සම්ප්‍රදායෙන් ගිලිහුණු අපේ මංගල චාරිත්‍ර.

මානව ශිෂ්ඨාචාරය ගැන කතා කරද්දී, "විවාහය" කියන මාතෘකාවට ලැබෙන්නේ ගොඩක් ඉහළ තැනක්. පවුල යන සංකල්පයට නෛතික පදනම හදන විවාහය, ඒ බන්ධනයට ඇතුළත් වෙන කාන්තාවගේ සහ පුරුෂයාගේ මරණය දක්වාම පවත්නා උත්තරීතර බැඳීමක්. එදා වගේම අදටත්, විවාහය කියන සන්ධිස්ථානය, ආරිය සිංහල සංස්කෘතියේ සංකේතයක් විදියට සැළකෙන්නෙත් මේ හේතුව නිසාමයි.

සාමාන්‍ය සිංහල බෞද්ධ විවාහයක් ගත්තොත්, ඒකට ආවේණික වෙන චාරිත්‍ර වාරිත්‍ර පෙළක්ම තියෙනවා. අනාදිමත් කාලයක පටන් එන මේ සිරිත් වලින් බොහෝමයක්, අද කාලේ සාම්ප්‍රදායෙන් මිදුණු මංගල උත්සවයකදී පවා දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම පෝරුව චාරිත්‍ර එහෙම මේ අතරින් මඟ ඇරෙන්නෙම නැති තරම්. හැබැයි වෙනස් වුණු කාලෙක, අලුත් වුණු තාලෙකින් ජීවත් වෙන අපේ සමාජයෙන් වියැකෙමින් යන, එහෙමත් නැත්තන් සම්පූර්ණයෙන් වියැකී ගිහින් තියෙන මංගල චාරිත්‍ර කිහිපයකුත් මේ අතර තියෙනවා. ඇත්තම කියනවනම් ඒවා අනුගමනය කෙරුණේ පෘතුග්‍රීසි ආක්‍රමණයටත් කලින් කාලේ ඉඳන්.

ඉතින් මේ චාරිත්‍ර වර්ග මොනවද? අපි පොඩ්ඩක් අතීතයට හැරිලා බලමු.

පොරොන්දම් බැලීම

මේක හඳහන් බැලීම කියලත් හඳුන්වනවා. විවාහ වෙන්න දෙපලගේ කේන්දර වලින් ඒ දෙන්නා කොතරම් ගැළපෙනවද කියලා තමයි මේකෙන් බලන්නේ. ඉස්සර නම් පොරොන්දම් නොගැළපෙන යුවලක් විවාහ කරවන්නේ නැහැ. මොකද ඒ තරම් දරුණු විදියට මේ කේන්දර ඔවුන් විශ්වාස කළා. අදටත් මේ සිරිත අපි අතර දැකගන්න ලැබුණත්, ගොඩක් අය මේක කරන්නේ කළ යුතු චාරිත්‍රයක් නිසා. එහෙමත් නැත්තන් එක පාර්ශවයක අය බල කරන නිසා. හැබැයි ඉතින් හඳහන් බැලීමක් නොකරම විවාහ වෙලා සතුටින් ඉන්න අයත් ඉන්න නිසා, කේන්දර මතම හැමදේම තීරණය කරන්න පුළුවන් කියන නිගමනයට එන එකත් වැරදියි.

කේන්දරේ වගේම ගළපලා බලපු තවත් දෙයක් තමයි කුලය. හඳ පානේ පැනලා ගියොත් ඇරෙන්න, වෙනස් කුල දෙකක අයට විවාහ වෙන්න කිසිම ඉඩක් තිබුණේ නැහැ ඒ කාලේ. මේ කුලමල භේදය අදටත් අපේ බොහොමයක් දෙනා ගොඩක් තදින් සලකලා බලනවා.  

නැකත් පත්‍රය

පොරොන්දම් ගැළපුණු දෙන්නෙක්ගේ විවාහ මංගල උත්සවයට අදාළ නැකත් සේරම ලියවුණු ලියවිල්ලක් තමයි නැකත් පත්‍රය. මංගල දිනයට කලින් සැකසෙන මේ ලියවිල්ල, මනාලයාගේ පාර්ශවය විසින් මනාලියගේ පාර්ශවයට ගිහින් දෙන පුරුද්දක් ඉස්සර තිබුණා. සෙත් කවි වගේම ශ්ලෝක පවා මේවයේ අඩංගු වුණු බව කියවෙනවා. අදටත් මේ නැකත් පත්‍රය යවන සිරිත තිබුණත්, ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ඊමේල් පණිවිඩයක් හරහා තමයි.

මංගල පෝරුව

දැන් ගොඩක් වෙලාවට මංගල උත්සව ගන්නේ කොහේ හරි හෝටලයක, එහෙමත් නැත්තන් උත්සව ශාලාවක. මේ හෝටල්, උත්සව ශාලා හැම එකේම වගේ තියෙන කල් තබා හදපු මංගල පෝරු ටිකක් සරසලා අරන් තමයි අද පෝරුව චාරිත්‍ර කෙරෙන්නේ. එහෙම නැති වෙලාවට කරන්නේ කුලියට පෝරුවක් හදන එක. අද කාලේ මංගල සේවාවන් ලබාදෙන තැනුත් වැහි වැහැලා තියෙන නිසා, මේ වගේ සැරසිලි වැඩවලට එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ.

ඒත් ඉස්සර, මංගල්‍යයක් කියන්නේ මුළු ගමක් එකතුවෙන වැඩක්. මඟුල් උත්සවට දවස් කිහිපයකට කලින් සුබ වෙලාවක්, දිසාවක් බලලා තමයි පෝරුව හදන්න පටන්ගන්නේ. මේකේ පාවඩ එලීමත්, උඩුවියන් බැඳීමත් සිද්ධවෙන්නේ ගමේ ඉන්න හේනේ මාමගේ අතින්. දැන් ප්ලාස්ටික් මල් වගේ කෘත්‍රිම දේවල් වලින් විවිධ සැරසිලි කරත්, ඉස්සර පෝරු හදන්නේ ගොක්කොල වගේ ස්වභාවික දේවල් වලින්.

පෝරුව චාරිත්‍ර පැත්තෙන් සලකලා බැලුවොත්, කියන්න තරම් ලොකු වෙනසක් අදටත් දකින්න නැහැ. ඒ දවස් වල වුණු පෝරුව චාරිත්‍ර හැම එකක්ම අදටත් අඩුවක් නැතුව වෙනවා අපට බලාගන්න පුළුවන්.

මංගල භෝජනය

පෝරුව චාරිත්‍ර අහවර වුණු ගමන් සිද්ධවෙන පළමුවෙනි දේ තමයි මංගල භෝජනය. ගොඩක් වෙලාවට අද කාලේ මංගල උත්සව වල බුෆේ එකක් විදියට මේ වැඩේ වෙනවා දැකගන්න පුළුවන්.ඉස්සර කාලේ දැන් වගේ වෙන වෙනම මේස පුටුවල වාඩිවෙලා කන පුරුද්දක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම උඩරට පළාත් වල එහෙම මංගල භෝජනය රස වින්දේ බිම එළාගත්ත පැදුරුවල වාඩිවෙලා.

කොහොම වුණත් සිංහල සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයත් එක්ක බැඳුණු භෝජන සංග්‍රහයේ ප්‍රධාන අවස්ථා 4ක් දැකගන්න පුළුවන් වුණා.

ලාදර බත – මංගල උත්සවයේ වැඩ වලට උදව් උපකාර කරපු නෑ හිතවත් පිරිසට ලබාදෙන බත හැඳින්වෙන්නේ ලාදර බත නමින්. මංගල භෝජන සංග්‍රහයේදී මේ බත තමයි මුලින්ම පිළිගැන්වෙන්නේ.

ආදර බත – විවාහප්‍රාප්ත වුණු යුවතිපතීන්ට පිළිගන්වන බත තමයි ආදර බත. සමහර පැතිවල මනාලයයි මනාලියයි එක බත් පතේ මේ ආදර බත කෑව බව සඳහන් වෙනවා.

නෑදර බත – සාමාන්‍යයෙන් මංගල පෙරහැරින් මනාලියව මනාලයා තමන්ගේ නිවසට කැන්දාගෙන යන සිරිතක් ඒ දවස් වල තිබුණනේ. මේක සිදුවුණාට පස්සේ, ගෙදර ඉතිරි වෙන නෑ හිතවතුන්ට දෙන බත හැඳින්වුණේ නෑදර බත නමින්.

යෝදර බත – මනමාල මහත්මියව තමන්ගේ ගෙදරට කැන්දාගෙන ගියාට පස්සේ මනමාල මහත්මයාගේ ගෙදරින් දෙන බත තමයි යෝදර බත විදියට හැඳින්වුණේ.

මංගල භෝජන සංග්‍රහයක් අවසානයේදී කිරි පැණි වලින් සමන්විත අතුරුපස වේලක් එහෙමත් වැරදුණේ නැහැ.  ඒ විතරක් නෙවෙයි, මේ සේරම අහවර වුණාම බුලත් තට්ටුවක් පිළිගැන්වීමත් සිද්ධ වුණා. සද්ධර්ම රත්නාවලියේ "බතින් සාද පවත්වා බුලතින් නිමවන්නාසේ" යනුවෙන් සඳහන් කරලාත් තියෙන්නේ මේ වගේ අවස්ථාවක් ගැන.

නව යුවතිපතීන්ට ආශීර්වාද

අලුතෙන් විවාහ වුණු දෙපළට සුබ පතන්න, අවවාද කරන්න, මගුල් ගෙදරට උදව් පදව් කරපු හැමෝමට ස්තූති කරන්න වගේම වැරද්දක් සිදුවුණානම් සමාව භජනය කරන්න යොදාගන්න අවස්ථාව විදියට මංගල සභාව හඳුන්වන්න පුළුවන්. මෑතක් වෙනතුරුම මේ චාරිත්‍රය දැකගන්න ලැබුණත්, දැන් නම් හරිම කලාතුරකින් තමයි මංගල සභාවක් පැවැත්වෙන්නේ. ඈත අතීතයේ මංගල සභාව වෙනුවට තිබුණේ කවි මඩුවක්. පවුලේ වැඩිහිටියන් කිහිපදෙනෙක් එකතුවෙලා යුවතිපතීන්ට කවියෙන් සුබ පැතීමක්, එහෙමත් නැත්තන් ආශිර්වාද කිරීමක් තමයි මෙහිදී සිද්ධවුණේ.

මංගල පෙරහැර

අද විවාහ උත්සව ඉවරවෙන්නේ මනාල යුවල මධු සමයට පිටත් වීමෙන්. මල් පොකුරු, රිබන් වලින් සරසපු වාහනයකින් යන මේ ගමනට සහභාගී වෙන්නේ විවාහප්‍රාප්ත දෙපළ විතරයි. ගොඩක් වෙලාවට මේ ගමනට අලුත් යුවල වෙනම ඇඳුම් කට්ටලයකින් සැරසෙනවත් දැකගන්න පුළුවන්.

ඒ කාලේ මධු සමයට පිටවීමක් දැකගන්න නොලැබුණත්, මනාලයාගේ නිවසට පෙරහැරක් මඟින් මනාලියව කැන්දාගෙන යාමක් සිද්ධ වුණා. අලුත බැඳපු ජෝඩුව වෙනුවෙන්ම සුදු ගොන් හා ගෙජ්ජි වලින් සැරසුන කරත්තයක් යොදා ගැනුණ අතර, අනිත් නෑයන් ගමන් ගත්තේ වෙනත් කරත්තවලින්. මේ කරත්ත ටික පිටිපස්සෙන් මනාලිය වෙනුවෙන් මනාලයාට ලැබෙන දෑවැද්ද පටවපු කරත්තයත් ගමන් කරනවා. ගම මැද්දෙන් යන මේ මංගල පෙරහැර පවුල් දෙකේ අභිමානය පෙන්වන මොහොතක් විදියටත් සැලකුණා.

"මනමාලිය, මනමාලියක් ලෙසින්ම ගෙදරින් පිටවිය යුතුය" කියන සංකල්පයට තිබුණු ඉහළ තැනත් මෙහිදී අමතක කරන්න බැහැ. මංගල පෙරහැර වෙනුවෙන් වෙනත් ඇඳුම් ආයිත්තම් වලින් සැරසීමක් ඒ කාලයේ දැකගන්න නොලැබුනෙත් ඒ හේතුව නිසාමයි.  

නූතන සමාජය දෑවැද්ද කියන දේ නොවැදගත් දෙයක් විදියට සැලකුවත්, "හිස්‌ අතින් ගෑනු දෙන සිරිතක්‌ නැහැ." කියන අදහස එයින් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා නැති බව නොරහසක්.

මනාලයාගේ පාර්ශවයේ උත්සවය

දෙවැනි ගමන, එහෙමත් නැත්තන් "හෝම් කමින්" එක විදියට හඳුන්වන මේ උත්සවය මනාලයාගේ පාර්ශවයෙන් සිදුවෙන්නක්. අතීතයේ මනාලයාගේ ගෙදර පැවැත්වුණු උත්සවයක් වුණත්, මේකත් ගොඩක් වෙලාවට අද සිද්ධවෙන්නේ හෝටලයක් හරි උත්සව ශාලාවක හරි තමයි. මනාලියගේ ගෙදර උත්සවයෙන් පස්සේ, මංගල පෙරහැරින් මනාලයාගේ නිවසට පැමිණීමත්, තමන්ගේ හුරුපුරුදු ජීවිතයෙන් මිදිලා, තමන්ගේ සැමියා සහ අලුත් නෑයන් සමඟ අලුත් ජීවිතයක් පටන්ගැනීම මෙයින් සනිටුහන් වෙනවා. අර කලින් සඳහන් කරපු යෝදර බත පිළිගැන්වෙන්නෙත් මේ උත්සව අවස්ථාවේදීමයි.

මේ හැම චාරිත්‍රයක්ම වගේ සිදුවුණේ සුබ නැකතින්. චාරිත්‍රයක් විදියට සඳහන් කරන්න නොහැකි වුණත්, අද වගේ නීතියෙන් විවාහ වීමක් ඒ කාලේ සිදුවුණේ නැහැ. හැබැයි ලන්දේසි ආක්‍රමණයෙන් පස්සේ ඇරඹුණු විවාහය සහතික කිරීම අද වෙනතුරුත් අපට දැකගන්න ලැබෙනවා.

සභ්‍ය සමාජයේ ප්‍රතිමූර්තියක් විදියට එදා වගේම අදටත් සැලකෙන විවාහය, ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ  වැදගත්ම සිද්ධීන් අතරින් එකක්. තවත් යහපත් පරම්පරාවක ආරම්භය මෙයින් සනිටුහන් වීම මේකට ප්‍රධානම හේතුව විදියට හඳුන්වන්න පුළුවන්. නූතන සමාජය තුල අතීතයෙන් උකහාගත්ත චාරිත්‍ර වාරිත්‍ර හැමදේම ඒ විදියටම භාවිතා කරන්න අපහසු වුණත්, හැකි තරමින් ඒවායේ ආභාශය අරන්, ඉදිරි පරම්පරාවටත් තිලිණ කිරීම අපි සතු වගකීමක් වගේම යුතුකමක්.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide