කොළඹ.. සුපිරිම කොත්තු කඩ ටික!.

අනුග්‍රහය: ‌‌කොකා කෝලා 

31 පාර්ටියට කොත්තු? මෙන්න කොළඹ සුපිරිම කොත්තු කඩ ටික!

ගෑස් ලිපේ යකඩ තැටිය රත්වුණා

බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් වුණා

ලූනු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලි

තකට තකට රිදම් එකට ගාණට හැදුනා…

සිංදුව ඇහෙද්දි ම මට මතක්වෙන්නෙ හන්දියෙ නයිට් කඩේ රෑට දාන කොත්තු සෙට් එක. මොකද කොත්තු කියන්නෙ අපි කවුරුත් දන්න කියන කෑමක්නෙ. ඒ කිව්වට සමහර අය ඉන්නව කොත්තු කන්න ටිකක් බය. මොකද කොත්තුවලින් පහුවෙනිදට බඩ අමාරු කරන්න ඉඩ තියෙනවනෙ.

කොහොම හරි… ගෝදම්බ රොටි, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, රම්පෙ, කරපිංච, සුදු ලූනු පදමට දාලා හැදෙන නෝමල් කොත්තුවට මස්, මාළු, බිත්තර එකතු වුණාම තමයි නමක් එන්නෙ. එළවළු කොත්තු, බිත්තර කොත්තු, මාළු කොත්තු, මස් කොත්තු අනම් මනම් කියල. වැඩේ කියන්නෙ ඒ කොත්තු අතරට අලුතෙන් ම එකතු වෙච්ච තව කොත්තු සෙට් එකකුත් තියෙනවනෙ.

බාග වෙලාවට ඔයාලා දන්නවත් ඇති. හැබැයි අපි හිතනව ඔයාලා දන්නෙ නෑ කියල,

මොකක්ද…? ඒ අලුත් අලුත් කොත්තු කන්න තියෙන තැන් ටික.

හා හා කලබල වෙන්න එපා ඔන්න පහළින් තියෙනව. හෙමින් සැරේ වෙලාවක් තියෙන විදිය බලල ගිහින් එන්නකො.

හැබැයි එකක්, කොත්තුවත් එක්ක කෝක් බඩියක්!

අමතක කරන්න එපා…

1. එළවළු කොත්තු

ඕනම කොත්තු කඩයක ගන්න තිබුණට බම්බ තේජාන් එකේ එළවළු කොත්තුව සුප්ප. මොකද කැරට්, ලීක්ස් හැරුනාම මාළු මිරිස් එහෙමත් දානවනෙ. අනිත් කාරණය තමයි මස් මාළු හොදි නැතුව ඕන නම් අල හොදි, පරිප්පු දාලා වුණත් ගහ ගන්න පුලුවන්නෙ.

2. බිත්තර කොත්තු

හොඳ බිත්තර කොත්තුවක් කන්න යන්න වැල්ලවත්තෙ ටේස්ට් ඔෆ් ඒෂියා එකට. එයාලා බිත්තර 3ක් දාලායි කොත්තුව ගහන්නෙ. අනික රස මස් හොදි ටිකකුත් දාන නිසා පංකාදුවට, උණු උණුවෙන්ම මේසෙට එනව.

3. මාළු කොත්තු

රියල්… කටු නැති බැදපු මාළු කොත්තුවක් එක්ක කෝක් බඩියක් රස බලන්න. නිකම් නෙවේ හායි හූයි ගගා. මොකද පන්නිපිටිය පරණ පාරෙ තියෙන මේ හෝටලේ හැදෙන බැදපු මාළු කොත්තුවට මදි නොකියන්න මිරිස් හොදියි, ගම්මිරිසුයි එහෙමත් දානවනෙ.

ඒ වගේම තමයි ටොප් කිරි මාළු කොත්තුවක් කන්න කැමති අයට පුලුවන් කොල්ලුපිටිය ඌව හෝටලේට යන්න. ආයෙ ඉතින් අපි කියන්නෙ නෑ… ගිහින්ම බලන්නකො ඌවෙ කිරිමාළු කොත්තුව කොහොමද කියල. ගම්මිරිස් පදමට දාලා…

4. සීෆුඩ් කොත්තු

තම්බපු අමු ඉස්සො, දැල්ලො, කකුළුවො දාලා හදන සීෆුඩ් කොත්තුත්, කෝක් එක්ක කියාපු. හැබැයි ඒකක් කන්න නම් කොළඹ 07, හෝර්ටන් ප්ලේස්වල චොප් චොප් කොත්තු එකට ම යන්න වෙනව.

වැඩේ කියන්නෙ එතන සීෆුඩ් කොත්තු විතරක් නෙවෙයි රඹටි හැලෙන කකුළු කොත්තුවකුත් තියෙනව කියන්නකො. ආයෙ නොම්මර එකයි ඈ…

5. මස් කොත්තු

කුකුල් මස්, ඌරු මස්, හරක් මස්, එළු මස් දීසියක් දාලා හදන කොත්තු. පොදුවෙ ගත්තාම හොඳ මිරිස්, තුන පහ රසක් තියෙන අපේ දිවට හරියන කොත්තු ජාතියක්. ඒ වුණාට ගොඩක් තැන්වල තියෙන්නෙ චිකන් කොත්තු තමයි.

ඒ අතරිනුත් තලවතුගොඩ නිව්ප්‍රේමා හෝටලේ චිකන් කොත්තුව සුපිරි.

ඒත් පෝර්ක් කොත්තු ගන්නව නම් නාවල සෝලිස් එකට වගේ යන්න වෙනව. මොකද ඒවා ටිකක් අඩුයිනෙ හොයා ගන්න.

වැඩේ කියන්නෙ බීෆ් කොත්තු ඕන තරම් තියෙනව. ඒත් ඉතින්… බම්බ තේජාන් එකේ බීෆ් කොත්තුව තමයි කොච්චරවත් උඩින් ම තියෙන්නෙ. හැරත්, ඒකත් එක්ක කූල් කෝක් එහෙමත් නැගල යනවනෙ.

එළු මස් කොත්තු තියෙන්නෙ ම බ්‍රෙඩ් ටෝක් එකේ විතරයි, අපි දන්න තරමින්. හැබැයි ඒක රසයි ගාණෙ හැටියට පාඩුවක් නොවෙන තරමින්.

බැදපු මස් කොත්තුත් අපි ඔය කියපු ඕනම තැනකින් වගේ ගන්න පුලුවන්. හැබැයි ඕඩරේ දාද්දි මතක තියාගන්න කොත්තුවට මස් හොදි ටිකකුත් දාන්න කියන්න. නැත්නම් වේලිච්ච ගතියයිනේ…

මස් කොත්තුවලින් රසම කොත්තු ජාතිය වගේම හොයා ගන්නත් හරිම අමාරු කොත්තු ජාතියක් තමයි ඩෙවිල්ඩ් කොත්තු. සැර ගතිය පදමට තියෙන ඩෙවිල්ඩ් කොත්තුවට චීස් දාලා ගැහුවොත් නම් මරේ මරු. පුදුමෙ කියන්නෙ ඩෙවිල් කොත්තු ගන්නත් එක්කො පිලාවුස් යන්න ඕන නැත්නම් නිව් මැජෙස්ටික් යන්න ඕන.

6. ඉඳි ආප්ප කොත්තු

මේවයෙ ඉතින් වෙනස තියෙන්නෙ රොටි වෙනුවට ඉඳි ආප්ප දාන එකනෙ. ඔය කියපු ගොඩක් තැන්වල ඉඳි ආප්ප කොත්තු තියෙනව. හැබැයි රසම එකක් කනව නම්… යන්න බොරැල්ලෙ උපවංශ හෝටලේ පැත්තට.

7. පිට්ටු කොත්තු

අරකම තමයි ඉතින්. රොටි වෙනුවට පිට්ටු. හැබැයි ගන්න නම් තියෙන්නෙ කොත්තු ලැබ්ස් එකේ විතරයි,

මගෙ හිතේ…

8. චීස් කොත්තු

ඕනම චයිනීස් එකකින්, ඕන මසක් මාළුවක් දාලා අඩු සැර වැඩි සැර කැමති විදියට හදල කොත්තුව මේසෙට ගෙන්න ගන්න පුලුවන්. මේවා ඉස් ඉස්සෙල්ලාම නම් කරළියට ගෙනාවෙ පිලාවුස්. හැබැයි එයාලගෙ කොලිටිය සවුත්තු කරගෙන නම, නා ගත්තනෙ. ඒ නිසා දැනට හොඳ චීස් කොත්තුවක් ගන්නව නම් ඉතින් තේජාන්, නිව් මැජෙස්ටික්, ප්ලාසා වගේ හෝටල් හොඳයි. හැරත් එයාල ළඟ මස් මාළු ජාතිත් ඕන තරම් තියෙනවනෙ. හොඳ සැරට, රසට හදාපු. ඊටත්, කොත්තුව ගොඩක් ම සැර වුණොත් කූල් කෝක් බඩියක් ගත්ත. එච්චරයි.

9. ඩොල්ෆින් කොත්තු

ඩොල්ෆින් කොත්තුවෙත් තියෙන්නෙ රොටියෙ වෙනස තමයි. ගෝදම්බ රොටි වෙනුවට පරාටා දානව. ටිකක් මෑත කාලෙදි තමයි ඩොල්ෆින් කොත්තු කරළියට ආවෙ. අනික ඒවා හොඳ රහට හැදෙන්නෙත් දෙහිවල ස්ටාර් හෝටලේ, කොල්ලුපිටියෙ ප්ලාසා හෝටලේලුනෙ.

10. පලන්දි කොත්තු

හරිම වෙනස් රසකින් මේසෙට එන කොත්තු ජාතියක්. පාලන්දි කොත්තුව හදන්නෙ මුදවපු කිරි දාලා. ඒ විතරක් නෙවෙයි සූදුරු, මහදුරු ටිකක්, කරදමුංගු, කරාබුනැටි ටිකකුත් එකතු කරනව. පලාන්දි කොත්තුවල රස පදම ගැළපෙන්නෙ බැදපු මස් එක්ක තමයි. කොහොම වුණත් කොල්ලුපිටියෙ ප්ලාසා හෝටලේ පලාන්දි කොත්තුව තමයි අපි දන්න විදියට කොළඹ පැත්තෙ නැගලම යන්නෙ.

11. මසාලා කොත්තු

ෂොට් එකක් දාන කට්ටියට කියාපු කොත්තුවක්. ෂොට් නොදාන අයට කෝක් ෂොට් එකකුත්? කෙසේ වෙතත් මේවයෙ සැර නම් සැර. මිරිස්, තුන පහ මදි නොකියන්න දාලා හදන මසාලා කොත්තුව පදමට එන්නෙ බැදපු මස් කෑල්ලක් දාලා ගත්තාම. පිලාවූස් එකේ මසාලා කොත්තුවත් හොඳයිලු. හැබැයි උඩින්ම තියෙන්නෙ ප්ලාසා එකේ මසාලා කොත්තුව තමයි.

12. කඩල කොත්තු

බයිට් එකට කියාපු. බොරු කියන්න ඕන නෑනෙ. අවාසනවාට කොළඹ හොඳම කඩල කොත්තු 2 තියෙන්නෙ බාර් දෙකක. එකක් තමයි කොල්ලුපිටියෙ වෙස්පා එක. අනික තමයි බොරැල්ලෙ දුරෝයි එක. අතේ තියෙන ගාණට හිතේ හැටියට රස බලන්න පුලුවන්. පොඩ්ඩක් සැර නිසා ඉතින් කෝක් එකක් ළං කරගත්තත් කමක් නෑ.

ඒ හැරුණාම කොළඹ පැත්ත පාලාතකවත් හොයා ගන්න නැති රසම රස කුරක්කන් රොටි කොත්තු වගේ ඒවත් අපේ රටේ තියෙනව. තිස්ස, කතරගම පැත්තෙ ගියොත් නම් හොයා ගන්න බැරි වෙන එකක් නෑ, නේ…!

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide