මේ දිනවල ලංකාවේ පැතිරෙන දරුණු වායු දූෂණය ගැන ඔබ දැනුවත් ද?.

ලංකාවට බලපාල තියන බරපතල වායු දූෂණ අවදානම ගැන තමයි මේ දවස්වල හැම තැනම කසුකුසුව. කනින් කොනින් එක එක ආරංචි එන නිසා මේ ගැන සත්‍ය තොරතුරු වගේම අසත්‍ය ප්‍රචාරත් පැතිරෙනවා. කොහොම වුණත් මේ තත්ත්වය ගැන අඩුම ගාණේ දළ නිවැරදි අදහසක් හැමෝම ළඟ තිබීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි මේ සූදානම් වෙන්නේ මේ දිනවල ලංකාවේ පැතිරෙන දරුණු වායු දූෂණය පිළිබඳව වැදගත් කරුණු කීපයක් ඔබට පැහැදිලි කරන්න.. 

මොකක්ද මේ වායු දූෂණය?

වායු දූෂණය (Air Pollution) යනුවෙන් හැඳින්වෙන්නේ පෘථිවියේ වායුගෝලයට හානි සිදු වීම ලෙස සරලව දැක්විය හැකියි. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් ආදී වූ විවිධ ගෑස් වර්ග මඟින් වගේම, දූවිලි අංශු, ගන්ධයන් ආදී දේවල් මඟිනුත් වායු දූෂණය සිදු වෙනවා. වායු දූෂණය පටන්ගත්තේ මිනිසා ගින්දර පාවිච්චි කරන්න පටන්ගත්ත දවසේ සිට බවයි සාමාන්‍යයෙන් පවතින අදහස. හැබැයි මේ වෙද්දී ඒ තත්ත්වය ඉක්මවා ගිහින් ඊට වඩා බොහෝ සෙයින් ගැඹුරට දිවෙන ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා.

මේ දවස්වල ඉන්දියාව

ඉන්දියාව කියන්නේ පරිසර දූෂණය අතින් කප් ගහපු රටක්. ලෝකයේ පරිසරය වැඩියෙන්ම දූෂණය වුණු නගර 30 අතරින් 22ක්ම ඉන්දියාවේ නගර බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. ඒ අතරිනුත් දිල්ලිය බොහෝ කලක සිට අංක එක ස්ථානය හොබවනවා.

වසර ගණනාවක ඉඳන්ම ඉන්දියාවේ නවදිල්ලි නුවර සැලකෙන්නේ අවදානම් සහගත වායු දූෂණ තත්ත්වයක් පවතින කලාපයක් වශයෙන්. පහුගිය සතියේ මේ අවදානම් තත්ත්වය දරුණු ලෙස ඉහළ ගියේ වසර තුනකින් උදා වුණු දූෂිතම වායු තත්ත්වයන් වාර්තා කරමින්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත මට්ටමට වඩා පනස් ගුණයකින් වැඩි වායු දූෂණයක් ගිය සතියේ දිල්ලියෙන් වාර්තා වුණා.

ඒ අනුව නගරය දුමාරයෙන් වැසී යාම නිසා පාසල් වසා දමන්නටත්, ගුවන්තොටුපළට පැමිණෙන ගුවන්යානා පමා කරන්නට සහ හරවා යවන්නටත් බලධාරීන්ට සිදු වුණා. දිල්ලි නගරය ගෑස් කුටියක් බවට පත් වී ඇති බවට එහි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ප්‍රකාශ කළා. මේ සතිය තුළ ඉන්දියානුවන් නොයෙක් මාරාන්තික රෝගාබාධවලට ලක් වුණා.

හේතු

දිල්ලියට මෙහෙම කනගාටුදායක තත්ත්වයකට පත් වෙන්න සිදු වුණේ කොහොමද? මේක වසර ගණනක් පරණ ප්‍රශ්නයක් වුණත් මේ ගැන හුඟක් දෙනෙකුගේ ඇස් ඇරුණේ දැනුයි. මීට මූලිකම හේතුව විදිහට දැනට හඳුනගෙන තියෙන්නේ පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල ගොවීන් විසින් සිදු කරන මහා පරිමාණ වගාබිම් ගිනි තැබීම්. ඒ කියන්නේ, එක කන්නයක් වගා කරල අස්වනු නෙළලා ඉවර වුණාම ඊළඟ කන්නයට යන්න කලින් ඔවුන් තමන්ගෙ වගාබිම සුද්ධ පවිත්‍ර කරගැනීම සහ පස සකස් කරගැනීම සඳහා ගිනි තියනවා.

මීට එරෙහිව නීති පැනෙව්වත්, නීතියට පටහැනිව දිගින් දිගටම සිදු වූ ගිනි තැබීම් නිසා දරාගත නොහැකි තරමේ අධික දුමාරයක් දිල්ලිය පුරාත්, දකුණු ඉන්දියාව පුරාත්, ශ්‍රී ලංකාව දෙසටත් පැතිර එන්නට පටන්ගත්තා.

මීට අමතරව, පසුගියදා පැවති දීවාලි උත්සවය සඳහා භාවිත කළ ගිනිකෙළිවලින් නිකුත් වූ දුමාරය සේම, රථවාහන සහ කර්මාන්තශාලාවලින් පිට වන දුමාරයත් මේ තත්ත්වයට තවදුරටත් හේතු වුණු බව පරිසරවේදීන් අදහස් කරනවා.

ලංකාවට බලපාන්නේ කොහොමද?

වගාබිම් ගිනි තැබීම් ලංකාවෙත් ඉස්සර සිදු වුණත් දැන් දැන් ඒ තත්ත්වය අවමයි. ඒ හැරුණු කොට අලුතින් කැලෑ කපා ගිනි තබා අළුපොහොර මත ගොවිතැන් කිරීමේ ක්‍රමයක් ලංකාවේ පවතිනවා. ‘නවදැලිහේන්’ යනුවෙන් හැඳින්වෙන්නේ එවැනි හේන්. කොහොම වුණත් මෙහිදී නම් එතරම් පරිසර විනාශයක් සිදු වන්නේ නෑ. මොකද, කන්න කීපයක් වගා කළ පසු බොහෝ විට ගොවියන් නැවත ඒ බිමේ කැලෑව වැවෙන්නට ඉඩ හරිනවා.

ඉන්දියාවේ වගාබිම් දුමාරය ලංකාවට පැතිරෙන්න පටන්ගත්තේ පහුගිය පස් වැනිදා ඉඳන්. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපකය (Air Quality Index) මඟින් මුලින්ම එය ඒකක 163ක් වශයෙන් වාර්තා කළා. මෙම මාපකය පහත පරිදියි.

ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය මගින් වායුගෝලය නිරීක්‍ෂණය කිරීමේ දී පහුගිය දින දෙකේ කොළඹ නගරයේ දුවිලි අංශු ප‍්‍රමාණය 100%කින් ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තිබෙනවා. අවට පරිසරයේ මීදුමක් වැනි කිසියම් දුමක් පවතින බව කොළඹ පමණක් නොව, ලංකාවේ අනෙක් ප්‍රදේශවල වැසියන් පවා නිරීක්ෂණය කර තිබුණා. මේ දුම ආඝ්‍රාණය කරන්නන් අධික ලෙස රෝගී විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කොහොම වුණත් අද වන විට තත්ත්වය යම්තාක් දුරකට යහපත් අතට හැරුණු බවක් තමයි පේන්න තියෙන්නේ. මේ වන විට වායු තත්ව මාපකය ඒකක ප්‍රමාණය 78ක් ලෙස වාර්තා කරනවා.

කළ යුතු දේවල්

මේ අයහපත් වායු තත්ත්වය සමග ශ්වසන ආබාධ, හිසේ කැක්කුම්, කැස්ස, උගුරේ ආසාදන, වමනය ආදී රෝග පැතිර යෑමේ බරපතල අවදානමක් පවතිනවා. ඒ අනුව හැකි තරම් ගෘහාශ්‍රිතව සිටින ලෙස, පිටතට යන විට මුව ආවරණයක් පලඳින ලෙස සහ හැකි තරම් ජලය පානය කරන ලෙස වෛද්‍ය උපදෙස් සැපයෙනවා.

අවසාන වශයෙන්

අපි අපිම පරිසරයට කරපු දේවල් පාරාවළල්ලක් වෙලා අපිටම භුක්ති විඳින්න වුණ තවත් අවස්ථාවක් තමයි මේක. කොහොම වුණත් පවතින පාරිසරික තත්ත්වයන් ගැන හැකි උපරිමයෙන් දැනුවත් වෙන්න, ඒ වගේම තමතමන් ආරක්ෂා වෙන්න කියල අවධාරණය කරන්න ඕනෑ. අපි දැන් ජීවත් වෙන්නේ හුස්ම ගන්නත් දෙපාරක් හිතන්න සිද්ධ වුණු ලෝකෙක!

ඡායාරූප සහ රූප සටහන්: අන්තර්ජාලය ඇසුරිනි 
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide