රැල්ලට වගේ ‘පතොක්’ මිලට ගන්නවද? එහෙනං මේ දේවලුත් දැනගෙන ඉඳීම වැදගත්!.

පුංචි ම පුංචි ලස්සන පෝච්චිවල පැළ කරපු පතොක් පැළෑටි එකතු කරන එක තරුණ තරුණියන් අතර දැන් දැන් දකින්න ලැබෙන අලුත් ට්‍රෙන්ඩ් එකක්. ලස්සනට තමන්ගෙ කාමරේ මේසේ උඩ තියාගන්න, යාළුවෙකුට තෑගි විදිහට දෙන්න එහෙමත් මේ වගේ පුංචි පතොක් පැළෑටි යොදාගන්න එක මේ කාලේ තියන අලුත් පුරුද්දක්. ඔබත් දකින දකින තැනින් පතොක් පැළෑටි මිලට ගන්න කෙනෙක් ද? බලන්නකො පතොක් ගැන මේ දේවලුත් ඔබ දැනගෙන හිටියද කියලා.

ගේ ඇතුළට ගැළපෙන්නේ ඇයි?

කලින් කිව්වා වගේ ගෘහස්ථ පැළෑටියක් (ඉන්ඩෝ ප්ලාන්ට් එකක්, නැත්තං හවුස් ප්ලාන්ට් එකක්) විදිහට පතොක් හුඟක් ජනප්‍රියයි. මොකද මේ පැළෑටිය කරදරයක් නැතුව ලේසියෙන් ම ගේ ඇතුළේ වැඩෙනවා. ඒකට හේතුව තමයි පතොක්වල රස්නයට ඔරොත්තු දෙන විදිහේ ස්වභාවයක් තිබීම. පතොක් වැඩිපුර වැවෙන්නේ කාන්තාරවල නේ. මේ නිසා ගෙවල් ඇතුළේ තියන උණුසුම්, වියළි ස්වභාවය මත වුණත් පතොක් ශාකය වැඩෙනවා. කාමරේක, අව්ව වැටෙන තැනක, බැල්කනියේ හෝ ආලින්දයක වුණත් තියන්න පුළුවන්. ඒ වගේ ම තව දෙයක්. පතොක්වලට පුළුවන් වාතයේ ඇති බැක්ටීරියා උරාගෙන වාතය පිරිසිදු කරන්න. 

වතුර දාන විදිහ

පතොක් කියන්නෙ ජලය ගබඩා වෙලා තියන ගහක්. ඉඩෝරයක වුණත් වතුර නැතිව බොහෝ කාලයක් පතොක් ගහකට පවතින්න පුළුවන් ඒකයි. ඒ නිසා සාමාන්‍යයෙන් පැළෑටියකට වතුර දානවට වඩා අඩුවෙන් තමයි පතොක්වලට වතුර දාන්න ඕනේ. අනවශ්‍ය තරමට වතුර දැමීමෙන් පතොක් ශාකය මැරිලා යන්න ඉඩ තියනවා. විශේෂයෙන් ඔබ පතොක්වලට වතුර දාන්න ඕනේ කලින් වතාවේ වතුර දැමීමෙන් තෙත් වුණු පස වේළෙන්න ඉඩ හැරීමෙන් පසුවයි.

මල් එනවද?

හැම පතොක් වර්ගයක ම නැතත්, සමහර පතොක් විශේෂවල මල් පිපෙනවා. පතොක් ශාකයක මලක් පිපෙන්න ගත වන කාලය එක් එක් පතොක් විශේෂවලට අනුව වෙනස්. බොහෝ විට පතොක් මල් පිපෙන්නේ වසන්ත කාලේ. ඒත් ඉඩෝර කාලෙට මල් පිපෙන පතොක් වර්ගත් තියනවා.

බලාගන්නෙ කොහොමද?

ඕන ම පැළෑටියකට වගේ පතොක්වලටත් කෘමීන්ගෙන් හානි වෙන්න පුළුවන්. ඉතින් ඔබ පතොක් ගෙනත් ගෙදර ගොඩ ගහගන්නවා නං පරිස්සමෙන්. නිසියාකාරව සොයා නොබැලුවොත් පතොක් ශාකයට සහ එහි මුලට කෘමීන්ගෙන් හානි වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේ ම කලින් කිව්වා වගේ පතොක් ගහ ඕනවට වඩා තෙත් ගතියක තැබීමෙන් බැක්ටීරියා සහ දිලීර හැදිලා ශාකය දිරා යන්න ඉඩ තියනවා.

ආයු කාලය

කැලේ හැදෙන පතොක් ගස් නං අවුරුදු සිය ගණන් ජීවත් වෙනවා කියලයි කියවෙන්නෙ. ඒත් ගෘහස්ථ පතොක් ගස්වල ආයු කාලය තීරණය වෙන්නෙ ඔබ ඒකට සලකන්නෙ කොහොමද කියන කාරණය මත. නිසි පරිදි ආලෝකය, වාතය සහ ජලය ලබමින් හොඳින් වැඩෙන පතොක් ගහකට ගෘහස්ථ ව අවුරුදු දහයක් පමණ ජීවත් වෙන්න පුළුවන් ලු.

අතපත ගෑම

වැඩි ආදරේට පතොක් ගහ අතපත ගාන්න යද්දි ප්‍රවේසම් වෙන්න. මොකද පතොක් කියන්නෙ කටු සහිත ශාකයක් නේ. කටු ඇඟේ ඇනුණොත් ලේසි නෑ. ඒ නිසා පැළයට සාත්තු කරද්දි ගන ග්ලව්ස් දෙකක් පළඳින්න.

පතොක්වලින් සංකේතවත් වෙන්නේ?

සාමාන්‍යයෙන් පතොක් කියන්නෙ බොහොම ශක්තිමත් නොසැලෙන ශාකයක් විදිහටයි හඳුන්වන්නෙ. මේකට පතොක් ගහේ කටු තියන එක, බොහෝ කාලයක් ජීවත් වෙන එක, අව්වට වැස්සට ඔරොත්තු දෙන එක වගේ හේතු ගණනාවක් තියනවා. ඉතින් කාටහරි පතොක් ගහක් තෑගි කරන එකෙන් ජීවිතයට ධෛර්යය සම්පන්නව සවිමත්ව මුහුණ දෙන්න කියන පණිවිඩය සංකේතාත්මකව දන්වන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

Colombo’s Most Anticipated Holiday Sing-Along Is Back in Town!

This December, the festive spirit is set to hit a high note as Christmas Crescendo,

Trending

Cook, Dine, and Celebrate the Season with Tabletop Teppanyaki at Tenkū

This Christmas, Tenkū offers a one-of-a-kind dining experience that puts you in control of the

Trending

A Taste of the Atlantic at The Kingsbury’s Ocean

This festive season, Ocean, The Kingsbury’s celebrated seafood restaurant, invites you to embrace a world

Trending

Mount Lavinia Hotel Hosts Traditional Tree Lighting Ceremony, Welcomes the Christmas Season with Festivities and Special Offerings

Mount Lavinia Hotel welcomed the festive season in grand style with its traditional Annual Tree

Trending

From Dusk Till Dawn: The Visionary Behind Sri Lanka’s nightlife revolution

By Vimasha Weerawansha  If you’re into nightlife and crave bold, unforgettable flavors, Sheran de Fonseka’s

Highlights Trending

Shangri-La Colombo Ushers in the Festive Season with a Spectacular Christmas Tree Lighting Ceremony

The festive spirit came alive at Shangri-La Colombo as the hotel hosted its much-anticipated Christmas

Trending

Yamu Guide.

Festive Feasts: Top Christmas Buffets of 2024

By Fathima Rukaiya Looking for the perfect spot to indulge in a festive Christmas buffet?

Highlights Yamu Guide

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide