හොයාගෙන බැලුවට පාඩු නැති, ඉන්දියන් වෙබ් සහ ටීවී සීරීස් 7ක්.

නෙට්ෆ්ලික්ස්, ඇමසෝන් ප්‍රයිම් වගේ ස්ට්‍රීමිං වෙබ් අඩවිවල ආගමනයත් එක්ක ලෝකේ අනෙක් රටවල වුණා වගේ ම ඉන්දියාවෙත් චිත්‍රපටි කර්මාන්තය සෑහෙන වෙනස්කම්වලට බඳුන් වුණා. රිදී තිරයට ෆිල්ම් හැදෙනවට අමතරව පුංචි තිරයට ටීවී සීරීස් සහ පරිගණක තිරයට වෙබ් සීරීස් නිර්මාණය වෙලා, එන්ටටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක වේගයෙන් පුළුල් වුණා. මේ තියෙන්නේ ඒ විදිහට නිර්මාණය වෙලා ලෝකයේ අවධානය දිනාගන්න සමත් වුණ ඉන්දියන් වෙබ්, ටීවී සීරීස් 7ක්.

Sacred Games

සේක්‍රඩ් ගේම්ස් තමයි ඉන්දියාව හොල්ලපු වෙබ් සීරීස් එක. ඒ කියන්නේ දැනට නිර්මාණය වුණ හොඳ ම ඉන්දියන් වෙබ් සීරීස් එක විදිහට ප්‍රේක්ෂකයන්ගේ වැඩි ආදරය ගෞරවය දිනාගන්නේ සේක්‍රඩ් ගේම්ස්. එපිසෝඩ්ස් අට ගාණේ තියන සීසන්ස් දෙකකින් සමන්විත සේක්‍රඩ් ගේම්ස් පළවෙනි සීසන් එක අධ්‍යක්ෂණය කළේ අනුරාග් කාශ්‍යප් සහ වික්‍රමාදිත්‍ය මොට්වානි. දෙවැනි සීසන් එක අධ්‍යක්ෂණය කළේ අනුරාග් කාශ්‍යප් සහ නීරජ් ඝේවන්.

නවාසුද්දීන් සිද්දීකි, සෙයිෆ් අලි ඛාන්, රාධිකා ආප්තේ එහෙම රංගනයෙන් දායක වෙන මේක ගනේෂ් ගයිතොන්ඩේ (නවාසුද්දීන් සිද්දීකි) කියන මරාති ජාතික පාතාල නායකයා කේන්ද්‍ර කරගෙන ගෙතෙන කතාවක්. ගනේෂ් විසින් දවස් 25කින් සිද්ධ වීමට නියමිතයි කියලා අනතුරු අඟවන න්‍යෂ්ටික ප්‍රහාරයක් වළක්වන්න සර්තාජ් සිං (සෙයිෆ් අලි ඛාන්) කියන පොලිස් නිලධාරියා උත්සාහ කරන ආකාරය සේක්‍රඩ් ගේම්ස් ඔස්සේ බලන්න පුළුවන්. ඉන්දීය ලේඛක වික්‍රම් චන්ද්‍ර විසින් ලියැවුණු සේක්‍රඩ් ගේම්ස් නවකතාව තමයි මේ සීරීස් එකට පදනම් වුණේ. ඒත් නවකතාව සහ සීරීස් එක අතරෙත් හුඟක් වෙනස්කම් තියනවා.

Delhi Crime

මීට ටික කාලෙකට කලින් ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ දරුණු සමූහ දූෂණයක් සිදු වුණා ඔබට මතක ඇති. එහිදී දූෂණයට ලක් වුණු තරුණියගේ අනන්‍යතාව හෙළි නොකර, ඇය හැඳින්වීම සඳහා ඉන්දීය මාධ්‍ය ‘නිර්භයා’ නම් අන්වර්ථ නාමයක් පාවිච්චි කළා. අතිශය දරුණු ගණයේ අපරාධයක් වීම නිසා ම මීට ජාත්‍යන්තර අවධානය යොමු වුණා.

මේ සිද්ධිය පදනම් කරගෙනයි දිල්ලි ක්‍රයිම් සීරීස් එක නිර්මාණය වුණේ. අධ්‍යක්ෂවරයා රිචී මේතා. ප්‍රධාන චරිතවල රඟපාන්නේ ශෙෆාලි ශා, රසිකා දූගල්, ආදිල් හුසේන් සහ යෂස්විනී දයාමා. අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගන්න දිල්ලි පොලීසිය දරන උත්සාහය වටා තමයි සීරීස් එකේ කතාව ගෙතෙන්නේ. 

She

ඉම්තියාස් අලීගේ නිර්මාණයක් වෙන ෂී වෙත රංගනයෙන් දායක වෙන්නේ ආදිති පොහන්කර් සහ විජේ වර්මා. අධ්‍යක්ෂණය කළේ අරීෆ් අලී සහ අවිනාෂ් දාස්. එපිසෝඩ්ස් 7කින් යුතු එක සීසන් එකකින් සමන්විත මේක ඩ්‍රග් ලෝඩ් කෙනෙකුට එරෙහිව දියත් වන මෙහෙයුමක යෙදෙන ඉන්දීය පොලිස් නිලධාරිනියකගේ කතාවක්.

Mirzapur

මත්ද්‍රව්‍ය, අවිආයුධ එක්ක බැඳුණු, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වල පාතාලය සම්බන්ධ කතාවක් ඇතුළත් මිර්සාපූර් අධ්‍යක්ෂණය කළේ කරන් අන්ශුමාන් සහ ගුර්ම්මීට් සිං. පන්කජ් ත්‍රිපති, අලී ෆසාල්, වික්‍රන්ට් මාසේ, රසිකා දූගල් එහෙම ප්‍රධාන චරිතවලට පණ පොවනවා. පළවෙනි සීසන් එක එපිසෝඩ්ස් නවයකින් සමන්විතයි. දෙවැනි සීසන් එක මේ අවුරුද්දේ රිලීස් වෙන්න නියමිතයි. තමන්ගේ තාත්තාව ආරක්ෂා කරගන්න ගිහින් පුතාල දෙන්නෙක් මැරයන් බවට පත් වෙන හැටි මේ සීරීස් එකෙන් දැකගන්න පුළුවන්.

Little Things

මිතිලා පල්කර් එක්ක දෘව් සේඝල් රඟපාන ලිට්ල් තින්ග්ස්, හරි ම සැහැල්ලුවෙන් බලන්න පුළුවන් සීරීස් එකක්. ඩයිස් මීඩියා කියන චැනල් එකේ මුලින් ම විකාශය වුණත් නෙට්ෆ්ලික්ස් විසින් පසුව මේක මිල දී ගත්ත නිසා විශාල ජනප්‍රියත්වයක් අත් කරගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ සීරීස් එකේ සීසන්ස් තුනක් තියනවා. ඉන්දියාවේ මුම්බායි නගරයේ ලිවින් ටුගෙදර් කපල් එකක් වෙන කාව්‍යා සහ දෘව් අතරෙ එදිනෙදා ජීවිතේ ඇති වෙන පුංචි පුංචි සුන්දර සිදුවීම් වටා තමයි මේ කතා ගෙතෙන්නෙ.

Made In Heaven

ඉන්දියාවේ සාමාන්‍යයෙන් වෙඩින් එකක් කියන්නෙ හෙන ලොකු ඉවෙන්ට් එකක්. මේ තඩි ඉන්දියන් වෙඩින් ප්ලෑන් කරන තාරා සහ කරන් ගැන කියවෙන මේ සීරීස් එක ඇමසෝන් ප්‍රයිම් එකෙන් බලන්න පුළුවන්. සෝයා අක්තාර්, රීමා කග්ටි නිර්මාණය කරපු මේකට අලංක්‍රිතා ශ්‍රීවාස්තව තිරරචනයෙන් දායක වුණා. අධ්‍යක්ෂණය කළේ සෝයා අක්තාර්, අලංක්‍රිතා ශ්‍රීවාස්තව, නිත්‍යා මෙහ්රා සහ ප්‍රශාන්ත් නායිර් එකතු වෙලා.

එපිසෝඩ්ස් නවයකින් යුතු පළවෙනි සීසන් එක 2019දී නිකුත් වුණා. ඊළඟ සීසන් එක ඉදිරියේදි රිලීස් වෙන බව ආරංචියි. සෝභිතා ධුලිපාල, අර්ජුන් මාතුර්, කල්කි කොඑච්ලින් එහෙම මේකේ රඟපානවා.

The Family Man

ශ්‍රීකාන්ත් තිවාරි කියන රහස් ඔත්තුකරුවාගේ ජීවිතය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණ ද ෆැමිලි මෑන් අධ්‍යක්ෂණය කළේ රාජ් සහ ඩී. කේ. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මනෝජ් බජ්පායේ සහ ප්‍රියාමනී. පළවෙනි සීසන් එකේ එපිසෝඩ්ස් දහයක් අඩංගුයි. දෙවැනි සීසන් එක මේ අවුරුද්දේ එළිදකින්න නියමිතව තියනවා.

සත්‍ය පුවත්පත් ලිපි කිහිපයක් ඔස්සේ තමයි මේ කතාවේ තේමාව නිර්මාණය වෙලා තියෙන්නේ. ශ්‍රීකාන්ත් තිවාරි බුද්ධි අංශයේ සේවය කරමින් ම, දරුවන් දෙදෙනෙකුගෙන් යුතු තම පවුලේ ජීවිතය සමබර කරගන්න උත්සාහ කරන ආකාරය මේ සීරීස් එකෙන් බලාගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide