දුටුවන් නෙත් පිනවන.. ලෝකේ අලංකාර ම අවන්හල් 8ක්.

අවන්හලකට, නැත්තං රෙස්ටොරන්ට් එකකට යද්දි ඕන ම කෙනෙක් සලකලා බලන දේවල් කීපයක් තියනව නේ. කෑමබීම කොහොමද, මෙනු එක මොන වගේ ද, ගණන් හිලව් කොහොමද, සර්විස් එක හිතට අල්ලනවද.. ඔය වගේ දේවල්. ඒ අතරෙ තියන වැදගත් ම කාරණයක් තමයි අවන්හලේ පෙනුම සහ ස්වභාවය මොන වගේ ද කියන එක. ඉංග්‍රීසියෙන් Ambience කියල අඳුන්වන්නේ ඔන්න ඕක. ඒක නිර්මාණය වෙන්නේ ඉන්ටීරියර් ඩිසයින් එක අනුව.

අපි ආස ම කනබොන තැන් අපේ හිතේ රැඳෙන්න ඔන්න ඔය කියන ඉන්ටීරියර් ඩිසයින් එක වැදගත්. අපිට රෙස්ටොරන්ට් එක ඇතුළට ගියාම දැනෙන්නේ මොන වගේ ෆීලිං එකක් ද, ඇතුළේ ඉඳන් එළිය බැලුවම පේන්නේ මොනවද, රෙස්ටොරන්ට් එක සුවපහසුයි ද, නිදහස් ද, කලබලකාරී ගතිය අඩුයි ද.. මේ වගේ දේවල් තීරණය වෙන්න එතන පෙනුම සහ ස්වභාවය බලපානවා.

මේ පහළ තියන අවන්හල්, අපි මේ කියන ඉසව්වෙන් ලෝක මට්ටමින් ඉහළ ම තලයේ ඉන්න තැන් 8ක්. ඒ කියන්නේ මේවා ලෝකේ ලස්සන ම රෙස්ටොරන්ට්ස් විදිහට පිළිගැනීමට ලක් වුණු තැන්..

Sirocco, තායිලන්තය

තායිලන්තයේ බැංකොක් නුවර තියන Sirocco රෙස්ටොරන්ට් එක මේ. Lebua බැංකොක් කියන තරු පහේ හෝටලේ 63 වෙනි තට්ටුවේ පිහිටලා තියෙන්නේ. ඉතින් උඩට ගියාම තියන වීව් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ නිසා ම සංචාරකයො එහෙම වැල නොකැඩී මේ අවන්හලට ඇදිල එනවා. ඔය හින්දා මේකට යනව නං සති කීපයකට කලින් ටේබල් එකක් රිසර්ව් කරන්න සිද්ධ වෙනවා.

Grotta Palazzese, ඉතාලිය

හුණුගල් ලෙනක අභ්‍යන්තරය වෙනස් කරලා හදලා තියන මේ අවන්හල තියෙන්නේ ඉතාලියේ. ඇතුළ සරසලා තියෙන්නේ මඳ ආලෝකයකින් විතරයි. ලෝකේ රෝමාන්තික ම රෙස්ටොරන්ට් එකක් විදිහටත් මෙතන හඳුන්වනවා. ඉතින් මුහුද දිහා බලාගෙන රස කෑම වේලක් රසවිඳලා අපූරු අත්දැකීමක් ලබන්න පුළුවන්.

Ithaa Undersea Restaurant, මාලදිවයින

නමේ හැටියට ම මේක තියෙන්නේ මුහුද යට. ඒ කියන්නේ මුහුදු මට්ටමට අඩි 16ක් යට ඉඳන් ඔළුවට උඩින් මුහුද යට ජීවය දිහා බලාගෙන ආහාර වේලක් රස විඳින්න මෙතනට ගියොත් පුළුවන්.

Restaurant Lasserre, ප්‍රංශය

ලෝකේ රෝමාන්තික ම නගරේ විදිහට ප්‍රසිද්ධ ප්‍රංශයේ පැරිස් නුවර, එක එක ජාතියේ ලස්සන අවන්හල් අතිවිශාල ප්‍රමාණයක් තියනවා. ඒ  අතරින් මේ අවන්හල විශේෂ වෙන්නේ මේකේ තියන රිච් ලුක් එක නිසා කියලයි සංචාරකයන් කියන්නේ.

Westlight, ඇමරිකා එක්සත් ජනපදය

නිව්යෝක් නුවර බ්රූක්ලින්වල පිහිටලා තියන මේ රෙස්ටොරන්ට් එක කොක්ටේල් බාර් එකක් විදිහටත් ප්‍රකටයි. පේනව නේ ඉන්න සෙනඟ. හැන්දෑ වරුවක මෙතනට ගියාම ඈතින් පේන මෑන්හැටන් නගරය මායිමෙන් ඉර බහින ලස්සන දසුන දැකගන්න පුළුවන්.

Sheesh Mahal, ඉන්දියාව

ශීෂ් මහල් තියෙන්නේ අපේ අල්ලපු රටේ උඩයිපූර්වල. මේක නිර්මාණය කරලා තියෙන්නේ Pichola වැවට මායිම් වෙන්න. ඒ වගේ ම අවකාශයට විවෘත වෙලා තියන නිසා තරු පිරුණ අහස දිහා බලාගෙන නිස්කාන්සුවේ රාත්‍රී ආහාර වේලක් රස විඳින්න පුළුවන්.

Mozaic, ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවේ බාලි දූපත් කියන්නේ සංචාරකයන්ගේ නිරන්තර ආකර්ෂණය දිනාගන්න තැනක් නේ. මේ කියන මොසයික් අවන්හල තියෙන්නෙත් බාලි දූපත්වල. මේක තනිකර ම උද්‍යානයක් වගේ. ඒ විතරක් නෙවෙයි, ඉස්තරම් ම වයින් සහ ඉහළ ම මට්ටමේ ආහාරපාන තමයි මෙයාල සර්ව් කරන්නේ.

Agrikol, කැනඩාව

රෝලන්ඩ් ෂෝන් කියන චිත්‍ර ශිල්පියා සම හිමිකාරිත්වය දරන මේ රෙස්ටොරන්ට් එක කැනඩාවේ කියුබෙක් පළාතේ මොන්ට්‍රියල් නගරයේ තමයි පිහිටා තියෙන්නේ. මේක නිර්මාණය වෙලා තියන ෆ්‍රෙන්ච් – කැරිබියන් පෙනුම, වර්ණවත් බව සහ ස්ටයිලිෂ් ගතිය නිසා මේකට බොහෝ දෙනා ඇදී එනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

Trending.

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

7 Degrees Restaurants offers a unique dining experience in Colombo

Sri Lanka’s first and only immersive dining experience 7 Degrees Restaurants, a new and exciting

Trending

Yamu Guide.

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Kamu Yamu Guide