බයිට් එකට.. රසම කූරිමාළු! ෆ්‍රයිඩ් හැඳැල්ලො පිඟානක් ගන්න හොඳම තැන් 6ක්.

ඈ..

හොඳ නැද්ද මං කියන්නෙ?

ඔය නිකම් බියර් එකක් ගහද්දි වුනත්, නැත්නම් සැර ජාතියක් මේසෙට ගෙන්න ගත්තත්.. අනං මනං සෝස් දාලා විකාර කරපු කටගැස්මක් නැතුව..

අපිට හරියන අපේම දෙයක්.. බැදපු කූරි මාලු ටිකක් වගේ.

රස පදමට දවටල බැදල, සැලඩ් කරල මේසෙට ගලපල.. සෝස්, කොච්චි පේස්ට් ටිකක් එක්ක, එකා ගානෙ කරස් කරස් ගාලා හපන්න..!

හොඳයි නේ..

එහෙනම් ඔන්න පහලින් තියෙනව ඒකට හරියනම තැන් ටික, හරිය?

1. Silver Spoon

කාපු නොම්මර එකේ හැඳැල්ලො පිඟානක් කිව්වොත් හරියටම හරි. පැළවත්තෙ සිල්වර් ස්පූන් එක! වැඩක් නෑ කියලා.. එයලාගෙ බැටර් එකේ ඉඳන්ම, මාළුව වෙනකම්ම, මාරම පදමක්නෙ තියෙන්නෙ. කිව්වට විශ්වාස කරන්න මං හිතන්නෙ මිශ්‍රණයෙ පවා ලුණු ඇඹුල් බලලද කොහෙද හදන්නෙ. ඊටත් පාන් කුඩු එක.. හොඳම ෆ්‍රෙෂ්. මාළුවගෙත් ඔලුව කඩල බඩ අයින් කරල නිසා.. බල බල ඉන්න දෙයක් ඇත්තෙම නෑ. ගත්ත කූරියා ලූණු කෑල්ලක් එක්කම. අරගෙන ගෑවා කොච්චි පේස්ට් එකේ දෙපැත්ත, ෂොටක් දාගත්ත සනික හපන්නයි තියෙන්නෙ. බාග වෙලාවට එකෙක් ඇති යාලු ෂොට් දෙකකටත්, හ්ම්..

2. Vespa Sports Club

ම්.. මේක නම් ගාණෙ හැටියට හොඳ එකක්. ඒ කිව්වෙ ඇත්තටම මෙතන පෝෂන් එක පොඩියි. ඒත් මාළුවගෙ රස පදමෙ නම් අඩුවක් නෑ. හැබැයි එයාලා මේසෙට එවන්නෙ ටිකක් පොඩි කූරින්ගෙන් නිසා, අමුතු ගතියක් නැත්තෙත් නෑ. හැරත් ඒ නිසාම අරපිරිමැස්මත් හොඳයි. ඊටත්.. රස පදමටම දවටල බැදපු හැඳැල්ලොනේ.. අර එකම අවුල සමහර වෙලාවට හරියට මාළුවගෙ ඔලුව කඩල බඩ අයින් කරල, සුද්ද කරල නෑ. ඒකයි!

3. Government Service Sports Club

කොලොම් තොටේ හැඳැල්ලොන්ට ඉස්සර ඉඳන්ම නම් දරාපු තැන් තමයි. ඒත් දැන් දැන් නම් ඒකෙ ගතිය ටිකක් අඩුවෙලා. මොකද.. එයාලා පෝෂන් එක ලොකුවට දුන්නට, පෙලක් වෙලාවට අතරින් පතර හරියට බැදිච්ච නැති ඒවා සෙට් වෙනවනෙ. ඒත් ඉතින්.. ඒකට එන කොච්චි පේස්ට් එකයි, සෝස් එකයි එක්ක.. ඒ අඩුපාඩු කොහෙන් ගියාද නැති ගානයි යාළු. හැරත් ඔය.. අතරින් පතර සෙට්වෙන එව්ව නම් මොකද?

කියල හිතෙන්නෙ හැඳැල්ලො ටිකට ලූණු, ලුණු, දෙහි, ගම්මිරිස් අඩුම කුඩුම සියල්ලම දාලා රස පදමටම මේසෙට එන කොටනෙ.

4. Lavinia Restaurant & Bar

හොඳම එකෙත් හොඳම එක කිව්වොත් වැරදි නෑ මගෙ හිතේ. මොකද.. ගාණ ටිකක් සැර වුනාට පැලවත්ත ලැවනියා එකේ දෙන හැඳැල්ලො එක.. සත්තයි, මල් හතයි!

අනිත් එක යාළු ඒ පෝෂන් එකත් සෑහෙන්න ලොකුයිනෙ. කොටින්ම, හොඳ බෙබාලා දෙන්නෙක්ට බෝතලයක් ගහන්න වුනත් ඇති ගානයි. ඔක්කොමත් හරි නූලට පදම තියෙන දැවටුමක දවටලා, ෆ්‍රෙෂ් එකට බැදලා.. ලුණු ඇඹුල් එක්ක මිරිස් ගම්මිරිස් පදමත් තියෙන්න, ලූණු අඩුම කුඩුම සියල්ලම එක්ක මේසෙට එද්දි? අනික ඒ අතරට අර.. පංකාදු කොච්චි පේස්ට් එකකත් තියෙද්දි?

5. Chanvel Restaurant

මෙතන.. හැඳැල්ලො එක හොඳයි. හැබැයි අර තරම්ම නෑ. මොකද සමහර වෙලාවට මෙයාලගෙ, මාළුවො හරියට සුද්ද කරල නෑ. ඒත් ටොප් එකට දවටල බැදල නම් තියෙනව. අනිත් එක තමයි එක එක දවස් වලට කූරින්ගෙ සයිස් එක වෙනස් වෙනව. ම්.. ඒකත් කමක් නෑ, වැඩේ තියෙන්නෙ ගාණෙ හැටියට, රස ටොප් එකට තිබ්බට, සයිස් එක ටිකක් මදි එකනෙ!

ඇත්තටම ලුණු, ඇඹුල් පදමත් තරු 5ටම තියෙන එකේ.. අඩුපාඩු ටික හැදුන නම් මල් හතේ හැඳැල්ලො එක ඈ..

6. Havi Restaurant

ඇත්තම කියන්න එපැයි. හොඳ සුපිරිම හැඳැල්ලො එකක් නෙවෙයි මෙයාලගෙ නම් තියෙන්නෙ. ඒත් ගාණෙයි, වෙලාවෙයි හැටියට හැටියට අවුලකුත් නැති හැඳැල්ලො එකක්. පදමට බැදිල එහෙම.. අර ලුණු ඇඹුල්, මිරිස් ගම්මිරිස් අඩු පාඩු ටික තමයි. වැඩිය ඕන නෑ හොඳ හැටි සුද්ද කරල බැදලා.. පොඩ්ඩක් තව සැලඩ් කලා නම් ඒ හැඳැල්ලො එකත් පැහැදිලිවම ගොඩ ගන්න තිබ්බ.

නැතත් ඉතින් මොකද, හැඳැල්ලො නේ..

අතේ තියෙන ගාණට, අඩියක් ගහන්නත් කියාපුම නිසා..

ඔය, ඔයාලා දන්න තව හැඳැල්ලො ඉන්නව නම්,

ඒවත් අපිට කියන්න හොඳේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Ifthar 2023 – Reinvented by Street Burger

By Shamrina Carim During this holy month of Ramadan, once again Street Burger has not

Highlights Kamu

Arabia’s Oasis of Flavours – Cinnamon Red

Cinnamon Red Colombo’s top tier fine dining Flavored restaurant has introduced an incredible range of

Highlights Kamu

The weekend Lunch Buffet at Movenpick

Movenpick boasts of its location in the heart of Colombo, its 219 spacious, luxury hotel

Highlights Kamu

High tea with a stunner view at Cinnamon Red

Shamrina Carim An eclectic delicious high tea platter awaits you all 7 days from 3

Kamu

A warm breakfast at Hilton Colombo

Graze Kitchen being called out one of the finest and elite restaurants in Colombo, makes

Highlights Kamu

Cinnamon Red introduces a Vegetarian/Vegan Buffet

Cinnamon Red, one of the most popular hotels in Colombo introduces a fully Vegetarian/Vegan Buffet.

Highlights Kamu

Trending.

5 Spots to experience an Iftar Buffet – 2023

The holy month of Ramadan is approaching in a few days. It’s that festive time

Highlights Trending

Ramada Colombo Celebrates 49 Remarkable Years of Exclusive World-Class Hospitality

The iconic star-class luxury hotel, Ramada Colombo, is owned by the American multinational-World’s largest hotel

Trending

Let Her Shine on 8th March at Ramada Colombo.

Celebrate Women’s Day with entertaining evenings, pampered stays, special giveaways, and great dining offers. Show

Trending

Quickee- not just another Online Store

Whether you are a busy, working parent or an individual who balances many things during

Highlights Trending

Savour a Plant-Based Feast Every Full Moon at Cinnamon Red Colombo

Colombo, Monday 27th February 2023: Many are the benefits of adopting a plant-based diet. Historically

Trending

5 Things You Didn’t Know About Fcode Labs

Sri Lanka’s technology industry has witnessed significant growth in recent years, positioning the country as

Highlights Trending

Yamu Guide.

6 Trusted Pet Food Brands you should know

For awhile, Petmart has established itself as the premier pet shop in Sri Lanka. It

Highlights Yamu Guide

6 Pet Essentials from Pet Mart

Coming home to a devoted friend is the best feeling in the world. A pet's

Highlights Yamu Guide

9 Places to eat Rice & Curry

By RR Yes, pizzas and burgers are amazing but truly nothing can beat a good

Highlights Yamu Guide

Celebrate Valentine’s Day with Quickee this year!

It's easy to get caught up in the everyday hustle and bustle of life, where

Highlights Yamu Guide

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide

Yamu’s Top Restaurant Picks for 2023

New Year, New Reviews? Say “hell yeah”! We have sorted out a few restaurants that

Highlights Yamu Guide