රු. 800ට අඩුවෙන්.. සුපිරි මට්න් කරියක් රස බලන්න කියාපු කඩ 6ක්.

හැමදාම.. චිකන්, පෝර්ක්, බීෆ් ගැන කතාකරන එකේ. මම හිතුවා මේ පාර රස වෑහෙන මට්න් කරියක් එක්ක.. රොටි, බත්, පාන්, පිට්ටු ටිකක් හිතේ හැටියට කන්න නියම තැන් ටිකක් ඔයාලට කියන්න කියලා..!

ඉතින්.. එහෙනම් පහළින් බලල, හිතගිය තැනකට යන්න ලෑස්ති කරගන්නකෝ..

1. Taste of Asia

බම්බ, වැල්ලවත්ත මායිමේ තියෙන ටේස්ට් ඔෆ් ඒෂියා.. 

කෙලින්ම ජැෆ්නා ස්ටයිල් මට්න් කරියක් එක්ක පිට්ටු කන්න කියාපුම තැනක්. ඒකත් නිකම් නෙවෙයි, හොඳ උණු උණුවට, හායි හූයි ගගා, රස කරකර.. ඊටත් ඒ රු. 750 කරිය පැහැදිලිවම දෙන්නෙක්ට, ඇති පදමට කන්නත් පුලුවන්නෙ. පොඩි පොඩියට කපල තිබ්බට මට්න් කෑලිත් 12-15ක් විතර තියෙනව. අනි සැර එහෙමත්.. ඇස් වලින් කඳුලු පනින්න. කුළුබඩු රසත් නූලටම වගේ.. ඔක්කොමත් හරි මෙයාලගෙ උණු උණු පිට්ටුවක් ඒකට ගැලපුනාම..!

2. Mc Currie

ගමේ රහට.. මට්න් කරියක් එක්ක බත් ටිකක් කන්න මෙන්න නියම තැන. ඒ හැරුනාම මෙයාල ලඟ වෙනමම මට්න් කරි එහෙමත් ගන්න තියෙනව. ආයෙ ඉතින් මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංච අඩු නැතුව දාලා කලුවට, ලාවට හොද්ද තියෙන්න හදන මට්න් එකනෙ. ඒකට පරිප්පු ටිකක්, බෝංචි, සෝයා, තෙල් දැමුමක් එක්ක සම්බාහාලෙ බත සෙට්වුනා කියන්නේ..

රු. 250ට නම් යාළු ජාතිම..

3. 1979 Coco Hut

මෙයාලත්..

ගමේ රහට හැදුවට මොකද මට්න් කරිය ටිකක් හින්දනව. හැබැයි, ඒ නිසාම හොද්ද අඩුයි, රස වැඩියි. මොකද මිරිස්, තුනපහ, ලුණු ඇඹුල් සේරම මසට කාවදිනවනෙ. ඉතින්.. එහෙම මට්න් කරියක් එක්ක කහබතක්, පරිප්පුවක්, බෝංචි, කොළමැල්ලුමක්, බැදපු මිරිස් කරලක් වගේ ගැලපිලා එනකොට කොහොමද?

ඒකත් රු. 350ට වගේ..

4. Saveira Indian Restaurant

රු. 700 ඉඳන් උඩට..

ඉන්ඩියන් රසට හැදෙන මට්න් කරි 2, 3ක්ම මෙයාල ලඟ තියෙනව. පංකාදුවට.. මසාලා අඩුම කුඩුම හොඳහැටි දාලා මිරිස්, තුනපහ, රම්පෙ කරපිංච වගේ අපේ කුළුබඩුත් දාලා ගී, බටර් එක්ක රස පදමට උයලා.. අනික මේසෙට එන්නෙත් උණු උණුවෙන්නෙ.. ඒකක් එක්ක ඉතින් චපාති, නාන් රොටි වගේ දෙයක්.. නැත්නම් බිරියානි බතක් වගේ.. ගැලපුනාම, කොහොමද ඈ..?

5. Yaal Restaurant

මෙයාලගෙත් බිරියානිය තමයි. හැබැයි රු. 600ට එන්නෙ අමුතුම ටේස්ට් මාරම බිරියානියක්. ඒකෙ යාළු මට්න් එක තනිකරම ශ්‍රී ලංකන්. ටිකක් විතර ජැෆ්නා සටයිල් රසයි. හැබැයි අපේ මිරිස්, තුනපහ, රම්පෙ කරපිංච ටික හොඳ හැටියටම දාලා.. මසාලා පොඩ්ඩකුත් දාලා. ඉතින් සුවඳත් තියෙනවා.. අනික එහෙම හදපු මට්න් එක බිරියානි බතට කවලම් කරලානෙ බත තම්බන්නෙ. ආයෙ එයින් එක මුට්ටියක්, බ‌තේ තියෙන මට්න් කෑලි 12-15ත් එක්ක..

දෙන්නෙක්ට නම් හොඳම ගාණ!

6. New Banana Leaf

ගමේ රසයි, ජැෆ්නා රසයි දෙකම අමුතුම පදමකට එකතු වෙලා හැදෙන අමුතුම මට්න් කරියක්. හැබැයි මෙයාල‌ගෙ රු. 700ට එන රයිස් ඇන්ඩ් කරියට තමයි ඒක නියමෙටම සෙට්වෙන්නෙ. මොකද ඒකෙනෙ එන්නෙ බෝංචි, ග්‍රීන්පීස් කජු මාලුව, බටුමෝජුව, පරිප්පු, උම්බලකඩ සම්බෝල වගේ පංකාදු ව්‍යංජන ටික. ඉතින් ඒවත් එක්ක මට්න් හොද්දයි, මිරිස් තුනපහ අඩු නැතුව පදම් වෙලා හැදුන අල්ලෙන් බාගයක් සයිස් තඩි මට්න් කෑල්ලයි..

පංකාදු පහයි, මල් හතයි යාළු!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

Yamu Guide.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide