ආදරණීයයන්ගෙ දවසෙ.. අපූරු කෑම වේලකට, එළියට යන්න කියාපු තැන් 7ක්.

අවුරුද්දකට සැරයක් එන, එදාට විතරක්මත් සමහර අය සමරන, ආදරණීයයන්ගෙ දවස!

වැලන්ටයින්ස් ඩේ.

ඇත්තටම ඒකෙ විශේෂත්වයකුත් තියෙනව නේ.. මොකද ඔය දවසටනෙ, ආදරය කරන කොයි කවුරුත් තෑගි බෝගෙ බෙදා හදාගෙන, ගමනක් බිමනක් එහෙමත් ගිහිල්ල වැඩිහරියක්ම සතුටින් ඉන්නෙ. අපි කියන්නේ.. අනිත් දවස්වලට එහෙම නැතුව නෙවෙයි. ඒත් වැලන්ටයින් දවසට ඒ ගතිය ටිකක් වැඩියි.

හැබැයි.. අපි කොහොම කිව්වත්, කිරි ගහට ඇන්න වගේ එදාටත් කෑමම හොයන යාළුවොත් නැතුවම නෙවෙයි. බාග වෙලාවට පිරිමි ළමයගෙ කීමට ඔන්න ගෑණු ළමය යනව. එහෙම නැත්නම් ඒකෙ අනික් පැත්ත. වැඩේ කියන්නේ.. ඒ අතරෙ ඉන්නවනෙ දෙන්නම ප්ලෑන් කරල කෑමට යන අයත්,

මේ.. අපි වගේ අයත්!

අන්න ඒ නිසයි අපිම අද කල්පනා කලේ වැලන්ටයින් දවසට කෑමම හොයාගෙන යන යාලුවොන්ට උදව්වක් වෙන්න කියල, එක එක ජාතියෙන් හොඳ හොඳ කෑම කඩ ටිකක් දැන්ම කාරිය කියල තියන්න. එතකොට.. එදාට එළියට බැහැගෙන රස්තියාදු වෙන්න ඕනත් නෑනෙ, නේ..

1. නිදහසේ; Cafe 1959

රස වෑහෙන ඩෙසට් වගේම කොළඹ හතර මායිමේ තියෙන හොඳම කෝපි!

ටිකක් රස බලන ගමන් හෙමී..න් සැරේ කතාබහක් දාන්න. ඒ විතරක් නෙවෙයි, ආදරයට ලෙන්ගතු කමට හිතේ හැටියට ඉඩ දෙන්න.. කියාපුම තැනක් තමයි මේක. අපූරු ඉන්ටීරියර් එකක සුවපහසුවයි, නිහඬ බවින් පිරුණු වටපිටාවයි.. තව මොනවද ඉතින්, රසම රස ඩෙසට් ටිකකුයිත් එක්ක රු. 1000න් 1500න් ෂේප් වෙන්න පුලුවන් වුනාම.

2. නිර්මාංශ; Moksha

රස වෑහෙන තෝසෙ, වඩේ, ඉඩ්ලි, නාන්, පරාටා ටිකක් එක්ක පංකාදු පහට හදාපු සාම්බාරුවක්, මිරිස් හොද්දක් සම්බල් එකක්. එහෙමත් නැත්නම් ලොකු තාලි බත් එකක් ව්‍යංජන 4, 5ක් එක්කම. බඩකට පිරෙන්න කාලා.. එයාලගෙම අයිස්ක්‍රීම්, කුල්ෆි, චාට් වගේ ඩෙසට් එකකුත් රස බලන ගමන් කොහොමද ආදර කතාබහකුත් මැදින් මැදින් එකතු වෙද්දි..

එහෙනම් ඉතින් හරියනම තැන මෙතන තමයි.

3. මස්ම කන්න; Sam’s BBQ

කිව්වට ඉතින්.. පෝර්ක් නෑලු. හැබැයි කටට රහට හදාපු සොසේජස්, චිකන් තයි, බ්‍රෙස්ට්, ඩ්‍රම්ස්ටික්ස්.. බීෆුත් එක එක ජාති වලින්.. රු. 1000න් 1500න් ෂේප් කරගෙන දෙසා බාන්න කියාපුම තැනක් තමයිලු. හැරත් මෙතන එලිමහන් භෝජනාගාරයත් නොම්මර එකයිලු. නිදහසේ.. පුංචි කයියක් එහෙම දාගෙන.. ඊටත් ඕවා කද්දි කට වටේ, අත් දෙකේ එහෙම ගාගෙන වුනත්!

කෑවට කවුරුත් දකින්නෙ නැති තැනක්ලු.

4. අඩියක් ගහන්න; Sugar Beach

බීච් එක කිව්වාම ඉතින් කොහොමත් ආදරණීයයන්ට උරුමයිනෙ. ඒ උරුමය රසවත් කරන්න.. කොහොමද කෑම තොගයකුයි, බීම තොගයකුයි පිරුනු රෙස්ටුරන්ට් එකකුත් ලඟ ලඟම තිබුනාම? යාළු.. නොම්මර එකට හැදෙන කෑම තොගයක් තියෙන තැනක් තමයි, සුගර් බීච්. කොටින්ම කියතොත් ඉටැලියන්, ඔය පීසා වගේ ජාති, වෙස්ටර්න්.. ඔය මික්ස් ග්‍රිල් වගේ ඒවා. එතකොට.. තායි, චයිනීස් රයිස්, නූඩ්ල්ස් වගේ කෑමත්..

ඒ අතරට කොහොමද කොක්ටේල් වගේ බීම ජාතිත් තියෙද්දි?

ඔක්කොමත් හරි ඒ ඒ ඒවයෙ ගණන් යන්නෙ රු. 1000න් 1500න් කියද්දි?

5. සුවපහසුවේ; Casserole

හැම කැසරෝල් එකමත් නෙවෙයි. මවුන්ට්වල ෆැමිලි කැසරෝල් එක. ඒකෙ නැති කෑමකුත් නෑ, සුවපහසුවෙ අඩුවකුත් නෑ. අනික හුදකලාව පුංචි මේසයකට වෙලා ආදරණීය කතාබහක් දාගෙන ඉන්න බැරි කමකුත් නෑනෙ. සේවාවත් නොම්මර එකට. ඔක්කොමත් හරි තායි, චයිනීස්, වෙස්ටර්න් වගේම ශ්‍රිලංකන් රස වලටත් කෑම ජාති 30, 40ක් හැදෙන නිසා.. ඒ අතරින් දෙක තුනක් තෝරන්න ගියාම තමයි. ඊටත් කොහොමද ජූස්, ඩෙසට් තෝරනකොට ඒ වගේ. ලේසි වෙන්නෙ නෑ හොඳේ!

6. චයිනීස්, තායි; Nom Nom Asia

රියල්ම චයිනිස් රසට, වගේම රියල්ම තායි රසට චිකන්, පෝර්ක්, සීෆුඩ් එක්ක හිතේ හැටියට රයිස් නූඩ්ල්ස්.. කෑම තොගයක් කන්න. කියාපු තැනක් ඔන්න. ම්.. ගණනුත් සාමාන්‍යයෙන් රු. 1000 වගේ යන්නෙ. හැබැයි පෝෂන්වල සයිස් එක ටිකක් පොඩි නිසා තමයි හරියට කියන්න බැරි. කෙහොම වුනත්, මෙතන වටපිටාවත් හරි නිදහස් වගේම සුවපහසු නිසා.. ලොකු චැට් එකක් එක්ක හෙමින් සැරේ කෑම රස බලන්න නම් බාධාවක් ඇත්තෙම නෑ.

7. අපේ එව්ව; Kala Balan

කොච්චර වුනත් ඉතින්.. ඔය කොයි කොයි කෑම කෑවත්, අපි වගේ සමහර උදවිය ඉන්නව පුංචි කඩයකින් බත් ටිකක් කන්නම ඕන බඩ පිරෙන්න. ඒකත්.. පෝර්ක්, ඉස්සො, දැල්ලො, බැදපු මාළු, චිකන්, ලිවර් වගේ තියෙන හැම එකකින්ම දාගෙන, එළවළුත් 4, 5ක්ම බෙදාගෙන.. හායි හූයි ගගා යමරෙට තලු මර මර දෙසාබාන්න. අන්න ඒ වගේ අයට.. කියාපුම තැනක් තමයි මෙතන.

හැබැයි එකක්. මෙතන.. කතාබහක් දාගෙන හෙමින් සැරේ, ආදරයෙන් කෑම කකා ඉන්න නම් එච්චරටම සෙට්වෙන එකක් නෑ. මොකද කෑම වෙලාවට ‘මහ ගෙදර’ හරි බිසීනේ..

ඒකට කාරි නෑ ඉතින්. ඔය තව තව කඩත් ඕන තරම් තියෙයිනෙ. අපේ යාළුවො මේ ලැයිස්තුව බලල එයාලගෙ හිතේ තියෙන තැනුත් එකතු කරල ගත්තාම,

නේ..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Fusion Kottu at Eastern Wok

By Hiruni Herath Hot Butter Kottu - that’s not something you hear everyday but at

Highlights Kamu

More than Coffee – Kaffi Colombo

By Hiruni Herath Ambience and Service The Nordic Bakery and Coffee House located at Crescat

Highlights Kamu

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

Hot Chook – all about that Chicken

By Hiruni Herath Service and Ambience The head chef at Hot Chook was very helpful

Highlights Kamu

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

Trending.

Types of People at the Cinema

By Rahma Rifkhan Think of your most noteworthy cinema experience: Loud and exciting with just

Highlights Trending

From the Garden to your Skin 

By Menaka Indrakumar  Iris Garden is a brand which started five years ago, with Fuller’s

Trending

Bullet Train – movie review

Bullet train is as the name suggest is a fast-paced action movie. Directed by David

Trending

Stay healthy & refreshed With KiCO

By Janani Vithanage Boasting over 100 years of trusted excellence, the journey of Silvermill Group

Highlights Trending

5 Reasons why you need to check out Wild Culture Yala

If you are that Wildlife lover who loves being in the wild and looking to

Highlights Trending

Waves Bologoda

SINGHE's Wave Bolgoda, which launched in January 2021, The venue was initially established by lecturer

Trending

Yamu Guide.

8 Hotels That Offer Transport – 2022

Sometimes arranging for transport when you’re on vacation is the last thing that you want

Highlights Yamu Guide

7 Instagrammable restaurants to dine in August 2022

By Hiruni Herath We’re always looking for the perfect spot that is a mix of

Highlights Yamu Guide

5 Places to get Gift Hampers – 2022

By RR Gift hampers have been around for quite a bit but they’ve suddenly become

Highlights Yamu Guide

8 FAQ’s on fuel QR Code system

Sri Lanka introduced the Fuel Pass QR code system in full force from today (1st

Highlights Yamu Guide

7 Tips to Ensure Safe Cycling

Cycling on roads full of traffic due to petrol queues can be scary. Here are

Highlights Yamu Guide

6 Cycling Accessories You Need

By Janani Vithanage With the fuel crisis still wreaking havoc in everyone’s lives, a new

Highlights Yamu Guide