිය ඇල්ලෙන් හොඳ වතුර ටිකක් නම් නා ගන්නම වේවි.

2. කයිකාවල

ඉස්සෙල්ලම කියන්න ඕන ගාල්ල, ඉඳුරුව තියෙන කයිකාවල ගැන නෙවෙයි අපි මේ කියන්නෙ. මේ කයිකාවල තියෙන්නෙ නකල්ස් කඳු පන්තියෙ. හරියටම කියනව නම්, නුවර-මහියංගණ පාරෙ හුන්නස්ගිරියට ඇවිල්ල එතනින් මීමුරේ පාරෙ කිලෝමිටර් 25ක් විතර යන්න ඕන. ලොකු නැති වුණාට හරි ලස්සන ගම. මුලු මනින්නම වගේ ස්වයං පෝෂිතයි. නමින් කියන්න දන්නෙ නැති වුනත් ලස්සන ඔය පාරවල්, පුංචි දිය ඇලි එහෙමත් කයිකාවල ගමේ කියෙනව. එතකොට හුඟ දෙනෙක් හොයන ඒත් හොයා ගන්න බැරි වුණු, ලංකා ඉතිහාසයට ලොකු සම්බන්ධයක් තියෙන වෙඩි ලුණු ගුහාව තියෙන්නෙත් මේ කිට්ටුවම තමයි. මීමුරේ යන්නම ඉන්න කට්ටියට නම් බලා කියාගෙන යන්න කියාපු තැන.

3. වල්පොලමුල්ල

ඡායාරූපය: නදීර ප්‍රසන්න

හරිම දුෂ්කර ගම්මානයක්. හැබැයි බත, බුලතින් සරු සාරයි. නකල්ස් කඳු පන්තියට නෑකම් කියන මානි ගල කන්ද පිහිටල තියෙන්නෙත් වල්පොලමුල්ලට ගොඩක් කිට්ටුවෙන්. ඒ හැරුණාම දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා ගොඩකුත් මේ කිට්ටුව පිහිටල තියෙනව. එහෙනම් අහගන්නකො වල්පොලමුල්ලට යන්නෙ කොහොමද කියල. ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕන මාතලේ, රිවර්ස්ටර්න් වලට යන එක. ඊට පස්සෙ පිටවල, රත්නින්ද, ඇටන්වල, මානිගල හරහා. කිලෝමිටර 10ක විතර ගමනක යෙදෙන්න වෙනව. හැබැයි ඉතින් ෂුවර් කරල කියන්න පුළුවන් වට පිටාවෙ තියෙන ලස්සන නිසා මහන්සියක් නම් දැනෙන එකක් නෑ.

4. කොහොනාවල

ඡායාරූපය

සමහරු අහල තියෙනව, අහපු සමහරු තාම හොයනව, ඔය හොයන අය අතරිනුත් කීයෙන් කීදෙනාද ගිහින් තියෙන්නෙ, ලංකාවෙ අඩුවෙන්ම ඉර එළිය වැටෙන ගමට?

එහෙනම් අහගන්නකො, ගමේ නම කොහොනාවල. තියෙන්නෙ බදුල්ල, පස්සර, මඩොල්සිම ගමේ ඉඳනුත් කිලෝමීටර 8ක් 9ක් විතර කැලේ ඇතුළට වෙන්න. ගමට යන පාරට කියන්නෙ වේරැල්ලපතන පාර කියල. මේ ගම් පොඩ්ඩ, ලුණුගල කන්දෙනුයි ඒ අවට අනිත් කඳු වලිනුයි මුලු මනින්ම වගේ වට වෙලා තියෙන නිසා හොඳටම පායන කාලෙට පවා ඉර එළිය වැටෙන්නෙ පැය 6ක 8ක වගේ කාලයක් විතරයි. පුංචි ඉස්කෝලයක්, පන්සලක් එහෙම තිබුණට මොකද මේ ගමේ මිනිස්සු ගෙවන්නෙ හරිම දුෂ්කර ජීවන රටාවක්. කොටින්ම කියනව නම් ගමේ පොඩ්ඩන්ට, තරුණ උදවියට පවා ලොකු අනාගතයක් ගැන හිතන්න තියෙන ඉඩ ප්‍රස්තාව සෑහෙන්න අඩුයි. කොහොම වුණත් කෝනාවල ගම බත බුලතින් නම් හොඳ හැටි සරු සාරයි. මහ ගොඩක් දිය ඇලි, ගංගා නැති වුණාට මොකද තියෙන එක දෙක වුනත් පංකාදු පහට තියෙනව. ඉතින් යාළුවනේ කොහොනාවල යන්න හිතන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම අපේ සහෝදර සහෝදරියන්ට, ගමේ පොඩ්ඩන්ට මොනව හරි ගෙනියන්න අමතක කරන්න එපා. මොකද එයාලා අපි එනකම් මග බලාගෙන ඉන්නවා.

5. ලංකාගම

ඡායාරූපය

සිංහරාජ මායිමේ හැංගුණු තවත් ලස්සන ගම්මානයක්. යන්න තියෙන්නෙ ගාල්ල, නෙලුවට ගිහින් එතනින් කොස්මුල්ල හරහා කැලේ මැදින් වැටුණු පාරක. කිලෝමීටර 3ක් 4ක් විතර තියෙනව. ගිං ගං මිටියාවතේ පිහිටපු ලංකාගම ගම්මානය මුලු මනින්ම ස්වයං පෝෂිතයි. කොස්, දෙල්, පොල් වලින් වගේම කුඹුරු කොරටු වලිනුත් අඩුවක් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාගම වටේටම දිය ඇලි, ගල් තලා නම් පිරිලා. හිතේ හැටියට කෑම්පින්ග් කරන්නත් ඉඩ තියෙනව. වැඩේ කියන්නෙ මේ පැත්තෙත් තියෙනවනෙ ලස්සන දූවිලි ඇල්ලක්. එතකොට බ්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ තව දිය ඇලි තොගයකුත් තියෙනව. ඒ කොහොම වුණත් කුරුලු කොබෙයියො, සතා සීපාවා නිතර දෙවේලෙ ගැවසෙන නිසා පාළුවක් නම් දැනෙන එකක් නෑ. හැබැයි ඉතින් මේ වැස්ස කාලෙ පටන් ගැන්මත් එක්ක ලංකාගම හියික් එක යන්න හිතන් ඉන්න කට්ටියට කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න සෑහෙන්න ප්ලෑන් කරන්න වෙයි.

6. ගලමුදුන ගම

ඡායාරූපය

ඔය දොලොස්බාගෙ පැත්තෙත් ගලමුදුනක් තියෙනව. හැබැයි අපි කියන්න යන්නෙ ඒ ගල මුදුන නෙවෙයි.

මේ ගලමුදුන තියෙන්නෙ නුවර, මහියංගණ පාරෙ හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තට වෙන්න. උඩුදුම්බරින් තල්ගුණේ, හුළුගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න ඕන. වැඩේ කියන්නෙ එතන ඉඳනුත් කිලෝමීටර 2ක 3ක් ගියාම තමයි ගලමුදුන ගම හමුවෙන්නෙ. මේ හරිය ඇවිල්ල නකල්ස් කඳු පන්තියෙ එක බෑවුමක්. බත බුලතින් හොඳ හැටි සරු සාර ගලමුදුන ගමේ ජීවන රටාව ටිකක් දුෂ්කර වුනත් මිනිස්සු නම් ඉන්නෙ හරිම සතුටින්. මොකද කුඹුරු කොරටු වලින් එහෙම හොඳ අදායමක් එනවනෙ. ගංගා, ඇල දොළ වගේම කඳු නිම්න වලිනුත් අඩු නැති ගලමුදුන ගම උදේ පාන්දරට වගේම හවස් ජාමෙටත් හරිම ලස්සනයි. වෙල් යායට එපිටින් පේන ලකේගල, ඊට පැත්තකින් පේන යහන් ගල විතරක් නෙවයෙි උහුණුගල,තෙලඹුගල, කුවේණිගල, තුන්හිස්ගල වගේ කඳු තොගයක් ගලමුදුන ගම ලස්සන කරනව. එතකොට ගම මැදින් ගලා ගෙන යන හීන් ගඟත් ගමට ගේන්නෙ අමුතුම සුන්දරත්වයක්. හෙල්මළු ක්‍රමයට වගා කරපු ඉමක් කොනක් පේන්නෙ නැති වෙල් යායවල් වල අටවපු උඩපැල් ඈතට පේන අපූරුව, හිතටත් හොරා හිත ලංකා ඉතිහාසට ගෙනියන ගානයි. ඇත්තමට ගලමුදුන ගම කියන්නෙ නම් අපි කවුරුත් මැරෙන්න කලින් දැක ගන්න ඕන තැනක්.

මේ පාර වීක්එන්ඩ් එකට යන්න, ගිහින් හයිකින්ග්, කෑම්පින්ග් කරන්න එතකොට හිතේ හැටියට සොබාදහමෙ, ගමේ ගොඩෙත් සුන්දරත්වය අත්විඳින්න ලස්සන ගම්මාන 6ක් විතරක් කිව්ව කියල අවුලක් ගන්න එපා. මොකද ඊළඟ වීක්එන්ඩ් එකටත් අපි තවත් ලස්සන ගම්මාන 6ක් කියන්නනෙ හිතාගෙන ඉන්නෙ. කොහොම වුණත් යන්න රෙඩි පිට ඉන්න ඕන, හොඳද යාළුවනේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide