සුන්දර පිටරටක අපූරු සොබාදම් චාරිකාවක්; රු. 50,000ට අඩුවෙන් කාලා ඇඳල, ඇවිදල කරල එන්න කියාපු රටවල් 8ක්.

පහුගිය මාස හයක් විතර තිස්සෙ අපි ඔයාලට එක දිගටම කිව්වෙ ලංකාව ඇතුලෙ ඇවිදින්න තියෙන ලස්සන තැන් විතරයිනෙ. ඉතින් මේ ලබාපු අලුත් අවුරුද්දෙ අපි හිතුවා පුංචි වෙනසක් කරන්න. ඒ කිව්වෙ ලංකාවෙන් එපිට, ටිකක් දුර බැහැර තියෙන ලස්සන පුංචි රටවල් ටිකක් ගැන කියන්න. ඒ හැරුණාම… ඒ රටවල්වල තියෙන සුන්දර, ඇත්තටම බලන්න වටින තැන් ටිකක් ගැනත් ඔයාලට කියන්න තමයි අපි හිතාගෙන ඉන්නෙ.

කොහොම වුණත් මේ රටවල්වල වියදම් අඩු නිසා ඔය ඇවිදින්න ආස කරන, ඒත් අතේ මිටේ ඒ හැටි සල්ලි නැති අයට වුණත් යන්න සෙට් කර ගන්න බැරි වෙන එකක් නෑ. හැරත් ගියාට පස්සෙ වීසා මාස 3ම එහේ ගත කරන්න හිතුනොත් පාර්ට් ටයිම් ඔය මොනව හරි කරල වුනත් වියදම ගලපගන්න බැරියැ. අපි හිතන විදියට නම් සැපට ඉන්නවටත් වැඩිය මේ රටවල් ටික හරියන්නෙ ඇවිදින්න කරන්න, සොබාදහම රස විඳින්න. කොටින්ම කියනව නම් හුදෙකලාව ඉඳගෙන එයාලගෙ ගැමි සිරිත් විරිත්, ජීවන රටා, පාරිසරික අත්දැකීම් ඔයාලගෙ රසබර මතක ගොන්න අතරට එකතු කර ගන්න.

එහෙනම් ඉතින් අතමිට පිළිවෙලක් කරගෙන මීළඟ ලෝන්ග් වීක් එන්ඩ් එක අල්ලල වගේ ටුවර් එක ලෑස්ති කර ගන්න එක ඔයාලගෙ වැඩක්. මොනව හරි උදව්වක් ඕනි නම් අපෙත් ඉන්නව ඔය රට රටවල්වල ඇවිදින කට්ටිය. නිකමට කෝල් එකක් දුන්නොත් සපෝට් එකක් ගන්න බැරි වෙන එකක් නෑ.

1. නේපාලය

ඉන්න තැනයි, නාන්න කරන්න වගේ අනිත් සනීපාරක්ෂක කටයුතුයි සති දෙකක කාලෙකට රු. 10,000කට වගේ ලයින් කර ගන්න පුළුවන් නේපාලයෙ, ඇවිදින්න නම් තියෙන්නෙ වැඩි හරියක්ම හිම කඳුවල තමයි. මොකද නේපාලය පිහිටල තියෙන්නෙ හිමාලය කඳු පන්තියෙ බෑවුමට වෙන්නනෙ. එතකොට, කට්ටිය ගොඩක් ආදරය කරන වගේම ගොඩක් කඳු නගින්නන්ගෙ සිහිනයක් වෙලා තියෙන එවරස්ට් කන්දත්, ලෝකෙ 3වෙනියට උස කංචෙන්ජුන්ගා, 4වෙනියට උස ලොට්සෙ, 5වෙනියට උස මකාලු ඉඳන් එක පේළියට 6, 7, 8, 9, 10 අන්නාපුර්ණ කන්ද වෙනකම්ම පිහිටල තියෙන්නෙත් නේපාලයෙ. ඒ විතරක් නෙවෙයි සිදුහත් කුමාරය උපත ලබපු ලුම්බිණි සල් උයන වගේම ලස්සන, පුළුල් දර්ශනපථයක පිහිටල තියෙන කර්ටුව ගම, රමණීය පොක්සුන්ඩො වැව, සුදු වැලි තලාවකින් හැඩ වුනු මර්ෂ්යන්ඩි නිම්නය, කොළ පාටින් හැඩ වුණු ටෙරායි කුඹුරු යාය එහෙමත් තියෙන්නෙ මේ ලස්සන රටේ. හැබැයි හොඳට මතක තියා ගන්න නේපාලෙ යනව නම් හොඳම කාලෙ තමයි ජුනි, ජුලි, අගෝස්තු. මොකද එහෙට වසන්තයනෙ.

