මස් මාළු කටේ තියන්නැති අයට! අතේ තියෙන ගාණට තලු මරමර ‘වෙජි’ රස බලන්න කියාපු කඩ 6ක්.

වැරැද්දක් කියන්නත් බෑ ඉතින්. ඒක එයාලා ආස විදියනෙ.

එහෙමයි කියල ඒකට දොසක් කියන්නත් බෑ. මොකද වෙජි කියන්නෙ අපේ කෑම වේලෙ ප්‍රධාන ම දේනෙ. කොටින් ම කියනව නම් කන බතේ ඉඳන් ලූණු කෑල්ල වෙනකම්ම.

අර, අවුල තියෙන්නෙ ගොඩ දෙනෙක් පුරුදු වෙලා තියෙනව බත් එක්ක මසක් මාලුවක් අඩුම තරමෙ බිත්තරයක් හාල් මැස්සෙක් හරි කන්න. ඒ නිසයි පියෝ වෙජි නැත්නම් වීගන් අය ටිකක් කොන් වෙලා වගේ ඉන්නෙ. හැරත් එයාලට කෑම කන්න තියෙන කඩත් සෑහෙන්න අඩුයිනෙ.

ඉතින් අපි කල්පනා කළා…

හැමදාම, නැත්නම් ගොඩක් වෙලාවට එකම කඩේකින් කෑම රස බලන අපේ වෙජි යාළුවන්ට අළුත් කඩ ටිකක් කියන්න. ගොඩක් දුරට ඒක එයාලටත් සෑහෙන්න සතුටු හිතෙන ආරංචියක් වේවි. ඊටත් ඒක කොයි කාටත්!

පෙර නොවිඳූ රසයක් අත් විඳින්න පැහැදිලි උදව්වක් වේවි,

නේ…

1. Cafe Nuga

කොළඹ 07, ග්‍රීන් පාත්වල තියෙන මේ තැන නම් ටිකක් පොෂ් තැනක්. කෑමත් තරමක් විතර ගණන්. හැබැයි වෙජි කෑම ඔක්කොම වගේ රු. 400-900 වගේ. විශේෂම කාරණය තමයි මෙයාල ළඟ හැම වර්ගයකින්ම වගේ වෙජි කෑම තියෙන එක. පැස්ටා, නූඩ්ල්ස් ගත්තොත් එහෙමයි. සැලඩ් ජාති ගත්තොත් එහෙමයි. එතකොට නාසිගුරාන්, මොන්ගෝලියන් වගේ රයිස් ගත්තොත්, නැත්නම්… තඩි පැටි, චීස් බේරෙන්න දාපු බර්ගර් වගේ ගත්තත් හිතේ හැටියට වෙජි රසින් රස නහර පිනව ගන්න පුළුවන්.

2. Tacocat

ලංකාවෙ මෑතකදි ප්‍රසිද්ධ වුණු සුපිරි ගණයේ කෑමක් රු. 400-500ට රස බලන්න. මේවා එසේ මෙසේ කෑමත් නෙවෙයි, රස වෑහෙන මෙක්සිකන් කෑම. එහෙම වෙලත් ඉතින් වෙජි යාළුවන්ට ඒවා රස බලන්න චාන්ස් එකක් නෑ කියන්නෙ, නේ…

හැබැයි අනිත් ටාකෝ කඩ වගේ නෙවෙයි මේ ටාකො කැට් එකේ තියෙනව සුපිරි වෙජි ටාකො සෙට් එකක්. රස පදමට හදාපු ටාකො රොටියක් මැද්දට වැටුණු අළුත් එළවළු වර්ග 4 ක්, එතකොට චීස්, බටර් වගේ රස අඩුම කුඩුමත් තොගයක්! ආ… ඒ විතරක් නෙවේ මෙයාල ළඟ තියෙනව රස වැහෙන බීන් කරියකුත් වෙජි ටාකො එකට එකතු කරගන්න.

3. The Veagan Kitchen by Sulo

වෙජි ම විතරක් රු. 300ට අඩුවෙන් කන්න, යන්න වැල්ලවත්ත, රාම ක්‍රිෂ්ණ පාරට. කටට රහට වගේම හිත පිරෙන්න රස බලන්න පුළුවන් ඉන්දියන්, වෙස්ටර්න් කෑම සෙට් එකක් ම තියෙනව මෙතන. ග්‍රිල්ඩ් චීස්, පන්ජාබ් ග්‍රිල්ස්, ඕට්ස් දාපු කෑම එතකොට ස්පැන්ෂ් ඔම්ලට්… ඒ විතරක් නෙවෙයි ෆ්‍රෙෂ් ජූස් වර්ගත් සෑහෙන්න තියෙනව. වැඩේ කියන්නෙ බඩ පැලෙන්න වෙජි කාලා, ඉවර වෙලා කන්නත් මෙයාලා ළඟ කෑම තියෙන එකනෙ. කේක් වර්ග, ස්වීට්ස් වර්ග තොගයයි.

4. Piyoraan

සුපිරිම ඉන්දියන් කෑම, හැබැයි අපේ රහට!

ඒ කිව්වේ… ලංකාවෙ රහට හැදුණු තෝසෙ, වඩේ සාම්බාරු, සම්බල් ටිකක් හිතේ හැටිය රස බලන්න. ඊටත්, සුපිරි ලාංකීය වෙජි කෑම සෙට් එකකුත් තියෙනව මෙයාල ළඟ. ඔය… කුරක්කන් පිට්ටු, තලප, ඉඳි ආප්ප වගේ. වැඩේ කියන්නෙ ඒ කොයි කෑමෙත් රස, පංකාදු පහයි. අනික ගාණත් රු. 150-200යිනෙ. උම්බලකඩ කෑල්ලක්වත් දාන්නෙ නැති නිසා වෙජි යාළුවන්ට එහෙම බය නැතු කන්නත් පුළුවන්.

කිව්වට විශ්වාස කරන් යාළු මෙයාලගෙ වෙජි සුප් එකක් තියෙනවා… මතක් වෙද්දිත් කටට කෙල උනන හොඳේ!

5. Thalis

ජෙනුඉන් ඉන්දියන් කෑම ප්ලේස් එකක්. තියෙන්නෙ පාර්ක් රෝඩ් එකේ. තාලිස් කිව්වාම කොළඹ පැත්තෙ වෙජි අය නම් සෑහෙන්න දන්නව. ඒත් නොදන්න අයත් ඉන්න පුළුවන් නිසයි කියන්නෙ, මෙතන තොසේ ජාති 15, 16කින් පටන් ගත්තාම වඩේ, පූරි, චපාති වගේ රොටි ටයිප් ඒවයි බිරියානි, එළවළු වර්ග දාලා හදන රයිස් ජාතිත් තොගයකුයි, කුරුමා, පනීර් වගේ කරි වර්ගයි නොසෑහෙන්න තියෙනව. එ් විතරක් නෙවෙයි එළවළු ජාති 4, 6ක් එක්ක මේසෙට එන සුපිරි බත් තාලියකුත් තියෙනවනෙ. වැඩෙ කියන්නෙ ඉතින් ඒ කොයි එකත් රු. 500ට අඩුවෙන් රස බලන්න පුළුවන් එක තමයි.

6. Plus Nine Four

මේකෙ නම් කෑම ඉතින් ටිකක් ගණන්. ඔක්කොම වගේ රු. 500-800 අතරෙ තමයි යන්නෙ. හැබැයි මෙයාල ළඟ පියෝ වෙජි සැන්ඩ්විච්, බර්ගර් වගේම අපි ඒ හැටි නොදන්න වෙස්ටර්න් කෑමත් සෑහෙන්න තියෙනව. වටිනා කියන දේ තමයි, ඒ කොයි කෑමත් එයාලා ලංකාවෙ අපිට හරියන රසින් මේසෙට එවන එක.

ම්ම්… සුපිරි රසට හැදෙන ෆෘට් ජූස්, කෝපි, තේ එහෙමත් මෙයාලා ළඟ තියෙනව. අවුල තියෙන්නෙ ඒවයෙ ගණන් රු. 400-600 වගේ එක තමයි.

ඒ හැරුණාම ඉතින් තව ඉන්දියන් තැන් නම් ගොඩක් තියෙනව. හැබැයි අපි කල්පනා කළේ ඉන්දියන් වෙජි කඩ සෙට් එක ඔයාලට වෙනමම කියන්න. එතකොට කාට කාටත් ලේසියිනෙ. ඒ අතරට ඉතින් ඔයාලා දන්න අපි නොදන්න වෙජි කඩ තියෙනව නම්… ඒවත් අපිට කියන්න. මොකද එව්ව ටිකකුත් මේ ලැයිස්තුවට එකතු වුණාම වටිනකමත් වැඩියි නේ….

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide