සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක්වත් ගන්නද කල්පනාව ?; අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණු 9ක්..

''මොනව කරන්නද ඉතින් ඉල්ලල ගහගත්තු බද්දක් නෙවේනෙ. දැන් ඉතින් බයිසිකලයක් ගන්න තිබ්බ හීනෙත් ඉවරයි'' කීදෙනෙක් හිතනව ඇද්ද ඔහොම. ඇත්ත තමයි බදු වැඩි වුනාට පස්සෙ බයිසිකලයක් තියා ෆෝන් එකක්, ලැප් එකක් ගන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ.

ඒත් ඉතින් ආසාව කියන එක හංගන් ඉන්න බෑනෙ. අමාරුවෙන් එකතු කරගත්තු සල්ලිවලින් පාවිච්චි කරපු බයිසිකලයක් හරි ගන්න තමයි කට්ටියගෙ හිත. ඒකට කමක් නෑ. ඒත් පාවිච්චි කරපු බයිසිකල්වල එකඑක ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොයන්නෙ බලන්නෙ නැතුව අරගෙන නිකරුණේ දුක් විඳින්න ඕන නෑනෙ. එහෙනම් අහගන්නකො; සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් ටික.

1. එන්ජිම

by Eje

මොනව බලන්නත් කලින් බලන්න එපැයි එන්ජිම වැඩද කියල. මුලින්ම බයික් එක ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ එන්ජිමෙන් එන සද්දෙට හොඳට ඇහුම්කන් දෙන්න. ඔයා මීට කලින් බයිසිකල් පැදපු කෙනෙක් නම් එන්ජිමෙන් සාමාන්‍යයෙන් එන සද්දෙ හොඳට අඳුරනවනෙ. අන්න ඒ සද්දෙට අමතරව එන්ජිමෙන් වෙන සද්ද එනවද කියල බලන්න. හරියට ඔය 'කැම් ජියර්' ගෙවුනාම එන සද්දෙ වගේ. හැබැයි ඔයාට මේ සම්බන්ධව ලොකු අත්දැකීමක් නැත්නම් අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක යන එක තමයි හොඳ.

2. i) චැසිය

by Doktor X

බයික් එකේ චැසිය ඇදවෙලාද නැද්ද කියන එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බයිසිකලේ වේගය 40ත් 60ත් අතර ගාණක පදින ගමන් සාමන්‍ය තරමෙ වංගුවක් ගන්න. ඒ වෙලාවෙදි බයිසිකලේ බැලන්ස් එක නැතුව යන ගතියක්, එක පැත්තකට වැඩිපුර ඇදෙන ගතියක් තියෙනවනම් ඒ, ගොඩක් දුරට බයිසිකලේ චැසිය ඇද නිසා වෙන්න පුළුවන්.

   ii) ෆෝර්ක්ස්

by Taymtaym

ෆෝර්ක්ස් ඇද වෙලාද කියල බලන්නත් බයිසිකලේ පදින්නම ඕන. වේගය 40, 60 අතර තියාගෙන කෙලින් පාරක පදින ගමන් අත්දෙක ටිකක් ලිහිල් කරන්න. ඒ වෙලාවෙදි  හැන්ඩ්ල් එක පැත්තකට ඇදෙනවනම්, බයිසිකලේ බැලන්ස් එක නැතුව යනවනම් ඒ කියන්නෙ ෆෝර්ක්ස් ඇද වෙලා හරි ෆෝර්ක් ඔයිල් බැලන්ස් නෑ කියන එක හරි තමයි. සමහරවිට පිටිපස්සෙ රෝදෙ එලයිමන්ට් අවුල් නිසා වෙන්නත් පුළුවන්.

4. ටයර්

by Anna

හොර කට්ට කපලද නැත්නම් පාවිච්චි කරපු විදියටම තියෙනවද කියල බලන්නෙ මෙහෙමයි. ටයර් එකේ පැත්තෙ බිත්තියෙ තියෙනව පොඩි ත්‍රිකෝණ ලකුණක්. ඒ ත්‍රිකෝණෙ කෙලින් ටයර් එකේ මතුපිට (කට්ට තියෙන ප්‍රදේශය) වෙනකම් බලාගෙන ගියාම කට්ට අතරෙ ටිකක් ඉලිප්පුණු තැනක් හමුවෙයි. ඒක තියෙන්නෙ ටයර් එක කොච්චර ගෙවිලද කියල බලා ගන්න. එතනින් පහලට ගොඩක් ගෙවිලත් කට්ට ටික අලුත් වගේ තියෙනවනම් හරි ඒ ඉලිප්පුණු තැන පේන්න නැත්නම් හරි හොරට කට්ට කපල කියන එකේ සැකයක් නෑ.ඒ ගමන්ම බලන්න ටයර් එකේ පැති ගෙවිලද කියල. ගෙවිල නම් ගොඩක් දුරට ෆෝර්ක් ඔයිල් බැලන්ස් නැතුව හරි ෆෝර්ක් ඇද වෙලා හරි තියෙද්දිත් ලොකු කාලයක් බයිසිකලය පාවිච්චි කරල තියෙනව.

5. i) විද්‍යුත් පද්ධතිය

by Eric

විද්‍යුත් පද්ධතිය හොඳයිද කියල බලන්න බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දි හෙඩ් ලයිට් දාලා rpm එක ටිකෙන් ටික අඩු වෙනවද බලන්න ඕන. සමහර විට බයික් එක, එක පාර නතර වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නෙ විද්‍යුත් පද්ධතියෙ දෝෂයක් තිබුනොත් තමයි. ඒ හැරුණාම කාබ්‍යුලේටරයෙ ප්‍රශ්න නිසා වගේම එන්ජිමේ ටයිමින්ග් ප්‍රශ්න නිසාත් rpm එක අඩුවෙන්න පුළුවන්.

   ii) බැටරිය

by Andrew

බැටරි ඇසිඩ් පොඩ්ඩක් හරි පිටාර ගිහින් කියන්නෙ බැටරිය එහෙම පිටින්ම අවුල්.

  iii) මිස් ෆයර්

බයික් එක 40ත් 60ත් අතර වේගයකින් පැදගෙන යද්දි සයිලන්සරයෙන් පුපුරන හඬක් එක්ක ගින්දර පිටවෙනව නම් ටිකක් අසාධ්‍ය තත්වයක්. ගොඩක් වෙලාවට බයික් එක මිස් ෆයර් වෙන්නෙ බයික් එකේ ප්ලග්වලට හරි වෙලාවට ස්පාර්ක් එක ලැබුණෙ නැති වුනාම. ඒ හැරුණාම එන්ජින් ටයිමින්ග් වෙනස් වුනාමත් වෙන්න පුළුවන්.

by Shehal

8. i) ට්‍රාන්සර් පේපර්ස්

බයික් එකේ පොත කාගෙ නමටද තියෙන්නෙ බලන්න. පොතේ 'ඇබ්සලුට් ඕනර්' කියන තැන හිස් නම් බයික් එක ලීස් කරල නෙවෙයි අරන් තියෙන්නෙ. හැබැයි ආයතනයක නමක් තියෙනව නම් ඒ කියන්නෙ බයික් එකට ලීස් එකක් තියෙනව කියන එක. ලීස් එක ගෙවල ඉවරනම් ලීසිං ආයතනයෙන් අයිතිකාරයට දුන්නු ඉවත් කිරීමේ ලිපියෙ කොපිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ හැරුණාම අදායම් බලපත්‍රය කවද වෙනකම් ගෙවලද කියන එකයි රක්ෂණ සහතිකය තියෙනවද කියන එකයිත් බලන්න ඕන.

  

by Vikalpa

   ii) අනෙකුත් ලිපි ලේඛණ

ඔයා බයිසිකලේ ගන්න යද්දි ඒක අනිවාර්යයෙන්ම ඒ වෙද්දි අයිති කෙනාගෙ නමට තියෙන්නෙ ඕන. එහෙම නැත්නම් බයික් එකේ පොතේ නම තියෙන කෙනා අත්සන් කරපු ට්‍රාන්සර් පේපර් එක තියෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ නමට තියෙද්දි ඔයා අරගෙන පාවිච්චි කරන එක (ඕපන් පේපර්ස්) සම්පූර්ණයයෙන්ම නීති විරෝධීයි.

by Fourwheel Drive Club

මේ දේවල් ටික හැරුණාම බයික් එකේ පේන්ට් එක ඔරිජිනල්ද, පෙට්‍රල් ටැංකිය හීරිලාද කියලත් බලන එක ගොඩක් වටිනව. කොහොම වුනත් හිත හදාගෙන සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් හරි ගන්න යන අපේ යාළුවන්ට අපි කියපු දේවල් ගොඩක් උදව් වේවි; බොරු කාරයෙක්ට අහු නොවී හොඳ බයිසිකලයක් ගෙදර ගෙනියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in Japanese Culinary Bliss at Minori Restaurant

By Sahasni Gamage Nestled within the luxurious Granbell Hotel, Minori Japanese Restaurant offers an unparalleled

Highlights Kamu

Experience flavorful Singaporean delights with a modern twist at Shiok!

By Sahasni Gamage We recently had the pleasure of dining at Shiok Singaporean Restaurant, which

Highlights Kamu

7 Fantastic Pizza Places to Try in Colombo

By Shamrina Carim Colombo, the vibrant capital city of Sri Lanka, is a haven for

Highlights Kamu

High Tea Guide for 2023

You and your friends decide to meet up after your last farewell, get together or

Highlights Kamu

Excel World Legacy Food Court launches Indi-Arabia Menu

By Hashini Pathirana https://www.tiktok.com/@yamusrilanka/video/7252917491427511560 Experience a culinary journey like no other at Excel World's launches

Kamu

A Taste of Jaffna at Flavoured by Cinnamon Red

By Hiruni Herath Flavoured at Cinnamon Red is enclosed by stunning views of the Colombo

Highlights Kamu Uncategorized

Trending.

Radisson Blu Resort Galle recently organized a delightful wine-tasting occasion

Radisson Blu Resort Galle recently hosted a delightful wine-tasting event on September 17th, showcasing an

Trending

Hilton Sri Lanka Collaborates with VOICE Area Federation to Enhance Community Resilience and Combat Hunger

For a brighter and secure Sri Lanka, fostering sustainability via community farms and kitchen programs.

Trending

Galle Face Hotel Presents ‘Yaalpana Santhai’ – A Gastronomic Journey into Jaffna Cuisine

Colombo, Sri Lanka – The Galle Face Hotel, an iconic landmark in Sri Lanka's hospitality

Trending

The Latest MSI Limited-Edition Stealth 16 Mercedes-AMG Motorsport is Available Now

MSI, the world-leading laptop brand, proudly unveiled its latest limited-edition laptop, the Stealth 16 Mercedes-AMG

Highlights Trending

Türkiye Food Festival Unveiled at Courtyard by Marriott Colombo

Colombo, September 4, 2023 - Courtyard by Marriott Colombo, an esteemed member of the Marriott

Trending

A Pho-Nomenal Vietnamese Feast at Cinnamon Grand Colombo

Vietnamese food has made its mark on the global culinary map with favourites such as

Trending

Yamu Guide.

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide

6 Things to Do at One Galle Face

Set against the panoramic backdrop of the Indian Ocean "Colombo’s first prestigious shopping mall is

Highlights Yamu Guide

7 Things to do at Colombo City Center

By Shanali Fernando 1. Shop till you drop A stunning integrated lifestyle destination set in

Highlights Yamu Guide

Wedding Venue List 2023

By Shanali Fernando When envisioning your wedding day, you may find yourself torn between various

Highlights Trending Yamu Guide

8 Places to get an Eid Sawan this Hajj Festival

The Muslims celebrate Hajj globally on the 29th of June, 2023. No doubt, along with

Highlights Yamu Guide