2. ඉන්දියාව

ඉන්දියාවෙ කට්ටිය හෙණ පොෂ් ඇඩ් දැම්මට එහෙත් රු. 15,000කට විතර ඉන්නයි අනිත් දේවලුයි හොයා ගන්න පුළුවන්. කෑම බීම, ඇවිදිලි කෙරිලි ටිකට රු. 30,000ක් ගියත් මොකද ඉතින්. සති දෙකට හරියට වන්දනාමාන කරනව නම් දඹදිව වන්දනාව ම කළ හැකි. එහෙම නැත්නම් හොඳම වැඩේ තමයි අප්‍රේල්, මැයි, ජුනි, ජුලි, වසන්ත කාලෙ අල්ලල හිමාලය කඳු පන්තියෙම එක පැත්තක් වෙන කෙඩාර්වල ඇවිදින්න යන එක. ඒ හැරුණාම ඉන්දියාවෙ ලොකු ජෛව විවිධත්වයක්, විශේෂයෙන්ම කුරුලු, ක්ෂීරපායී, උරග සත්තු අතරෙ පවතින නිසා චින්නාර්, පෙරියාර්, කොයිනා, කෙඔලාඩිඕ, වේදන්තන්ගල්, මුදුමලෙයි, පරම්බිකුලම්, සරිස්කා වගේ වනජීවී පාරාදීසවල ඇවිදින්න යන එකෙනුත් සුපිරිම අත්දැකීමක් ගොන්නක් එකතු කර ගන්න පුළුවන් වෙයි. වැඩිය ඕන නෑ අර නැෂනල් ජෝග්‍රැෆි චැනල් එකේ පෙන්නන තඩි කොටි හපුවො තොගයක් ඇස් මනා පිටම දැක ගන්න පුළුවන්නෙ.

3. නිකරගුවාව

මධ්‍යම ඇමරිකාවෙ තියෙන ලොකුම රට කියන්නකො. හිතා ගන්න බෑ සති දෙකකට ඉන්න හිටින්න තැන් ටික රු. 15,000ක් වගේ ගාණකට හොයා ගන්න පුළුවන් කිව්වාම. සමහර විට එහෙට යන්න යන වියදම ටිකක් වැඩි ඇති. හැරත් ස්පාඤ්ඤ අධිරාජ්‍යයගෙ අණසක පැතිරුනු රටක් නිසා ආසියාවෙ රටවල්වලට වඩා නම් තරමක පිළිවෙළක් ඇති. අනික නිකරගුවාවෙත් හරි ලස්සන තැන් තියෙනවනෙ, වැඩි හරියක්ම අපේ රටේ වගේ කොළ පාටට දිදුලන කඳු පන්තියි, නිල් කැටේට තියෙන දිය ඇලි, ගංගා ටිකයි වගේ. නම් වශයෙන් කියනව නම්, පැසිෆික් පහත් බිම් පැත්තට වෙන්න තියෙන මනාගුවා, නිකරගුවා වැව්, රිෆ්ට් නිම්නය, මොම්බචෝ ගිනිකඳු සදාහරිත පරාදීසය, මධ්‍යම කඳුකරයට වෙන්න තියෙන ඇමෙරිස්ක් කඳු පන්තිය, කැරබියානු පහත් බිම් පැත්තට වෙන්න තියෙන විශාල රියෝ කොකෝ ගංගාව, ජෛව විවිධත්වයෙන් අනූන බොසාවාස් වනාන්තරය වගේම ඊට ටිකක් පොඩි මොස්කිටියා වනාන්තරය වගේ තැන් ගන්න පුළුවන්. කොහොම වුණත්, මායන්වරුන්ගෙ ඉතිහාසයෙන් අසීමිත ව හැඩ වුණු මේ අපූරු රටට ඔයා යන්න හිතන් ඉන්නව නම් ඒකට හොඳම කාලෙ ජනවාරි ඉඳන් අප්‍රේල් වෙනකම් කියන එකත් ඔය එක්කම මතක තියා ගන්න, හොඳද යාළු.

4. ඇල්බේනියාව

කට්ටිය කියන විදියමට නම් මේ රටේ සති දෙකක් ගත කරන්න තැනකුයි අනිත් සනීපාරක්ෂක දේවල් ටිකයි හොයා ගන්න යන්නෙ රු. 20,000කට අඩු ගාණක්. ඒ නිසා කෑම බිම ටිකට තව රු. 10,000, 15,000ක් ගියත් කමක් නෑනෙ. ඒක නෙවෙයි ඇල්බේනියාව තියෙන්නෙ දකුණු යුරෝපයෙ, ඇඩ්‍රියටික් කියන මුහුදටයි, අයනික් කියන මුහුදටයි මැදි වෙලා. ජුනි, ජුලි, අගෝස්තු මාසවල රවුමක් දාන්න කියාපු රටක් විදියට ඇල්බේනියාව හැඳින්වුවට මොකද මැයි, සැප්තැම්බර් වගේ කාලවලදිත් මේ රට හරිම ලස්සනයිලු. විශේෂයෙන්ම කියන්න ඕන අපේ රටේ වගේම නිල්වන් මුහුදු තීරයකුයි, කොළ පාටට දිදුලන ලස්සන කඳු පන්තියකුයිත් ඇල්බේනියාවෙ තියෙනව. ඒ අතරින් නම් දරාලා ඉන්නෙ කොරාබ් කඳු පන්තිය තමයි. එතකොට සුන්දරත්වයෙන් අනූන විල් තෙරක් විදියට ෂ්කොඩෙර් විල හඳුන්වන්න පුළුවන්. ඒ විතරක්මත් නෙවෙයි බල්කන් විල, ඕරිඩ් විල, බට්‍රින්ට් ජාතික වනෝද්‍යානයයි ඒකෙ පිහිටල තියෙන බට්‍රින්ට් විලයි එහෙමත් හරිම ලස්සනයි. ඔයාලගෙ මේ සංචාරයෙදි අනිවාර්යයෙන්ම ඇවිදින්න යන්න ඕන ජාතික වනෝද්‍යානයක් විදියට වැල්බෝන් නිම්නීය වනෝද්‍යානයත් මතකෙ තියා ගන්න. හ්ම්ම්… වෙලාවක් තිබ්බොත් මුහුදු වෙරළක් පැත්තට ගියත් පාඩු නෑ, සත්තයි පංකාදු පහට තියෙන මුහුද ඈ… හැබැයි ඉතින් අමතක නොකර බයිලිස්, පොයෙනයිස්, ඇපොලෝනියා, අමන්ටියා වගේ මධ්‍ය ශිලා යුගයට අයිති නටඹුන් එහෙමත් බලන්න ගියා නම් තමයි සංචාරය සම්පූර්ණ වෙන්නෙ.

5. මැලේසියාව

ඔන්න, ඉන්න හිටින්න රු. 20,000ක් වගේ ගාණක් යන අපූරු දූපතක්. ගොඩ දෙනෙක් යනව එනව එහෙමත්නෙ. හැබැයි ඉතින් නැචුරල් ඇවිදිලි කෙරිලි ආතල් එකක් ගන්න නම් එච්චරටම කියාපු රටක් නෙවෙයි. මොකද මැලේසියාව බිස්නස් රටක් වෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන් ගොඩක් දේවල් මුළුමනින්ම වගේ ප්‍රතිනිර්මාණය කළා. ඒ කොහොම වුණත් අපේ රටේ වගේම ලස්සන කඳු පන්ති, ගංගා නිම්න තොගයක් අදටත් මැලේසියාවෙ ඉතුරු වෙලා තියෙනව. පර්ලිස් ගඟ, ගොලොක් ගඟ, පාගලයන් ඇල කියන්නෙ ඒ අතරින් තරමක් විශේෂ තැන් ටිකක්. දකුණු චීන මුහුදෙන් නැගෙනහිර, බටහිර මැලේසියාව කියල දෙකට බෙදෙන මේ දූපතේ බටහිර පැත්ට වෙන්න ඇවිදින්න තියෙන්නෙ අධික වනගහණයක් තියෙන ටිටිවන්සා කඳු පන්තියෙයි, කෝබු කඳු පන්තියෙයි තමයි. හැබැයි නැගෙනහිර මැලේසියාවෙ නම් කඳුකර ජාතික වනෝද්‍යානයක් වුනු කිනාබාලු වනෝද්‍යානයයි, ගුනුංග් මුලු ජාතික වනෝද්‍යානයයි එහෙමත් තියෙනව. විශේෂයෙන්ම කියන්න ඕන ඔයා මුහුදු සවාරි යන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සිපඩන් දූපතේ, සූලු මුහුද පැත්තෙ රවුමක් දාන්නත් යන්න. මොකද ඒක පොඩි වපසරියක හිතා ගන්න බැරි තරම් ලස්සන ජෛව විවිධත්වයක් අත් විඳින්න පුළුවන් අපූරු ගමනක්. හැබැයි මතක තියා ගන්න, ඔය මොක කරන්නත් මැලේසියාවට වසන්තය එළඹෙන ජුනි, ජුලි, අගෝස්තු මාසවල තමයි යන්න ඕන, හරිද.

6. වියට්නාමය

මෙහෙ නම් ඉතින් වියදම ටිකක් වැඩියි. කෑම බීම නැතුව. රු. 25,000කට එහා පැත්තෙ වියදම් වෙනව. එතකොට කෑම බීමයි ඇවිදින ටිකයි දැම්මාම සමහර විට රු. 50,000 පනින්ත් පුළුවන්. කොහොම වුණත්, කීයක් වියදම් කරල ඇවිද්දත් පාඩු නැති රට. මැයි ඉඳන් ඔක්තෝම්බර් වගේ වෙනකම් තමයි වියට්නාමෙ වසන්ත කාලය තියෙන්නෙ. ලංකාවෙ වගේම කඳු හෙල්, ගංගා, ඇල දොළ විතරක් නෙවෙයි කුඹුරු කොරටු ගම්මානත් එමටයි. හෝමෝ ඉරෙක්ටස් පරිණාමණ යුගයක් පවා කියා පාන මේ වියට්නාමයෙ, ඉතිහාසය වගේම වර්තමානයත් මුලුමනින්ම පාහේ ස්වයංපෝෂිතයි. උතුරු වියට්නාමය පැත්තෙ ඇවිදින්න යනව නම් රතු ගඟ ඩෙල්ටාව, පාන් ක්සි පන්ග් කන්ද, තමයි බලන්න ලස්සනම. එතකොට දකුණු වියට්නාමෙ පැත්තට වෙන්න මීකොන්ග් ගඟ ඩෙල්ටාව, ලොන්ග් බොක්ක, පොඟ් නාකෙ බැන්ග් ජාතික වනෝද්‍යානය, කැන් ජියෝ කඩොල් කැලේ වගේ සුන්දර තැන් තොගයක් තියෙනව. ඒ හැරුණාම මේ පුංචි රටේ ජෛව විවිධත්වයෙන් අනූන, ලස්සන වනෝද්‍යානත් 28කුත් තියෙනවලු.

7. තායිලන්තය

ලංකාවට පස්සෙ වැඩියෙන්ම බුද්ධාගමට ලැදි පිරිසක් ඉන්න තවත් ලස්සන රටක්. ඒ විතරක් නෙවෙයි අශෝක, මෞර්යය අධිරාජ්‍යය අණසක පැතිරිලා තිබුණු පෞඩ රාජධානියක්. ඒ නිසාම තායිලන්තයෙ ගියොත් අයුත්තය පුද බිම වන්දනා කරන්න නම් අමතක කරන්න එපා. කැලේ කොලේ බලන්න, ඇවිදින්න කරන්නත් තායිලන්තයෙ ඕන තරම් තැන් තියෙනව. ලුවං ප්‍රභං කඳු පන්තියෙන් පටන් ගත්තාම, තනොන් තොන්ග් චායි කන්ද, චාවෝ ඵ්‍රයා, මයේ ක්ලොන්ග්, බැන්ග් පකොන්ග්, ටාපි ගංගා නිම්න වගේම ඇන්ඩමෑන් මුහුදු සවාරියත් ඒ අතරෙ උඩින්ම තියන්න අමතක කරන්න එපා. එතකොට ඵුකෙට්, ක්‍රැබි, රැනොන්ග්, පඟ් ගා, ට්‍රැන්ග් දූපත් එහෙමත් හරිම ලස්සනයි. ඔන්න යන්න හිතාගෙන ඉන්න කට්ටිය මතක තියා ගන්න තායිලන්තයට වසන්තය එලඹෙන්නෙ මාර්තු මාසෙ ලබනවත් එක්කම. හැබැයි ජුලි වගේ වෙද්දි ඔක්කොම ඉවර නිසා ඊට කලින් ගිහින් ආවා නම් තමයි හොඳ. ආ… ඒක නෙවෙයි තායිලන්තෙ සති දෙකක් ඉන්න කාමර වියහියදම් ටිකටම රු. 30,000කට කිට්ටුව වියදම් වෙනව. ඒ නිසා මතක ඇතුව අතේ වැඩිපුර සල්ලි ටිකක් තියාගන්න.

8.  ගෝතමාලාව

මධ්‍යම ඇමරිකාවෙ තියෙන, මමත් පෞද්ගලික ව ආස කරන ලස්සන රටක්. මායන්වරුන්ගෙ ප්‍රෟඪ ඉතිහාසයට අදාළ ප්‍රබල සාක්ෂි ගෙඩියට පිටින් ම දැකබලාගන්න, විශ්ලේෂණය කරන්න කියාපු රට. එක පැත්තකින් මෙක්සිකෝවෙන් මායිම් වෙලා තියෙන ගෝතමාලාවෙ තව පැත්තක් හැඩ වෙලා තියෙන්නෙ ඉමක් කොනක් නොපෙනෙන පැසිපික් සාගරයෙන්. ප්‍රාග් කොලොම්බියානු වගේම මායන් ශිෂ්ඨාචරවල නටඹුන් බලන්න ගෝතමාලාවලට යනව නම් පෙටෙන්, ක්විචෙ, සිපකටෙ, එස්කියුනිට්ලා, ලා බ්ලැන්කා, සැන් මාර්කොස්, නක්බෙ, එල් ටින්ටාල්, එල් මිරාඩෝර් වගේ නගරවලට යන්න. එහෙම නැතුව කැලේ කොලේ ඇවිදින්න, කඳු නගින්න යනව නම් ටජුමුල්කෝ ගිනිකන්ද, පොලොචික්, ඩල්සෙ, උසුමැසින්ටා ගංගා, ඉසබෙල්, මොටාගුවා විල්, ටිකාල් ජාතික වනෝද්‍යානය, ක්වෙට්සාල්ටෙනන්ගෝ උස් බිම පැත්තෙ යන්න පුළුවන්. හැබැයි මේ කොහේ ගියත් නොවැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකම් කාලෙ තමයි යන්න ඕන, මොකද ඒ කාලෙට එහෙට වසන්තයනෙ. ඔක්කොමත් හරි වැඩේ කියන්නෙ ගෝතමාලාවෙ සති දෙකක් ගත කරන්න රු. 35,000ක් විතර යන එක තමයි. එතකොට කෑම බීම ටිකට තව රු. 10,000ක් 15,000ක් ගියාම ගාණ හරි. ඒ නිසා තරහ නැතුව තව වැඩිපුර සල්ලි ටිකකුත් අරගෙන යන්න හොඳද.

අපි මේ කියපු රටවල් 8 හැරුණාම ගෝතමාලාවට අල්ලපු රට බේලිස්වල සතියක් දෙකක් ගෙවන්න වියදම් වෙන්නෙත් රු. 20,000 වගේ ගාණක් තමයි. ටිකක් අතපය සරු, සැපට ඉඳල එන්න හිතාගෙන යන අයට නම් පැනමාවත් නරකම නෑ. රු. 40,000කට විතර සති දෙකක් ගලපගන්න පුළුවන්. කොහොම වුණත් රටවල් ටික ගැන විස්තර කිව්වට, යන්න කීයක් යනවද කියල කිව්වෙ නෑ කියල අපිට බනින්න එපා. පොඩ්ඩක් ඉවසල ඉන්න, ඔයාලා ටුවර් එක ප්ලෑන් කරන අතරෙ මේ රටවල් ටිකට විතරක් නෙවෙයි තවත් මේ වගේ ලස්සන රටවල් ටිකක් ගැන විස්තර එක්කම යන්න එන්න යන වියදම් ගැනත් කියන්නම්කො.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide