කුරුලෑවලට ගෙදරදිම කරගන්න පුළුවන් ප්‍රතිකර්ම 7ක්.

ලෝකේ සුලබ ම සමේ ආසාදනය කුරුලෑ කියලයි සාමාන්‍ය පිළිගැනීම. විශේෂයෙන් තරුණ වයසේ පිරිස් අතරේ බහුලයි. තරුණ තරුණියන් තමන්ගේ පෙනුම ගැන කොහොමටත් සැලකිලිමත් නිසා මූණේ කුරුලෑ ආවම සිත් තැවුලට පත් වෙනවා. ඒ හින්දම කුරුලෑ නැති කරගන්න කෘත්‍රිමව නිෂ්පාදනය කරපු එක එක ආලේපන භාවිත කරන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මේ ආලේපනවලට යන වියදම සැරයි. අනෙක් අතට මේවා පාවිච්චි කළාම සමේ වියළි ගතිය, කැසීම් වගේ වෙනත් අතුරු පලත් ඇති වෙන්න පුළුවන්. 

ඒ නිසා කෘත්‍රිම ආලේපන වෙනුවට ස්වාභාවිකව කුරුලෑ ඉවත් කරගන්න ගෙදරදි කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන කියන්නයි අපි ලෑස්ති වෙන්නෙ. ප්‍රතිකර්ම ගැන කියන්න කලින් මූණේ කුරුලෑ එන්න හේතු මොනවද කියල කියන එක වැදගත් නේ. කුරුලෑ එන්නේ සමේ තියන සිදුරුවල තෙල් සහ මැරුණු සෛල හිර වුණාම. කුරුලෑවලට මූලිකව හේතු වෙන කාරණා කීපයක් තියනවා. ජානමය හේතු, ඇතැම් ආහාරපාන, ආතතිය, හෝමෝන වෙනස් වීම්, විවිධ ආසාදන.. ඉන් කීපයක්.

ඉතින් මේ ලේසි ප්‍රතිකර්ම ටික කරලා බලන්න. ඒත් මේ කිසි දේකින් පාලනය කරන්න බැරි තරමට මූණේ කුරුලෑ එනව නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න කියලත් මතක් කරන්න ම ඕනේ.

1 මීපැණි – කුරුඳු මාස්ක්

සමේ ආසාදන ඇති කරන බැක්ටීරියාවලට එරෙහිව සටන් කරන්න මීපැණි සහ කුරුඳුවලට පුළුවන්. මීපැණි මේස හැඳි දෙකකට කුරුඳු තේ හැන්දක් දාලා පේස්ට් එකක් හදාගන්න. මූණ හොඳින් සෝදලා පිරිසිදු කරලා තෙත පිහදාලා, මේ පේස්ට් එක මූණේ තවරන්න. හොඳින් තවරලා විනාඩි 10-15 විතර වේලෙන්න ඇරලා, සෝදලා අරින්න. 

2 ග්‍රීන් ටී

ප්‍රති ඔක්සිකාරක බහුල නිසා ග්‍රීන් ටී බොන එක සිරුරට ඉතා ම හොඳයි තමයි. හැබැයි මේ කියන්නේ ග්‍රීන් ටී බොන්න කියල නෙවෙයි, මූණේ ගාන්න කියලා! නටන උණුවතුරට ග්‍රීන් ටී දාලා විනාඩි 3-4 තැම්බෙන්න අරින්න. තේ එක හොඳට නිවෙන්න දෙන්න. පුළුන්වල පොඟවලා තේ ටික ටික මූණේ ආලේප කරන්න. නැත්තං ස්ප්‍රේ බෝතලයක දාලා මූණට ස්ප්‍රේ කරන්න. ටික වෙලාවක් වේලෙන්න ඇරලා, සෝදලා අරින්න. ඕන නං තේ කොළවලට මීපැණි මිශ්‍ර කරලා මාස්ක් එකක් හදාගන්නත් පුළුවන්.

3 කෝමාරිකා

සමේ තෙතමනය රඳවගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් විදිහට කෝමාරිකා ගැන කවුරු කවුරුත් දන්නව නේ. ඒ වගේ ම පිළිස්සීම්, කැසීම්, දැවීම් සහ සමේ අනෙකුත් ආසාදනවලටත් කෝමාරිකා ඔසුවක්. ඉතින් කුරුලෑවලට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා ගාලා බලන්න. හැන්දකින් කෝමාරිකාවල තියන ජෙල් එක හූරලා අරං හොඳින් මූණේ තවරන්න. මූණට හොඳ සිසිල් බවකුත් ලැබෙයි. දවසට දෙපාරක් කරන්න පුළුවන් නං වඩා හොඳයි.

4 ස්ක්‍රබ් කරන්න

මැරුණු සෛල සමෙන් ඉවත් කරන එක කුරුලෑ අඩු වෙන්න උදව් වෙනවා. එක එක වර්ගයේ ස්ක්‍රබ් ජාති වෙළෙඳපොළේ ඕනෑ තරම් විකුණන්න තියනවා. ඒත් ගෙදර ම හදාගන්න ස්ක්‍රබ් එකක් ඊට වඩා විශ්වාසවන්තයි නේ. මේක සීනි හෝ ලුණු පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. පොල්තෙල් සහ සීනි හෝ ලුණු සමාන ප්‍රමාණවලින් එකට මිශ්‍ර කරන්න. හෙමින් මූණේ ආලේප කරන්න. මඳ වෙලාවක් තියෙන්න ඇරලා සෝදලා අරින්න. දවසකට සැරයක් විතර කළොත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

5 කිරි ආහාර/ පැණි රස අඩු කරන්න

පාන්, කේක්, සිසිල් බීම, බේකරි කෑම, චොක්ලට් සහ වෙනත් පැණි රස ජාති වගේ ම, කිරි, යෝගට්, චීස් වගේ දේවලුත් කුරුලෑ වැඩි කරන්න හේතු වෙන කෑමබීම. ඊට හේතුව ඒවා ග්ලයිසෙමික් අගයෙන් වැඩි වීම. ඒ වෙනුවට එළවළු, පලතුරු, ඇට වර්ග වගේ ග්ලයිසෙමික් අගයෙන් අඩු ආහාර ගන්න පුළුවන් නං කුරුලෑ අඩු කරගන්න පුළුවනි.

6 ආතතිය අඩු කරගන්න

මනසේ ආතතිය වැඩි වුණාම සිරුරේ නිපදවෙන ඇතැම් හෝමෝන මඟින් මූණේ කුරුලෑ වැඩි කරන්න ඉඩ තියනවා. ඒ නිසා මානසික ආතතිය අඩු කරගන්න පුළුවන් නං ඒක ශාරීරික නිරෝගිභාවයටත් හොඳයි. වැඩිපුර නිදාගැනීම, ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම, යෝගා කිරීම, ගැඹුරින් හුස්ම ගැනීම, භාවනා කිරීම වැනි ක්‍රම අත්හදා බැලීමෙන් මානසික පීඩනය අඩු කරගත හැකියි. 

7 ව්‍යායාම කරන්න

ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් කරන්න ව්‍යායාමවලට පුළුවන්. එවිට සමේ සෛලවලට නිසි පරිදි රුධිරය ගලා ගිහින් පෝෂණය ලැබෙනවා. එය කුරුලෑ අඩු වෙන්න සහ සුව වෙන්න උපකාරී වෙනවා. ඒ වගේ ම සිරුරේ හෝමෝන නිපදවීමේ ක්‍රියාවලියටත් ව්‍යායාම බලපානවා. මානසික පීඩනය, විශාදය, කාංසාව වැනි මානසික අවපීඩන තත්ත්වයන් අවම කරන්න ව්‍යායාමවලට පුළුවන්. ඉතින් දිනකට වරක් ඇවිදීම, දිවීම, බර ඉසිලීම වැනි සිරුර වෙහෙස වෙන කුමන හෝ ව්‍යායාමයක යෙදෙන්න අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide