බලන්න, ලෑස්ති වෙන්න. මෙන්න ලබන මාසෙ ලංකාවට එන පට්ටම ෆිල්ම් 6ක්..

ෆිල්ම් බලන්නව කියන්නෙ ඇත්තටම අපූරු අත්දැකීමක්. එක එක ජාතියෙ හැඟීම් තොගයක් පැයකින් දෙකකින් රස විඳින්න පුළුවන් සුපිරි චාන්ස් එකක්. ඒ නිසාම ෆිල්ම් බලන්න අකමැති කෙනෙක් නම් හොයා ගන්න බැරි තරම්.

කොහොම වුනත් හැමෝම හැම ජාතියෙම ෆිල්ම්වලට කැමති නෑනෙ. සමහරු හොලිවුඩ් ෆිල්ම්වලට ආසයි. සමහරු ආස බොලිවුඩ් ෆිල්ම්වලට. ඉතින් මේ මොන මොන ජාතියෙ ෆිල්ම්වලට ආස අයට වුනත් ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් ටිකක් ලඟදීම ලංකාවට එන්න තියෙනව.

බලන්න මේ ෆිල්ම් අතරෙ ඔයාලා කැමති ඒවත් තියෙනවද කියල.

1. X-Men: Apocalypse

X-Men කතා මාලාවෙ 8 වෙනි ෆිල්ම් එක විදියට රිලීස් වෙන මේ ෆිල්ම් එකේ තියෙන්නෙ ටිකක් වෙනස් කතාවක්. ඇපොකැලිප්ස් කියන විනාශකාරී හතුරාගෙන් ලෝකය බේර ගන්න X-Men කණ්ඩායම කරන යුද්ධය. මේ යුද්ධයෙදි X-Men කණ්ඩායමේ යාළුවො කී දෙනෙක් ඇපොකැලිප්ස් අතින් මැරෙයිද?

ත්‍රාසයත් කුතුහලයත්, ආදරයත් වියෝවත් හරි අපූරුවට කැටි කරල හදල තියෙන මේ ෆිල්ම් එක ලබන මාසෙ මුල වෙනකම්ම මැජෙක්ටික් සිටි (MC Platinum) එකේ පෙන්නන්නව කියල තමයි ආරංචිය.

2. Independence Day: Resurgence

මතකයිනෙ මේකෙ පළවෙනි ෆිල්ම් එක. ඇමරිකාවයි යුරෝපයයි හිමෙන් වැහිල ගිහින් මුහුද ගොඩ ගලල මහ විනාශයක් වෙනව. මේ ඒකෙ දෙවනි ෆිල්ම් එක.

පිටසක්වල ආක්‍රමණයක්. මුළු පෘථිවියම විනාශ කරන්න සූදානමක්. ඒකට එරෙහිව සටන් වදින ඇමරිකානුවෝ පිරිසක්. ත්‍රාසය, කුතුහලය,ආදරය, වියෝව වගේම විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් දිනා ගන්න ලෝක නිදහසේ ප්‍රෞඩත්වයත් ඇඟට දැනෙන විදියට මේ ෆිල්ම් එකට එකතු කරල තියෙනව.

ලබන මාසෙ මුල් සති වල EAP මණ්ඩලයේ ඇතුළු අනිත් සිනමාහල් වලත් ප්‍රදර්ශනය වෙන්න නියමිත මේ ෆිල්ම් එක වෙනස්ම අත්දැකීමක් ගෙනේවි කියල ලොකු විශ්වාසයක් තියෙනව.

3. The Shallows

සර්ෆින්ග් කියන්නෙ හරිම විනෝදජනක වගේම ටිකක් ත්‍රාසජනක ක්‍රීඩාවක්. මුහුදු වෙරළෙ සුන්දරත්වයත් නොගැඹුරු මුහුදෙ පෙරළෙන සැඩ රළත් මේ ක්‍රීඩාවෙ උද්යෝගය වැඩි කරනව. හැබැයි The Shallows ෆිල්ම් එකේ එන්නෙ සර්ෆින්ග් වල ත්‍රාසජනක බව දෙගුණ වෙලා විනෝදය දෙපිටින් යන විදියෙ කතාවක්. කාලෙකට පස්සෙ මිනී මෝරුන්ගෙ බිලි ගැනීම් ආයෙත් ඇවිත්. ස්ර්ෆින්ග් කරන්න එන අය එකා පිට එකා මිනී මෝරුන්ට බිලි වෙද්දි මෝරු එක්ක මුහුණට මුහුණ සටන් කරන තරුණියක්. අවසානය මොකක් වුනත් මේ ෆිල්ම් එක පටන් ගන්න තැන ඉඳන්ම ත්‍රාසය, භීතිය, කුතුහලය නම් අඩු නැතුව තියෙනව.

මේ ෆිල්ම් එක රිලීස් වෙන්න තියෙන්නෙ ලබන සතියෙ නිසා ලංකාවට එද්දි නම් ලබන මාසෙ අන්තිම විතර වෙයි.

4. The Purge: Election Year

මේක නම් මහ පිස්සු නීතියක්. මුළු ඇමරිකාව පුරාවටම රාත්‍රී පැය 12ක් ඇතුලත මිනී මැරීම නීති ගත කරනව. වෙස් මූණු දාගත්තු මිනිස්සු, කණ්ඩායම් ගැහිලා තම තමන්ගෙ හතුරන්ව මරා දානව. ඒ අතරෙ මේ ක්‍රියාවලි මැඩ පවත්වන්න විශේෂ හමුදා පිරිසකුත් ඉන්නව.

ඇත්තටම මේ ෆිල්ම් එක තේරුම් ගන්න නම් අමාරුයි. කොහොම වුනත් ත්‍රාසය, භීතිය කුතුහලය වගේම ආදරයත් එකතු වෙලා හැදිල තියෙන මේ අමුතුම ෆිල්ම් එකේ අමුතුම ගතියකුත් තියෙනව. ගොඩක් දුරට මේ ෆිල්ම් එකත් ලබන මාසෙ අන්තිම වගේ වෙද්දි තමයි ලංකාවට එන්න ඉඩ තියෙන්නෙ.

5. The Legend of Tarzan

සුපිරිම ෆිල්ම් එකක්. ටාසන් කතා වෘතාන්තය ගොඩක් දෙනා දැනගෙන හිටියට ටාසන් කතා වෘතාන්තයෙ පුරාවෘත්තය දන්නෙ නෑ.

එහෙනම් දැනගන්න. ‍මේ The Legend of Tarzan. වනගතව විසූ ටාසන්ගේ පවුල විනාශ වුනේ කොහොමද? පුංචි ටාසන්ව රැක බලා ගත්තෙ කවුද? කැලේ කොලේ හොඳට හුරු පුරුදු ටාසන් තරුණයාට මුණ ගැහෙන සුන්දර යුවතියත් එයාල දෙන්නගෙ ආදරයත් වන සතුන්ගෙන් එයාලට ලැබෙන සෙනෙහසත් මේ ෆිල්ම් එකේ හැම තත්පරයක්ම ලස්සන කරන්න මුල් වෙලා තියෙනව. ඒ විතරක් නෙවෙයි, ටාසන් එක්ක මිතුරු වන සත්තු එක්ක එකතු වෙලා ටාසන්ව අල්ල ගන්න එන දඩයක්කාරයින්ව විනාශ කරන හැටිත් ගොඩක් හැඟීම්බර විදියට තමයි මේ ෆිල්ම් එකෙන් නිරූපණය වෙන්නෙ.

ආදරයත් සෙනෙහසත්, වියෝවෙන් දුක්බර වූ හැඟීම් වලිනුත් පිරුණු ටාසන්ගේ පුරාවෘත්ත කතාවේ ත්‍රාසය, කුතුහලය වගේම තවත් රස බර තැන් ගොඩක් තියෙන මේ ෆිල්ම් එක ලබන මාසයේ අන්තිම සතියෙ තමයි ලංකාවට එන්නෙ.

6. Sultan

ඉන්දියාවෙ ප්‍රසිද්ධම ක්‍රීඩාවක් තමයි කබඩි. සුල්තාන් කතාවෙත් තියෙන්නෙ ගොඩක් දක්ෂ විදියට කබඩි සෙල්ලම් කරන කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි මුණ ගැහීමයි ඊට පස්සෙ එයාලගෙ ජීවිතයට එන කරදර ගැනයි. කරදර, බාධක මැද්දෙ අතපසු වෙන කබඩි ක්‍රීඩාවට ආයෙත් පණ දෙන තරුණයා තමන්ගෙ ජීවිතය කබඩි ක්‍රීඩාවෙන්ම ජය ගන්නව වගේම තමන්ගෙ පෙම්වතියත් ජය අරගෙන ආදණීය අවසානයක් සනිටුහන් කරන සුන්දර ෆිල්ම් එකක් තමයි මේක.

හැබැයි ඉතින් බොලිවුඩ් ෆිල්ම් එකක් නිසා මේක නම් ඉක්මනටම ලංකාවට ඒවි.

අපි මේ කිව්වෙ අත ලඟම එන ලස්සනම ෆිල්ම් ටිකක් විතරයි. තව ලස්සන ෆිල්ම් ටිකක් ලබන ජුලි වගේම අගෝස්තු මාසෙත් එන්න තියෙනව. ටිකක් ලං කරලම කියන්නම්. දැනට මේ ටික බලන්නකො.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide