වැටුණට ඩිස්ප්ලේ යන්නෑ, වතුරට අවුල් යන්නෙ නෑ!; ගන්නව නම් මෙන්න, ලෝකෙ හයියම ස්මාර්ට් ෆෝන් 7.

අයි ෆෝන් නම්, බැලුවොත් ස්ක්‍රීන් එක ගිහින්. වෙන ජාතියක් නම් එක්කො වතුරට වැටිලා බෝර්ඩ්, අයි සී. ගිහින් නැත්නම් සාක්කුවට තද වෙලා ඩිස්ප්ලේ එක අවුල් ගිහින් එහෙමත් නැත්නම් අඩුම තරමෙ අව්වෙ තිබිලා හරි මොනව හරි වෙලානෙ.

මොනව කරන්නද ඉතින්. බර ගණන් දීලා ගත්තු ෆෝන් නිසා අත ඇරලා දාන්නත් බෑ. ෆිසිකල් ඩැමේජ් වලට වොරන්ටිත් නැති නිසා, අතින් වියදම් කරගෙන තමයි හදන්නෙ. වැඩේ කියන්නෙ ඒ හදලත් ෆෝන් එක බ්‍රෑන්ඩ් නිව් තත්වෙට ගේන්න බෑනෙ. අනිවාර්යයෙන්ම ඔය වෝටර් රෙසිස්ට් වගේ වැඩ කිඩ නැතිවෙලා යනව.

“ඇත්තමට මේකට නැද්ද විසඳුමක්? ලේසියකට කැඩෙන්නෙ නැති ෆෝන් එකක් වගේ”

කල්පනා කර කර ඉඳපු මම, නිකමට වගේ නෙට් එකෙත් හොයල බැලුවෙ. බැලින්නම් මෙන්න බොලේ අත්පිටම විසඳුම.

බලන්නකො මම හොයා ගත්ත දේවල් ටික කොහොමද කියල.

1. CAT S60

මේ අවුරුද්දෙ මුල් කාර්තුවෙ හඳුන්වල දුන්නු S60ය මීටර 5ක් වතුර යට පැයක් තියාගෙන ඉන්න පුලුවන් කිව්වොත් ඔයාලා පුදුම වේවි. ඒ විතරක් නෙවෙයි මේක මීටර 1.8ක උපරිම උඩකින් බිම වැටුණට කිසිම අවුලක් වෙන්නෙත් නෑ. අනික ලුණු වතුරට, ධූවිල්ලට, අධික ආර්ද්‍රතාවය, අධික වැස්ස, අධික කම්පනය, තද ඉර අව්ව, අධික උෂ්ණත්වය වගේ දේවල් වලට පවා හොඳ හැටි ඔරොත්තු දෙනව. වැඩ කිඩ අතින් ගත්තොත් මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක්, මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක්, ගිගාබයිට් 3ක රැම් එකක්, ගිගාබයිට් 32ක මෙමරියක්, ඔක්ටාකෝර් ප්‍රොසෙසරයක් එහෙමත් තියෙනව.

ඒත්, වැඩේ කියන්නෙ මේ ෆෝන් එකේ මිල රු. 90000ක් වගේ වෙනවනෙ.

2. Ulefone Armor

රු. 25000කට වගේ ගන්න පුලුවන් මේ ෆෝන් එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි සෙල්සියස් -40 ඉඳන් 80 වෙනකම් ඔරොත්තු දෙන එක. ඒ හැරුණාම මීටර 1.2ක් වතුර යට පැය භාගයක් වැඩ කරන්නත් පුලුවන්. ධූවිල්ලට, අධික කම්පනයට වගේම දරුණු සීරීම් වලටත් ඔරොත්තු දෙන විදියට තමයි මේ ෆෝන් එක හදල තියෙන්නෙ. මෙගාපික්සල් 13ක පිටුපස කැමරාවක්, මෙගාපික්සල් 5 ඉදිරිපස කැමරාවක්, ගිගාබයිට් 3ක රැම් එකක්, ගිගාබයිට් 32ක මෙමරියකුත් ‘ආර්මර්’ එකේ තියෙනව. අනික ඔක්ටාකෝර් ප්‍රොසෙසරය නිසා වේගයත් හොඳයි.

3. BlackView BV6000

මේකත් හොඳ හයිය ෆෝන් එක. මීටර 1.5ක් වතුර යට පැය බාගයක් තියන්න පුලුවන් වගේම මීටර 1.5ක් උඩ ඉඳන් බිමට වැටුණත් අවුලක් නෑ. අනික ධූවිල්ලට, අධික කම්පනයටත් හොඳ හැටි ඔරොත්තු දෙනව. ගිගාබයිට් 32ක මෙමරියකුයි ඔක්ටාකෝර් ප්‍රොසෙසරයකුයි තියෙන බී වී. 6000 එකේ රැම් එක ගිගාබයිට් 3යි. මෙගාපික්සල් 13ක පිටුපස කැමරාවකුයි මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවකුයිත් තියෙන නිසා බය නැතුව ඕන තැනක බැහැලා ෆොටෝ ගහන්නත් පුලුවන්. ගාණත් රු. 35000ක් වගේ තමයි වෙන්නෙ.

4. Samsung Galaxy S7 Active

දන්න කියන නමක් නේ. හැබැයි ගොඩ දෙනෙක් මේ ෆෝන් එකට අවධානයක් යොමු කරන්නෙ නෑ. මොකද මේකෙ කැමරාව මෙගාපික්සල් 12යිනෙ. අනික ප්‍රොසෙසරයත් ක්වාඩ්කෝර්. හැබැයි ඉදිරිපස කැමරාවෙ නම් මෙගාපික්සල් 5ක් තියෙනව. රැම් එක ගිගාබයිට් 4යි. මෙමරිය ගිගාබයිට් 32යි. කොහොම වුනත් මීටර 1.5ක් වතුර යට පැය බාගයක් වැඩ කරන්න පුලුවන්. ඒ හැරුණාම ලුණු වතුරට, ධූවිල්ලට, අධික ආර්ද්‍රතාවය, අධික වැස්ස, අධික කම්පනය, තද ඉර අව්ව, අධික උෂ්ණත්වය වගේ දේවල් වලටත් ඔරොත්තු දෙනව. ඉතින් රු. 70000ක් වගේ දීලා ගත්තත් පාඩු නෑනේ.

5. Kyocera Dura Force Pro

රු. 65000කට වගේ ගන්න පුලුවන් මේ ෆෝන් එකෙත් ඉහත කී ෆෝන් වල තියෙන හැම එකක්ම තියෙනව. වෙනසකට තියෙන්නෙ රැම් එක ගිගාබයිට් 3ක් වෙච්ච එක විතරයි. ඉදිරිපස කැමරාවත් මෙගාපික්සල් 13ක්. ප්‍රොසෙසරය ඔක්ටාකෝර් නිසා වේගයත් හොඳයි.

6. Rugtel X16

චයිනීස් වුනාට ෆෝන් එක හොඳයි. අවුල තියෙන්නෙ රැම් එක ගිගාබයිට් 2යි, මෙමරිය ගිගාබයිට් 16යි, ප්‍රොසෙසරේ ක්වාඩ්කොර් වෙච්ච එකයි තමයි. ඒ හැරුණාම අනිත් වැඩ කිඩ එහෙම්මම තියෙනව. රු. 25000කට පාඩුත් නෑ ඉතින්.

7. AGM X1

රු. 40000කට වගේ ගන්න පුලුවන් සුපිරිම ෆෝන් එකක්. මෙගාපික්සල් 13 කැමරා දෙකක් තියෙනව පිටිපස්සෙ. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 5යි. එතකොට මෙමරිය ගිගාබයිට් 64ක්. රැම් එකත් ගිගාබයිට් 4ක්. ප්‍රොසෙසරේ ඔක්ටාකෝර් නිසා වේගයත් උපරිමයෙන්ම තියෙනව. මීටර 1.5ක් වතුර යට පැය බාගයක් වැඩ කරන්න වගේම මීටර 1.5ක උසකින් වැටුණට කිසිම අවුලකුත් නැති වෙන්න තමයි මේ ෆෝන් එක හදල තියෙන්නෙ. ඒ හැරුණාම ඉතින් ධූවිල්ල වගේ දේවල් වලටත් හොඳ හැටි ඔරොත්තු දෙනව.

කොහොම වුනත්, කණගාටුවෙන් වුනත් ඔයාලට මේ දේත් කියන්න ඕන. මේ ෆෝන් වලින් එකක් දෙකක් හැරුණාම අනිත් ඒවා ලංකාවෙ මාර්කට් එකේ නෑ. ඒ නිසා රට ඉන්න කාගෙ හරි පිහිටක්ම පතන්න වෙනව ඉතින්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

Ifthar 2023 – Reinvented by Street Burger

By Shamrina Carim During this holy month of Ramadan, once again Street Burger has not

Highlights Kamu

Arabia’s Oasis of Flavours – Cinnamon Red

Cinnamon Red Colombo’s top tier fine dining Flavored restaurant has introduced an incredible range of

Highlights Kamu

The weekend Lunch Buffet at Movenpick

Movenpick boasts of its location in the heart of Colombo, its 219 spacious, luxury hotel

Highlights Kamu

Trending.

John Wick Brings the Action the Red Carpet Premiere at Scope Cinemas.

Scope Cinemas, Liberty Cinemas Limited, and Lionsgate proudly present the exclusive premiere of John Wick:

Trending

Thambili Culture Boutique – A homegrown boutique in the heart of Colombo

What’s in store? The Thambili Culture Boutique is a locally inspired clothing store that started

Highlights Trending

International Hummus Festival at Hilton Colombo

Get Ready to Dip, Savor and Celebrate: International Hummus Festival Returns Bigger and Better Than

Trending

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

5 Spots to experience an Iftar Buffet – 2023

The holy month of Ramadan is approaching in a few days. It’s that festive time

Highlights Trending

Ramada Colombo Celebrates 49 Remarkable Years of Exclusive World-Class Hospitality

The iconic star-class luxury hotel, Ramada Colombo, is owned by the American multinational-World’s largest hotel

Trending

Yamu Guide.

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

6 Trusted Pet Food Brands you should know

For awhile, Petmart has established itself as the premier pet shop in Sri Lanka. It

Highlights Yamu Guide

6 Pet Essentials from Pet Mart

Coming home to a devoted friend is the best feeling in the world. A pet's

Highlights Yamu Guide

9 Places to eat Rice & Curry

By RR Yes, pizzas and burgers are amazing but truly nothing can beat a good

Highlights Yamu Guide

Celebrate Valentine’s Day with Quickee this year!

It's easy to get caught up in the everyday hustle and bustle of life, where

Highlights Yamu Guide

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide