මල්, පලතුරු, එළවළු, ඔසු ආදී ඕන පැළෑටියක් ගෙදරටම ගෙන්නගන්න තැන් 9ක්.

මේ දවස්වල ගෙදරට ම වෙලා ඉන්න අතරේ කම්මැලිකම මඟ ඇරගන්න එක එක අය එක එක විනෝදාංශ අත්හදා බලනවා ඇති. ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, සැරසිලි මෝස්‌තර වගේ දේවල්. මේ අතරේ තවත් සමහරු ගෙවතු වගාවන්ටත් උනන්දු වෙලා ඇති. මේ ලිපිය ඒ වගේ අයට ප්‍රයෝජනවත් වේවි. මේ ලැයිස්තුවේ තියෙන්නේ මල්, පලතුරු, එළවළු, ඔසු ආදී ඔබ කැමති ඕන ම පැළෑටියක් ඔබේ නිවසට ම ඩිලිවර් කරගන්න පුළුවන් තැන් 9ක්..

Plants & Plants

අංගොඩ, හිඹුටාන පාරේ තියන ප්ලාන්ට්ස් ඇන්ඩ් ප්ලාන්ට්ස් සුපර් සෙන්ටර් එක පෝය හැර අනෙක් හැම දාම උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් විවෘතයි. පතොක් ආදී ගෘහාශ්‍රිත පැළෑටි, මල්, පලතුරු, එළවළු සහ ඖෂධ ආදී ගෙවත්තේ වගා කරන පැළෑටි, විවිධ වර්ගයේ මල් පෝච්චි, පොහොර වර්ග ඇතුළු බොහෝ දේ මෙතැනින් ලබාගන්න පුළුවන්. රු. 2000ට වඩා වැඩි ඇණවුම් සඳහා ඩිලිවරි පහසුකම සපයනවා. වැඩි විස්තර සඳහා 0774306959 අමතන්න.

Plant Box

ගෙදරට ම පැළයක් ගෙන්නගන්න පුළුවන් තවත් ක්‍රමයක් මේ. ප්ලාන්ට් බොක්ස් එකේ අය ලොක්ඩවුන් කාලෙත් දිවයින පුරා ඩිලිවරි සේවාව සපයනවා. මේගොල්ලො ළඟ වැඩිපුර තියෙන්නේ ඇපල් පේර, අලිගැටපේර, දෙහි, දොඩම්, කටු අනෝදා වගේ පලතුරු පැළ. 0770747066 අංකයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් ප්ලාන්ට් බොක්ස් ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. 

TR Group

පැළෑටි අපනයනය කරන ව්‍යාපාරයක් වෙන මේ ආයතනයත් පහසු මිල ගණන්වලට ඔබේ නිවසට ම ගෘහාශ්‍රිත පැළෑටි ගෙන්වාගන්න හොඳ ක්‍රමයක්. මේ අයගේ ආයතනය තියෙන්නේ ජාඇල. 0112079402 / 0773707010 අංකවලින් වැඩි විස්තර දැනගත හැකියි.

Wonders.lk

ගෘහාශ්‍රිත ව සහ පිටත වගා කළ හැකි ශාක, මල් පැළ, පලතුරු පැළ, තණකොළ වර්ග, පෝච්චි ආදී ගෙවතු වගාවට අදාළ ද්‍රව්‍ය රාශියක් පාමංකඩ තියන වොන්ඩර්ස් වෙතින් ලබාගන්න පුළුවන්. ඔබ ගෘහාශ්‍රිත ශාක ගැන උනන්දුයි නම්, නිවසේ නිදන කාමරයට, බැල්කනියට, මේසය උඩට ආදී වශයෙන් ගැළපෙන ශාක වෙන වෙනමත් ඔවුන් ළඟ තියනවා. 0766730188 අංකයට කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

PlantMe.lk

ප්ලාන්ට් මී ශාක ඩිලිවරි සේවාව තියෙන්නේ පන්නිපිටියේ. ඔවුන් ළඟ බිත්තියේ එල්ලා තැබිය හැකි පැළෑටි, මේස මත තැබිය හැකි පැළෑටි, අනෙකුත් ගෘහාශ්‍රිත පැළෑටි, පතොක්, උණ ආදී වර්ග රැසක් තියනවා. ඒ වගේ ම උසස් නිමාවකින් යුතු පෝච්චිත් සමග ම ශාක ඇණවුම් කරන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. 0778623000 අංකය අමතා ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්න.

Lassana.com

ලස්සන ෆ්ලෝරා කියන්නෙ අපි කවුරුත් හොඳින් හඳුනන නමක්. ඔවුන් ළඟත් තියනවා ශාක ඩිලිවරි සේවාවක්. ලිලී, ඕකිඩ් ආදී මල් පැළ වගේ ම, කොස්, ගොරකා, කරපිංචා වගේ පැළත්, ජමනාරං, ඇඹරැල්ලා, රඹුටන්, මැංගුස්, දෙළුම්, දෙහි, පේර, උගුරැස්ස, අඹ වගේ පලතුරු පැළත් මෙතැන තියනවා. ලොක්ඩවුන් අතරේ වුණත් ගෙන්වාගන්න පුළුවන්. 0112001122 අංකයෙන් ලස්සන ෆ්ලෝරා අමතන්න.

Plant Lanka

බොන්සායි පැළ, පතොක්, ජලජ පැළෑටි, ගෘහාශ්‍රිත ශාක ආදී වර්ග ගොඩක් ප්ලාන්ට් ලංකා වෙතිනුත් ගෙන්වාගන්න පුළුවන්. මිල ගණන් ඉහළ වුණත් ඩිලිවරි ගාස්තු නැතිව ඔබේ ඇණවුම ගෙදරට ම ගෙනත් දෙන්නත් ඔවුන් ලෑස්තියි. 0766561215 ඔවුන්ගේ දුරකතන අංකය.

Ceylon Agri

පතොක් සහ මාංශ ශාක, විසිතුරු මල් පැළ, කුළුබඩු ශාක, වන වගා පැළ, පලතුරු සහ ඖෂධ පැළ ආදිය පහසු මිලකට සිලෝන් ඇග්‍රි වෙතින් සපයනවා. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මේ ගැන තවදුරටත් දැනගන්න පුළුවන්. නැතිනම් 0777994859 අංකයෙන් ඔබට ඇණවුම් ලබා දෙන්න සහ විස්තර දැනගන්න හැකියාව තියනවා.

Biophilia

කොළඹ 5, ඇවරිහේන පාරේ තියන මේ ආයතනය ගෘහාශ්‍රිත සහ ගෙවතු අලංකරණයට ම වෙන් වුණු තැනක්. ඔබේ නිවස සහ ගෙවත්ත අලංකාර කරගැනීම, නඩත්තුව, ප්‍රතිසංස්කරණය ආදී ක්‍රියාවලිය පිළිබඳ ව ඔවුන්ට මනා දැනුමක් තියනවා. ඔබට අවශ්‍ය වෙන අලංකාර ශාක වර්ග, පෝච්චි ඇතුළු ද්‍රව්‍ය රාශියක් ඔවුන්ගේ ඔන්ලයින් ෂොප් එකෙන් ගෙන්වාගන්න පුළුවන්. 0113663660 / 0767016162 අංකවලින් තොරතුරු දැනගත හැකියි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide