මස් මාළු කටේ තියන්නෙ නැති අයට! ගෙදරදිම හදාගන්න පංකාදු වෙජි කෑම 6ක්.

හැමදාම රෙසිපි කියනවා රස රස කෑම ගෙදරදි හදන්න. ඒත් වැඩේ කියන්නෙ ඒවයින් බාගෙට බාගයක්ම මොනවහරිම මසක් මාලුවක් දාලා හදන ඒවනෙ.  ඉතින් ඒකෙන් අපේ වෙජි යාලුවන්ට වෙන්නෙ ලොකු අසාධාරණයක්. ඊටත්.. මේ දවස් ටිකේ හරි හමන් කෑම අඩුම කුඩුමත් නැතුව.

ඒ නිසා.. අපි කල්පනා කලා යාළු පියෝ වෙජි ඔයාට, ගෙදර අහළ පහළ තියෙන දේවල් ටිකක් එකතු කරල අරගෙන හදන්න පුළුවන් අපූරු වෙජි කෑම ටිකක් කියන්න. ඇත්තටම.. මේවා අපේ පැරණි කෑම නිසා.. රසට පදමට එහෙමත් ඔයාට ආස වෙන්න තියන ඉඩ වැඩියි…

1. අට්ටික්කා ගෙඩි ව්‍යංජනය

ගොඩදෙනෙක් නම් මේවා කනව කියලවත් දන්නෙත් නැතුව ඇති. හැබැයි දන්න කෙනා නම් කොහොම කොහොමහරි හදාගෙන කනව ඇති. මොකද මේක ඇත්තටම ඇඟ නිවන, සීතල කෑමක්නෙ.

කරන්න තියෙන්නෙ මෙච්චරයි. හොඳට පැහුණු, හැබැයි ඉදිච්ච නැති අට්ටික්කා ගොඩි තොගයක් කඩාගෙන.. හැම ගෙඩියක්ම දෙකට පළලා ඉස්සෙල්ල හොඳට හෝදගන්න. ඊට පස්සෙ ඒ ටික, සාස්පානකට තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට දාන්න. දාලා ලාවට කරවෙනකොටම, රම්පෙ කරපිංච, අබ, සුදුළූණු, ලූණු, ටිකකුත් හීනියට ලියල දාලා.. දිය කිරි ටිකක් එක්ක තුනපහ එකතු කරන්න. එකතු කරල ඉතින් දියකිර හිඳීගෙන එද්දි මිටිකිර දාලා දෙපාර නටද්දි බාලා ගන්නයි තියෙන්නෙ.

ආයෙ.. මුකූත් කියන්නෙ නෑ හදල කාලම බලන්නකෝ..

2. අලකොළ ව්‍යංජනය

පුතේ මේක නම් ‘ගහ දන්නා කෙනෙක් සිටිය යුතුම වැඩක්’. මොකද මේකෙ වැඩේ වැරදුණොත් ඊළඟ වේල දෙක කාලා හමාරයි, කට පැළෙනව.

කොහොමහරි උඩරට පැත්තෙ සෑහෙන්න ප්‍රසිද්ධ මේ අලකොළ මාලුව.. හදන්නෙ පොඩි හබරල වර්ගයකින්. ඒකෙත් කොළ විතරයි ගන්නෙ. අරගෙන.. හොඳට හෝදල ටිකක් ලොකුවට ලියලා.. ගොරක, ලුණු දාලා වතුරෙන් තම්බගන්න ඕන. ඊට පස්සෙ තම්බගත්ත කොළ ටික මැටි ඇතිළියකට දාලා, ඒකට මිරිස්, අබ, දුරු, කොත්තමල්ලි, රම්පෙ කරපිංච, උම්බලකඩ, වේළපු මිරිස් කරල්, ලූණු සියල්ලම දාලා, දියකිරෙන් තම්බල මිටි කිරෙන් හින්දල..

ගත්ත නම්, රතු බතකට පංකාදු!

3. ලාවුලු ව්‍යංජනය

සෑහෙන්න ගුණ පලතුරක් වුණාට ගොඩ දෙනෙක් ලාවුලු කන්න කැමති නෑනෙ ඒකෙ තියෙන පිටි ගතියයි, කිරි ගතියයි නිසා. ඒ නිසා ඔන්න.. ඒක උයල කන්න ක්‍රමයක්.

ගන්න හොඳට පැහුණු ලාවුලු ගෙඩි ටිකක්. අරගෙන.. හෝදල, ඇඟිලි පුරුකක විතර සයිස් කෑලිවලට කපාගන්න. කපාගෙන ඉවර වෙලා මිරිස් කුඩු, ලුණු, රම්පෙ කරපිංච, අමු මිරිස්, උම්බලකඩ එක්ක රස වැඩි කරගන්න තුනපහ ටිකකුත් දාලා මැටි ඇතිළියක.. දියකිරෙන්, ලාවට හොද්ද තියෙන්න හින්දල ගත්ත නම්.. 

පෝරණු පාන්, පෝරණු පාන් තමයි ඕන. 

4. ඕලු දඬු ව්‍යංජනය

නෙළුම් අල රසට පදමට හදන ගෙදර උන්දැට.. ඕලු දඬු ඒ හැටි ලොකු වැඩක් වෙන එකක් නෑ. ඔයාට කරන්න තියෙන්නෙ ඉතින් කොහෙන් හරි ඕලු ටිකක් ගේන එක තමයි. බාග වෙලාවට කොහොමද යාළු ගෙදර පොන්ඩ් එකේම තිබ්බොත්..

කොහොමහරි ඕක සුද්ද කරද්දි දණ්ඩෙ පිට පොත්ත, සිවිය හූරල අයින් කරන්න ඕන. ඊට පස්සෙ, හෝදල හීනියට ලියලා.. මැටි ඇතිළියකට දාලා දියකිරිත් එක්ක, ඒකටම දාන්න කබලෙ බැදපු කොත්තමල්ලි, දුරු, මිරිස් ටිකකුයි, රම්පෙ කරපිංච, අබ, කුරුඳු ටිකක් එක්ක රස වැඩි කරගන්න තුනපහ, මිරිස් කුඩු, ලුණු ටිකකුයිත්. දාලා ලිපේ තියලා.. දියකිර හඳීගෙන එද්දි මිටිකිර දාලා නටද්දි ගත්ත නම්..

ඒකත්, උණු උණු.. රතුබතකටම තමයි ඈ..

5. කොස්ඇට බිලිං ජාඩි

පළමුව..

හොඳට පැහුණු බිලිං ගෙඩි ටිකක් අරගෙන හෝදලා පළලා, මැටි ඇතිළියක ලුණු දාලා අතගාලා සතියක් හමාරක් තියෙන්න අරින්න පදම අල්ලන්න. ඊට පස්සේ.. ඒකට දෙකට පලපු කොස් ඇට එක්ක ආයෙත් ගොරක, ලුණු ඇඹරුමක් හොඳට අතගාලා කවලම් කරලා පදම් වෙන්න අරින්නයි තියෙන්නෙ. ඒ විදියට මේක සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් වගේම..

වම්බටු, බෝංචි, වට්ටක්කා වගේ එළවළු ටිකක් එක්ක මිරිස් තුනපහ කිරි එහෙම දාලා උයල ගන්නත් පුළුවන් හරියට වෙජි ඇඹුල් තියල් එකක් වගේ.

6. බතල පුඩිං

ඔය අතරට ඉතින් ඩෙසට් එකකුත් කියන්න එපැයි. නැත්නම් වෙජි යාළුවන්ගෙ වේල සම්පූර්ණ වෙන්නෙ නෑනෙ.

ම්.. මේ බතල පුඩිම හදන්න, ඉස්සෙල්ලම ගන්න බතල ටිකක් හෝදල හීනියට ලියල. ඊට පස්සෙ ඒකට සීනියි, බටරුයි මික්ස් කරන්න (බතල 1kg, බටර් 100g, සීනි 250g). මික්ස් කරලා.. පාන් පිටි 100g අරගෙන ඒකට දාන්න ඉඟුරුයි, ලුණුයි පදමට. දාලා ඒකත් දාන්න බතල එකටම. දාලා මිටිකිරි කෝප්පයකුත් දාලා හීනියට ලියපු කජු, මුද්දරස්පලම්, රටඉඳි ඕන එකක් ඇති පදටම දාගන්න. අන්තිමට ඔක්කොම හොඳ..ට කලවම් කරලා.. අවන් එකේ බේක් කරගන්න සාමාන්‍යයෙන් සෙල්සියස් 150ට විතර පැය භාගයක්. මදි නම් ඉතින් ආයෙ දාලා ගන්න බැරියැ, නේ.. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

Yamu Guide.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide