කොළඹ තියන හොඳ ම බිරියානි ගැන හොයන්න ඕන කියල යමු එකේ අපි හිතන් හිටියෙ දැන් කාලෙක ඉඳන්. අපිට ඕන වුණේ දැනට කොළඹින් හොයාගන්න පුළුවන් හොඳ ම චිකන් බිරියානි (රෙගියුලර්/ ටික්කා/ තන්දුරි) එක තෝරන්න. ඉතිං අපි තේරුවා. මෙන්න මෙහෙමයි ඒ.
පහුගිය අවුරුදු අටක් විතර තිස්සේ අපිට එක එක තැන්වලින් එක එක රහ බිරියානි රහ බලන්න ලැබුණා. ඒ නිසා හොඳ ම එක තෝරන එක ලේසි වැඩක් නෙමේ. ඉතිං අපි හිතුවා එකක් වෙනුවට හොඳ ම චිකන් බිරියානි පහක් තෝරලා, ඒ අතරින් හොඳ ම එක තෝරන එක තමයි වඩා හොඳ කියල. මේ ලිපියෙන් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්, අපි තෝරපු හොඳ ම බිරියානි පහයි, ඒ අතරිනුත් ‘බිරියානි කිං’ විදිහට තේරී පත් වුණ ජයග්රාහකයයි!
අපි මෙතනදි වෙන කිසි දේකට වඩා පාවිච්චි කරපු ලොකු ම නිර්ණායකය තමයි රස. ඒ වගේ ම බිරියානි එක කොච්චර ඔරිජිනල් ද, කොලිටි ද කියන එකයි, පාවිච්චි කරපු ස්පයිසස් මොනවද කියන එකයි, බිරියානි බතේ ටෙක්ස්චර් එකයි.
Chicken Biriyani – Kandoori
කන්දුරි එකේ රෙගියුලර් චිකන් බිරියානි (රු. 640) එක දැන් අවුරුදු ගාණක ඉඳන් අපිට කන්න හම්බුණ හොඳ බිරියානිවලින් එකක්. මේකේ හැම බාස්මතී බත් ඇටයක ම මරු මසාලා රහක් තියනවා. චිකන් එකෙත් එහෙමයි. චිකන් ටික හරි ම සොෆ්ට්. ඒ වගේ ම හැම චිකන් කෑල්ලක් ම නියම පදමට ස්පයිසස්වල දැවටිලා නිසා රස නහර පිනා යනවා.
Tandoori Chicken Biriyani – Chana’s
චානාස් එකේ චිකන් බිරියානි එක හොඳයි. හැබැයි තන්දුරි චිකන් බිරියානි (රු. 750 – රෙගියුලර්) එකට තමයි අපේ වැඩි මනාපෙ. නියම ක්රමයට හදපු තන්දුරි චිකන්වලින් මේ බිරියානි එකට බඩ පිරෙන සුවඳක් එකතු වෙලා. තද රතට හුරු පාටක් තියන චිකන් එකේ මතුපිට ටිකක් තද වුණාට ඇතුළ හරි ම ජුයිසි ගතියයි. ඒ වගේ ම හොඳට මැරිනේට් කරලා. බිරියානි බත හොඳ සුමුදුවට හැපෙනවා. මසාලා රහ නියමෙට එන විදිහට සීසනින් කරලා තිබුණා.
Chicken Biriyani – Royal Biriyani
රෝයල් බිරියානි එකේ කට්ටියත් හදනවා මරු බිරියානි සහ බාබකිව් වගයක්. එයාලගෙ චිකන් බිරියානි (රු. 580) එක පැණි රහ, ඇඹුල් රහ, සැර කියන රස තුන ම පදමට බැලන්ස් වෙලා මිශ්ර වුණ බතක්. බත සුවඳයි. ඒ වගේ ම රසයි. චිකන් එකේ ස්පයිසස් මහ ගොඩක් දැවටිලා තියනවා. ඉතිං ඒකෙන් මේ බිරියානි බත තවත් රහ වුණා.
Hyderabadi Chicken Biriyani – The Biriyani Restaurant
ආමර් ස්ට්රීට් එකේ ද බිරියානි රෙස්ටොරන්ට් එකේ අයට බිරියානි කියන්නෙ කෑමක් විතරක් ම නෙමේ. ඒගොල්ලන්ට ඒක සයන්ස් එකක්. ඒගොල්ලන්ගේ කිචන් එකේ බිරියානි සම්බන්ධ අලුත් අලුත් අත්හදා බැලීම් ගොඩක් සිද්ධ වෙනවා. ඒවයින් එළියට එන ප්රතිඵල ඉතිං පංකාදු පහයි. මේ චිකන් බිරියානි (රු. 550) එකට පාවිච්චි කරල තිබුණ බාස්මතී බත කුළුබඩුවලින් සරුසාර වෙලා. ඒ නිසා සුවඳත් නියමයි. කන කන කටක් ගාණේ නියම හයිද්රබාද් රහ දැනුණා. මේගොල්ලො මේ බිරියානි එක හදන්න පාවිච්චි කරන්නෙ සාම්ප්රදායික කච්චි ස්ටයිල් එක. ඒ නිසා ම ස්පයිසස්වලිනුයි හොඳ රසට හදපු චිකන් එකෙනුයි බිරියානි බතේ රසපදම සෑහෙන ඉහළ ගිහින් තිබුණා.
Chicken Tikka Biriyani – Chola Authentic Indian Restaurant
පිළිගන්න! මෙදා පාර බිරියානි කිං!!
චෝල එකේ චිකන් ටික්කා බිරියානි (රු. 1025) එක අපේ ‘බිරියානි කිං’ වුණේ ඇයි දන්නවද? මේකේ ෆ්ලේවර් එක, කුළුබඩු, ඔරිජිනල් ගතිය.. හැම දේ ම තිතට! කුංකුම එහෙමත් දාල හදපු බත පුදුම රසට ස්පයිසස්වලින් සීසනින් වෙලා. මේකත් එක්ක තම්බපු බිත්තරේකුත් දීල තිබුණා. චිකන් ටික තැඹිලි පාටට ඇහැ විතරක් නෙමේ, දිවත් පිනවනවා. චිකන් ටික්කා එකෙන් යන්තමින් එන පැණි රහයි, හොඳ සැරයි නූලට මිම්මට බැලන්ස් වෙලා. ඒකෙන් බිරියානිබතේ සරුසාර ගතිය දෙගුණ වෙලා තිබුණා. ඉතිං ජයග්රාහකයා බවට පත් වුණේ චෝල එකේ චිකන් ටික්කා බිරියානි එක!