Go Pro ගන්න සල්ලි නැද්ද?; රු. 30,000ට අඩුවෙන් ලංකාවෙ ගන්න තියෙන හොඳම ඇක්ෂන් කැමරා 7ක්.

Go Pro ගන්න සල්ලි නැද්ද?; රු. 30,000ට අඩුවෙන් ලංකාවෙ ගන්න තියෙන හොඳම ඇක්ෂන් කැමරා 7ක්

ඇක්ෂන් කැමරා උණ කියන්නෙ හැදුණොත් ලේසියෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි. කොටින්ම කියනව නම් එකක් ගන්නකම් නින්ද යන්නෙ නැති ගානයි. බොරු නම් අපේ යමු එකේ චින්තකයගෙන් අහන්නකො. 

පහුගිය මාසයක් විතර තිස්සෙ චින්තක කලේ උදේ වැඩට ආපු වෙලාවෙ ඉඳන් ඉන්ටර්නෙට් එක පුරාම ඇක්ෂන් කැමරා හොයන එක. එහෙම හොයල හොයල කොහොම හරි අමාරුවෙන් එකක් හොයගත්ත කියමුකො, ඒත් ඒක ලංකාවෙ ගන්න නෑ කියල දැන ගත්තාම හෙණ අප්සෙට්; මූණ එල්ලගෙන ඉඳල ගෙදර යනව. කොහොම හරි මේ විදියට මාසයක් විතර ට්‍රයි කරල තමයි චින්තක ඇක්ෂන් කැම් එකක් ගත්තෙ.

චින්තක විතරක් නෙවෙයි, ඔය විදියට ඇක්ෂන් කැම් උණෙන් පෙළෙන අපේ යාළුවො තව සෑහෙන්න ඉන්නව කියල අපි දන්නව. 

වැඩේ කියන්නෙ, ගෝ ප්‍රෝ තිබ්බට ඒවයෙ ගාන වැඩි නිසා ගන්නත් බෑ. ඒ මදිවට චයිනීස් කෑලි වැහි වැහැලා. අතේ තියෙන්නෙ පොඩි ගානයි. ඒ ගානට තියෙන කැම් ලංකාවෙ නෑ. 

එහෙමයි කියල ඉතින් ඇක්ෂන් කැමරා නොගෙන ඉන්නත් බෑනෙ. අන්න ඒ නිසා අපි හිතුවා ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. ඒකයි කොහොම හරි හොයල හොයල, ලංකාවෙ ගන්න තියෙන, ගාන අඩු, හොඳ ඇක්ෂන් කැමරා ටිකක් හොයා ගත්තෙ. 

එහෙනම් කියවල බලල අරගන්නකො, උණ හොඳවෙන්නත් එක්ක ඇක්ෂන් කැම් එකක්.

1. Xiaomi YI 2

මෙගා පික්සල් 12ක සෙන්සරයක් තියෙන මේ කැම් එකට අපේ ලිස්ට් එකේ එක දෙන්න හිතුවෙ වෙන දෙයක් නිසා නෙවෙයි මේකෙ සෙන්සරය සොනි ආයතනයෙ හදන එකක් නිසා. හැරත් 4K, 30fps කොලිටියට පැය 1 ½ක් වීඩියෝ රෙකෝඩ් කරන්න, full HD, 60fps කොලිටියට පැය දෙකක් වීඩියෝ කරන්නත් පුළුවන්නෙ. අඟල් 2ක LCD ස්ක්‍රීන් එකක්, f/2 1550 ලෙන්ස් එකක්, වයිෆයි, බ්ලටූත්, මයික්‍රෆෝන් දෙකක් එහෙමත් තියෙන Xiaomi YI 2 එකේ පොඩි පොඩියට ෆොටෝ, වීඩියෝ එඩිට් කරන්නත් පුළුවන්. එතකොට පැති 6ක් හරහා වෙන සෙලවීම් එහෙමත් අඩු කරල තියෙන්නෙ. වැඩේ කියන්නෙ මේ කැම් එක තවම රිලිස් වුණ ගමන් නිසා කැම් එක විතරක්ම රු. 30,000ක් විතර වෙනව. 

2. SJ 8000

පොඩ්ඩක් ඉන්න, ළඟදිම ඒවි. චීනෙ හැදුවට මොකද SJ 8000වලත් තියෙන්නෙ සොනි ආයතනයෙ හදපු මෙගා පික්සල් 16ක සෙන්සරයක්. හැබැයි මේ කැම් එකේ නම් 4K, 24fps කොලිටියට විතරයි වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒකත් විනාඩි 40ක් විතර. ඔන්න full HD, 30fps නම් විනාඩි 70ක් විතර පුළුවන්ලු. මේ කැම් එකෙත් අඟල් 2ක LCD ස්ක්‍රීන් එකක්, එතකොට වයිෆයි එහෙමත් තියෙනව. ඒ හැරුණාම, විශේෂත්වයක් විදියට 1700 වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් SJ 8000 ෆුල් සෙට් එකක් නම් රු. 15,000ට විතර ගන්න පුළුවන් වෙයි.

3. ELE Exporer Pro

SJ 8000 එක්ක බලද්දි නම් Exporer Pro එක ටිකක් උඩින් තියෙන්නෙ. මොකද මේකෙ 4K, 24fps කොලිටියට විනාඩි 70කට කිට්ටු වෙන්න වීඩියෝ කරන්න පුළුවන්. එතකොට full HD, 60fps විනාඩි 90ක් විතර පුළුවන්. ඒ හැරුණාම මෙගා පික්සල් 12ක සෙන්සරයයි, අඟල් 2 LCD ස්ක්‍රීන් එකයි, 1700 වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකයි නම් එ් විදියටම තියෙනව. මේ කැම් එකේ තියෙන විශේෂත්ව තමයි 120fps ස්ලෝ මෝෂන් වීඩියෝ කරන්න පුළුවන් එකයි, වතුර යටදි අඳුර අඩු වෙලා රෙකෝඩ් වෙන විශේෂ ඔප්ෂන් එකක් තියෙන එකයි. එහෙම බැලුවොත් රු. 15,000 වගේ ගාණකට ELE Exporer Pro එකක් ගන්න එක තමයි ලාභ.

4. Yashica YAC 401

ලොකු වගකීමකින් නම් නෙවෙයි මේ කැම් එක ගැන කතා කරන්නෙ. මොකද ළඟදි ආපු කැම් එකක්නෙ. හැරත් ඒ හැටි පාවිච්චි කරපු කට්ටියත් හරිම අඩුයි. කොහොම වුණත් මොකද Yashica YAC 401 එකෙත් 4K, 24fps කොලිටියට පැයක් විතර වීඩියෝ කරන්න පුළුවන්. full HD, 30fps නම් විනාඩි 90ක් වගේ තමයි. මේකෙත් 1700 වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් තියෙනව. සෙන්සරය මෙගා පික්සල් 12යි. විශේෂයෙන් කියන්න තරම් වැඩ කෑලි නැති වුණාට කැම් එකේ ගාන රු. 20,000ක් විතර වෙනව.

5. Samurai Ninja Pro

මේ කැම් එක ගැනත් හරිහමන් විස්තරයක් දන්න කෙනෙක් හොයා ගන්න බැරි වුණා. මොකද තාම ලංකාවට එන ගමන්නෙ. හිතන විදියට ගාන රු. 30,000ක් වගේම වෙයි. මෙගා පික්සල් 12ක සෙන්සරය, විනාඩි 40කට කිට්ටු 4K, 30fps වීඩියෝ රෙකෝඩින්ග්, විනාඩි 70කට කිට්ටු full HD වීඩියෝ රෙකෝඩින්ග් වගේ වැඩ තමයි මේ කැම් එකේ තියෙන්නෙ. ලෙන්ස් එක නම් අනිත් ගොඩක් ඇක්ෂන් කැමරාවල වගේ 1700යි. වයිෆයි එහෙමත් තියෙන නිසා හොඳ වැඩ ටිකක් ගන්න නම් බැරි වෙන එකක් නෑ.

6. Transcend Drive Pro 220

ඩෑෂ් කැම් එකක් විදියට මාර්කට් එකට ආපු Drive Pro 520වල තියෙන්නෙ මෙගා පික්සල් 3ක සෙන්සරයක්. හැබැයි full HD, 30fps කොලිටියට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන මේ කැම් එකේ ලෙන්ස් එක පට්ට හොඳයි. මොකද ඒක f/1.8 1300 ලෙන්ස් එකක්. හැබැයි ඉතින් රු. 20,000ක් දීලා ගන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.

7. Transcend Drive Pro 520

සෑහෙන වැඩක් ගන්න පුළුවන් කැම් එකක්. ඇත්තම කියනව නම් Drive Pro 520 එකේ ඉස්සරහයි පිටිපස්සෙයි කැමරා දෙකක් තියෙනව. ඉස්සරහ එකේ full HD, 30fps රෙකෝඩ් කරන්න පුළුවන්. ඒත් පිටිපස්ස එකේ පුළුවන් 720, 30fps විතරයි. එතකොට ඉස්සරහ කැම් එකේ ලෙන්ස් එක f/1.8 1300. ඒත් පිටිපස්සෙ එකේ f/1.8 1100. විශේෂයෙන් කියන්න ඕන මේකෙ ඉස්සරහ කැම් එකේ තියෙන LED ලයිට් 4 නිසා රෑට වුණත් කිසිම අවුලක් නැතුව වීඩියෝ කරන්න පුළුවන්. මේ කැම් එක නම් ඇත්තටම රු. 30,000කට පාඩු නෑ කියල තමයි අපිට හිතෙන්නෙ.

මේ 7 හැරුණාම ඉතින් තව චයිනීස්ම කෑලි සැහෙන්න තියෙනව. ඒව ගැන වගකීමෙන් කතා කරන්න බෑනෙ යාළුවනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide