හැන්දෑවට පොඩි අඩියක්! රු. 500 ගාණෙ දාලා සූර් වෙන්න කියාපු තැන් 5ක්.

ආයෙ කතා කරන්න එපා අද නම් හොඳ…ට ගසන්නෝනි. මොකද ගිය මාසෙත් පඩියෙන් හරියට බොන්න බැරි වුණා.. අනික ලබන සතියට දාගෙනත් බෑ, මොකද ඒ වෙද්දි අතේ සල්ලි ඉතුරු වෙන්නෙ නෑනෙ. ඒකත් වැඩේ කියන්නෙ අතේ තියෙන්නෙ රු. 1000ක් වගේ. මොකද කරන්නේ… කියල කල්පනා කර කර ඉඳිද්දි තමයි මට මතක් වුණේ ඒ දවස්වල මම යමු එකට ලියපු ලිස්ට් ටික. බලබල ඉන්න දෙයක් නෑනෙ දඩබඩ ගාලා ලොග් වුණා සයිට් එකට. ලොග් වෙලා හාර අවුස්සල ගත්ත පරණ ලැයිස්තු ටික. ඒ ටිකෙනුත් තෝර ගත්ත තැන් 6, 7ක් රු. 500න් 600න් ෂේප් වෙන්න පුළුවන්. ඔන්න ඊට පස්සෙ ගැහුවා යාළුවො සෙට් එකට කෝල් ටිකක්.

ඒ අතරට තමයි මට කල්පනා වුණේ අපි වගේම අද හැන්දෑවට පඩි පාර්ටි දාන්න බලන් ඉන්න තවත් යාළුවො ඉන්නව කියල. ඉතින් එයාලටත් දැන ගන්න එක්ක මම හිතුවා තෝර බේර ගත්තු ලෝ බජට් තැන් ටිකේ අළුත් ලැයිස්තුවක් දාන්න. ඔන්න පහළින් තියෙනව, බලන්න යාළු කොහොමද කියල.

1. Vespa Sports Club

කොල්ලුපිටිය සී ඇවිනියු එකේ තියෙන වෙස්පා ස්පෝට්ස් ක්ලබ් එකත් අතේ තියෙන ගාණට සෙට් වෙන්න මරු තැනක්. බ්‍රවුන්ස් එකට වඩා නම් ගණන් පොඩ්ඩක් වැඩියි. ඒත් බයිට් නම් පංකාදු පහයි. මෙතන අරක්කු රුපියල් දෙතුන් සීයකින් වැඩි වුණාට බියර් නම් වැඩි වෙන්නෙ රු. 50කින් 100කින් තමයි. රයිස් එකක් ගන්නව රු. 500ක් 600ක් විතර වුණාට දෙන්නෙක්ට බඩ පිරෙන්න කන්න පුළුවන්නේ. ඒ හැරුණාම රු. 400ට 500ට පොඩි පොඩි බයිට් ප්ලේටුත් තියෙනව, කට ගැස්මට සුපිරි. වෙස්පා රෙස්ටුරන්ට් එකේ නම් එළිමහනෙත් හොඳට ඉඩ කඩ තියෙනව. ඒ නිසා හිතේ හැටියට කතා බහක් දාන්න පුළුවන්. ඕන නම් පොඩියට සිංදුවක් කියන්නත් බැරියැ.

2. Lion Pub

සිංහ කටෙන් ඇතුල් වෙලා සිංහයො වගේ සිංහ පානයට සව්දිය පුරන්න, යන්න ගල්කිස්සෙ ලයන් පබ් එකට. එළිමහනෙ නම් එළිමහනෙ, ඇතුළෙ නම් ඇතුළෙ. හැබැයි කොහේ හිටියත් සේවාවෙ වෙනසක් නෑ. මෙයාල ළඟත් අරක්කු නම් රු. 200කින් 300කින් වැඩියි. හැබැයි බයිට්, කෑම නම් පොකට් එකේ ගාණට. ලොකු හොට් බටර් කට්ල් ෆිෂ් දීසියක් රු. 500ක් වගේ වෙන්නෙ. ෆ්‍රයිඩ් රයිස්, ස්පැගටි පිඟානක් තුන් දෙනෙක්ට ඇති. ලොකු ගාණකුත් නෑ. රු. 600ක් 700ක් වෙයි උපරිම. ලයන් පබ් එකේ තියෙන විශේෂත්වය තමයි ලොකු සෙට් එකකට සෙට් වෙන්න වගේම හිතේ හැටියට කතා බහක් දාන්නත් ඕන තරම් ඉඩ පහසුකම් තියෙන එක. ඒ නිසා යාළුවො තරහ කරගන්නෙ නැතුව සෙට් වෙන්නත් පුළුවන්.

3. 168 Sea Food Palace

කොල්ලුපිටිය, සී ඇවිනියු එකේ තියෙන තවත් සුපිරි BYOB පොට් එකක්. බයිට් එහෙමත් මාර රසයි. නමේ තියෙනවගේම සී ෆුඩ් පැලස් එකේ, සී ෆුඩ් වැඩ නම් කෝටියයි. විශේෂයෙන්ම මෙයාලගෙ හොට් බටර් කට්ල් ෆිෂ් එක. බටර්ඩ් ප්‍රෝන්ස් එක එහෙම නියමෙටම තියෙනව. ලුණු, ගම්මිරිස් ටිකක් දාලා රස පදම හදා ගත්තාම ගමකට කත හැකි. එතකොට මෙයාලගෙ සී ෆුඩ් චොප්සිය එහෙමත් මරු. හැබැයි ටිකක් සැරට දාන්න කියල ඉල්ල ගන්න ඕන. ගණනුත් රු. 400, 600 අතරෙ නිසා ලොකු අවුලකුත් නෑනෙ.

4. Government Service Sports Club

සෙට් වෙනව නම් මෙන්න තැන් කිව්වලු. එළිමහනට වෙලා පාඩුවෙ ඉඳගෙන කතා බහකුත් දාන ගමන්නම අඩියක් ගහන්න පුළුවන්. පොඩි අවුලකට තියෙන්නෙ හවස් වෙද්දි මදුරුවො කනව කනව වගේ දැනෙන එක තමයි. හැබැයි ඊට කලින් දෙකක් දාගත්ත නම් ඒ ප්‍රශ්නෙත් නෑ. කොළඹ පැත්තෙ හොඳම හැඳැල්ලො බයිට් එක ගන්න තියෙන්නෙ මෙයාල ළඟ කියල කතාවකුත් තියෙනව. ගොඩක් දුරට ඇත්ත වෙන්න පුළුවන්. මොකද මමත් කාපු රසම හැඳැල්ලො බයිට් එක තිබුණෙ මෙයාල ළඟ. ඒ හැරුණාම පට්ට රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකකුත් තියෙනව. තුන් දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. ගොඩක් බයිට් රු. 500ට අඩුයි. අරක්කු බියර් එහෙමත් රු. 100කින් 200කින් තමයි වැඩි වෙන්නෙ. ඇත්තටම හැව්ලොක් ටවුන් බේස් ලයින් පාරෙ තියෙන ගවන්මන්ට් ස්පෝට්ස් ක්ලබ් එක නම් අතේ තියෙන ගාණට අඩියක් ගහන්න කියාපු තැනක් තමයි.

5. Ex-Servicemen’s Institute Bar

රු. 500ක් අතේ තියාගෙන තනියෙන් වුණත් බය නැතුව යන්න පුළුවන් ප්ලේස් එකක් තමයි කොටුව බ්‍රිස්ටල් පාරෙ ඉන්ස්ටිටියුට් බාර් එක. බාගයක් ගහන්න පුළුවන් තරමෙ ලොකු බයිට් ප්ලේට් එකක් රු. 300ක්, 400ක් වෙන්නෙ. කාලක් රු. 300ක් වෙයි. නියමයි නේ. හැබැයි ඉතින් අපි කියන්නෙ යාළුවන්ට සෙට් වෙන්න තැන් නෙ. ඒ නිසා කිසිම අවුලක් නැතුව බෝතලයක්ම අරගෙන ඇති පදමට බොන්න පුළුවන්. කටට සැරට හැදෙන බයිට් නිසා ප්ලේට් 2ක් ගත්ත නම් ඇති. හැබැයි ඉතින් අපි කලින් කියපු තැන් දෙක තුනක වගේම මෙතනත් එළිමහන් ඉඩක් නැති ප්‍රශ්නය නම් තියෙනව.

එහෙනම් දැන් හරිනෙ. කට්ටියට අතේ තියෙන ගාණට මෙදා පාර පඩි පාටිය දාන්න පුළුවන්නේ. හැබැයි මේ අතරට ඔයාල දන්න ඒව තියෙනව නම් පුළුවන් ඉක්මනට කමෙන්ට් කරන්න. මොකද තව ටිකකින් අපේ කට්ටිය සෙට් වෙන්න යනවනෙ නේ…!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide