ගෙදර ඉඳන් Adventure… මතකයන් රසවිඳින්න මේ දේවල් කරල බලන්න!.

නිකම් ඉඳපු උදවියට නම් ඉතින්… කියන්න ඕන නෑනෙ. එයාලට කොහොමත් නිකම් ඉඳල පුරුදුයිනෙ. මං කියන්නෙ මොන මොනවට හරි පුරුදු වෙච්ච අයට?

මේ දවස් ටිකේ වහ කෑවා වගේ. ඒකත් පොත පත කියවන්න, චිත්‍ර අඳින්න, සංගීතයට වගේ හුරු වෙච්ච අයටත් මොන මොනවහරි කරගන්න පුළුවන්.

ඒත්… ඇවිදින්න, ගල් දිගේ බඩ ගාන්න, මුහුදත් එක්ක පොර බදන්න… වගේ වැඩවලට හුරුවෙච්ච අපිට, එහෙම නැත්නම් කැලේ කොළේ රිංගල සතා සීපාවා, කැමරා එක්ක දවස ගතකරන්න පුරුදු වෙච්ච අපිට… කිසිම පිළිසරණක් නෑ නේ…

අන්න ඒ නිසාමයි යාළු…

මමත් හොයල හොයල ම

ඔයාලා වෙනුවෙන් ම

ඇඟේ අමාරුවයි හිතේ අමාරුවයි දෙක ම යන්න කියල, කරන්න වැඩ ටිකක් ඔයාලට කියන්න කල්පනා කලේ.

ඉතින්… බලන්නකො එහෙනම්, මේ දවස් ටිකේ මේකෙන්වත් ගොඩ එන්න පුළුවන්ද කියල?

1. ලට්ට ලොට්ට සුද්ද පවිත්‍ර කරල රෙපෙයාර් කරන්න

ගන්න… බැක්පැක් එකෙන් පටන් ගත්තාම අවුට්ඩෝ ඇඳුම් ටිකයි, බූට්, ස්ලීපින් බෑග්, ටෙන්ට්, කඹ, පිහි එතකොට ඔයා වෙන වෙන ඇඩ්වන්චර් ස්පෝර්ට් කරනව නම් ඒ ගියර්ස් සියල්ලම. අරගෙන… හෙමින් සැරේ එකින් එක, එකින් එක සුද්ද කරන්න පටන් ගන්න, ඒ ඒ බඩුවලට උචිත විදියට. සුද්ද කරලා… පිළිවෙළක් කරද්දි කොහොමත් දවස මදිවෙයි. හැරත් ඒ අතරට ඔයාට හම්බවෙන ඩැමේජ්?

වැදගත් ම පොයින්ට් එක! ඩැමේජ් රෙපෙයාර් කරන්න මේ වෙලාවෙ, ගෙදර තියෙන දේවල්වලින්, කරන්න පුළුවන් උපරිමයෙන් ම. බැරි ම ඒවා වෙනම ම අරන් තියාගන්න යහපත් කලදසාව උදාවුණාට පස්සෙ ගිහිල්ල, දීලා වැඩේ කරගන්න. හැබැයි එකක්, ඒවා රෙපායර් කරද්දී… රෙපෙයාර් එකේ වගකීම?

යාළු ක්ලයිම්බින්ග්, ඩයිවින්ග් වගේ ගියර්ස් නම් අනිවා… ප්‍රො ලෙවල් එකේ කෙනෙක්ගෙන් අත්දැකීම් ගන්න ම වෙනව. මොකද නැත්නම්…

ජීවිතයක්නෙ! 

2. කැමති ම එකට යන්න ලෑස්ති වෙන්න

එහෙම සුද්ද පවිත්‍ර කරලා අඩුමකුඩුම ටික ලෑස්ති කලා කියමුකො. ඊට පස්සෙ මොකද කරන්නෙ?

එකක්, ඔයාට පුළුවන් ඒවා හරි පිළිවෙළකට අසුරන්න. ඒකට කාමරේ පොඩි ඉඩක් ගලප ගත්තත් අවුලක් නෑ. හැබැයි ඒ කෝකටත් කලින්…

එවලෙ වැඩේට බහිනව කියල හිතාගෙන ඒ බඩු ටික පැක් එකට ගහන්න. හොඳට කල්පනා කරල එහෙම. එතකොට… ඔය එදා මෙදාතුර ගියපු ගමන්වල, ඔයාට වෙච්ච අපහසුතා… විශේෂයෙන් ම “අඩේ පැක් එක ගෙනාවට වඩා වඩා බරයිනෙ බං දැං” වගේ ඒවා… කොහොමද වුණේ, ආයෙ එහෙම නොවෙන්න වගබලාගන්නෙ කොහොමද කියල ඔළුවට එයි.

3. අළුත් ට්‍රික්ස් ගැන හිතන්න, පරණ වැරදි හදාගන්න

අන්න එහෙම ඔළුවට එන, නැත්නම් හිතල හිතල ම ඔළුවට ගන්න, එහෙමත් නැත්නම් ඉන්ටනෙට් එකෙන් හරි කොහෙන් හරි හොයල, හොයා ගත්තු ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් සියල්ල…

හොඳ යාළුවො වගේ…

අත්හදා බලල…

කාට කාටත් පිංසිද්ධ වෙන්න කියල…

පහළින් කමෙන්ට් කරන්න!

4. ෆොටෝ වීඩියෝ ටික බලල ඔක්කොම පිළිවෙළකට හදන්න

කමෙන්ට් කරල ඇවිල්ල කම්පියුටර් එක ළඟින් වාඩි වෙන්න. මොකද ඒ වෙද්දී… ඔයා ඉන්නෙ නිකම් දැං ගමන ගියා නෑ වගේ තත්ත්වෙකනෙ. ඉතින් ඒ වගේ තත්වෙක ඉඳන් පරණ ෆොටෝ වීඩියෝ ටික බැලුව කියන්නෙ ආයෙ ගමන ගියා වගේම තමා. හැරත් ඒක හොඳ අවස්ථාවක්…

හෙමින් සැරේ බලල ඔයාගෙ ට්‍රැවල්, වයිල්ඩ්ලයිෆ්… මොන මොනවහරි ෆොටෝ ඩේටා බේස් එක පිළිවෙළක් කරගන්න. විශේෂයෙන් ම ගන්න බැරි ෆොටෝස් අයින් කරන්න, ඉතිරිව සියල්ල… තැන්වල නමින් හරි, ඇක්ටිවිටි නමින් හරි… ඔයාට කැමතිම විදියකට හරි ෆෝල්ඩ්ර්ස්වලට දාලා පිළිවෙළකට ම හදන්නකො.

5. මැප් එක දිග ඇරල සුපිරි ප්ලෑන් ටිකක් ගහන්න

හැදුවට පස්සෙ ඔළුවට එනව ගිහිල්ල තියෙන්නෙ කොහෙද, ගිහිල්ල නැත්තෙ කොහෙද කියල. අන්න ඒ ටික ඔළුවට ආවට පස්සේ… යන්න ගූගල් මැප්ස් එකට. ගිහිල්ල විශේෂයෙන් ම මෝසම් සහ අතරමැදි වර්ෂාපතනයන් තියෙන කාල ටික ඔළුවට අරගෙන ඒ වයින් බේරිලා නොගියපු පැතිවල රවුම් ගහන්න, හදන්න පුංචි පුංචි ප්ලෑන්, අඩු ම තරමේ… සැප්තැම්බර්වල තියෙන නිවාඩු ටිකෙන්වත් ඉස්සරහට!. මං කියන්නෙ ඊට කලින් ඉතින් විශ්වාසයක් තියන්න අමාරුනෙ මේ අපේ උන්දලැ කොරෝනා කරගෙන යන තත්ත්වෙත් එක්ක…

6. දැනට නොකරන, කරන්න ආස කරන Adventures ගැන හොයන්න

ඒ අතරට ඔයාට පුළුවන්. ඔයා මෙච්චර කල් නොකරපු, කරන්න අතිශය ආසාවෙන් ඉඳපු තව තව ඇඩ්වෙන්චර් ඇක්ටිවිටිස් ගැනත් හොයන්න පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි, එහෙම හොයද්දි ඔයාට මැප් එකත් ළඟ තියෙන නිසා… ඒවා ලංකාවෙ කොහෙද තියෙන්නෙ කියලත් හොයල සුපිරිම ප්ලෑන් එකකට යන්නත් පුළුවන් වෙයිනෙ. හැබැයි එහෙමයි කියල එතනින් නතර වෙන්න එපා. ඒ ඇක්ටිවිටීස්වල ප්‍රෝ ලෙවල් එකේ ඉන්න අයගෙ වීඩියෝ, බ්ලොග්, ඩොකියුමන්ට්‍රි බලල ඔයත් හිතින්ම ප්‍රෝ වෙන්න.

මොකද එතකොට වැඩේට බහිද්දි ලේසියි!

7. ගෙදර දි ම ප්‍රැක්ටිස් පටන් ගන්න

නිකමට කියන්නෙ. හිතමුකො ඔයාට නිකම්… බෝල්ඩරින්ග්, ෆ්‍රී ක්ලයිම්බින්ග් වගේ දෙයක් පටන් ගන්න ආසයි කියල. ඒත් ඉතින් ඒකට දැන් ප්‍රැක්ටිස් පටන් ගන්න විදියක් නෑනෙ. හැබැයි… ඔයාට පුළුවන් ඒකට අනුගත, අන්තර්ජාතිකය විසින් සහතික කරපු ව්‍යායාම ටික ගෙදරදිම පටන් ගන්න. එතකොට ඉතින් මේ මාසෙ දෙක ගිහිල්ල ඔයා වැඩේට බහිද්දි කොහොමද ෆිට්නස්!

ම්… ඒ හැරුණාම වත්තෙ ගහක් කොළක් තියෙනව නම්… කුරුල්ලෙක් දෙන්නෙක්වත් එනවත් නම්… ඔය වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්‍රැෆි කරන්න වගේ ආසාවෙන් ගත්ත කැමරා අඩුමකුඩුම… කබඩ් එකේ තියන්න එපා. උදෙන්ම නැගිටල, වත්තට බැහැලා, කැලේ ඉන්නව කියල හිතාගෙන, ගස්වලට මුවා වෙවී… ගහන්න ෆොටෝ… එක එක සෙටින්ග්ස්වල තියල… නෙට් එකෙනුත් බලල ඔළුවෙ තියාගෙන… ෆුල් රිසච් එකක් කරන්න පුළුවන්.

ඔය වගේ… සීයක් විතර කිව්වහැකි. ඒත්…

ඇඩ්වෙන්චර් ලයිෆ් එකක ඉන්න ඔයාට

මේ නිවාඩුවෙ

හරියට ම හරියන්නෙ නම්… 

මොන ප්‍රැක්ටිස් කිරිල්ලටත් වැඩිය

මෙඩිටේෂන් ම තමයි!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide