නිවාඩුවට! වන පියසක, ගං ඉවුරක පහස රැඳුණු අපූරු නවාතැන් 7ක්.

මතක ඇති කාලෙක ආපු සුපිරි ම දෙසැම්බර් මාසෙද කොහෙද. ඇයි අප්පේ අන්තිම වීක්එන්ඩ් 2 ම දිග නිවාඩුනෙ. ඒ මදිවට කට්ටියට බෝනස් එහෙමත් හම්බුවෙලා ගජරාමෙට එක එක වැඩ. සමහරු ෂොපින්ග් යනව, සමහරු පාර්ටි දානව, තවත් සමහරු රට රටවල්වල ඇවිදින්න යනව… ඔය අතරට වෙනසක් නැතුව කොයි නිවාඩුවටත් සුපිරි ට්‍රැවලින්ග් පාරක් දාන අපේ යාළුවො සෙට් එකකුත් ඉන්නවනෙ.

ඉතින් අපි කල්පනා අනිත් අයට කෙසේ වෙතත් අපේ ට්‍රැවල් යාළුවන්ට අලුත් අවුරුදු නිවාඩුව ගත කරන්න කියාපු තැන් ටිකක් කියන්න. අතේ තියෙන ගාණට හිතේ හැටියට විනෝද වෙලා, හොඳ සැපට ඉඳගෙන රස කෑම ටිකක් එහෙමත් කාලා කාරිය හැන්දෑවට ගිනිමැල පාර්ටියක්, පොඩි බෝතලයක් දෙකක් එහෙමත්! නේ…

1. Catamaran Lagoon House (Thangalla/ 077 3620194)

බෝට්ටු ගෙදරක දවසක් ගතකරල හැන්දෑ වෙද්දි බහින්න ගං ඉවුරට. බැහැලා ගිනි මැලයක් ගහගෙන සිංදුවක් කියන්න, රස කෑම වේලක් කන්න, කියාපු තැන. ඒ විතරක් නෙවෙයි අපූරු බෝට්ටු සවාරි යන්න, උදේ පාන්දරට කලපුව වටේට රවුම්ගහන කුරුල්ලන්ගෙ හැඩ බලන්නත් නියමම තැනක්. කරන්න තියෙන්නෙ තංගල්ල, නෙටොල්පිටියෙ රැකව කලපුව පැත්තට යන එක තමයි. ගිහින් කාගෙන් හරි ඇහුව නම් හරියටම තැන පෙන්නයි. හැබැයි ඉතින් යන්න කලින් බුකින්ග් එකක් දාලා යන්න නම් අමතක කරන්න එපා, හොඳද.

2. The Farm Resort (Dikoya/ 077 6956520)

සීතල පැත්තක අපූරු රැයක් ගත කරන්න හිතන් ඉන්නව නම් යන්න දික්ඔය ෆාර්ම් රිසෝට් එකට. ඒක පිහිටල තියෙන්නෙ කාසල්රිජ් වැව් ඉස්මත්තෙ. ඉර බැහැගෙන යන හැන්දෑවට, කුරුලු කීචිබීචියෙන් පිරුණු උදෑසනට ෆාර්ම් රිසෝට් වටපිටාවෙ මැවෙන සුන්දරත්වය නම් ඇස් අදහාගන්නත් බැරි තරම්. ඒ විතරක් නෙවෙයි රෑ ජාමෙට තේ වත්තෙ පොඩි රවුමක් දාන්න යද්දි හම්බුවෙන සත්තු විශේෂත්, ලේසියකට වෙන තැනකින් බලා ගන්න ලැබෙන්නෙ නෑ. අනික මෙයාලගෙ කෑම බීම, සර්විස් එක එහෙමත් පංකාදුයිලුනෙ.

3. Ella Mount Relax Cottage (Ella/ 077 5077066)

ලංකාවෙ සුන්දරම නගරයක තියෙන සුන්දරම තැනක්. යන්න තියෙන්නෙ ඇල්ල, පස්සර පාරෙ ටිකක් ඇතුළට වෙන්න පිහිටල තියෙන මවුන්ට් රිලැක්ස් කොටේජ් එකට. මේක මුළුමනින්ම ලීවලින් තමයි හදල තියෙන්නෙ. හැබැයි එසේ මෙසේ තැනක නෙවෙයි, කඳු බෑවුමක. බැලූ බැල්මට ටිකක් බය හිතුණට මොකද වටපිටාවෙ තියෙන ලස්සන දැක්කාම නම් ඒ බය කොහෙන් ගියාද නැති ගානයි.

4. Yala Peace Cottages (Thissamaharama/ 077 623 0420)

නමේ හැටියට සාමයෙන් සතුටෙන් සෆාරි පාරක් දාලා, කටට රහට කෑම ටිකක් කාලා හොඳ හැටි විනෝද වෙලා ඉන්න නියම තැන. තිස්සමහාරම, යෝධ වැවට කිට්ටුව ලීවලින් හදපු මේ කොටේජ්වල ලස්සන හොඳ හැටි පේන්නෙ හැන්දෑවට තමයි. වැව් කණ්ඩියට අල්ලල හදපු අපූරු පූල් එකක් එහෙමත් පීස් කොටේජ්වල තියෙනව. හැන්දෑ ජාමෙට අලියෙක් දෙන්නෙක් පාරට ගොඩ වුණාම නම් ටුවර් එක ෆුල් ඇඩ්වෙන්චර්. කොහොම වුණත් මේක වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැපර්ස්ලට නම් කියාපුම තැන!

5. Thuduwa Camp (Udawalawa/ 0475 679771)

උඩවලව, රන්කෙත්ගමේ කිරිඉබ්බන් වැව් ඉවුරෙ පිහිටල තියෙන සුපිරිම නේචර් රිසෝට් එකක්. අලි ගහන කැලේ, උකුසු රාජාලි දඩයම් මාන බලන නිල් අහස් කුසේ, දර කොටන් ගානට කිඹුල්ලු ඉන්න ගංගා වැව් ඉවුරු දිගේ හිතේ හැටියට සෆාරි කරන්න කියාපු. ඒ විතරක් කිරිඉබ්බන් වැවේ බෝට්ටු සවාරි යන්නත් ඔයාලට පුළුවන්. කොහොම වුණත් මෙතන වැව් මාළු කරියක්, හේන කොරටුවෙ එළවළු මාළු ටිකක් එක්ක ගමේ රහට බත් ටිකක් නම් අනිවා. අනික හැන්දෑ ජාමෙට හෝටල් මිදුලට සෙට්වෙලා ගිනි මැලයක් අටවගෙන පොඩි අඩියක් ගහන්න, සිංදුවක් කියල විනෝද වෙන්නත් පුළුවන්නේ. 

6. Eagles Nest Cabanas (Thangalla/ 077 5842086)

රැකව කලපු ඉවුරෙ පිහිටපු තවත් ලස්සන කබානා සෙට් එකක්. කැලේ කොලේ, සතා සීපාවා ඒ හැටි ගැවසුනේ නැති වුණාට කුරුල්ලො බලන්න නම් කියාපු තැන. අනික මරු බෝට්ටු සවාරියක් යන්නත් පුළුවන්. කොහොම වුණත් ඊගල් නෙස්ට් එකේ හැන්දෑවට තියෙන ගතිය නම් කියල නිම ‍්කරන්න බැරි තරම්. කොටින්ම කියනව නම් හුදකලාව පොඩි මනෝ පාරක් ගහගෙන ඉන්න නියම ම ප්ලේස් එක. අනික ලන්තෑරුම් එළියෙ රෑ කෑම වේල රස බලන්න, නැත්නම් රස සීෆුඩ් බයිට් එකක් එක්ක අඩියක් ගහන්න එහෙමත් පුළුවන්නෙ. 

7. Gaga Bees (Thissamaharama/ 071 6205343)

තිස්සමහාරාම සඳගිරිගම කියන්නෙ යාල මායිම. කොහොමද අලි,කොටි,වලස්සු මැද්දෙ ගං ඉවුරක නයිටක් ගහද්දි. ගිනි මැලයක් ගහගෙන, සිංදුවකුත් කියාගෙන, රස කෑම ටිකකුත් බඩට දාගෙන ඇති පදමට විනෝද වෙලා එන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ගඟ බීස් හෝටලයෙ කාමර හදල තියෙන්නෙ හරියට බිම් පැල් වගේ, මැටි ගාලා, පොල් අතු හෙවිලි කරල එහෙම. හැබැයි හරිම සුව පහසුයි. අනික පැල්පත්වලින් වටවුණු ලස්සන පූල් එකකුත් තියෙනව. හවස් ජාමෙට ලන්තෑරුම් එළිවලින් අාලෝකමත් වුණාම තමයි ගඟ බීස්වල ලස්සන හොඳටම පේන්නෙ. 

කොහොම වුනත් මොකද හැමදාම නෑ, හැමතැනම නෑ… අවුරුද්දට එක පාරයිනෙ. අනික ඉතින් මීට අඩුවට මේ වගේ සුපිරි ප්ලේස් හොයාගන්නත් ඒ හැටි නැති තරම්නෙ. අනික ඒ මොනව නැතත්, සොබාදහමට තුරුළුවෙලා දවසක් ගත කළා කියන්නෙ ආයෙ මතක ඇති කාලයක් යනකම් හිතේ සන්තෝසෙන්නෙ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide